ගල්අඟුරු ටෙන්ඩර් වංචාවක්.. සුදුසුකම් නැති සමාගමකට ටෙන්ඩරය..
(29.09.2025 – 03:20 +0530 – lankacnews.com)
ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල්අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට ලබාදීමෙන් බරපතළ දූෂණයකට පාර කැපි ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
‘උත්තරය අපි’ නමින් පොළොන්නරුව, බැඳිවැව, සුජා හෝටල් ශාලාවේ පැවති සැප්තැම්බර් 28 දින පැවති සම්මන්ත්‍රණයකදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පහත අදහස් ප්‍රකාශ කළේය.
“පසුගියදා සැප්තැම්බර් 15 වැනිදා විදුලි ජනනයට අදාල ගල්අඟුරු සැපයිමේ ටෙන්ඩරය විවෘත කලා ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ Trident Chemphar නම් සමාගමට හිමිවුණා. මෙහි ප්‍රශ්න ගණනාවක් උද්ගත වෙනවා. ඒ ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කලාද කියන සැකය මතුවන නිසා.
මේ මගේ අතේ තිබෙන 2021 දී ලංකා ගල්අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල්අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල්අඟුරු අවම වශයෙන් මෙට්‍රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල්අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ. නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් මිලියන 1 සිට මෙට්‍රික් ටොන් 100,000 දක්වා 90% කින් අඩු කරලා. මේක පැහැදිලිව සැක සහිතයි.
අනෙක මේ Trident Chemphar සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙට්‍රික් ටොන් 30,000 ක් සැපයීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා.
ඒ විතරක් නෙවෙයි, Trident Chemphar සමාගමේ හිමිකරුවෙකු වන සරත් චන්ද්‍ර රෙඩ්ඩිව 2022 දී නවදිල්ලියේ සුරා බදු වංචාවක් හරහා මුදල් විශුද්ධකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. මේ තියෙන්නේ ඒ ගැන ප්‍රවෘත්ති.
හිමිකරුවාට අමතරව Trident Chemphar හි දේශීය නියෝජිතයා වන සරත් බණ්ඩාර ජයසුන්දරටත් දූෂණ චෝදනා තිබෙනවා. ක්‍රිකට් කුසලතා විශ්ලේෂකයෙකු ලෙස වෘත්තියේ නිරතවූ ඔහුට තරඟ පාවදීමේ චෝදනා මත.2019 සිට වසර 7 ක තරඟ තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පනවා ඇති බවට ප්‍රවෘත්ති තිබෙනවා.
පෙනෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල්අඟුරු ටෙන්ඩරය ලබාදුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශිය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා. ලංකාවේ වංචා හා දූෂණ සිදු කරන්නේ දේශපාලඥයන් – ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් – ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් යන තුන් කට්ටුව එකතු වුණු ජාලයකින්. ‘දූෂණ විරෝධයේ’ නමින් අවධානය යොමු කලේ දේශපාලඥයන්ට පමණයි. දැන් දේශපාලඥයන් නැතිව ජාලය ක්‍රියාත්මක වෙනවා.
ලංකා විදුලි බල මණ්ඩලය මස් කර – විකුණන පනතට එරෙහිව සේවකයන් අරගල කරන විට විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළා. නමුත් වෙනදා මාර්තු මාසයේදී කැඳවන ගල් අඟුරු ආනයන ටෙන්ඩරය ජුලි මාසය දක්වා ප්‍රමාද වෙනකොට විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කියලා මතක් වුණේ නෑ. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වල සමාගමක් සතු අවම ගල්අඟුරු ආරක්ෂණ සංචිත ප්‍රමාණය 90% කින් පහත දමනවිට විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බව මතක් වුණේ නෑ. සාමාන්‍ය ජනතාව සහ සුළු නිෂ්පාදකයන් ජාතික විදුලි බල සැපයුමට දායකවූ වහල මත සූර්‍ය පැනල අධෛර්යමත් කරන තීරණ ගන්නා විටත් ඒ අත්‍යවශ්‍ය බව මතක් වුණේ නෑ. ජනතාවට දරා ගන්න බැරි ලෙස දිගින් දිගටම විදුලි ගාස්තු අසීමාන්තිකව ඉහළ නංවන විටත් එය ජන ජීවිත පවත්වාගෙන යාමේදී අත්‍යවශ්‍ය සේවාවක් බව අමතක වෙනවා. මේ ආණ්ඩුව පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන්ද කියලා සිතා ගන්න මේ ටෙන්ඩර් හුටපටය පමණක් වුණත් ප්‍රමාණවත් ෴
නන්දන ගුණතිලක වෙනුවෙන් සාක්‍ෂි දෙන්න ජවිප දේශපාලන මණ්ඩලයේ හිටපු හයක් (6)..
(28.09.2025 – 15:00 +0530 – lankacnews.com)
තමන් ඉදිරිපත් කරන කාරණා සනාථ කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නියෝජනය කළ හය දෙනෙකු (6) සහ මධ්‍යම කාරක සභිකයන් ලෙස කටයුතු කල ඊට වඩා පිරිසක් සිටින බව ‘ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් නන්දන ගුණතිලක මහතා’ සඳහන් කරයි.
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් රංග දිශානායක මහතා පත් කිරීම ගැක ඔහු විසින් කලින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එල්ල වන විවේචනයකට ප්‍රතිචාර ලෙස ඔහු තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.
සියළු චෝදනාවන්හි ඇත්ත නැත්ත දැන ගැනීමට තමන් උසාවි ගෙන යන ලෙසද ඔහු අභියෝග කරයි.
ස්වාධීන බව :
Piyarathne Kariyawasam මහතාට :
මහින්ද දේශප්‍රිය නම්වූ , තම වටිනාකම ස්ව කැමැත්තෙන් පිරිහෙලාගණිමින් ඉන්නා අපේ මිත්‍රයා, මා ගැන යෝජනා කරන පරිදි මට ඩිමෙන්ශියා තත්වය තවම නැත …!!!
අභාග්‍යයකි…!!!
මේ කාරණය පිළිබඳව තවම මා නොකී කරුණු තව බොහෝ ඇත. මෙය අයිස් බර්ගයක් වැනියැයි සිතාගත්තාට කමක් නැත . ඔබට දැන් එහි උඩ කොටස පෙනේ ..
ජලයෙහි ගිලී ඇති කොටස වැදගත්වන්නේ අධිකරණයේ විභාගයකටය. ඒ කොටස ඔබ කවුරුත් සිතනවාට වඩා බොහෝසෙයින් විශාලය ..!!!
ඔහු අප සමග සිට් බව දන්නා දේශපාලන මණ්ඩල සභිකයන් 6 දෙනෙකු ම එළියේ සිටී. මධ්‍යම කාරක සභිකයන්ද ඊට වඩා සිටී.
මා යතුර දමන්නේ අසත්‍යය ම පිරි කාමරයක දොරකටය ..
මා එන්නේ දේශපාලන සහ තාක්ෂණික යන දෙවර්ගයේම කරුණු රැසක් සහිතව බව ඔවුනට සිහිපත් කිරීමට කැමැත්තෙමි ..!!!
ඔවු නට ණැන නුවණ පහළ වේවා ..!!!
ආමේන්..!!!
ගම්මන්පිල අල්ලස් කොමිසමට එයි – මාලිමාවේ 159 ටම වැඩේ වරදින්න වගේ යන්නේ (29.09.2025)
+
‘අයිස්’වලට වඩා දරුණු මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු
(28.09.2025 – 19:25 +0530 – sinhala.adaderana.lk)
‘අයිස්’ හෙවත් ‘මෙතැම්ෆෙටමීන්’ මත්ද්‍රව්‍යට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පසුගියදා වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකදී සොයාගත් මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
වැලිගම පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී පසුගියදා මත්ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක් වටලා විදෙස් ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
එම ස්ථානයේදී තිබී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ උපකරණ සොයා ගනු ලැබු අතර එහි සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මූලික පරීකෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ එම ස්ථානයේ තිබී ඇත්තේ ‘අයිස් මත්ද්‍රව්‍ය’වලට වඩා භායානක නව මත්ද්‍රව්‍යක් බවය.
ඊට අදාළ වාර්තාව ඉදිරි දින කිහිපය තුල නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර තංගල්ල ප්‍රදේශයේ ලොරි රථ 03 ක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව මෝටර් රථයක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.
අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුකළ සැකකරුවන් ගමන් ගත් මෝටර් රථයක් මෙලෙස මාතර ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
තංගල්ල ප්‍රදේශයේ තිබී පසුගියදා කිලෝ 700 කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් අතර එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය ෴
‘අද දෙරණ උකුස්සා’ට හසු වූ රන් කාසි හොරු
(28.09.2025 – 21:36 +0530 – sinhala.adaderana.lk)
නිධානයකින් ලබාගත් රන් කාසි විකිණීමට ඇති බව පවසා ගැනුම්කරුවන් රවටන ජාවාරම්කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකරදීමට ‘අද දෙරණ උකුස්සා’ට හැකිවිය.
නිධන්වලින් ලබාගත් රත්‍රං අලෙවිකරන බව පවසා ජනතාව රවටන ජාවාරම්කරුවන් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ අවස්ථා රැසකදීමට රට හමුවේ අනාවරණ කර තිබේ.
එවන් පසුබිමක සංවිධානාත්මක කණ්ඩායමක් දිවයිනේ විවිධ ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් තවත් එවැනිම ජාවාරමක් සිදුකරන බවට අපට තොරතුරු ලැබුණි.
ඒ අනුව ‘උකුස්සා’ පළමුව උපායදූතයෙකු මාර්ගයෙන් ජාවාරම්කරු සමඟ හිතවත්කමක් ගොඩනගාගත්තේ අපටද රත්‍රං මිලදීගැනීමට අවශ්‍ය බව පවසමිනි.
එහිදී සිත්ඇදගන්නා සුළු අයුරින් අප සමග සංවාදයේ යෙදෙන ජවාරම්කරු හමුවීමට අප දිනයක් යොදාගෙන මිහින්තලය ප්‍රදේශයට ළඟාවන්නේ ජාවාරම පිළිබඳව සැකහැර දැනගැනීම සඳහාය.
අපව මිහින්තලේ ප්‍රදේශයේ විවිධ ස්ථානවලට කැඳවන ජාවාරම්කරු අනතුරුව මරදන්කඩවල ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම්දුන්නේය.
අනතුරුව අප මේ පිළිබඳව මරදන්කඩවල පොලීසිය දැනුම්වත් කිරීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් සමග අදාළ ප්‍රදේශයට ළඟාවන්නේ අඳුර වැටුණ පසුවය.
එහිදී ජාවාරම්කරු තමන් සතුව ඇති රන් කාසි තොගයක් අපට පෙන්වේය.
ඒවා බැලූබැල්මට රන්කාසි ලෙස සකසා තිබුණි.
එම අවස්ථාවේදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ මරදන්කඩවල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ජාවාරම්කරු අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වුණේ, රන් කාසිවලට සමාන අයුරින් සූක්ෂ්ම ලෙස මොහු විසින් ඒවා සකසා ඇති බවය.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම ජාලයේ සිටින තවත් පුද්ගලයන් තිදෙනෙකු (3) ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් පිරිස අනතුරුව කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ජනතාව රවටන තවත් මෙවන් ජාවාරම්කරුවන් ඉදිරියේදීත් නීතියේ රැහැනට හසුකරදීමට ‘අද දෙරණ උකුස්සා’ සූදානමින්.
+
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප
(29.09.2025 – hirunews.lk)
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා, ඇප මත නිදහස් කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රීවරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මතයි ඇප නියම කර ඇත්තේ.
ඉකුත් සැප්තැම්බර් (22)දා පැවති විරෝධතාවක් අතරතුර, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී බලහත්කාරයෙන් තම වාහනය නවතා පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල උනා.
පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී කොටුව පොලීසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අඩංගුවට ගනු ලැබ තිබුනා ෴
රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් හෙට (30) සංකේත වැඩ වර්ජනයක
(29.09.2025 – hirunews.lk)
හෙට (30) රාජ්‍ය විශ්වවිද්‍යාලවල එක් (1) දින සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිතයි.
ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින්.
වැටුප් විෂමතා සහ ආචාර්යවරුන්ගේ හිඟය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පවසන්නේ ෴
මාවනැල්ල අනතුරෙන් කම්කරුවන් තිදෙනාටම (3) දිවි අහිමි වෙයි
(29.09.2025 – hirunews.lk)
මාවනැල්ල, මැණික්කාව ප්‍රදේශයේදී පස් බැම්මක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරට මුහුණ දුන් කම්කරුවන් තිදෙනාම (3) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (29) පෙරවරුවේ තාප්පයක් ඉදිකරමින් සිටියදී එම පිරිස මෙම අනතුරට මුහුණ දුන්නා.
පොලිසිය පැවසුවේ ප්‍රදේශවාසීන්ගේද සහාය ලබා ගනිමින් අනතුරට මුහුණ දුන් කම්කරුවන් තිදෙනා (3) මුදා ගැනීමට උත්සාහ ගත් බවයි ෴
+++
+
විමල් මව් පක්ෂයේ රෙද්ද ගලවලා දායි – ලෝන්තපෝල් පොරවල් ඉනේ මේකේ (29.09.2025)
+
සමරිසි ගැන කාදිනල් හිමිගෙන් ජනපති ප්‍රමුඛ රජයට සැරම සැර කතාවක් | “අපේ රට විනාශ කරන්න එපා” (28.09.2025)
+
ව්‍යාජ වාහන අංක තහඩු, පතරොම් හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
(29.09.2025 – hirunews.lk)
කොට්ටාව පොලිස් වසමේ රුක්මලේ පාර, කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400 ක්, විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී-56 පතරොම් ගැබක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30 ක්, ආදායම් බලපත්‍ර 15 ක්, රක්ෂණ සහතිකපත් 15 ක් හා ජංගම දුරකථන දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 24 ක් වූ තරුණයෙක්.
සකකරු අත්අඩංගුවට ගෙන බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇති අතර බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
පොහොට්ටුවේ සාගරට ලෙසටම මළ පනී කන්ටේනර් මඟඩිය ගැන සියල්ල එළියට දායී (29.09.2025)
+
සජබයෙන් ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක් – උඹලගෙත් හොරු අල්ලපල්ලා…. ඇයි ඔච්චර බය (29.09.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴