ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගැටලුවක්

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගැටලුවක්


ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගැටලුවක්

(29.09.2025 – 22:19 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් නිකුත්කළ 2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු බවක් පෙනෙන්නට තිබුණද විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදුකරගෙන යන බවය.

2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශනයක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කරමින් ආයෝජකයින්ට සහතිකයක් ලබාදුන්නද ඔවුන්ගේ අතීතයේ සිට පැවත එන බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද හේතුවෙන් ආයෝජකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත බවකින් පසුවන බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව සඳහන් කරන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, මෙරට ආයෝජන මණ්ඩලය ප්‍රධාන ආයෝජන නියෝජිත ආයතනය වුවත් ඔවුන් සමග ස්ථාවර සහ විවෘත සංවාදයක් පවත්වා ගැනීම අභියෝගයක් වී ඇති බව සඳහන්ය.

අනවශ්‍ය නියාමනයන් නෛතික අවිනිශ්චිතභාවය සහ නිලධාරීන්ගේ ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතාවයන්ද දක්නට ලැබෙන බව අදාළ වාර්තාවේ දැක්වෙයි.

ඉන්දියාවේ අදානි සමාගම මෙරට උතුරු පළාතේ ඩොලර් මිලියන 400 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත්වු අතර ඊට හේතුව ලෙස කළින් ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට වත්මන් රජය උත්සාහ දැරීම ලෙස සඳහන් කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්ය.

එමෙන්ම වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිතිපතා පෞද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථිකය විවේචනය කරන අතර රාජ්‍ය අයිතිය සහිත සාමූහිකත්වය රටේ ප්‍රියතම ආයෝජන ආකෘතිය ලෙස ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කරන බවද මෙහි සඳහන්ය.

2025 අයවැය මගින් සේවා අපනයන සමාගම් සඳහා වූ බදු නිදහස් කිරීම් සහ විදේශ ආදායම් මූලාශ්‍ර සඳහා වූ බදු නිදහස් කිරීම් ඉවත්කිරීමට යෝජනා කිරීම, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සඳහා ලබාදී ඇති පුළුල් බදු නිදහස් කිරීම්වලට වඩා ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් බවද එහි සඳහන් තවත් කරුණකි.

නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු බවක් පෙනෙන්නට තිබුණද විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදුකරගෙන යන බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රකාශනයේ වැඩිදුරටත් දැක්වෙයි ෴

+++

+


වැලිගමදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය Mephedrone බවට තහවුරුයි

(29.09.2025 – hirunews.lk)

වැලිගමදී අත්අඩංගුවට ගත් ‘අයිස්’ (ICE) යැයි සැක කළ මත්ද්‍රව්‍ය තොගය ‘මෙෆෙඩ්‍රෝන්’ (Mephedrone) මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබෙන බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසනවා.

රජයේ රස පරීක්ෂකවරයා විසින් මේ බව තහවුරු කර තිබෙන බවයි සඳහන්.

ඒ අනූව ශ්‍රී ලංකාවෙන් මෙම මත්ද්‍රව්‍ය සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය බවට වාර්තා වනවා ෴

+++

+


Hiru TV Salakuna Live | Wimal Weerawansa | Episode 499 | 2025-09-29

+


ටොයියොත් තංගල්ලට සාගල බයි තක්සලාවට ! (29.09.2025)

+


විදුලි අර්බුදය කොහෙන් කෙළවර වෙයිද ? සේවකයන් තවමත් අකුරට වැඩ (29.09.2025)

+

අනුරත් හිනාවෙවී අහන් ඉන්නවා… දැක්කමයි මේ වගේ ජනාධිපති කෙනෙක් (29.09.2025)

+

මේ වගේ වෛරය වපුරුවන එවුන්… පෘථිවි තලයටම සාපයක් (29.09.2025)

+


‘වසීම් තාජුඩීන්’ ඝාතකයන් අතර ‘කජ්ජා’ සිටි බවට පොලිසිය තහවුරු කරයි

(30.09.2025 – hirunews.lk)

‘වසීම් තාජුඩීන්’ ඝාතනයට පැමිණි පිරිස අතර ‘අරුණ විදානගමගේ’ නොහොත් ‘කජ්ජා’ සිටි බවට තහවුරු වී තිබෙනවා.

ඝාතනයට ලක්වූ ‘රගර් ක්‍රීඩක තාජුඩීන්’ගේ වාහනය පිටුපස ගමන් කළ වාහනයට අතරමගදී ගොඩ වුණු පුද්ගලයා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ ‘කජ්ජා’ බවට, ඔහුගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මිනුර සෙනරත් පවසනවා.

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මිනුර සෙනරත් මේ බව පැවසුවේ අද (30) පස්වරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

එම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පොලිස් මූලස්ථානයේදී පැවැත්වුණා.

+++

+


ඇවිදින පුස්තකාල කියනවා තේ වලට නොබෙල් ත්‍යාගය ලැබුණාලු – මරික්කාර්ට පැලෙන්න හිනා – හඳුන්නෙත්ති සුන් (30.09.2025)

+


මෝදර පොලිසිය ආසන්නයේ තිබී ජීව අත්බෝම්බ 10 ක් අඩංගු බෑගයක් සොයාගැනේ

(30.09.2025 – hirunews.lk)

මෝදර පොලිස් ස්ථානයට ආසන්නයේ ස්ථානයක තිබී ජීව අත්බෝම්බ 10 ක් අඩංගු බෑගයක් සොයා ගෙන තිබෙනවා.

එසේ සොයාගෙන ඇත්තේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මතයි ෴

+++

මුළු මෝදරම භීතියෙන් කැලඹෙයි බෝම්බ තොගයක් පාසල් බෑගයකින් මතු වෙයි (30.09.2025)

+++

මෝදර අලුත් මාවතේ ආරක්ෂාව වහාම ත‍ර කෙරේ | සෝදිසි මෙහෙයුම්වලට පොලිස් නිල සුනඛයන් රැගෙන එයි (30.09.2025)

+


කොළඹ මේ දැන් උණුසුම් තත්ත්වයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බෝඩ් අරන් පාරට (30.09.2025)

+++

අනුරාධපුරයේ උණුසුම් තත්ත්වයක් – රජරට සරසවි ඇඳුරෝ පාරට බහියි (30.09.2025)

+


තාවකාලික රියදුරු බලපත්‍ර අද (30) සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්

(30.09.2025 – 09:11 +0530 – sinhala.adaderana.lk)

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී අද (30) සිට බලපැවැත්වෙන පරිදී නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස අද (30) සිට මෙම ක්‍රියාවලිය ආරම්භ කරන බවත් රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *