ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බස් අනතුරින් දෙදෙනෙක් (2) මරුට
(04.09.2025 – 23:24 +0530 – sinhala.adaderana.lk)
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරින් මේ වනවිට දෙදෙනෙකු (2) මියගොස් තවත් 12 ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූවන් මේ වනවිට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් අප වාර්තාකරුවන් පැවසූවේ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.
+++
+++
+++
+++
+++
+++
+++
ඇල්ල ඛේදවාචකයේ අලුත්ම විස්තර මෙන්න මියගිය ගනන 15 දක්වා ඉහලට (05.09.2025)
+++
ඇල්ලේ සිද්ධ වූ මහා ඛේදවාචකයෙන් 15ක් මරුට- සිද්ධියේ ඇඟ කිලිපොලා යන දසුන් පෙළක් එලියට (05.09.2025)
+++
ඇල්ල අනතුරේ මගීන් බේරන්න ගිය දෙදෙනෙකුට (2) අත්වූ ඉරණම – මෙන්න සුන්බුන් වූ බස් රථයේ නොදුටු දසුන් එළියට (05.09.2025)
+++
ඇල්ල බස් අනතුරේ තවත් දහදෙනෙකුට (10) බරපතලයි : 15 ක් මියගොස් 16 කට තුවාල
(05.09.2025 – hirunews.lk)
ඇල්ලවැල්ලවාය රාවණා ඇල්ල අසල දී ඊයේ (04) රාත්‍රියේ සිදුවු බස්රථ අනතුරින් තුවාල ලැබූවන් අතර සිටින තවත් 10 දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතල බව බදුල්ල රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසනවා. තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් අත් පා අහිමි වී ඇති බවයි ඔහු අනාවරණය කළේ.
වෛද්‍ය පාලිත රාජපක්ෂ කියා සිටින්නේ තුවාල ලැබුවන් අතර කුඩා දරුවන් 08 දෙනෙක් සිටින අතර ඔවුන්ගේ තත්ත්වයවන් බරපතල නොවන බවයි.
අද (05) අලුයම 04:00 පමණ වන තෙක් තුවාලකරුවන් සහ මියගිය පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි හෙතෙම කියාසිටියේ.
සුන්බුන් අතර තවත් මළ සිරුරු තිබෙනු ඇතැයි සැක පළ කරන බවද වෛද්‍යවරයා පැවසුවා.
අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දැඩිසත්කාර ඒකකය තුල ප්‍රතිකාර ලබන පිරිස තවමත් නිවැරදිව කිව නොහැකි බවත් දහවල් වන විට එය නිවැරදිව සංඛ්‍යාව ප්‍රකාශ කළ හැකි බවත් වෛද්‍යවරයා පවසනවා.
කෙසේ නමුත් ඊයේ (04) රාත්‍රියේදී රාවණා ඇල්ල ප්‍රදේශයේ ප්‍රපාතයකට රෝහලේ වෛද්‍යවරුන්, හමුදා නිලධාරින් සහ ප්‍රදේශවාසීන් විශාල කඹ යොදා ගනිමින් ගමන් කර තුවාලකරුවන් බේරාගැනීමට කටයුතු කළා.
ඊයේ (04) දින රාත්‍රී 09:00 ට පමණ ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේදී වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ජිප් රථයක හා මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටෙහිද ගැටී අඩි 1000 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරට පත් බස් රථයේ රියදුරු සමඟ බස් රථයේ මගීන් 30 දෙනෙකු ගමන් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙම අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු මියගොස් තිබෙන බව ද පොලීසිය පැවසුවා.
තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 06 ක්, කාන්තාවන් 05 ක්, පිරිමි ළමුන් 03 ක් හා ගැහැණු ළමුන් 02 ක් ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
තවද බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහය වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර තිබුණා.
අනතුරට පත් පිරිස තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ නැවත ආපසු යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
මෘත ශරීර දියතලාව, බදුල්ල හා බණ්ඩාර වෙල රෝහල්වල මෘත ශරීරාගාර තුල තැන්පත් කර තිබෙනවා.
අනතුරට සම්බන්ධ ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
+++
+++
+++
+++
+++
+++
+++
Hiru TV Balaya Live | Episode 608 | 2025-09-04 | Hiru News
+
අනිද්දා (06) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09 ක ජල කප්පාදුවක්
(04.09.2025 – 16:57 +0530 – sinhala.adaderana.lk)
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (06) පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෙ.ව. 10:30 සිට ප.ව. 07:30 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ.
කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
එමෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත. තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශ කිහිපයකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴