ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක නිල වෙබ්අඩවිය කොපිකර රුපියල් කෝටි 600 කට විදලා

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක නිල වෙබ්අඩවිය කොපිකර රුපියල් කෝටි 600 කට විදලා


ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක නිල වෙබ්අඩවිය කොපිකර රුපියල් කෝටි 600 කට විදලා

(05.09.2025 – hirunews.lk)

මෙරට පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමානව සකසන ලද ව්‍යාජ වෙබ් අඩවි ගණනාවක් මගින් රුපියල් කෝටි 600 කට අධික මුදලක් ගනුදෙනුකරුවන්ගෙන් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනයි.

ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමානව තවත් වෙබ් අඩවි සකස් කර පුද්ගලයන් රවටමින් මෙම මහා පරිමාණ මුදල් වංචාව සිදු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා.

සංවිධානාත්මක සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් අදාළ පුද්ගලික බැංකුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවි සකස් කරමින් එම බැංකුවේ පාරිභෝගිකයන්ගේ රුපියල් කෝටි ගණනක මෙම මුදල වංචා කර ඇත්දැයි ද විමර්ශකයින් අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය කඩිනම් කර අධිකරණයට කරුණු දක්වන ලෙසත් සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්ය ෴


ආචාර්යවරු හා යටිතල පහසුකම් මදි කියා සරසවි පීඨ වහන සැලසුමක් !

(05.09.2025 – hirunews.lk)

ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවීම, යටිතල පහසුකම් නොමැති වීම වැනි කරුණු කාරණා පෙන්වාදෙමින් ඇතැම් විශ්ව විද්‍යාල පීඨ වසා දැමීමට වත්මන් රජය සාකච්ඡා පවත්වා ඇතැයි තොරතුරු අනාවරණය වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මෙතෙක් කාලයක මෙවැනි ක්‍රියාවක් කිසිදු රජයක් කටයුතු කර නොමැති පසුබිමක මවැනි සාකච්ඡාවන් පැවැත්වීමට බරපතල තත්ත්වයක් යැයිද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසා සිටිනවා.

ආචාර්යවරුන්ගේ දැඩි හිගයක් විශ්ව විද්‍යාලය තුල නිර්මාණය වී ඇති බැවින් අවශ්‍ය මානව සම්පත් බඳවා ගැනීමට කටයුතු කර අවශ්‍ය යටිතල පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කරනවා වෙනුවට විශ්ව විද්‍යාල වසා දැමීමට සාකච්ඡා පැවැත්විම නොවිය යුත්තක් යැයිද හෙතෙම පෙන්වාදේ.

කෙසේ නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාලයන් සහ පීඨයන් වසා දැමීමට රජය කටයුතු කළහොත් කොන්දේසි විරහිතව විරෝධය පළ කරන බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසා සිටිනවා ෴


කමාන්ඩෝ බලකායේ සහායෙන් ඇල්ල අනතුරේ පිරිස් බේරාගත්තා – යුද හමුදාව

(05.09.2025 – hirunews.lk)

ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල මවුන්ට් 07 හෝටලය අසල ප්‍රපාතයට පෙරළුනු බස් රථයේ සිටි පිරිස් බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් යොදවා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි වහා ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා සාමාජිකයින් අනතුරට පත් පුද්ගලයින් මුදාගැනීමේ මෙම මෙහෙයුම් සඳහා සහභාගී වු බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

විජයබා පාබල රෙජිමේන්තුව, ගැමුණු හේවා බලඇණිය හා කමාන්ඩෝ රෙජිමේන්තුව ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් මෙම හදිසි මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ඊයේ (04) රාත්‍රී සිට මේ දක්වා අනුයුක්ත කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මෙම බස් රථය ප්‍රපාතයෙන් පහළටම ගොස් නතරවී තිබෙන අතර කිලෝමීටර් භාගයක (½) සිට අනතුරට පත් පුද්ගලයන් ඉහළට රැගෙන ඒම ඉතා අසීරු කාර්යයක් වූ බවත්, යුද්ධ හමුදා කමාන්ඩෝ රැෆලින් කණ්ඩායම ඇතුළත් මුදාගැනීමේ සාමාජිකයින්ගේ ආධාරයෙන් එම පිරිස මුදා ගැනීමට කටයුතු සිදුකළ බවත් යුද හමුදාව පවසනවා. අනතුරුව තුවාලකරුවන් බදුල්ල, බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල් වෙත ගිලන් රථ මගින් යොමු කිරීමට කටයුතු කළ බවද යුද හමුදව සඳහන් කරනවා ෴

ඇල්ල ප්‍රදේශයේදී ඊයේ(04) සිදු වූ බිහිසුණු බස් අනතුර සම්බන්ධයෙන් මේ වනවිට රෝහල් ගතකර සිටින බස් රථයේ සිටි රිය සහායක සිය අදහස් දක්වා සිටියා. එහිදී ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක් :

“මම අයියත් එක්ක රිය සහායක විදිහට ආවේ. මඟදි කොහොම හරි බ්‍රේක් නෑ කිව්වා. පහළට ගියා. මටත් එච්චර මතකයක් නෑ. බස් එක වැදිලා එහෙම්මම වැටුණා. කට්ටිය කතා කරන සද්දෙට තමයි මට ඇහැරුනේ. බ්‍රේක් නැති නිසා බස් එක නතරකර ගන්න බැරිවුණා” ෴

ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල අසල ප්‍රපාතයට පෙරළීමෙන් සිදුවූ බස් අනතුරින් විපතට පත් පිරිස් බේරාගැනීම සදහා ගොස් සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල්වරයකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්ත් ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ‍විශේෂ බලකායේ කෝප්‍රල් බණ්ඩාර ය.

ඔහු ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, නිවාඩු ලබා නිවෙසට ගොස් සිටියදී මෙම අනතුර වූ ස්ථානයට ගොස් ඇති බවත්, එහිදී අනතුරට පත් පිරිස් බේරා ගැනීමේදී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වෙනවා.

‍මෙම බස්රථය අඩි 1000 කට වැඩි ප්‍රපාතයකට පෙරළී ඇති අතර, ප්‍රදේශවාසීන් සමඟ මෙම ‍කෝප්‍රල්වරයාද පිරිස් බේරා ගැනීම සඳහා පහළට බැස ඇති බවත් එහිදී ඔහුගේ මුහණට ගලක් පෙරලී ඇති බවත් පැවසෙනවා.

මේ වන විට ඔහු බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා ෴

+++

+++

එකම මළගෙයක් වූ දියතලාව රෝහලේ මරණ පරීක්ෂණ සිදු වූ ආකාරය (05.09.2025)

+++

ඛේදවාචකයකින් අවසන් වූ ඇල්ලේ බස් අනතුරේ නොදුටු දසුන් – කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 15 කට දිවි අහිමි වෙයි (05.09.2025)

+


දියවඩන නිලමේට විරුද්ධව කොළඹ උණුසුම්CID පැමිණිලි, මාධ්‍ය සාකච්ඡා රැසක් එක දිගට (05.09.2025)

+++

දළදා මාලිගාවේ දියවඩන නිලමේ දූෂිතයෙක් ?? – සිවිල් ක්‍රියාකාරීන් අනාවරණය කරයි (05.09.2025)

+


රංජන් ඉන්දියාවේ දූපත් ගැන කිව්වොත් මෝදි දූපතට දුවගෙන යන්නේ නෑ | අනුරට විමල්ගෙන් නොසිතූ ප්‍රහාරයක් (05.09.2025)

+++

ජිනීවා මර උගුල සූදානම්! 2009 සිට ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා මානව හිමිකම් යෝජනා ගැන සම්පූර්ණ කතාව (03.09.2025)

+


අජිත් වහාම මාධ්‍ය කැඳවයි ඇමති නලින්දට අවසන් නිවේදන දෙයි (05.09.2025)

+


ඉරාජ්ව සොයාගෙන මාරයා ගේ දොරකොඩටම ඇවිල්ලා | බයිතක්සලාව ඉරාජ්ගේ අවසානයද? | දයාසිරි කළ අළුත්ම හෙළිදරව්ව (05.09.2025)

+++

පැලවත්තට ආධාර දුන්න හැමෝගෙම නම් ළඟදීම එළියට දානවා | දයාසිරිගෙන් ඇස් උඩයන ප්‍රකාශයක් එළියට (05.09.2025)

+


මහින්ද ජයසිංහ ඉස්සරහා ඔලුව බිම පාගලා… වීඩියෝ මැකුවා – කිසිම මනුස්සකමක් නෑ… මේ විකෘතියෝ… (05.09.2025)

+


පොඩි මිනිහගේ වාහන සිහිනයට බඩේ පාර ?? ඇයි දෙයියනේ මේවා ගැන හිතන්නේ නැත්තේ (05.09.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *