තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය රටට ඇතුළුවූ හැටි හෙළිවෙයි

තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය රටට ඇතුළුවූ හැටි හෙළිවෙයි


තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය රටට ඇතුළුවූ හැටි හෙළිවෙයි

(23.09.2025 – 22:07 +0530 – sinhala.adaderana.lk)

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයගත් මත්ද්‍රව්‍ය තොගය යාත්‍රා දෙකකින් (2) මුහුදු මාර්ගයෙන් පෙරේදා මෙරටට ගෙනැවිත් ඇති බව වාර්තා වෙයි.

එම මත්ද්‍රව්‍ය තොගය කුඩාවැල්ල මාවැල්ල වෙරළින් ගොඩබා ඇති බවද සඳහන්ය.

එතැන් සිට වෙරළ අසල තිබූ නිවසකට මත්ද්‍රව්‍ය තොගය ගෙන ගොස් පසුව එම තොගය ලොරි රථවලට පටවා සීනිමෝදර සහ ගොඩැල්ලවෙල ප්‍රදේශවලට අවස්ථා දෙකකදී (2) ප්‍රවාහනය කර ඇති බව පොලීසිය පවසයි.

මාවැල්ල වෙරළේ සිට සීනිමෝදර නිවසට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පිරිස පසුව එම නිවසේදී ද මත්පැන් පානය කර ඇති අතර හමුවූ මළසිරුරු අසල ‘අයිස් මත්ද්‍රව්‍ය’ ද තිබූ බව පොලීසිය ඊයේ (22) සඳහන් කළේය.

එම නිවසේ සිට මත්පැන් පානය කළ තිදෙනා (3) අතුරින් රෝගීවූ 49 හැවිරිදි පුද්ගලයා ඔහුගේ පුත්‍රයින් දෙදෙනා (2) විසින් රෝහල්ගත කෙරුණු අතර ඉන්පසු සිය පියාගේ කුඩා ලොරි රථය රැගෙන යාම සඳහා ඔවුන් සීනිමෝදර නිවසට පැමිණ තිබුණි.

එහිදී එම නිවසේ සිටි පිරිසක් තමන්ට බලහත්කාරයෙන් මත්පැන් පානය කරවීමට උත්සාහ කළ බව ඔවුන් පොලීසියට පවසා ඇත.

මේ බව ඔවුන් හෙළි කර ඇත්තේ ඔවුන් දෙදෙනා (2) අද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙක් (2) අබිරහස් ලෙස මියයාමත් සමඟ පොලිසියට ලැබුණු තොරතුරුවලට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ලොරි රථ තුනක (3) සඟවා තිබූ ‘අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 705 ක ප්‍රමාණයක් ඊයේ (22) සොයාගනු ලැබීය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ එම නිවස අසල තිබූ කුඩා ලොරි රථයෙන් අයිස් කිලෝග්‍රෑම් 06 යි ග්‍රෑම් 970 ක්, එම ඉඩමේම තිබූ අනෙක් ලොරි රථයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 168 යි ග්‍රෑම් 694 ක් සහ අයිස් කිලෝග්‍රෑම් 319 යි ග්‍රෑම් 220 ක් සොයාගැනීමට පොලිසිය සමත්වුණි.

එමෙන්ම තංගල්ල ගොඩැල්ලවෙල ප්‍රදේශයෙන් හමුවූ කොමඩු අසුරා තිබූ ලොරි රථයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 115 යි ග්‍රෑම් 720 ක් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 94 යි ග්‍රෑම් 570 ක් සොයාගෙන තිබේ.

ඒ අනුව ඊයේ (22) සොයාගත් සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 705 ට අධිකය.

එහි වටිනාකම රුපියල් මිලියන 9,888 ක් බව පොලිසිය පවසයි.

ගොඩබිම සිදුකළ මෙහෙයුමකදී එක් දිනක් තුළ මෙරටින් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

විදේශයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ‘උනාකූරුවේ ශාන්ත’ නැමැත්තා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළි වී ඇත.

මේ අතර මත්ද්‍රව්‍ය සඟවා තිබු ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා ගල්කිස්ස, ඇල්පිටිය සහ මීටියාගොඩ යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ‘උනාකූරුවේ ශාන්ත’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන අතර ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 140 ක් ද පොලිසිය සොයාගෙන තිබුණි.

සැකකරු අවස්ථා 04 කදී මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරු වී රක්ෂිත බන්ධනාගාර ගතකර ඇප මත මුදාහැරි අයෙකි.

ලොරි රථවල හිමිකරුවන් තිදෙනා (3) ගල්කිස්ස සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණවලට අද ඉදිරිපත් කර මේ මස 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ ෴


ඇයි උඹලට පාන්ද ?? විශ්ව Live ඇවිත් ගිරිය පුප්පන් කිව්ව අමුතු කතාව (23.09.2025)

+


වස්කඩුවේ සිදු වූ බිහිසුණු අනතුරේ සංස්කරණය නොකල දර්ශන (23.09.2025)

+


දයාසිරි ආණ්ඩුවේ රෙදි ඔලුවෙන් ගලවයි – තැන තැන කියවන්න එපා හලෝ (23.09.2025)

+


ඉවරයි ඉවරයි පුනරුද ආණ්ඩුව ඉවරයි – ගෝඨාභයගේ ලේකම් පට්ටම දිග අරියි (23.09.2025)

+


බුදු දහම අතු ගාන්න යූ ටියුබ් චැනල් එකක් – ඩොලර් ගණන් පොම්ප කරන හැටි මෙන්න (23.09.2025)

+


මාලිමා ආණ්ඩුවේ කන්‍යාභාවය සුන් කරන ඇමැතිවරුන්ගේ වත්කම් ලැයිස්තු මෙන්න! (20.09.2025)

+++

ගෝල්ෆේස් අරගලයෙන් පසු සමහරුන්ගේ වත්කම් කෝටි ගණන් වැඩි වෙලා – ඇමැතින්ගේ වත්කම් ප්‍රකාශවල තොරතුරු (23.09.2025)

+


වසන්තගේ ක්‍රිප්ටෝ වත්කම් ගැන ගේමක් | දයාසිරි – ශානක්කියන් එකතුවෙලා උදෙන්ම ආණ්ඩුව දණ ගස්සපු හැටි (24.09.2025)

+


ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

(24.09.2025 – 12:17 +0530 – sinhala.adaderana.lk)

හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය ෴

+++

+


රුපියල් කෝටියකට වඩා මුදල් වංචා කළ හොර දොස්තර ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

(24.09.2025 – 10:40 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙකු සහ ඔහුගේ සහායකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, ගුරුදෙණිය සහ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 31, 33 සහ 38 වියැති පුද්ගලයන් තිදෙනෙකු බව පොලීසිය පැවසීය.

දිවයිනේ පොලිස් ස්ථාන රැසකට ලද පැමිණිලි සියයකට (100) අධික ප්‍රමාණයක් සැලකිල්ලට ගෙන කළුතර දකුණ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී රංගා මහතා ඇතුළු නිලධාරීන් මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ පෞද්ගලික පරිගණක විකුණුම් ආයතනයකින් වංචනික ලෙස මෙම කණ්ඩායම මුදල් ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත සහ කළුතර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඔහුගේ නම භාවිතා කරමින් මොවුන් කළුතර ප්‍රදේශයේ විවිධ ආයතනවලින් මුදල් එකතු කිරීම් සිදුකර ඇති බවටත් ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.

ඒ අනුව කළුතර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී මහත්මියගේ උපදෙස් පරිදි සැකකරුවන්ගේ දුරකථන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා ලබාගෙන සිදුකළ විමර්ශනවලින් පසු අත්අඩංගුවට ගෙන ඔවුන් සන්තකයේ මෙම ජාවාරම් සඳහා භාවිතා කරන ලද බැංකු පාස් පොත් 5 ක්, ඒ.ටී.එම්. කාඩ්පත් 6 ක් සහ නීත්‍යනුකූල නොවන වායු රයිෆලයක්ද පොලිස් භාරයට ගත්බව වැටලීමට එක්වූ නිලධාරියෙක් පැවසීය.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීම නියමිතය ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *