‘බැකෝ සමන්’ගේ ගෝලයෙකු T-81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට

‘බැකෝ සමන්’ගේ ගෝලයෙකු T-81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට


‘බැකෝ සමන්’ගේ ගෝලයෙකු T-81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට

(13.09.2025 – hirunews.lk)

බස්නාහිර උතුර අපරාධ කොට්ඨසය භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ ගෝලයෙකු ටී-81 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඇඹිලිපිටිය, ගගේයාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩගුවට ගත් බවයි.

එහිදී සැකකරු සතුව තිබී ටී-56 ගිනි අවි සඳහා භාවිත කරන මැගසින් දෙකක් (2), ඊට යොදන පතොරම් 97 ක්, යුද හමුදා ඇඳුමට සමාන නිල ඇදුමක් ද බස්නාහිර උතුර අපරාධ කොට්ඨසය භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

+


පද්මෙත් සමඟ හාද ගම්පහ එස්.අයි. මාට්ටු : මනම්පේරි පද්මෙගේ ආයුධ හා මත්කුඩු ජාලයේ ලොක්කෙක් : හිටපු ජනපති මහින්දගේ ආරක්ෂකයකු ලෙසත් වැඩ කරලා

(12.09.2025 – divaina.lk)

අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ‘සම්පත් මනම්පේරි’ නමැත්තා ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කිරීමේ සැලසුමේ ප්‍රධානියකු ලෙස කටයුතු කිරීමට අමතරව ඔහුගේ අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාලයේ ප්‍රධානියකු ලෙස ද කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

‘මනම්පේරි’ නමැති සැකකරුට අයත් ඉඩම් කීපයක වළ දමා තිබූ අත්බෝම්බ ඇතුළු අවි ආයුධ කීපයක්ම මීට පෙර ගොඩගෙන තිබූ අතර ඒවා පාතාල කල්ලිවලට අයත් ඒවා බවට සැක කෙරේ.

ප්‍රභූ ආරක්ෂයකු ලෙස කලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ සේවය කර ඇති ‘මනම්පේරි’ නමැත්තා එවකට රටේ සිදුවූ ආන්දෝලනාත්මක මිනිස් ඝාතන කීපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෙකි.

ප්‍රකට දේශපාලනඥයකු වූ ‘නඩරාජා රවිරාජ්’ වෙඩි තබා ඝාතනය කිරීම, පිටකොටුවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වූ ‘ස්කන්ධරාජා’ කප්පම් ලබා ගැනීමට පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසු මරා දැමීම සම්බන්ධයෙන් ද ‘මනම්පේරි’ට චෝදනා එල්ලවී තිබිණි.

මේ වනවිට අතුරුදන්ව සිටින මෙම සැකකරු සොයා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර ඔහු පදිංචි ස්ථාන යන එන තැන් ඇතුළු ඇසුරු කරන පුද්ගලයන්ගේ නිවාස ද මේ වනවිට දැඩි පරීක්ෂාවට ලක්කර ඇත.

මේ අතර ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (10දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ සතුව තිබී සොයා ගත් ජංගම දුරකථන මාර්ගයෙන් සිදුකරන විමර්ශනවලින් පසුව මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබූ ලියාපදිංචි නොකළ ‘වෙසෙල්’ වර්ගයේ ජීප් රථයක් සහ ජීව උණ්ඩ තොගයක් ද පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

හේමන්ත රන්දුණු


රටම දන්න පොලිස් ලොක්කෙක්ට එරෙහිව අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ල (12.09.2025)

+


බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

(13.09.2025 – 13:07 +0530 – sinhala.adaderana.lk)

බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව නෛතික ප්‍රතිපාදන තුළ අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් කළේ 2023 වසරේ ජුනි මස 02වන දිනැතිව නිකුත් කරන ලද අදාල චක්‍ර ලේඛය මේ මස 09 වන දින සිට බලපැවෙත්වෙන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවය.

බස් රථ අලංකරණය සදහා අවසර ලබා දෙන ලෙස විවිධ පාර්ශ්ව වලින් ලද ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් බස් රථවල සැරසිලි හා උපාංග සවිකිරීමට අදාළව කොන්දේසි කිහිපයකට යටත්ව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබුණි ෴


හොර ජීප් රථ දෙකක් (2) ළඟ තබාගැනීමේ චෝදනාව මත වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ඔහුගේ හිතවතෙකු අත්අඩංගුවට

(13.09.2025 – hirunews.lk)

නීතිවිරෝධීව ආනයනය කර ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ බව කියන සුඛෝපභෝගී ජීප් රථ දෙකක් (2) ළඟ තබාගැනීමේ චෝදනාව මත වත්තේගම නගර සභාවේ හිටපු සභාපති ‘රවින්ද්‍ර බණ්ඩාර’ සහ ඔහුගේ හිතවතෙකු බව කියන ‘ලක්ෂිත මනෝජ්’ නැමැත්තා කොළඹ මධ්‍යම විමර්ශන අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (12) අත්අඩංගුවට ගත් මොවුන් වැඩිදුර විමර්ශන සඳහා මැණික්හින්න පොලිසිය වෙත භාරදී ඇති බවයි.

රවීන්ද්‍ර බණ්ඩාර නමැත්තා 58 හැවිරිදි වියේ පසුවන අතර ලක්ෂිත මනෝජ් 38 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය සඳහන් කළේ ෴


මොරටුව කැළඹු බස් රථ අනතුර – බස් එක පැදලා තියෙන්නේ අවුරුදු 21 කොන්දොස්තර (13.09.2025)

+


කෙහෙළියගේ පුත් රමිත් මාස 21 කට රුපියල් කෝටි 27 ක වත්කම් උපයලා

(13.09.2025 – 12:44 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය ‘කෙහෙලිය රඹුක්වැල්ල’ ගේ පුත් ‘රමිත් රඹුක්වැල්ල’ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (12) අධිචෝදනා ගොනු කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍යය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මාස 21 ක කාලයක් තුළ ‘රමිත් රඹුක්වැල්ල’ රුපියල් කෝටි 27 කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගෙන ඇතත්, උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධිචෝදනා කර ඇත.

එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වත්කම් අතර සුඛෝපභෝගි නිවාස, ජීප් රථ ඇතුළු වත්කම් රැසක් පවතින බව වාර්තා වේ.

‘කෙහෙළිය රඹුක්වැල්ල’ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේදී ‘රමිත්’ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබුණි.

එම ධුරයේ කටයුතු කරන අතරතුර 2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා මාස 21 ක කාලසීමාව තුළ ඔහු රුපියල් 296,566,444.76 ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඇත.

ඉන් රුපියල් 275,302,616.06 ක වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට ‘රමිත් රඹුක්වැල්ල’ අපොහොසත් වී තිබේ.

අල්ලස් කොමිසම දූෂණ විරෝධී පනත යටතේ අධිචෝදනා ගොනු කර ඇත්තේ ඒ අනුවය.

තවද එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වූ වත්කම් අතර, කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 8 ක් සහ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක් (6,50,00,000) වටිනා නිවාස දෙකක් ඇත.

එමෙන්ම ‘රමිත්’ගේ නමින් තිබෙන බැංකු ගිණුම් 4 ක්, ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් 4 ක්, රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට (1,80,00,000) අධික වටිනාකමකින් යුත් Discovery Jeep රථයක් ඇතුළු වත්කම් රැසක් පවතින බව වාර්තා වේ.

එසේම විත්තිකරුගේ හා බිරිඳගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇතැයිද අල්ලස් කොමිසම අනාවරණ කරගෙන තිබේ.

+


‘පාස්කු’ වගේම ‘අයිස්’ ගැනත් තොරතුරු කලින්ම ආවා. රවී සෙනවිරත්න තොරතුරු උඩ නිදියපු හැටි මෙන්න (13.09.2025)

+


හිටපු දියවඩන නිලමේට හිටි හැටියේම නොසිතූ චෝදනාවක් එල්ල වෙයි | ඡන්ද ගන්න දැන් කරන්න යන වැඩේ මෙන්න (13.09.2025)

+


ඇල්ල බස් අනතුරෙන් ඊයේ (12) මියගිය තරුණියගේ දේහයත් ජනාසා සමිතියෙන් තංගල්ලට

(13.09.2025 – hirunews.lk)

ඇල්ල වැල්ලවාය මාරක බස් රථ අනතුරින් තුවාල ලබා රෝහල්ගතව සිට ඊයේ (12) මරණයට පත්වූ තංගල්ල නගර සභාවේ පරිගණක ක්‍රියාකාරිනියගේ මෘත දේහය ‘බදුල්ලේ ජනාසා මරණාධාර සමිතිය’ මගින් බදුල්ල සිට තංගල්ල නගරයට ප්‍රවාහනය කරනු ලැබුවා.

තංගල්ල බෙලිඅත්ත පාර පදිංචි ව සිටි තංගල්ල නගර සභාවේ පරිගණක ක්‍රියාකාරිනියක ලෙස සේවය කරමින් සිටි නාලනි ගමගේ (43) නමැති අවිවාහක තරුණියක මෙසේ බදුල්ල ශික්ශණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (12) පස්වරුවේ මියගියා.

බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ආනන්ද මොරේ අද (13) බදුල්ල ශික්ශණ රෝහලට ගොස් මෙම මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා.

සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල ශික්ශණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ඩබ්ලිව්.එම්.කේ.බී. විජේතුංග සිදු කළ අතර මෙය රිය අනතුරක් හේතුවෙන් හිසට සිදුවු බරපතල තුවාල නිසාවෙන් සිදුවු මරණයක් බවට එහිදී අනාවරණය කෙරුණා.

මෙම බස් රථ අනතුරින් මියගිය 15 දෙනාගේ මෘත දේහයන් බදුල්ල මුස්ලිම් ජනතාව ජනාසා මරණාධාර සමිතිය මගින් නොමිලේ බදුල්ල සිට තංගල්ලට ඉකුත් (05) වැනිදා රාත්‍රී ප්‍රවාහනය කර දුන්නා.

හදිසි විපතකදී රටේ සියලුම ජනතාවට ජාති, ආගම් පක්ෂ භේදයකින් තොරව පිහිටවෙමින් උදව් කිරිමේ අරමුණින් මෙසේ ජනාසා මරණාධාර සමිතිය මගින් මෘත දේහයන් නොමිලේ ප්‍රවාහනය කර දුන් බවත්, එම අනතුරින් මිය ගිය 16 වන අයගේ මෘත දේහය ත් අද මෙසේ බදුල්ල ජුම්මා මහ පල්ලියේ සහ වැලිමඩ ජුම්මා පල්ලි යේ සහයෝගය මත බදුල්ල සිට තංගල්ල ට නොම්ලේ ප්‍රවාහනය කර දුන් බව බදුල්ල දිස්ත්‍රික් ජනාසා මරණාධාර සමිතියේ සංවිධායක සහ බදුල්ල ශික්ශණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එම්.එස්.එම්.ෆයිසාල් මහතා සඳහන් කළා.

තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් පවුලේ උදවිය සමඟ නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 04 වන දින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී එම බස් රථය අඩි දහසක (1000) පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් මෙම මාරක රිය අනතුර සිදුවුණා.

එම අනතුරින් එදිනම තංගල්ල නගර සභාවේ ලේකම්වරයා කාර්ය මංඩලය, බස් රථ රියැදුරු ඇතුලු 16 ක් මියගිය අතර 18 ක් තුවාල ලැබුවා.

එම තුවාලකරුවන් තවත් තිදෙනෙකු අද (13) වන විටත් බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇල්ල පොලිසිය පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *