අපරාධ කල්ලි සාමාජික ‘ටිංකර්’ දිවයිනට රැගෙන එයි

අපරාධ කල්ලි සාමාජික ‘ටිංකර්’ දිවයිනට රැගෙන එයි


අපරාධ කල්ලි සාමාජික ‘ටිංකර්’ දිවයිනට රැගෙන එයි

(01.10.2025 – 08:11 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදු කරන ලද මෙහෙයුමකින් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිට මෙරටට පිටුවහල් කළ අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් ‘ටින්කර්’ දිවයිනට රැගෙනවිත් තිබේ.

අද (01) අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාරදී ඇත.

සැකකරු වයස අවුරුදු 36 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි

අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පලනි ශිරාන් ග්ලෝරියන්’ නොහොත් ‘කොච්චිකඩේ ශිරාන්’ නැමැත්තාගේ අනුගාමිකයෙකු ලෙස හඳුනාගෙන ඇත බව පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරු 2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරු ලෙස කටයුතු කිර ඇත.

මීට අමතරව 2025.08.19 වන දින පෑලියගොඩ පොලිස් වසමේ ශ්‍රී ඥානරතන මාවතේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන්ට අපරාධය සිදු කිරීමට අවශ්‍ය ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.

දැනට මෙම සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, සැකකරු අගෝස්තු 19 වන දින විදෙස් ගතවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත.

සැකකරු අලුත්කඩේ අංක 05 ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි.

පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴

+++

වෙන වැඩවලට රට ගිය පොලිස් නිලධාරීන් දුටුවත් දුවලා හැංගෙනවාලු

(02.10.2025 – divaina.lk)

ඉන්දුනීසියාවේ සැඟවී සිටි මෙරට පාතාල අපරාධකරුවන් පිරිසක් රහසිගත මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගැනීමත් සමගම විදේශවල සැඟවී සිටින පාතාල සාමාජිකයන් භීතියට පත්ව ආරක්‍ෂිත ස්ථාන සොයමින් තැන තැන යන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

විදේශගතව සැඟවී සිටින පාතාල සාමාජිකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් පිටත් කර හැරිය ද ඔවුන් ඒ වන විටත් සැඟවී සිටින ස්ථානවලින් පලාගොස් සිටි බව ද වීරසූරිය මහතා පවසයි.

පාතාල අපරාධකාරයන් කුමන රටක සැඟවී සිටියත් ඔවුන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙනැවිත් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පිටරටවල හැංගිලා ඉන්න පාතාල මැරයො කොයිතරම් භීතියට පත්වෙලා ද කියනවනම් වෙනත් රාජකාරි සඳහා විදේශගත වන පොලිස් නිලධාරීන් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙනවා යැයි සිතා මොවුන් තමන් පදිංචි ස්ථාන මගහරිමින් සිටින බව වාර්තා වෙනවා යැයි ද පොලිස්පතිවරයා කීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක යූ. එෆ්. වුඩ්ලර් මහතා රුසියාවේ පාඨමාලාවක් සඳහා පසුගිය දිනක රටෙන් බැහැර වූ අතර විදේශගතව සැඟවී සිටින පාතාල මැරයන් සැකකර ඇත්තේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙම නිලධාරියා පැමිණ ඇති බවයි.

ඉන්දුනීසියාවේ සැඟවී සිටි ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු පාතාල මැරයන් 05 දෙනකු, රොහාන් ඕලුගල මහතා විසින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමත් සමගම විදේශගතව සිටින පාතාල මැරයෝ මෙසේ කලබලයට පත්ව සිටිති.

එමෙන්ම ‘පද්මේ’ ප්‍රමුඛ පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමත් සමගම ඒ වනවිට දෛනිකව කොතැනක හෝ පාතාලය විසින් පුද්ගලයකු දෙදෙනකු (2) වෙඩි තබා ඝාතනය කිරීමේ තත්ත්වය නතර වී ඇත.

මෙසේ පලායමින් සිටින පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගන්නා බව ද පොලිසිය පවසයි.

මෙම පාතාල මැරයන් පිළිබඳ සියලු තොරතුරු ජාත්‍යන්තර පොලිසිය හරහා සියලුම රටවල්වලට දැනුම් දීමට කටයුතු කර ඇති බව ද පොලිසිය කියා සිටියි.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මිනිස් ඝාතනවලට සම්බන්ධ පාතාල අපරාධකරුවන් තිදෙනකු (3) ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟවී සිටියදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ මෙම පාතාල අපරාධකාරයන් තිදෙනා මාස 08 ක කාලයක් තිස්සේ බැංගලෝර් නගරයේ මහල් නිවාසයක සැඟවී සිටින බව අනාවරණය වී තිබේ.

රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ‘ඉරේෂ් අසංක’, ‘දෙවුන්දර දිලිප් හර්ෂණ’ සහ ‘කොටහේනේ සුගත්’ යන පාතාල මැරයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධකාරයන් තිදෙනා (3) ඉදිරි දිනකදී මෙරටට ගෙනඒමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

ඉන්දීය මධ්‍යම අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

හේමන්ත රන්දුණු


ස්ථිර ඔප්පු දෙන බව පවසා රු. කෝටි 10 ක් වංචාකළ සැකකරුවෙක් හා සැකකාරියෙක් අල්ලයි

(01.10.2025 – ada.lk)

2024 වසරේදී උරුමය වැඩසටහන යටතේ බවට පවසා ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ලක් අනුව අවුරුදු 43 ක සැකකරුවෙක් හා අවුරුදු 55 ක සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.


මේ ආණ්ඩුවේ උන්ට මොන්ගල්ද කොහෙද ? දෙහිවල නගර සභාවේ බුදු පිළිමයක් අයින් කරලා (01.10.2025)

+++

මාලිමා ආණ්ඩුව ළමයින්ගේ අනාගතය අඳුරු කරනවා ළමා දිනයේ දී නිදහස් පක්ෂය ‘ගේමට එන්ටර්’ වෙයි (01.10.2025)

+++

සමරිසි හිපියෝ බිහි කරන පනතට අපි විරුද්ධයි උලපනේ හිමි සෙක්ස් කතාවට බිමල්ට සැරටම අමතයි (01.10.2025)

+++

පෙන්නන්න තියෙන්නේ ඕක විතරද..? | සමලිංගික සංචාරකයින් ගෙන්වන්න ආණ්ඩුව කරන වැඩේට දුමින්දගෙන් බාල්දියක් (01.10.2025)

+++

මහනායක හිමිවරු විරුද්ධ වෙද්දී විපක්ෂයෙන් කෙඳිරියක් ඇහෙනවා | රට කැළඹූ පනත් ගැන විමල් කට අරී (01.10.2025)

+


නන්දලාල් මහබැංකුවා ගේ රු. මිලියන 50 ක සූදුව ! දින හා ගණන් එක්ක විමල් වීරවංශ කරන හෙළිදරව්ව !! (02.10.2025)

+

කවුද මේ … අයිස් තොග පිටින් ගෙනා ජවිපෙ ආධාරකරු ? සියළු විස්තර මෙන්න!! විමල් වීරවංශ කරන හෙළිදරව්ව !! (02.10.2025)

+++

තංගල්ලේ ‘අයිස්’ ගෙනා බෝට්ටු හිමිකරු අල්ලයි … ඔහු ප‍්‍රබල දේශපාලන ආධාරකරුවෙක් …

(02.10.2025 – 10:40 +0530 – lankacnews.com)

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී මෑතකදී සොයාගත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ජාලයට සම්බන්ධ වූ තවත් පුද්ගලයකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රබද දේශපාලන ආධාරකරුවෙකු බව පැවසෙන ‘බෙලිඅත්තේ සනා’ යනුවෙන් හැඳින්වෙන මෙම අපරාධකරු ඊයේ (01) දින අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

පසුගිය දිනෙක පොලිසිය විසින් සීනිමෝදරදී ලොරි රථ තුනක (3) සඟවා තිබූ ‘හෙරොයින්’ සහ ‘අයිස්’ යන මත්ද්‍රව්‍ය වර්ග දෙකෙහිම (2) කිලෝග්‍රෑම් 700 ඉක්මවූ දැවැන්ත තොගයක් සොයාගනු ලැබිණි. මෙය විදෙස් රටක සිට මෙරටට ගෙනැවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ තොගයකි.

මෙම මත්ද්‍රව්‍ය තොගය විදෙස්ගත වී සිටින ‘උනාකුරුවේ ශාන්ත’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බවට විශ්වාස කෙරේ.

මෙරට ජාවාරම් මෙහෙයවූ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දැනටමත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, අත්අඩංගුවට ගත් ‘බෙලිඅත්තේ සනා’ නම් සැකකරු, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවකු වන ‘භූමිතෙලා’ නමැත්තාගේ කිට්ටුම සගයෙකු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *