‘කජ්ජා’ගේ වැඩිමහල් පුතා ‘ඉඳුවර අමීෂ් විදානගමගේ’ ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

‘කජ්ජා’ගේ වැඩිමහල් පුතා ‘ඉඳුවර අමීෂ් විදානගමගේ’ ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්


‘කජ්ජා’ගේ වැඩිමහල් පුතා ‘ඉඳුවර අමීෂ් විදානගමගේ’ ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

(01.10.2025 – hirunews.lk)

“2012 දී මගේ තාත්තා බස් කොන්දොස්තර කෙනෙක්, හොරණ – කොළඹ පාරේ. මට මගේ තාත්තව අඳුනගන්න පුළුවන්. තාත්තගේ සහෝදර සහෝදරියන්ට තාත්තව අඳුනගන්න පුළුවන්. මම කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න කියලා විතරයි.” යැයි මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ ‘අරුණ විදානගමගේ’ හෙවත් ‘කජ්ජා’ නමැත්තාගේ වැඩිමහල් පුත්‍රයා අද (01) පැවසීය.

‘රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන්’ගේ මරණයට ‘අරුණ විදානගමගේ’ හෙවත් ‘කජ්ජා’ සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අද (01) මධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

‘ඉඳුවර අමීෂ් විදානගමගේ’ (16) සිය ෆේස්බුක් ගිණුමේ ද සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබුණා.

‘වසීම් තාජුඩීන්’ ඝාතනයට ලක්වූ දිනයේ ඔහුගේ මෝටර් රථය පසුපස හඹාගිය වාහනයේ ‘කජ්ජා’ නමැත්තා ගමන් කර ඇති බවයි පොලිසිය ඊයේ (30) ප්‍රකාශ කළේ. ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් ඒ සම්බන්ධ කරුණු අනාවරණ කර තිබුණා.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඝාතනයට ලක්වූ ‘කජ්ජා’ නැමැත්තාගේ පුතා අද (01) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ තම පියා කිසිදු අවස්ථාවක එවැන්නකට සම්බන්ධ නොවන බවයි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නොවන බව ද එම පුතු සඳහන් කළා.

මාධ්‍ය හමුවේදී ඉඳුවර විදානගමගේ මෙසේද පැවසීය :

“ඒ නිව්ස් එක බලනකොට මට ඇඬුණා. මොකද මම දන්නවා මගේ තාත්තා ඔහොම දෙයක් කළේ නැහැ කියලා. එදා වීඩියෝ පටය මට පෙන්නද්දි අම්මත් හිටියා මමත් හිටියා සී.අයි.ඩී. එකේ. අම්මාගෙන් වෙනම ප්‍රශ්න කළේ. මගෙන් වෙනම ප්‍රශ්න කළේ. අම්මා එවෙලේ මට ඇහෙන්න කිව්වා, මට හොඳට මතකයි ‘නෑ සර් ඕක වෙන්න බෑ. ඔය අරුණ නෙමෙයි. අරුණ මේ වගේ නෙමෙයි. ඔහොම ඉන්නේ නෑ’ කියලා. නමුත් පස්සේ මාව වාඩි කරවලා විනාඩි පහකට විතර අම්මව ගත්තා වෙනම කාමරයකට. ඒ අරන් එළියට බැස්සා මොනවා කතා කළාද කියලා මම දන්නේ නැහැ. අපේ තත්තාගේ සිද්ධිය සම්බන්ධයෙන් ‘‍ජේසීබී සමන්’, ‘තැඹිලි ලහිරු’ ඔය ගොඩක් කට්ටිය දැන් රට ඉදන් අල්ලගෙන ආවානේ. නමුත් මම කියන්නේ ඇයි ඒ ගොල්ලෝන්ගෙන් විතරක් නැවතුණේ … නමුත් මම කියන්නේ ඒ සිද්ධියේ අපේ අම්මා ඉන්නවා. මට මුලින්ම සැකය අවේ අපේ අම්මා ගැන. තාත්තා නැතිවුණාම තාත්තා මරපු එකා මොකටද මගේ අම්මට රු. ලක්ෂ දෙකහමාරක් ‍(2½) යොමු කරන්නේ. මළ ගෙදරදී දෙතුන් දෙනකුටම කියලා තිබුණා … මම සාක්ෂි ඇතුව මේ කියන්නේ … ‘මට ඉතුරු වෙන්න ඕන එකා නෙමෙයි ඉතුරු වුණේ’ කියලා. පවුලේ අයට ඇහිලා තියෙනවා … අම්මා කෝල්වලින් කියනවා ‘මට ඉතුරු වෙන්න ඕන එකා නෙමෙයි ඉතුරු වුණේ; මම කොහොමද මූව බලාගන්නේ; හදාගන්නේ’ කියලා. නංගියි මල්ලියි මැරිලා කියලා අම්මා ලංකාවට එනකල් දන්නේ නැහැ. අම්මට ඕන වුණේ … ඇත්ත වශයෙන්ම කියනවා නම් මාවයි, තාත්තවයි මරන්න. මොකද මමයි තාත්තයි හිටියොත් තමයි අම්මට ඔය ‘හොර සම්බන්ධතාවය’ ලංකාවේ කරගෙන යන්න බැරි.

2012 දී ඔය මැරුණා කිව්ව පුද්ගලයාගේ සිද්ධියට මගේ තාත්තාගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම කිසිම දේශපාලනඥයකුටවත් දේශපාලන පක්ෂයකටවත් නෙමෙයි … මම මේ කියන්නේ. මගේ තාත්තා වෙනුවෙන්. මගේ තාත්තගේ නිර්දෝෂී බව තමයි මම මේ ඔප්පු කරන්නේ.

2012 දී මගේ තාත්තා බස් කොන්දොස්තර කෙනෙක්. හොරණ – කොළඹ පාරේ. මට මගේ තාත්තව අඳුනගන්න පුළුවන්. තාත්තගේ සහෝදර සහෝදරියන්ට තාත්තව අඳුනගන්න පුළුවන්. මම කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න කියලා විතරයි. මගේ අම්මව අත්අඩංගුවට අරගෙන, මේ ‘සම්පත් රාමනායක’ කියන පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන, දෙදෙනාගෙන්ම විමර්ශනයක් කරන්න. 2012 දී නැතිවෙච්ච එකට ඇයි මෙච්චර කාලයකට රජයකට බැරි වුණේ ඒක කරන්න. මගේ අහිසංක තාත්තා මැරුණට පස්සේ එයාගේ පිටට ඔක්කෝම වැරදි දාලා මෙහෙම කරන එක හරිද?

ඕගොල්ලෝ හොඳට හොයලා බලලා කියන්න … මගේ තාත්තා මේකට සම්බන්ධ නම් මම වැරැද්ද පිළිගන්නවා. මට සීයට දාහක් විශ්වාසයි මගේ තාත්තා කිසිම වෙලාවක ඒ වැරැද්ද කරන්නේ නැහැ. මගේ තාත්තා කිසිම විටෙක කිසිම මත්ද්‍රව්‍යයක් භාවිතා කරලා නැහැ . කිසිම මත්ද්‍රව්‍යයක් වෙළදාම් කරලා නැති පුද්ගලයෙක්. ඔය ‘සමන්’ලට වගේම දකුණු පළාතේ මත්ද්‍රව්‍ය බෙදා හරින්නන්ට බෙදා හරින්න දුන්නේ නැහැ. තාත්තා පොලිසියට ඔත්තු දෙනවා. පොලිසියට අල්ලගෙන ගිහිල්ලා භාරදෙනවා. මගේ තාත්තා ඇඹිලිපිටිය පොලීසියට කුඩු කිලෝ 100 ක් අල්ලලා දුන්නා. ඒ ප්‍රශ්නෙට තාත්තාට එක වරක් වෙඩි තිබ්බා.”

+++

මගේ අම්මව අත්අඩංගුවට ගන්න – ‘කජ්ජා’ගේ පුතාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව (01.10.2025)

+++

තාජුඩීන් ඝාතනය වසං කළ දෙන්නෙක් (2) ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා | කජ්ජාගේ පුතා රටම හොල්ලයි (01.10.2025)

+++

සජබයේ අජිත් මාධ්‍ය හමුව කලඹවයි – තාජුඩීන් ගැන බිහිසුණු රහසක් හෙළි කරයි (01.10.2025)

+++

තාජුඩීන්ගේ ඝාතනය ගැන නාමල් කට අරියි – තාජුඩීන්ගේ ආත්මයට අපහාස කරන්න එපා (01.10.2025)

+++

තාජුඩීන්ගේ තිර පිටපත ගොඩක් අවුල් – OICට කිව්වා අහවලාගේ නම කියන්න කියලා (01.10.2025)

+++

ජනාධිපතිතුමා බබා හුකුං දාන්න එපා – තාජුඩීන්ගේ කේස් එක ‘කජ්ජෙක්’ පිට දාලා (01.10.2025)

+++

කජ්ජාගේ පුත්‍රයාගේ FB සටහන සහ ප්‍රකාශයේ පරස්පරතා | නාමල් හිරවෙන ප්‍රශ්නයක් මතුවෙයි (01.10.2025)

+++

බංකොලොත් ආණ්ඩුවේ නාමල් දඩයම… ඊළඟ තුරුම්පුව (01.10.2025)

+++

මාලිමාවේ ඩෝබිලාට දුන්න අලුත්ම මස් කට්ට.. වසීම් තාජුදීන් නැවතත් ගොඩ ගන්න සූදානම්.. (01.10.2025)

+++

ඇත්තටම මේ ආණ්ඩුවේ 159 ම පවු | නාමල් රාජපක්ෂ (01.10.2025)

+


ඉණට අත තියන් ඉන්ඩෙපා, කජ්ජගේ පවුල දකී… මොනවද මචං මේ විහිලු ? (01.10.2025)

+


ව්‍යාජ නීතිඥවරියකුට ලෙසින්ම පෙනී සිටිමින් රු. කෝටි 10 ක මුදලක් ගැරූ දෙදෙනකුට CIDයට කොටු (02.10.2025)

+


හොර සහතිකයක් ගැන වෛද්‍යවරියකට එරෙහිව විමර්ශන

(01.10.2025 – hirunews.lk)

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සහකාර ලේඛකාධිකාරිවරිය විසින් සත්‍ය පිටපතක් බවට සහතික කර නීත්‍යානුකූලව නිකුත් කරන ලද මාණ්ඩලික සහතිකකරණ ලිපියකට එම ලේඛකාධිකාරිවරියගේ ව්‍යාජ අත්සන් හා නිල මුද්‍රාව යොදා කූඨ ලේඛනයක් ලෙස සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යැවූ බව කියන එම පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍යවරියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා වෙත අද (1) දැන්වුවා.

එම වෛද්‍ය විද්‍යාලය පශ්චාත් උපාධි ආයතනයෙන් සහකාර ලේඛකාධිකාරී ශාමිකා නිලන්ති ජයසිංහ මහත්මිය කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවද එම නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂකවරිය විසින් සැකකාර වෛද්‍යවරියට මාස හයකට (6) වලංගු මාණ්ඩලික සහතික කරන ලිපියක් නිකුත් කර ඇති බවත් පැමිණිලිකාර ලේඛකාධිකාරිවරිය එය සත්‍යය පිටපතක් බවට සහතික කර එම සැකකාර වෛද්‍යවරිය වෙත ලබා දී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සැකකාර වෛද්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී ඇති මාස 6 ක් වලංගු මාණ්ඩලික සහතිකකරන ලිපියෙහි සඳහන් බලාත්මක දිනය 2022 ජූලි 01 ලෙසත් වෛද්‍ය විද්‍යා පස්චාත් උපාධි ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් දිනය 2022 මාර්තු 16 දිනය සඳහන්වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නොපමාව කරුණු දක්වන ලෙසට දැනුම් දීමෙන් අනතුරුව සැකකාර වෛද්‍යවරිය එම ලිපියෙහි බලාත්මක දිනය 2021 ජූලි මස 01 ලෙස සඳහන් කරමින් පැමිණිකාරියගේ ව්‍යාජ අත්සන් හා නිල මුද්‍රාව යොදා එම ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවට කරුණු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *