විදුලි සේවකයෝ වර්ජන තීරණය තාවකාලිකව කල් දමති, අකුරට වැඩ දිගටම
විදුලි සේවකයෝ වර්ජන තීරණය තාවකාලිකව කල් දමති, අකුරට වැඩ දිගටම
(24.09.2025 – hirunews.lk)
වර්ජනයකට එළඹීමේ තීරණය තාවකාලිකව කල් දැමූ බව සහ, දැනට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව, විදුලි වෘත්තීය සමිති පවසනවා ෴
අනුරාධපුර රෝහලේ දී කතකගේ රන් මාලය කොල්ලකෑ නාවික සෙබළා රිමාන්ඩ්
(24.09.2025 – hirunews.lk)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ x-ray කාමරය අසල දී කාන්තාවකගේ රුපියල් ලක්ෂ තුනකට (3) අධික වටිනාකමකින් යුත් රන් මාලයක් කොල්ලකෑ බව කියන නාවික සෙබළකු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
පැමිණිලිකාර කාන්තාව තම මවගේ අසනීපයකට බෙහෙත් ගැනීමට ඊයේ (23) ගොස් සිටිය දී මෙම සිද්ධියට මුහුණ දී ඇතැයි අනුරාධපුර පොලිසිය පවසනවා.
සැකකරු මාලය කඩාගෙන දිවයන අතර රෝහලේ සිවිල් පිට රැඳී සිටි පොලිස් නිලධාරීන් සහ ජනතාව එක්ව අල්ලා රෝහල් පොලිසියට භාර දී ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
සැකකාර නාවික සෙබළා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත භාරයට පත් කර තිබෙනවා ෴
HSBC බැංකු ව්‍යාපාරය Nations Trust Bank විසින් රුපියල් බිලියන 18 කට මිලදී ගනී
(24.09.2025 – hirunews.lk)
Nations Trust Bank PLC (NTB) විසින් Hongkong and Shanghai Banking Corporation (HSBC) ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකු ව්‍යාපාරය (Retail Banking Business) රුපියල් බිලියන 18 ක මුදලකට සහ අදාළ බදු ගෙවීම් මත මිලදී ගැනීමට එකඟතාවයකට එළඹ ඇති බව Nations Trust Bank මගින් කොටස් වෙළඳපොළට දැනුම් දී තිබෙනවා.
මෙම ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර බැඳීම් සහිත මිලදී ගැනීමේ සහ විකිණීමේ ගිවිසුමක් (Binding Sale and Purchase Agreement) අත්සන් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්.
මෙමගින්, HSBC ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය සිල්ලර බැංකු මෙහෙයුම් සම්පූර්ණයෙන්ම Nations Trust Bank වෙත පවරා දෙනු ලැබ තිබෙනවා.
මෙම ගනුදෙනුව ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය අංශයේ සිදු වූ ප්‍රධානතම එක් ගනුදෙනුවක් ලෙස සැලකෙනවා.
එමෙන්ම එය රටේ බැංකු ක්ෂේත්‍රයේ තරගකාරීත්වය සහ ව්‍යුහය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ ෴
රු. දසදහසක (10,000) අල්ලසක් ලබාගත් බව කියන පොලිස් කොස්තාපලයෙකු රිමාන්ඩ්
(24.09.2025 – hirunews.lk)
යතුරුපැදියක ආදායම් බලපත්‍රය භාරයට ගෙන ඒ සඳහා නඩු පවරා නොසිටීමට රුපියල් 10,000 ක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපලයෙකු ලබන 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (24) නියෝග කළා.
කාර්තිව් පොලිසි ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපලයෙකු වන සුන්දර මූර්ති රජීවන් නැමැත්තෙකු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
සහින්දමරුතු ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් සිද්ධියට අදාළව අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියෝග කළා.
සිද්ධියට අදාළ තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවින් සැකකරු රක්ෂිත බන්දනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 07 දක්වා රක්ෂිත බන්ධනාගාර බන්ධනාගාර ගත කළා ෴
අපේක්ෂකයා වෙනුවට විභාගය ලියූ පිටස්තරයා ගැන සොයන්න නියෝග
(24.09.2025 – hirunews.lk)
කොළඹ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ ඉංග්‍රීසි ඩිප්ලෝමා විභාගයට පෙනී සිටිය යුතු අයදුම්කරුවෙකු වෙනුවට අන් අයෙකු පෙනී සිටිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (24) කොළඹ වංචා විමර්ශන අංශයට නියෝග කළා.
එම විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පූජ්‍ය බෝගමේ ධීරානන්ද හිමි සිද්ධිය සම්බන්ධයෙන් කෙළඹ වංචාව විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇති බවත් එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට එම වංචාව විමර්ශන අංශය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණා.
එම විශ්ව විද්‍යාලය මගින් පසුගියදා ඉංග්‍රීසි ඩිප්ලෝමා විභාගයක් පවත්වා ඇති බවත් එහි අයදුම්කරුවෙකු වෙනුවට වෙනත් පුද්ගලයෙකු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඒ සඳහා පෙනී සිට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූවා ෴
වැඩි මිලට සහල් විකුණුවැයි රු. ලක්ෂයක දඩයක්
(24.09.2025 – hirunews.lk)
රුපියල් 240 ට විකිණීමට නියමිතව තිබු දේශීය සුදු සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ට විකිණීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී. දර්ශිමා ප්‍රේමරත්න අද (24) රු. ලක්ෂයක (100,000) දඩ මුදලක් නියම කළා.
මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි ‘MMS ස්ටෝස්’ නැමැති වෙළෙඳ සැලකිමිකරුවකු වන ‘මොහොමඩ් නසාර් මොහොමඩ් සාජන්’ නැමැති විත්තිකරුවකට මෙසේ දඩ මුදල් නියම කෙරුණා.
එම වෙළඳසැල තුළ වැඩි මිලට සහල් විකුණන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී පාරිභෝගික අධිකාරිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴
හම්බන්තොට අන්දරවැව ප්‍රදේශයේ චීන වරාය වැඩබිමේ මුරකරුවෙක් අලි ප්‍රහාරයෙන් මරුට
(24.09.2025 – hirunews.lk)
හම්බන්තොට අන්දරවැව ප්‍රදේශයේ චීන වරාය සමාගමට අයත් වැඩබිමක මුරකරුවකු අද (24) අළුයම වනඅලියකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීරවිල, නව නගරයේ අග්බෝ පුර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.කේ. පියතිස්ස නමැති 73 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම වැඩබිමේ චීන සමාගමට අයත් යන්ත්‍ර ඇති බැවින් ජීවිතක්ෂයට පත් පුද්ගලයා එහි මුරකරුවකු ලෙස සේවය කර ඇතැයි පොලිසිය පැවසීය.
මෙම වැඩබිම වටා විදුලිය සහිත අලිවැටක් ද තනා තිබූ නමුත් වනඅලින් කෙසේ හෝ වැඩබිමට ඇතුළුව මුරකරුට පහරදී ඇතැයි පොලිසිය සඳහන් කළා.
ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ මෘතදේහය හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන විත් තිබෙනවා.
හම්බන්තොට මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
රු. ලක්ෂ 30 ක් වංචා කළැයි දමිතාගේ නඩුව නීතිපතිට
(24.09.2025 – hirunews.lk)
කොරියා රටේ රැකියා ලබාදෙන බව පවසමින් ‘රංගන ශිල්පිණි දමිතා අබේරත්න’ පුද්ගලයකු රවටා රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියට අදාළව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (24) නියෝග කළා.
එම මුල්‍යම වංචා සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරුත් සැකකාර දමිතා අබේරත්න හා ඇගේ සැමියා අතර ඇතිවූ සංවාද ඇතුළත් හඬපට රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
සිද්ධියට අදාළව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට අවසර දෙන ලෙසට හා පැමිණිලිකරු සම්බන්ධ සංවාද ඇතුළත් හඬපට රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට අවසර ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය එම නියෝග නිකුත් කළා.
සැකකාර රංගන ශිල්පිණි දමිතා අබේරත්නගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසටද අධිකරණයෙන් නියම කෙරුණා.
තමන්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ඇය සිය නීතිඥවරයා මගින් කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණයෙන් එසේ නියම වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ‘ලෙස්ලි ජෝන්සන්’ මේ වනවිට ඇප මත සිටිති ෴
ඇමරිකාවම හොල්ලමින් ජනපති ටී ෂර්ට් එකෙන් රට යයි ! (24.09.2025)
+
දෙරණ ඉන්ටවීව් එක සහ ජේවීපී ආණ්ඩුවේ කඩාවැටීම (24.09.2025)
+
එක්ස්ප්‍රස් පර්ල් US $ බිලියනයේ වන්දිය ගෙවන්න බෑ කියයි (24.09.2025)
+
අඹ යායක් ඩෝසර් කරන්න හදන ජේවීපී ගුරා… තමුසෙ මොන ගුරුවරයෙක්ද ඕයි ? (24.09.2025)
+
රටේ හොරු අල්ලන්න, ගෙදර හොරුත් අල්ලන්න – මාලිමාවට අභියෝගයක් (24.09.2025)
+
නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුව කඩා වැටී හිමිවරු හත්නමක් අපවත් වෙති
(25.09.2025 – hirunews.lk)
මැල්සිරිපුර පන්සිළුගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ ගමන් පහසුව සඳහා යොදාගෙන ඇති ඩක්කුවක කේබලයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් සේනාසනවාසී හිමිවරු හත්නමක් (7) අපවත්ව ඇති බව වාර්තා වෙනවා.
අපවත්වී ඇති හිමිවරු අතර විදේශීය හිමිවරු තුන්නමක් (3) සහ ලාංකික හිමිවරු සිව්නමක් (4) වන බව පන්සිළුගම පොලිසිය පවසනවා.
එම විදේශීය හිමිවරු රුමේනියාව, රුසියාව සහ ඉන්දියාව යන රටවල බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම සිද්ධියෙන් තවත් හිමිවරු සයනමක් (6) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ ඊයේ (24) රාත්‍රී 09:30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් එම කේබල් ඩක්කුවේ හිමිවරු 13 නමක් සිට ඇති බවයි.
මෙම ආරණ්‍ය සේනාසනයේ මේ මොහොත වන විට විදෙස් හිමිවරු කිහිප නමක් ද වැඩ සිට ඇති බව ද මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
මෙම අනතුර සිදුවී ඇත්තේ භික්ෂූන්වහන්සේ ඩක්කුවේ නැගී කඳු මුදුනේ ඇති භාවනා කුටිවලට ගමන් කරමින් සිටීයදී කඳු මුදුන ආසන්නයට ළඟා වෙද්දිම බව පන්සිළුගම පොලිසිය සඳහන් කරනවා.
තරුණ භික්‍ෂූන්වහන්සේ මෙන්ම වයස්ගත භික්ෂූන්වහන්සේ මෙම අනතුරින් තුවාල ලබා සහ අපවත්ව සිටින බව කුරුණෑගල රෝහල් තොරතුරු සඳහන් කරනවා.

මෙම ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ සිටින හිමිවරු දශක ගණනාවක් තිස්සේ මෙම කේබල් ඩක්කුව යොදාගෙන සිය නිදන කුටි වෙත වැඩම කරන බවට වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ තවත් හිමිවරු මේ වන විටත් රෝහල් ගත කිරීමේ කටයුතු සිදුකරමින් ඇති බවට වාර්තා වන බවයි ෴
+++

+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴