අපවත් වූ නාඋයනේ හිමිවරු පන්සියගමදී මිහිදන් වෙති
(27.09.2025 – hirunews.lk)
මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේදී ඩක්කුව කඩාවැටීමෙන් අපවත් වී වදාළ හිමිවරුන්ගේ දේහ පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (27) පස්වරුවේ මැල්සිරිපුර, පන්සියගම පොදු සුසානභූමියේදී සිදුකෙරුණා.

අපවත් වූ උඩවලවේ සත්තසුමන, නාවලපිටියේ උත්තරානන්ද, නුගේගොඩ විපස්සී, මල්වානේගම සමිද්ධි යන ශ්‍රී ලාංකීය හිමිවරුන් සිවුදෙනා (4) සමග රුසියානු ජාතික ධම්මරක්ඛිත හිමියන් පිළිබඳ අවසන් කටයුතු මෙහිදී සිදු කළා.
අධිකරණ නියෝගයක් මතයි මෙම භූමදාන කටයුතු සිදුකෙරුණේ.
අපවත් වී වදාළ භික්ෂූන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, සැදැහැවතුන්, භික්ෂූන් වහන්සේලාගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක්ද මේ අවස්ථාවට පැමිණ සිටියා.
මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩාවැටී හිමිවරු 07 නමක් පසුගිය 24 වැනිදා අපවත් වුණා.
+++
බුදුන් දවස මහ රහතන්වහන්සේලාටත් අකුසල කර්මවිපාක වලට මුහුණ දීමට සිදු වුණා – පූජ්‍ය මකුලෑවේ විමල මහ නාහිමි
(27.09.2025 – hirunews.lk)
“කර්මයට ගිහි පැවිදි භේදයක් නැහැ. කර්මය කුමන මොහොතේ කුමන වේලාවට පටිසන් දෙයිද කියා කියන්න බැහැ. බුදුන් දවස මහ රහතන්වහන්සේලාටත් අකුසල කර්මවිපාක වලට මුහුණ දීමට සිදු වුණා නම් පැවිදි අප ගැන කියන්නට දෙයක් ඇත්තේම නැහැ. ඒ අනුව යන්න සිතාගෙන ගිය ගමන නොවෙයි මේ භික්ෂූන්වහන්සේලාට අවසානයේදී යන්න වුණේ. කර්මය කියන්නේ එකටයි” ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත පූජ්‍ය මකුලෑවේ විමල මහ නාහිමිපාණන් පැවසුවා.

මැල්සිරිපුර පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන ඩක්කුවක් පෙරළී ගොස් පසුගියදා සිදුවූ මාරක අනතුරෙන් අපවත් වූ භාවනානුයෝගීව වැඩ විසූ භික්ෂූන්වහන්සේලා පස් නමකගේ (5) අවසන් කටයුතු සඳහා පවත්වන ලද අවමංගල පූජෝත්සව සභාවේදී අනුශාසනාවක් කරමින් විමල නාහිමියෝ මේ කරුණු සඳහන් කළා.
අවමංගල සභාව නාඋයන ආරණ්‍ය සේනාසනයේ ශීල ශාලාවේදී පැවැති අතර ආගමික කටයුතු මෙහෙයවීම සහ පැමිණ සිටි පිරිස පිළිගැනීම ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමිපාණෝ සිදු කළා.
පැමිණ සිටි ගිහි පිරිස සඳහා පන්සිල් ලබා දීම ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති සහ ප්‍රධාන අනුශාසක පූජ්‍ය පහළවිටියල ජනාභිනන්ද නාහිමියන් විසින් සිදු කළ අතර, අපවත්ව සිටින භික්ෂූන්වහන්සේලාගේ ජීවිත කතාව ඉදිරිපත් කිරීම බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමාධිපති පූජ්‍ය බලන්ගොඩ රාධ හිමියෝ සිදු කළා. අපවත් වූ භික්ෂුන්වහන්සේලා වෙනුවෙන් මතක වස්ත්‍ර හා පරිෂ්කාර පූජාව අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනයේ අනුශාසක පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමියන් විසින් සිදු කරනු ලැබූවා.
සිදුවූ අනතුරෙන් අපවත් වූ උඩවලවේ සත්තසුමන , නාවලපිටියේ උත්තරානන්ද , නුගේගොඩ විපස්සී , මල්වානේගම සමිද්ධි යන ශ්‍රී ලාංකීය හිමිවරුන් සිවුනම (4) සමග රුසියානු ජාතික ධම්මරක්ඛිත හිමියන් පිළිබඳ අවසන් අවසන් කටයුතු මෙහිදී සිදු කෙරුණා.
අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක්ද මේ අවස්ථාවට පැමිණ සිටි අතර පැන් වඩවා මතක වස්ත්‍ර සහ පරිෂ්කාර පූජාව ඔවුන් අතින් සිදු වුණා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති පූජ්‍ය පහළවිටයල ජනානන්ද හිමියන් :
“මේ මරණය අපිට කොහෙන් වෙයිද කියන්න බැහැ. කර්මය කියලා කියන්නේ ඒකට තමයි. ජීවිතය අනියතයි මරණය නියතයි කියන්නේ මේ දෙයට තමයි. අනතුර වීමට කළින් මේ ඩක්කුවේ තවත් කීප නමක් ඉහළට ගියත් අනතුරක් සිද්ධ වුණේ නැහැ. ඊට පෙර මේ ඩක්කුවෙන් පහළ සිට ඉහළට ගල් වැලි පවා ඇද්දා. නමුත් අනතුරක් සිද්ධ වුණේ නැහැ. ඒත් මේ හිමිවරුන් දහතුන් දෙනා (13) පමණක් ඩක්කුව පෙරළී යාමෙන් අවාසනාවන්ත අනතුරකට පත් වුණා. කර්මය කියන්නේ ඒකටයි. සිල්වත් භික්ෂූන්වහන්සේලාටත් මෙවැනි කර්මයකට මුහුණු දීමට සිදුවූවා නම් ගිහි ජීවිතයේ සිටින ඔබලා ඊට කෙසේ මුහුණ දේවිදැයි සිතාගත යුතුයි.”
පැවිදි අනුශාසනා රාමඤ්ඤ මහා නිකායේ මහානායක පූජ්‍ය මකුලෑවේ විමල හිමියන් සහ පන්සියගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය හල්මිල්ලගොල්ලේ ඉන්දසාර හිමියන් සිදු කළා.
පැවිදි ස්තුති කතාව සහ ශෝක ප්‍රකාශ පිළිබඳ ලිපි ප්‍රකාශයට පත් කිරීම නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද නාහිමියන් සිදු කළා.
කෘෂිකර්ම හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය සහ රාමඤ්ඤ මහා නිකායේ දායක සභාව හා නාඋයන ආරණ්‍ය සේනාසනය වෙනුවෙන් හිටපු කතානායක කරු ජයසූරිය සිදු කළා.
සංස්කෘතික හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, වයඹ පළාත් ප්‍රධාන ලේකම් ඉන්දික ඉලන්කෝන්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක ද අවමංගල සභාවට සහභාගි වුණා.
මෑත කාලයේ අවමඟුලකට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ජන සහභාගිත්වයක් වාර්තා කරමින් ගිහි පැවිදි අති විශාල ජනකායක් මේ අවමඟුලට සහභාගි වුණා. මේ හේතුවෙන් ආරණ්‍ය සේනාසනයට පිවිසෙන මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් පැමිණි ජනතාවට අතරමඟ රථවාහන නවනා කිලෝමීටර් තුනකට (3) ආසන්න දුරක් ගෙවා පයින් ගමන් කිරීමට ජනතාවට සිදු වුණා. විදේශීය භික්ෂු භික්ෂුනීන් විශාල පිරිසක්ද ඊට සහභාගි වී සිටියා.
+++
+++
+++
+++
+
සෞඛ්‍යයේ සිද්ධ වෙච්චි තවත් හිතා ගන්න බැරි වංචාවක් ගැන තොරතුරු සංජය එළියට දායි… (27.09.2025)
+
කුලියාපිටිය රෝහලේ විශ්මිත සැත්කම | කැපීම් නැහැ, කැමරාවෙන් බලාගෙන වැඩේ කළා | කොඳු ඇට පෙලේ සැත්කම (27.09.2025)
+
දරුවන්ට බැන්නත් අම්මලා හිරේ යන නීතියක් ආණ්ඩුව ගෙනෙයි. අල්ලස් කොමිසමේ ලොක්කාට වසර හතක (7) සිර දඬුවම් (27.09.2025)
+
මේ තමයි ඉතිහාසයේ මෝඩම ආණ්ඩුව.. සිසුවෙකුට අවවාද කලොත් අපි මාස හයක් (6) හිරේ.. – ගුරුවරුන් මාධ්‍ය හමුවක
(28.09.2025 – 03:17 +0530 – lankacnews.com)
ළමා ආරක්ෂණය සඳහා ගෙන ආ නව පනත අනුව ගුරුවරයෙකු යම් සිසුවෙකුට යම් අවවාදයක් කළහොත් ඔහුට මාස හයක් (6) සිරබත් කෑමට සිදුවනු ඇතැයි ‘කළුතර එකමුතු ගුරු සංගමය’ පවසයි.
මෙම පනතට අත ඉස්සූ පාර්ලිමේන්තුවේ සිටින බොරුකාර හොරු රැලට පාසලට පැමිණ විනය කටයුතු භාර ගන්නා ලෙස ද, නව පනත සම්මතවූ පසු සිසු විනය හැදීමට ගුරුවරුන් ඉදිරිපත් නොවන බව ද එම සංගමය සඳහන් කරයි.
දැන් පාසලට විදුහල්පති, විනයභාර ගුරුවරුන් උවමනා නැති බවත් පාසල මන්ත්‍රීට භාර දී විනය ගැටලු ඔහු හරහා විසඳිය යුතු බවත් එහි නියෝජිතයෝ පවසති.
මෙම ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවට, පාසලේ උදේ රැස්වීමට පාට ඇඳුමින්, මාල දමා ගෙන පැමිණෙන සිය දරුවන් ගැන අනාගතයේ සතුටු වීමට හැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
පාසල් පද්ධතිය විනාශ කරන ප්‍රතිපත්ති හදන ලංකාවේ බිහි වූ මෝඩම ආණ්ඩුව මෙය බවත් මෙම පනත ලංකාවේ පාසල් පද්ධතිය විනාශ කරන ප්‍රධානතම පනත වනු ඇති බවත් ඔවුහු ප්‍රකාශ කරති.
කළුතර දී මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු මේ බව කීය ෴
මිද්දෙණියේ අයිස් සිද්ධිය ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක් | විමර්ශන ගැන කිසිවෙක් නොසිතූ ප්‍රගතිය (27.09.2025)
+
“ළඟ ඉන්න ගොබ්බයො මේ ජනාධිපතිව විනාස කරනවා…” කෝ දැන් මේ සූරියබණ්ඩාර ? (27.09.2025)
+
“නන්දන ගුණතිලක කියන කතාව ඇත්තද ?” (27.09.2025)
+
“ගොබ්බ කතා ලියන්නන් සහ වඳුරු ඩෝබිලා නිසා…” විනාස වුණු ජනාධිපති (27.09.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴