තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට හතක් (7) අත්අඩංගුවට
(02.10.2025 – 19:00 +0530 – sinhala.adaderana.lk)
තංගල්ල ප්‍රදේශයේ තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හතක් (7) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා පොලීසියට ලද තොරතුරක් අනුව තංගල්ල සීනීමෝදර ප්‍රදේශයේ තිබී මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ (2) මළසිරුරු සොයා ගනු ලැබීය.
එහිදී සිදු කළ විමර්ශනවලට අදාළව නිවස පිහිටි ඉඩමේ තිබී ලොරි රථ දෙකක් (2) සොයා ගත් අතර එහි තිබී ‘අයිස් සහ හෙරොයින්’ සොයා ගැනීමට ද පොලීසියට හැකි විය.
ඒ අනුව මෙම විමර්ශනවලට අදාළව සැප්තැම්බර් 22 වැනිදා සිට ඊයේ (01) දිනය දක්වා සමස්තයක් වශයෙන් සැකකරුවන් 5 දෙනෙක් සහ බාලවයස්කාර දරුවෙකු (1) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් වයස අවුරුදු 16 ක් වන බාලවයස්කරු මේ වන විට පරිවාස භාරයට පත් කර ඇති අතර අනෙක් සැකකරුවන් පස් දෙනා (5) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මේ අතර අද (02) සිදු කළ විශේෂ විමර්ශනයක දී මෙම මත්ද්‍රව්‍ය මුහුදේ සිට ගොඩබිමට රැගෙන ආ බෝට්ටුවේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන තංගල්ල මූලස්ථාන පොලීසියට භාර දී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 50 ක් පමණ වන දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
එමෙන්ම තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදු කරන ලද විමර්ශනයකදී මෙම ජාවාරම සඳහා ආධාර අනුබල දීම හා හෙරොයින් ළඟ තබා ගැනීම යටතේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක් වන පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයින් දෙදෙනා (2) අද තංගල්ල මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
සීනිමෝදර ‘අයිස්’ ගොඩබිමට රැගෙන ආ යාත්‍රාවේ හිමිකරුට රැඳවුම් නියෝග
(02.10.2025 – 17:34 +0530 – sinhala.adaderana.lk)
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හිමිකරුගෙන් දින 7 ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අද (2) දහවල් තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ 3 ක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700 කට අධික ප්‍රමාණයක් පසුගියදා පොලීසිය විසින් සොයාගනු ලැබීය.
අදාළ මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක සිට ටෝලර් යාත්‍රාවකින් ගෙනවිත් කුඩා ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
එම කුඩා යාත්‍රාවේ හිමිකරු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත ෴
අත්හදා බැලූ දෙළුම් විශේෂ 2 කින් සාර්ථක ප්‍රතිඵල
(02.10.2025 – 15:25 +0530 – sinhala.adaderana.lk)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අත්හදා බැලූ නව දෙළුම් විශේෂ 2 කින් සාර්ථක ඵලදාවක් ලබාගැනීමට හැකිව තිබේ.
‘මලී පින්ක්’ සහ ‘ලංකා රෙඩ්’ ලෙසින් නම්කර තිබෙන මෙම දෙළුම් විශේෂ අම්බලන්තොට රුහුණු පැල තවාන යටතේ අත්හදා බැලූවකි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා (පර්යේෂණ) එල්.ජී.අයි. සමන්මලී මහත්මිය විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවේ ප්‍රතිපාදනයන්ට අනුගතව සිදුකළ පර්යේෂණයකට අදාළව මෙය සිදුකර ඇත.
මෙම දෙළුම් විශේෂ හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක වගා කළ හැකිබව අනාවරණය කරගැනීමට හැකිව ඇත.
මෙම නව දෙළුම් විශේෂ දෙක මෙරට තුළ වගාකිරීම මගින් ඉන්දියාව ඇතුළු විදේශ රටවලින් මෙරටට ගෙන්වනු ලබන දෙළුම් ප්‍රමාණය අඩුකර ගැනීමට හැකිවනු ඇති බව සඳහන්.
එමෙන්ම මෙම දෙළුම් විදේශ වෙළෙඳපොළට යැවීම මගින් විදේශ විනිමය ලබාගැනීමට හැකියාවක් ද පවතින බවද පර්යේෂකයින් පවසයි ෴
රේගුවෙන් රඳවාගෙන සිටින වාහන මුදාහැරීමට අධිභාරයක් අයකිරීම සම්බන්ධයෙන් විරෝධයක්
(02.10.2025 – 12:01 +0530 – sinhala.adaderana.lk)
රටින් බැහැරව බැංකු ණයවර ලිපි විවෘත කර මෙරටට ආනයනය කිරීමේ හේතුව මත ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන 35% ක අධිභාරයක් පනවා මුදා හැරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු අභියාචනාධිකරණය හමුවේ විරෝධය පළකර තිබේ.
මෙම කරුණට අදාළව වාහන ආනයනකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ මෙම විරෝධය පළ කළේය.
ඊට අමතරව තවත් ආනයනකරුවන් කිහිපදෙනෙකු වෙනූවෙන් පෙනීසිටි ඉක්‍රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරුද මෙම යෝජනාවට විරෝධය පළ කර තිබේ.
එම ජනාධිපති නීතිඥවරු ද සඳහන් කළේ අදාළ වාහන රඳවාගැනීමට රේගුව ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශව කිහිපයක් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි අධිභාරයක් පනවනු ලැබූවොත් ඒ තුළින් වාහනයේ මිල ඉක්මවා යන තත්ත්වයක් උද්ගත වන බවත් සඳහන් කළේය.
ඇපකරයක් මත වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් ද දැඩි විරෝධය පළකළ ජනාධිපති නීතිඥවරයා පෙත්සම්කරුවන් අධිකරණයට ලබාදෙන පොරොන්දුවක් මත එම වාහන මුදාහැරීමට හැකියාව තිබෙන බවත් සඳහන් කළේය.
මෙම පෙත්සම් පෙරේදා (30) කැඳවූ අවස්ථාවේදී විනිසුරුමඬුල්ල විසින් ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට දැනුම් දුන්නේ මෙසේ රඳවාගෙන සිටින වාහන ‘සමාගම් ඇපකරයක්’ හෝ ‘පෞද්ගලික ඇපකරයක්’ හෝ අධිකරණයට ලබාදෙන කිසියම් ප්‍රතිඥාවක් මත මුදා හැරීමට හැකියාව තිබේදැයි සොයා බලන ලෙසටය.
එවැනි පදනමක් යටතේ අදාළ වාහන මුදා හැරීමට තිබෙන හැකියාව පිළිබඳව ඔක්තෝබර් මස 10 වනදා අධිකරණයට දැනුම්දෙන ලෙසත් විනිසුරුමඬුල්ල විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට කළ නියෝගයේ සඳහන් වේ ෴
පාන් වත්කම් – පාතාලේ වහන්න තාජුඩීන් ආයෙත් නැගිට්ටවයි (02.10.2025)
+
ජෙප්පො සාහසිකයි නම්, අනිත් අය බබ්බු වෙන්නෙ ඇයි ? විසෙන් විස නැසේ (01.10.2025)
+
ඕලුගලව දැක්කහම පද්මෙලාට චූ ගියා කිව්වා වගේ තමයි (02.10.2025)
+
කක්කුස්සි සරත්ගේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය… බඩයන ආණ්ඩුවේ අලුත්ම වැඩේ (02.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴