ලංකා විදුලිබල මණ්ඩලය අද (04) මැදියම් රැයේ සිට අකුරට වැඩ

ලංකා විදුලිබල මණ්ඩලය අද (04) මැදියම් රැයේ සිට අකුරට වැඩ


ලංකා විදුලිබල මණ්ඩලය අද (04) මැදියම් රැයේ සිට අකුරට වැඩ

(04.09.2025 – hirunews.lk)

විදුලිබල සංශෝධන පනතෙහි ප්‍රතිපාදනයන් ද අනුකූල නොවන අයුරින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු කිරීමට එරෙහිව ඉංජිනේරුවන් ඇතුලු සියලු විදුලි සේවකයින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබෙනවා.

ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි කර සේවකයින්ගේ වෘත්තිය අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉදිරිපත් කර ඇති ඉලලීම් 24 ක් පදනම් කරගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට මණ්ඩලයේ සියලු වෘත්තිය සංගම තීරණය කර ඇති බවයි ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ කියා සිටියේ ෴


2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

(04.09.2025 – hirunews.lk)

2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා.

ඒ අනුව https://www.doenets.lk/examresults සබැදිය ඔස්සේ ඔබට ප්‍රතිඵල පරික්ෂා කරගත ගැකියි.

එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ.

මෙම වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත් වුණා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638 ක් සුදුසුකම් ලබා සිටි අතර දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලබා සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 76,313 ක්.

අනුව සම්පූර්ණ අයදුම්කරුවන් 307,951 ක් විභාගයට පෙනී සිටියා.

+++

+


මාලිගාවත්තේ වෙඩිල්ල ‘කුඩු සළිඳු’ගේ වැඩක් බවට සැකයක්

(03.09.2025 – hirunews.lk)

කොළඹ, මාලිගාවත්ත, ජුම්මා මස්ජිද් පාරේ පිහිටි වෙළෙඳසැලක් තුළ අද (03) සිදුවූ වෙඩි තැබීම ද පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීමත් සමග වසරේ මේ දක්වා සිදුවූ වෙඩි තැබීම් 92 දක්වා ඉහළ යන අතර ඉන් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 54 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කොළඹ මාලිගාවත්ත ජුම්මා මස්ජිද් පාරේ පිහිටි ත්‍රිරෝද අමතර කොටස් අලෙවිසැලක් තුළ අද මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) එම වෙඩි තැබීම සිදු කර තිබුණේ ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින්.

එහිදී අදාළ වෙළෙඳසැලේ සේවය කළ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ක තරුණයෙකු වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ අතර ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

වෙඩික්කරුවන් වෙඩි ප්‍රහාර දෙකක් (2) එල්ල කර ඇති අතර ඉන් එක් වෙඩිල්ලක් අදාළ තරුණයාගේ දකුණු උරහිසට වැදී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩික්කරුවන් පැමිණෙන ආකාරය සහ වෙඩි තබා ඉන් පිටව යන අයුරු සීසීටීවී කැමරාවල ද සටහන් වී තිබෙනවා.

ඒවායේ දැක්වෙන්නේ වෙඩික්කරුවන් ටී-56 ගිනි අවිය අතැතිව කිසිඳු චකිතයකින් සහ බියකින් තොරව වෙළඳසැලට ඇතුලු වී වෙඩි තබා පිටව යන අයුරුයි.

පොලිසිය සඳහන් කළේ තුවාල ලැබූ තරුණයා සේවය කළ ත්‍රීරෝද රථ අමතර කොටස් වෙළෙඳසැලේ හිමිකරු දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කංඡිපානී ඉම්රාන්’ගේ හිතවතෙකු බවයි.

එමෙන්ම, මෙම වෙඩි තැබීම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘සලිඳු මල්ශික ගුණරත්න’ හෙවත් ‘කුඩු සළිඳු’ නමැත්තාගේ පාර්ශවය විසින් සිදු කරන්නට ඇති බවටයි දැනට සැක පළ කරන්නේ.

කෙසේ වෙතත් වෙඩික්කරුවන් පිළිබඳව තවමත් තොරතුරක් අනාවරණය වී නැහැ ෴

+++

+


මහජන ආරක්ෂක ලේකම්ට එරෙහි ගල්කිස්සේ නඩුව අත්හිටුවා ඇත්තේ ඇයි?

(04.09.2025 – bbc.com/sinhala)

2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (සැප්: 04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත් කළ අවස්ථාව

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලිණි.

පෙත්සම්කරුගේ කරුණු දැක්වීම

පෙත්සම්රු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දන පෙරේරාගේ උපදෙස් මත නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, 2023 වසරේ ඔක්තෝබර් මස සිදුවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව වැල්ලවත්ත පොලීසිය විසින් බීමත්ව රිය පැදවීම ඇතුළු රථවාහන වැරදි යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබූ බව ය.

ඊට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැරුණු බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

මහජන ආරක්ෂක ලේකම්ට එරෙහි ගල්කිස්සේ නඩුව අත්හිටුවා ඇත්තේ ඇයි?

ඉන් අනතුරුව තම සේවාදායකයාට එරෙහිව බීමත්ව රිය පැදවීම යන චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්න ද, නීතිපතිවරයා එවැනි උපදෙසක් අධිකරණයට එවා නොමැති නිසා එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය තීරණය කර තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.

‘මහේස්ත්‍රාත්වරියගේ ක්‍රියාකලාපය වැරදිසහගතයි’ – පෙත්සමේ නීතිඥ

මහේස්ත්‍රාත්වරියගේ එම ක්‍රියා කලාපය වැරදිසහගත බවත් මේ තුළින් තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, මෙම නඩුව වෙනත් අධිකරණයට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු, පෙත්සම් විභාගය අවසන් වන තුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියම කළ අතර, විරෝධතා තිබේ නම් ඒවා ලබන 23 වන දා ඉදිරිපත් කරන ලෙසත් නියම කළේ ය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 25 වන දා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේ ය ෴


ඇමෙරිකාවේ මිනිසෙකුගෙන් හමුවූ මාංශ භක්ෂක පණුවා ගැන ඔබ දැන ගත යුතු කරුණු

(01.09.2025 – bbc.com/sinhala)


හිටපු ජනපති රනිල්ගේ නිවසේ ගම්මන්පිල ගැන ලොකු කතා බහක් | අළුත්ම ගැටය මෙන්න (04.09.2025)

+


පේරාදෙණියේ උණුසුම් තත්ත්ව‍යක් – විශ්වවිද්‍යාල සිසුන් හා පොලිසිය ගැටෙයි (04.09.2025)

+


දිනන දකුණ සාමූහිකය වහාම මාධ්‍ය කැඳවයි රටම හෙල්ලෙන ප්‍රකාශයක් කරයි (04.09.2025)

+


ආණ්ඩුවට ගේමක් දෙන්න පෙරටුගාමීන් සූදානම් (04.09.2025)

+++

ජෙප්පෝ සහ පෙරට්ටන්ගේ වලිය නිසා ජෙප්පන්ගේ රැස් ලෙසටම බැස්සූ රෝහණ (04.09.2025)

+


මාර්ගයෙන් ඉවතට පැන්න මෝටර් රථය බෑවුම දිගේ අඩි ගාණක් පෙරළිලා රේල් පාර උඩම නැවතිලා | රියදුරුට බලපතලයි (04.09.2025)

+


ඔබ සෙවූ යටපත් වූ ප්‍රවීණ ගායකයා | ගාමිණී ජීවරත්නගේ නොඇසූ කතාව (10.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *