වෑන් රථය බලෙන් පැහැරගත් කල්බදු සමාගමට නියෝගයක්

වෑන් රථය බලෙන් පැහැරගත් කල්බදු සමාගමට නියෝගයක්


වෑන් රථය බලෙන් පැහැරගත් කල්බදු සමාගමට නියෝගයක්

(18.09.2025 – 20:51 +0530 – sinhala.adaderana.lk)

කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ලීසිං සමාගමක් විසින් පැහැරගත් වෑන් රථයක් යළි එහි ලියාපදිංචි හිමිකරුටම ලබාදෙන්නැයි අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියෝග කළේය.

අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය මගින් වැඩිදුරටත් සඳහන් කළේ, කල්බදු ගෙවීම පැහැරහැර ඇති අවස්ථාවක වුවත් වාහනයක් පැහැර ගැනීමට කල්බදු සමාගමකට කිසිඳු නීතිමය බලයක් නොමැති බවය.

ඉකුත් අගෝස්තු මාසයේදී නිට්ටඹුව පල්ලේවෙල ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් මාර්ගය හරස්කර එහි ගමන් කරමින් තිබූ වෑන් රථයක් නවතා එය පැහැර ගැනීමකට ලක්කර තිබුණි.

එහිදී එම පිරිස වාහනයේ හිමිකරුට දන්වා තිබුණේ ඔවුන් ලීසින් ආයතනයක සේවය කරන බවත් කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් වෑන් රථය ගෙන යන බවත් ය.

පසුව වාහනයේ හිමිකරු අත්තනගල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු ගොනු කළේ අදාළ ලීසිං සමාගම බලහත්කාරයෙන් සිය වාහනය පැහැරගත් බවට චෝදනා කරමිනි.

මෙම නඩුව විභාගයට ගැනීමෙන් පසු වාහනය පැහැරගත් පුද්ගලයින් දෙදෙනෙකු (2) බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය එහිදී නියෝග කර තිබුණි.

මෙවන් පසුබිමක නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව නැවත වතාවක් ඊයේ (17) කැඳවූ අතර එහිදී අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේ වාහනය එහි ලියාපදිංචි අයිතිකරු වෙත මුදාහරින ලෙසය.

මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, කිසිඳු කල්බදු සමාගමකට කල්බද වාරික නොගෙවූ පසුබිමක පවා රථවාහන පැහැරගෙන යා නොහැකි බවය.

එසේම යම් පුද්ගලයෙක් කල්බදු වාරික ගෙවීම පැහැර හරින්නේ නම් ඒ පිළිබඳව දිසා අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළේය.

කල්බදු වාරික ගෙවීම සිදුනොවන අවස්ථාවලදී ලීසිං සමාගම් සිදුකරනු ලබන්නේ, වාහන පැහැරගෙන යාමයි.

ඒ සඳහා ඔවුන් විවිධ කණ්ඩායම්වලට කොන්ත්‍රාත් ලබාදෙන අතර ඇතැම් අවස්ථාවලදී පහරදීම් පවා වාර්තා වේ.

පසුගිය වසරේ කෝට්ටේ ප්‍රදේශයේදී කල්බදු ගෙවීම් අතපසු වූ ත්‍රීරෝද රථයක හිමිකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පැහැරගෙන ගොස් පහරදීම මතභේදාත්මත තත්ත්වයක් නිර්මාණය කෙරිණි.

කෙසේ වෙතත්, කල්බදු මූල්‍යකරණ පනත ප්‍රකාරව කල්බදු ලබාගත් අය දිගින් දිගටම අදාළ වාරික ගෙවීම පැහැරහැර තිබුණත් ලීසිං ආයතනයකට එකවර එම වාහනය අත්පත්කර ගැනීමට නීතිමය අවසරයක් හිමි වන්නේ නැත.

එවන් අවස්ථාවක පළමුව, ලීසිං වාරික ගෙවීම පැහැරහරින්නන් වෙත අදාළ ආයතනයෙන් ගෙවීමට ඇති හිඟ මුදල සම්බන්ධයෙන් දැනුම්දීම් කළ යුතු වේ.

එසේ දැන්වීම් කළ පසුත් වාරික ගෙවීම පැහැරහරින්නේ නම්, දෙපාර්ශවය අතර ඇතිකර ගත් එම කල්බදු ගිවිසුම අහෝසි කිරීම සඳහා, දැන්වීම් පළකර දිසා අධිකරණය වෙත කරුණු වාර්තා කළ යුතුය.

අනතුරුව වාහනය ලබාගැනීම සම්බන්ධයෙන් අතුරු නියෝග ලබාගැනීම හා නීති කෘත්‍ය පවත්වාගෙන යාම ආදී සියල්ල අධිකරණ නියෝග ප්‍රකාරව සිදුකළ යුතුවේ.

+


විදේශිකයන් දෙදෙනෙක් (2) වාද්දුව ටවුමේ ලොරියක් කොල්ලකාලා

(18.09.2025 – hirunews.lk)

මුදල් මාරු කිරීමේ මුවාවෙන් පැමිණ වාද්දුව නගරයේ නවතා තිබූ ලොරි රථයකින් රුපියල් ලක්ෂයකට (100,000)අධික මුදලක් පැහැරගෙන ගිය විදේශිකයන් දෙදෙනකු (2) සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව වාද්දුව පොලිසිය පවසවා.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රිය සහායකයා විසින් වාද්දුවට පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ගෑස් පැට වූ ලොරි රථය ඊයේ (17) වාද්දුව නගරයේ හෝටලයටක් අසල නවතා තිබිය දී මුදල් මාරු කරන මුවාවෙන් ලොරිය අසලට පැමිණි විදේශිකයන් දෙදෙනකු (2) මුදල් පැහැර ගෙන ගිය බවද පැමිණිල්ලේ දැක්වෙනවා ෴


‘අලි රොෂාන්’ට බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම්

(19.09.2025 – hirunews.lk)

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට (2) වරදකරු කරනු ලැබූ ‘සමරප්පුලිගේ නිරාජ් රොෂාන්’ හෙවත් ‘අලි රොෂාන්’ නමැත්තාට බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කෙරුණා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206 ක දඩයක්ද නියම කෙරුණා.

ඊට අමතරව අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියම කෙරුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මංජුල තිලකරත්න, ආර්.එස්.එස්. සපූවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු (3) නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළා ෴

sinhala.adaderana.lk :

ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206 ක දඩයක්ද නියම කෙරුණි.

ඊට අමතරව අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියම කළේය.

+


විදුලි සේවකයින් අදත් (19) අකුරට වැඩ

(19.09.2025 – hirunews.lk)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (19) දිනයේත් ක්‍රියාත්මකයි.

ලබන 21 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා එය ක්‍රියාත්මක කිරීමටයි වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.

එදින සිට ලබන 24 දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කෙරෙන බව විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පී සංගමයේ සභාපති කෝසල අබේසිංහ සදහන් කළා.

මේ වන විට විදුලි සේවකයින් සියලු‍ බාහිර ක්‍රියාකාරකම්වලින් ද ඉවත්ව ඇති අතර ඒ අනුව විදුලිය බිඳ වැටීම් යාවත්කාලීන කිරීම සහ බිල්පත් ගෙවීම් ආදී සේවා රාජකාරී කාලසීමාවේ පමණයි සිදුවන්නේ.

වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත විදුලි සේවකයින් ඊයේ (18) දහවල් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් ද සංවිධානය කර තිබුණා.

මේ හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටින් දිවෙන මාර්ගයේ ලේක්හවුස් වටරවුම දෙසට ගමන් ගන්නා මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගත්තා ෴


විදේශ රැකියා පැමිණිලි සඳහා විශේෂ පොලිස් විමර්ශන ඒකකයක්

(19.09.2025 – hirunews.lk)

විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ‘ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ’ දී ඊයේ (18) ආරම්භ කළා.

මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කොට තිබෙනවා.

විදේශ රැකියා වංචාවන් වැලැක්විම හා පැමිණිලි සඳහා කඩිනමින් විසඳුම් ලබා දී ඔවුනට සහන සැලසීමේ අරමුණින් මෙම ඒකකය පිහිටවු බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍ර සඳහන් කළා.

“පසුගිය කාලවකවානු තුළ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව වැඩි වී තියෙනවා. මෙයට මූලික හේතුව වංචනික විදේශ රැකියා ඒජන්සිකරුවන්ගේ උපක්‍රමශීලීත්වය. ඇතැම් කණඩායම් කාර්යාංශයේ ලියාපදිංචි නොවු ඒජන්සි ආයතන විදියට වංචා කරනවා. තව සුලු පිරිසක් කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සි විදියට වංචා කරනවා” යනුවෙන් ඔහු පවසා සිටියා.

පසුගිය කාල වකවානු තුළ සමහර දේශපාලඥයින් නිසා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නම විනාශ වුන නිසා ජනතාවට ඒ පිළිබද විශ්වාසය නැතිවු බවත් වර්තමානයේ එම තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා පවසනවා.

පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන අයට සාර්ථක හා කඩිනමින් විසදම් ලබා දිම මෙහි ප්‍රධාන කාර්ය වන බව ඔහු පවසන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත සංශෝධන කිරිමට හෝ අවශ්‍යනම් නව පනතක් ලෙස හෝ ගෙන විදේශ රැකියා ක්ෂේත්‍රෙය් නියාමනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී බී.එම්.ටී.බස්නායක, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායකයන මහත්වරුවන් ඇතුළු පිරිසක් එක්වි සිටියා ෴


කුඩුත් එක්ක මාට්ටු වුණු ‘අලව්වේ කුඩු සාදු’ මෙන්න : මිනුවන්ගොඩ ‘නේවි දිනේෂ්’ගේ කුඩු ජාවාරමට කෙළින්ම හවුල් වෙලා (19.09.2025)

+


“ආණ්ඩුව කරගන්ඩ බැරිවෙනකොට, ජෙප්පො දැන් තර්ජන කරනවා…” (19.09.2025)

+


කෝටිපති වසන්ත මෙච්චරකල් බදු ගෙවලා නෑ – සජබය අලුත් හෙළිදරව්වක් කරයි (19.09.2025)

+


ආණ්ඩුවේ සැර ගැහිලි ඔක්කෝම එළියට – ආනන්ද පාලිත සාක්ෂිත් එක්ක මාධ්‍ය හමුවට (19.09.2025)

+


“මැරෙන එක, මරන එක අපට හුරු දෙයක්…” – අපේ ඉතිහාසේ දිහා බලපං (19.09.2025)

+++

+++

+


බොරු වපුරමින් කාවද මේ රවට්ටන්නේ? (19.09.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *