රු. කෝටි 06 ක් වටිනා ව්‍යාජ වාහන තුනක් (3) ලඟ තබා ගත් මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට
රු. කෝටි 06 ක් වටිනා ව්‍යාජ වාහන තුනක් (3) ලඟ තබා ගත් මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට
(28.09.2025 – hirunews.lk)
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර, කූඨ ලේඛන යටතේ ව්‍යාජ ලෙස ලියාපදිංචි කරන ලද බවට සැක කෙරෙන රුපියල් කෝටි 06 කට අධික වටිනාකමකින් යුත් ජීප් රථ 03 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා නාගරික මන්ත්‍රි සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි අමල් සිල්වා අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය’ විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් Land Rover සහ Mitsubishi වර්ගයේ මෙම ජීප් රථ 03 හි වටිනාකම රුපියල් කෝටි 06 ඉක්මවන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරකට අනුව, අධ්‍යක්ෂ පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාරගේ සැලසුම යටතේ 2024 දෙසැම්බර් 31 සහ 2025 ජනවාරි 01 යන දිනවලදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී, රුපියල් කෝටි 02 ක් පමණ වටිනා Mitsubishi වර්ගයේ ජීප් රථයක් සහ රුපියල් කෝටි 04 ක් පමණ වටිනා Land Rover වර්ගයේ ජීප් රථ 02 ක් මන්ත්‍රීවරයා භාරයේ තිබියදී අත්අඩංගුවට ගෙන පිංවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් රථ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රාජ්‍ය ආයතනවලට අයත් භාවිතයෙන් ඉවත් කරන ලද (ගර්භිත කරන ලද) වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කර මෙම වාහනවලට යොදාගෙන ඇති බවයි.
KM-7258 දරණ Land Rover ජීප් රථය, ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් භාවිතා කරන රථයක් ලෙස ව්‍යාජ ලෙස හඟවා ඇති බවත්, එම රථය ශ්‍රී ලංකා රේගුව මගින් ආනයනය කර නොමැති බවට රේගු වාර්තා මගින් තහවුරු වී තිබෙනවා.
එමෙන්ම, 32-4155 දරණ ජීප් රථය සමාජ සේවා දෙපාර්තමේන්තුව දකුණු පළාත නමින් ලියාපදිංචි කර තිබුණද, එය ලියාපදිංචිය අවලංගු කර වෙනත් ආයතනයකට භාර දී ඇති බවට අනාවරණය වී ඇති අතර, මෝටර් රථ පරීක්ෂකවරයෙකු මෙම රථය ව්‍යාජ සහ ධාවනයට නුසුදුසු වාහනයක් බවට වාර්තා කර තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
මෙහිදී අද (28) දින අත්අඩංගුවට ගත් සැකකරු හෙට දින (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ ෴
‘සම්පත් මනම්පේරි’ කටඅරී – කන්ටේනර් ලැබුණ හැටිත් හෙළි කරයි
(28.09.2025 – hirunews.lk)
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින ‘සම්පත් මනම්පේරි’ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මිද්දෙණිය ප්‍රදේශයෙන් හමුවු ‘අයිස් මත්ද්‍රව්‍ය’ සහිත කන්ටේනර් දෙක (2) සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ‘බැකෝ සමන්’ගේ දැනුම්දීම මත එම කන්ටේනර් දෙක මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගියද එහි ඇති ද්‍රව්‍යවලින් ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කළ හැකි බවට තමන් දැනගත්තේ ඉන් දින කිහිපයකට පසුව බවයි.
මිද්දෙණිය ප්‍රදේශයේදී හමුවු ‘අයිස් මත්ද්‍රව්‍ය’ සහිත රසායනික ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ‘සම්පත් මනම්පේරි’ නමැත්තා අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව මේ වන විට රඳවා සිටින්නේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේයි.
පෙරේදා (26) දිනයේදී ඔහු එම කොට්ඨාසය වෙත රැගෙන ආ අතර, මේ වනවිට වරාය පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා.
විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (27) දිනයේදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබු අතර, එහිදි අදාළ කන්ටේනර් දෙක (2) සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වුණා.
සම්පත් මනම්පේරි විසින් එහිදී පවසා තිබුණේ විදේශ ගතව සිටි ‘බැකෝ සමන්’ නමැත්තා අත්අඩංගුවට පත්වීමට පෙර වට්ස්ඇප් මාර්ගයෙන් තමන්ට එම කන්ටේනර් දෙක (2) භාරගන්නා ලෙසට දැනුම් දුන්නද එහි ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදන ද්‍රව්‍ය අඩංගු බවට ඒ වන විට තමන් නොදැන සිටි බවයි.
එහිදී ‘බැකෝ සමන්’ විසින් ‘අයියේ කන්ටේනර් දෙකක් (2) තියෙනවා. ඒ දෙක (2) නිදහස් කරගන්න ඕන. මට ඒක කරලා දෙන්න පුලුවන්ද ?’ යනුවෙන් ‘සම්පත් මනම්පේරි’ගෙන් විමසා තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ ‘ලෙඩක් වැටෙන දෙයක්ද මල්ලී?’ යනුවෙන්.
එහිදී ‘බැකෝ සමන්’ විසින් ප්‍රකාශ කර ඇත්තේ ‘එහෙම දෙයක් නෙවෙයි අයියේ. ගල් වගයක් එන්නේ. වරායෙන් නිදහස් කරලා තියෙන්නේ. අයියට තියෙන්නේ ගිහින් ගන්න විතරයි’ යනුවෙන්.
ඒ අනුව ‘සම්පත් මනම්පේරි’ තවත් පුද්ගලයෙකු (1) සමඟ ගොස් අදාළ කන්ටේනර් දෙක (2) සිය භාරයට ගෙන මිද්දෙණිය ප්‍රදේශයට ගෙනවිත් තිබු අතර, ඊට අදාළ ලියකියවිලි ‘බැකෝ සමන්’ විසින් ‘සම්පත් මන්ම්පේරි’ට වට්ස්ඇප් මාර්ගයෙන් එවා තිබුණා.
ඊට ‘සම්පත් මනම්පේරි’ගේ සහෝදරයෙකු වන ‘පියල් මනම්පේරි’ නමැත්තාගේ සහාය ද ලැබි තිබෙනවා.
‘සම්පත් මනම්පේරි’ විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති කරුණුවලට අනුව ඔහු එහි ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කළ හැකි රසයානික ද්‍රව්‍ය තොගයක් ඇති බවට දැනගෙන ඇත්තේ එම කන්ටේනර් දෙක (2) මිද්දෙණියට රැගෙන ගොස් දින දෙකකට (2) පසුවයි.
එහිදි ‘සම්පත් මනම්පේරි’ විසින් ‘බැකෝ සමන්’ නමැත්තාට දැනුම් දී ඇත්තේ, ‘මල්ලි මේක තනිකර ලෙඩක්. කරන දෙයක් ඉක්මනට කරගන්න’ලෙසයි.
‘බැකෝ සමන්’ සමඟ සිටි ‘පානදුරේ නිලංග’ගේ කණ්ඩායමක් විසින් අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කොටස් වශයෙන් නුවරඑළිය, හම්බන්තොට සහ කඳාන යන ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම ආරම්භ කර තිබුණේ ඒ අනුවයි.
කෙසේ වෙතත්, ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු කණ්ඩායම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බියට පත් ‘සම්පත් මනම්පේරි’ නමැත්තා සිය සහෝදරයා සමඟ එක්ව ඒවා වල දැමීමට පියවර ගෙන තිබුණා.
පසුව තමන් මිද්දෙණිය ප්‍රදේශයෙන් පළා ගිය බව විමර්ශන නිලධාරීන් විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබෙනවා.
ඒ අතරතුර ඔහු ‘බැකෝ සමන්’ සහ ‘දරූන්’ නමැත්තා හරහා හඳුනාගත් මන්නාරම ප්‍රදේශයේ කේරල ගංජා ජාවාරම්කරුවෙක් වන ‘ටයිගර්’ නමැත්තාගේ සහායෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළා යෑමට ද සැලසුම්කර තිබු ඇති බවට විමර්ශන නිලධාරීන් විසින් අනාවරණ කරගත්තා.
මේ අතර, ‘සම්පත් මනම්පේරි’ අපරාධ කල්ලි සමඟ පැවති සබඳතා හෙළි කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකථනය සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් උත්සහ කළත් තවමත් එම ජංගම දුරකථනය සොයා ගැනීමට හැකිව නැහැ.
ඒ සම්බන්ධයෙන් ද පොලිසිය ඔහුගෙන් ප්‍රශ්නකර තිබුණා.
“සර් මම හිටපු පොලිස්කාරයෙක්. ඒ හින්දා මම දන්නවා ජංගම දුරකථනය අහුවුණොත් මොකද වෙන්නේ කියලා. ඒ හින්දා වැල්ලවත්තේදී ඒක කෝච්චිවයට තියලා විනාශ කරලා දැම්මා” යනුවෙන් ඔහු පිළිතුරු දී තිබෙනවා.
කෙසේ වෙතත් ‘බැකෝ සමන්’ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් කරුණු පදනම් කරගනිමින් ‘සම්පත් මනම්පේරි’ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකෙරෙනවා.
පොලිසිය පැවසුවේ ‘බැකෝ සමන්’ට අයත් ගිනි අවි ප්‍රවාහනය කිරීම, මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවරමේ යෙදීම, කේරල ගංජා ප්‍රවාහනය සහ ගනුදෙනු කිරීම ඇතුළු අපරාධ කිහිපයකට ඔහු සම්බන්ධ බවට ‘සම්පත් මනම්පේරි’ විසින් පිළිගෙන ඇති බවයි.
රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට ඔහු පැවසුවද ඒ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකෙරෙනවා.
එමෙන්ම, ඔහු විවිධ දේශපාලනඥයින් සමග සබඳකම් පවත්වමින් සිදුකල යම් යම් අපරාධ සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වෙන අතර, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගලගේ සහ එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මකයි ෴
හොරකම් කළ සල්ලිවලින් යතුරුපැදියක් ගෙන පෙම්වතිය එක්ක යද්දී දැලේ
(28.09.2025 – hirunews.lk)
මහනුවර වාහන අළෙවි ස්ථානයකින් රුපියල් ලක්ෂ 70 ක් වටිනා වෑන් රථයක් සොරකම් කර එය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ 15 ක මුදලකට අළෙවි කළ බව කියන පුද්ගලයකු මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සියලු මුදල් වැයකර සැකකරු සුපිරි යතුරුපැදියක් මිලදී ගෙන තිබෙන බව ද පොලීසිය පවසනවා.
සැකකරු සිය පෙම්වතිය සමඟ එම යතුරුපැදියෙන් යමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ වාහන අළෙවි ස්ථානයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය මගින් ලබාගත් දර්ශන ඔස්සේ බව වාර්තා වෙනවා.
මහනුවර ඩී.එස්. සේනානායක වීදියේ අවන්හලක සේවය සේවය කරන සැකකරු, මාතලේ මාදිපොළ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු මහනුවර ඩී.එස්. සේනානායක වීදියේ ඇති වාහන අළෙවි ස්ථානයට පසුගිය 22 වැනි දින රාත්‍රී කාලයේ ඇතුළු වී ටොයටා නෝහා වර්ගයේ වෑන් රථය සොරකම් කර ඇත්තේ ඊට අදාළ ලියකියවිලි ද සමඟ බව පොලිසිය සඳහන් කරනවා.
සැකකරු අද (28) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, පොලිස් අධිකාරි අකිල කරුණාරත්න යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි මහනුවර මුලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජපක්ෂ යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ ෴
දකුණේ මත් ජාවාරම් ගැන ඇමතුම් 2,000 ක්
(28.09.2025 – hirunews.lk)
දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරී ජයලත් වෙත දුරකතන ඇමතුම් 2,000 ඉක්මවා ලැබී තිබෙනවා.
දකුණු පළාතේ පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ක්‍රියාත්මක මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බව දකුණු පළාත භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරී ජයලත් පවසනවා.
ඒ අනූව දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම වෙනත් අපරාධකරුවන් සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
මේ සඳහා මහජනතාවට තොරතුරු ලැබාදිය හැකි අතර ඔවුන්ගේ රහස්‍ය භාවය සුරකිනු ඇති.
අදාළ දුරකතන අංක පහතින් :
ගාල්ල දිස්ත්‍රික්කය:
- නියෝජ්‍ය පොලිස්පති, ගාල්ල දිසාව ජගත් සේරම්, 071 859 8010
- කොට්ඨාසභාර නිලධාරි, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් ඒ එදිරිමාන්න, 071 859 1452
- කොට්ඨාසභාර නිලධාරි, ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ.ඩි.ඩි.ඊ.එල්. රන්දෙණිය, 071 859 1472
මාතර දිස්ත්‍රික්කය:
- නියෝජ්‍ය පොලිස්පති, මාතර හම්බන්තොට දිසාව චාමික වික්‍රමසිංහ 071 859 8011
- කොට්ඨාසභාර නිලධාරි, මාතර පොලිස් අධිකාරී, ජයමිණි කුමාර 071 859 1433
හම්බන්තොට දිස්ත්‍රික්කය:
- නියෝජ්‍ය පොලිස්පති, මාතර හම්බන්තොට දිසාව, චාමික වික්‍රමසිංහ 071 859 8011
- කොට්ඨාසභාර නිලධාරි, තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිපුණ දෙහිගම 071 859 1488
විදුලි බල වර්ජකයන්ට ආණ්ඩුව ගේම දෙන හැටි ? (28.09.2025)
+
නාමල් රාජපක්ෂට අයියා කෙනෙක් ඉන්නවද ? අර්චුනා ඔයා මොනවද මේ කියන්නෙ ? (28.09.2025)
+
ළමයින්ට ගැහැව්වොත් හිරේ යන්ඩ වෙයි… ආණ්ඩුවේ සුපිරි තීරණයක් (28.09.2025)
+
අනුරව ඉවර කරන ජනාධිපති මාජ්ජ ඔස්තාද්ලා … (28.09.2025)
+
දයාසිරි අදත් (28) ආණ්ඩුවට අංචියක් අදියි – සමලිංගික අයට රජය සහය දෙනවා කියලා මෙන්න බොලේ ලියුමකුත් ඇරලා (28.09.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴