ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්තේ වෙඩිතැබීම් 02 ක් : 1 ක් මියයයි, 1 ක් රෝහලේ
ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්තේ වෙඩිතැබීම් 02 ක් : 1 ක් මියයයි, 1 ක් රෝහලේ
(06.09.2025 – 06:19 +0530 – sinhala.adaderana.lk)
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී 11:45 ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙක් (1) මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කර සිටියේ මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපල කරයි.
+
මේ අතර මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (06) අලුයම 01:40 ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන් ෴
+
මීගමුවේ වෙඩිතැබීමක්
(06.09.2025 – 09:25 +0530 – sinhala.adaderana.lk)
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් අද (06) අලුයම 01:38 ට පමණ මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා පලාගොස් තිබේ.
කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව සඳහන්.
මුදල් ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි ෴
+++
+++
+++
+++
පානදුර අලුබෝමුල්ලේ වෙඩිතැබීමක්
(06.09.2025 – 10:23 +0530 – sinhala.adaderana.lk)
පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (06) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) පැමිණ මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත.
වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් එහි සිට ඇත.
ඇය වෙඩි ප්‍රහාරයෙන් බේරී පලායාමේ දී වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකට වෙඩි වැදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසියට විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඊට අමතරව පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ ද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
+++
+
මිද්දෙණියෙන් හමුවූ පද්මෙගෙ බඩු අද (06) ගොඩගනී
(06.09.2025 – hirunews.lk)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන දැනට රැදවුම් නියෝග මත සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ට අයත් නුවරඑළියේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනාගාරය සඳහා රැගෙන ආ බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගය මිද්දෙණිය ප්‍රදේශයේ වළදමා ඇති ඉඩම රජයේ රස පරීක්ෂකවරයා අද (06) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ගොඩගැනීමට නියමිතයි.
‘කෙහෙල්බද්දර පද්මේ’ සමග අත්අඩංගුවට ගත් ‘බැකෝ සමන්’ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත මිද්දෙණිය – ඇඹිලිපිටිය මාර්ගයේ නිවසක ඉඩමක තිබී එම රසායනික ද්‍රව්‍ය ගෙන්වු බව කියන බහාලුම් දෙකක් (2) ඒ අනුව සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා.

එම බහාලුම් දෙකෙහි (2) කිලෝග්‍රෑම් 50,000 කට පමණ අධික රසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර ඒ අනුව එම ස්ථානයේ ඇති රසායනික ද්‍රව්‍ය සොයා කැනීම් ආරම්භ කෙරුණා.
එහිදී හුණුගල්වලට සමාන රසායනික ද්‍රව්‍ය මතු කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වුණා.
එම රසායනික ද්‍රව්‍ය රැගත් බහාලුම් දෙක මේ වසරේ ජනවාරි මස 27 වැනිදා වරායෙන් මෙරටට ගෙන්වා තිබෙන බවට අනාවරණ වී තිබෙනවා.
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු විසින් එම රසායනික ද්‍රව්‍ය තොගය මිද්දෙණිය ප්‍රදේශයට ගෙනවිත් තිබෙන බවයි විමර්ශනය නිලධාරීන් සදහන් කළේ.
‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘පානදුරේ කුඩු නිලංග’ විසින් එම ද්‍රව්‍ය මෙරටට එවීම සදහා මුදල් වියදම් කර ඇති බවට සැකකරන අතර එම තොගය මිද්දෙණිය ප්‍රදේශයට යවා ඇත්තේ ‘බැකෝ සමන්’ගේ සැලසුමකට අනුව බවද ඔවුන් ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් ‘බැකෝ සමන්’ තොරතුරු අනාවරණ කිරිමෙන් පසු ඔහු සමඟ පොලිස් නිලධාරීන් මිද්දෙණියට ගොස් තිබූ අතර එහීදී හිටපු මන්ත්‍රීවරයාගේ සහෝදරයාගේ නිවසට ද ගොස් තිබෙනවා.
මෙම කන්ටේනර් දෙකෙහි (2) ඇති ද්‍රව්‍ය තොගය අදාළ ඉඩමට රැගෙනවිත් සූක්ෂම ලෙස වළ දමා තිබූ අතර ඊයේ (05) එම ස්ථානය කොන්ක්‍රිට් දමා වසා දැමීමට සැලසුම් කර තිබුණා.
සිද්ධියට සම්බන්ධ චෝදනා එල්ල වන පුද්ගලයා හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු වශයෙන් ද කටයුතු කර ඇති බවත්, ඔහු කලක සිට ‘බැකෝ සමන්’ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධව ද කටයුතු කර ඇති බවටත් විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබෙනවා.
ඊයේ (05) වළදමා තිබූ රසානායනික ද්‍රව්‍ය තොගය අන්තරායකර ඖෂධ පාලන අධිකාරීයේ නිලධාරීන් ද පැමිණ පරික්ෂාවට ලක් කළා.
එම නිලධාරීන් එම රසායනික ද්‍රව්‍යවල සාම්පල ද විමර්ශන සඳහා ලබාගෙන තිබෙනවා.
‘අයිස් මත්ද්‍රව්‍ය’ සෑදීමට ගන්නා එම රසායනික ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 200 කට අධික වන අතර එම රසායනික ද්‍රව්‍ය තොගය යොදා ගනිමින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 – 300 ක් පමණ නිෂ්පාදනය කළ හැකියි ෴
+++
රාජපක්ෂලාගේ දකුණේ කුඩු ෆැක්ටරිය කුඩේ කුඩු (06.09.2025)
+++
මිද්දෙනියෙන් ගොඩගත් කන්ටේනර් වරායෙන් පන්නා ඇත්තේ රතු ලේබල් කන්ටේනර් 323 පිටකල කාලයේ …
(06.09.2025 – 09:20 +0530 – lankacnews.com)
හිටපු පොදුජන පෙරමුණු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට අයත් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබී ගොඩගන්නා ලද ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැක කරන රසායන ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇති දිනව බව පැවසෙව පසුගිය ජනවාරි මාසයේ මෙරට රේගු තදබදයක් තිබූ කාලය බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා අනුව අදාල රසායන ද්‍රව්‍ය තොග රැගත් කන්ටේනර් රේගුවෙන් නිදහස් කර ඇත්තේ පසුගිය ජනවාරි 27 වෙනිදා බවද හෙතෙම කියා සිටියි.
එම කාලය තුළ රේගු තදබදය මගහැරීමට රතු ලේබල් සහිත බහාලුම් තොගයක් නිදහස් කළ කාලය බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම එම කාලයේදී මෙරට ලුණු ආනයනය කර තිබූ බවත් ලුණු සහ මෙම රසායන ද්‍රව්‍ය පෙනුමෙන් එක සමාන බවත් ඔහු කියා සිටී.
ඒ අනුව මෙම සිදුවීම් අතර සම්බන්ධයක් ඇති දැයි විමර්ශකයන් අවධානය යොමු කළ යුතු බවද හෙතෙම කියා සිටී.
සිය සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
+
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (06) දෙවන (2) දිනටත්
(06.09.2025 – 08:25 +0530 – sinhala.adaderana.lk)
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට (4) වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (6) දෙවන (2) දිනටත් ක්‍රියාත්මක වේ.
එම මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පවසා සිටියේ, ස්වේච්ඡා වන්දි යෝජනා ක්‍රමයක් සඳහා ද කිසිඳු සේවකයෙකු එකඟ වී නොමැති බවය.
“අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 15 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පළමු (1) අදියර යටතේ ක්‍රියාත්මකයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරණයේ දී වත්මන් ආණ්ඩුව වගකීම් විරහිතව වැඩකිරීමේ ක්‍රියාමාර්ගය නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුනේ.
පසුගියදා ඇමතිවරයා එක්කත් සාකච්ඡාකළා. එහිදී සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණේ නෑ” යනුවෙන් පැවසීය ෴
චීන සමුළුව ජනපති මග හැරියේ බාහිර බලපෑමක් නිසාද? මුජිබුර් ආණ්ඩුව පතුරු ගහයි (05.09.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴