පාතාලය සමග ඩීල් දැමූ සිය ගණනකගේ තොරතුරු හෙළි වෙයි

පාතාලය සමග ඩීල් දැමූ සිය ගණනකගේ තොරතුරු හෙළි වෙයි


පාතාලය සමග ඩීල් දැමූ සිය ගණනකගේ තොරතුරු හෙළි වෙයි

(01.09.2025 – dinamina.lk)

  • දේශපාලකයන් පොලිස් ලොක්කන් පාස්පෝට් නිලධාරීන් කුලී ඝාතකයනුත් ඒ අතර
  • ඇල්ලූ පාතාලයන්ගේ ජංගම දුරකතන, ලැප්ටොප්වලින් රහස් එළියට

ඉන්දු­නී­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් ‘කෙහෙ­ල්බ­ද්දර පද්මේ’, ‘කමාන්ඩෝ ශලින්ත’ නොහොත් ‘පිට්ටුවා’, ‘පාණ­දුරේ නිලංග’, ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ළහිරු’ යන පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ගේ මෙරට ජාල­යට සම්බන්ධ දේශ­පා­ල­න­ඥ­යන්, පොලිස් නිල­ධා­රීන්, ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්, කුලී ඝාත­ක­යන් ඇතුළු සිය ගණ­න­කගේ තොර­තුරු හඳු­නා­ග­නි­මින් ඔවුන් කොටු කර­ගැ­නී­මට ඉදි­රි­යේදී පුළුල් මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටියි.

මෙම පාතාල අප­රා­ධ­ක­රු­වන්ගේ ජාලය හඳු­නා­ගැ­නී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පහ­සු­වක් වී ඇත්තේ ඉන්දු­නී­සි­යා­වේදී මෙම පාතාල අප­රා­ධ­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔවුන් සතුව තිබී සොයා­ගත් ජංගම දුර­ක­තන, ලැප්ටොප් ඇතුළු උප­ක­රණ ද ඉන්දු­නී­සියා පොලී­සිය මෙර­ටට භාරදී ඇති බැවිනි.

මෙයට පෙර විදේ­ශ­ය­න්ව­ලදී අත්අ­ඩං­ගු­වට ගෙන මෙර­ටට පිටු­ව­හල් කළ බොහෝ අප­රා­ධ­ක­රු­වන් භාවිත කළ ජංගම දුර­ක­තන මෙර­ටට ලැබී තිබුණේ නැත. එබැ­වින් එම පාතාල අප­රා­ධ­ක­රු­වන්ගේ මෙරට ජාලය හඳුනා ගැනීම දුෂ්කර කාර්ය­යක් බවට පත්විය. එහෙත් මෙම පාතාල අප­රා­ධ­ක­රු­වන් සියලු දෙනාගේ ජංගම දුර­ක­තන ඔවුන් ද සමඟ මෙර­ටට භාර දුන් බැවින් මෙතෙක් කාල­යක් මෙම අප­රා­ධ­ක­රු­වන් සමඟ සම්බ­න්ධ­කම් පව­ත්ව­මින් අප­රා­ධ­ව­ලට ආධාර හා අනු­බල දුන් පුද්ග­ල­යන් මෙන්ම ඔවුන්ගේ මත්කුඩු ජාලයේ සැඟ­වුණු තොර­තුරු ගොන්නක්ම හෙළි­කර ගැනී­මට හැකි­වනු ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

‘කෙහෙ­ල්බ­ද්දර පද්මේ’ ඇතුළු පාතාල අප­රා­ධ­ක­රු­වන් පස්දෙනා (5) විසින් විදේ­ශ­ග­තව රැඳී සිටි­මින් වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන රැසක් මෙහෙ­යවා තිබුණි. ඒ සෑම මිනිස් ඝාත­න­යක් සහ වෙඩි තැබී­ම­ක­ටම තොර­තුරු ලබා­දුන් සැඟ­වුණු චරිත පවා හෙළි­කර ගැනී­මට හැකි වනු ඇති බව පොලී­සිය විශ්වාස කරයි.

‘කෙහෙ­ල්බ­ද්දර පද්මේ’ ඇතුළු අප­රා­ධ­ක­රු­වන් ඉන්දු­නී­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔවුන් සතුව තිබී ඇත්තේ ව්‍යාජ නම්ව­ලින් සකස් කර තිබුණු විදෙස් ගමන් බල­ප­ත්‍රය. එම විදෙස් ගමන් බල­පත්‍ර ඔවුන් කොටු කර­ගැ­නී­මට මෙර­ටින් ඉන්දු­නී­සි­යා­වට ගිය සහ­කාර පොලිස් අධි­කා­රි­වරු දෙදෙනා (2) විසින් සිය භාර­යට ගෙන තිබිණි. මෙර­ටට ඔවුන් රැගෙන ඒම සඳහා ඔවුන්ගේ සැබෑ නම්ව­ලින් තාව­කා­ලික විදේශ ගමන් බල­පත්‍ර පවා සකස් කිරී­මට එරට පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය පිය­වර ගත්තේය. මේ වන විට ඔවුන් සතුව තිබුණු ව්‍යාජ නම්ව­ලින් සකස් කළ විදේශ ගමන් බල­පත්‍ර ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සතු­වය. එම විදෙස් ගමන් බල­පත්‍ර ඔවුන් සකස් කර­ගෙන ඇත්තේ ද විදේ­ශ­ග­තව සිටි­ය­දීය. ඒ සඳහා විශාල මුද­ලක් ඔවුන් වැය­කර ඇති බවත් ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ දූෂිත නිල­ධා­රීන්ගේ සහ­යෝ­ගය ඒ සඳහා ලැබී ඇති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විශ්වාස කරයි. එම විදෙස් ගමන් බල­පත්‍ර සකස් කිරී­මට ඍජුව සහ වක්‍රව පවා සම්බන්ධ වූ පුද්ග­ල­යන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කරන බව ද උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

‘කෙහෙ­ල්බ­ද්දර පද්මේ’ ඇතුළු කණ්ඩා­යම කොටු­කර අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යුම මෙරට පොලිස් නිල­ධා­රීන් දෙදෙ­න­කුගේ (2) ද සහාය ඇතිව ක්‍රියා­ත්මක කර ඇත්තේ ඉතා රහ­සි­ග­ත­වය. එසේ තිබි­ය­දීත් අව­සාන දින­යේදී එම මෙහෙ­යුම සම්බ­න්ධ­යෙන් තොර­තුරු ‘කෙහෙ­ල්බ­ද්දර පද්මේ’ ඇතුළු පිරි­සට දැන­ග­න්නට ලැබී ඇති බව සඳ­හන්ය. ඒ සම්බ­න්ධ­යෙන් ද විශේෂ අව­ධා­න­යක් යොමු කර­මින් විම­ර්ශන පැවැ­ත්වෙන බව උසස් පොලිස් නිල­ධා­රියා කීය. ‘කෙහෙ­ල්බ­ද්දර පද්මේ’ ඇතුළු අප­රා­ධ­ක­රු­වන් මත්කුඩු ජාල­යෙන් උපයා ගන්නා මුදල් උණ්ඩි­යල් ක්‍රම­යට ඔවුන්ට මෙතෙක් කාල­යක් ලද ආකා­රය මෙන්ම ඊට සම්බන්ධ මෙරට ජාලයේ තොර­තුරු ද විම­ර්ශන ඔස්සේ අනා­ව­ර­ණය කර­ගැ­නී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටියි. ඩුබායි සහ ශ්‍රී ලංකාව අතර නීත්‍ය­නු­කූල මෙන්ම නීත්‍ය­නු­කූල නොවන ක්‍රම ඔස්සේ ව්‍යාපා­ර­වල නිර­තව සිටින ව්‍යාපා­රික කණ්ඩා­ය­මක් ගැන ද මෙහිදී බුද්ධි අංශ විශේෂ අව­ධා­න­යෙන් සිටියි.

අත්අ­ඩං­ගු­වට ගත් ‘කෙහෙ­ල්බ­ද්දර පද්මේ’ ඇතුළු පාතාල අප­රා­ධ­ක­රු­වන් මෙර­ටට පෙරේදා (31) ගෙන ඒමට ඉන්දු­නී­සි­යානු පොලී­සියේ 12 දෙන­කුගේ කණ්ඩා­ය­මක් ලබා­දී­මට ඉන්දු­නී­සි­යානු බල­ධා­රීන් කැමැත්ත පළ­කර තිබී ඇත. එහෙත් ඉන්දු­නී­සි­යාව තුළ ඇතිවූ අන­පේ­ක්ෂිත ගැටු­ම්කාරී තත්ත්ව­යක් හමුවේ මෙර­ටින් නිල­ධා­රීන් තිදෙ­නෙකු (3) ඉන්දු­නී­සි­යා­වට 31 වැනිදා උදෑ­සන යැවී­මට මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය අවශ්‍ය පිය­වර ගෙන තිබිණි.

ඒ අනුව එම නිල­ධා­රීන් තිදෙ­නාත් (3) එරට රැඳී සිටි­මින් මෙහෙ­යු­මට සම්බ­න්ධව සිටි සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රුන් දෙදෙ­නාත් (2) ඉන්දු­නී­සි­යානු පොලී­සියේ නිල­ධා­රීන් 07 දෙන­කුත් මෙම අප­රා­ධ­ක­රු­වන් රැගෙන මෙර­ටට ඒමට පිය­වර ගත්තේය. මෙත­රම් නිල­ධා­රීන් පිරි­සක් මෙම පාතාල අප­රා­ධ­ක­රු­වන් පස්දෙනා (5) රැගෙන ඒමට යෙද­වී­මට සිදුව ඇත්තේ ගුවන් මඟින් මෙවැනි අප­රා­ධ­ක­රු­වන් රැගෙන ඒමේදී පිළි­පැ­දිය යුතු ජාත්‍ය­න්තර ආර­ක්ෂක පිය­වර අනු­ග­ම­නය කර­මිනි.

මෙම අප­රා­ධ­ක­රු­වන්, ඉන්දු­නී­සියා පොලී­සියේ නිල­ධා­රීන් ඇතුළු මෙරට පොලිස් කණ්ඩා­යම විසින් රැගෙන එනු ලබන්නේ සිවිල් ඇඳු­මින් සැර­සීය. ඒ එන ගම­නේදී ගුව­න්යා­නයේ සිටි සෙසු කිසිඳු මගි­යෙක් එම යානයේ අප­රා­ධ­ක­රු­වන් පිරි­සක් රැගෙන එන බව නොදැන සිටීම ද විශේ­ෂි­තය.

ගුව­න්යා­නය කටු­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­ප­ළට ගොඩ­බැ­ස්ස­වී­මෙන් අන­තු­රුව සෙසු මගීන් යාන­යෙන් පිට­තට ගමන් කිරී­මෙන් අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ අසංක කර­විට මහතා ඇතුළු නිල­ධා­රින් කණ්ඩා­ය­මක් ගුව­න්යා­නය වෙත ගොඩවී සැක­ක­රු­වන් මෙර­ටදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට පිය­වර ගෙන ඇත. අන­තු­රුව ඔවුන්ව ආර­ක්ෂි­තව ගුවන් තොටු­පො­ළින් පිට­තට ගෙන විම­ර්ශන අංශ වෙත රැගෙන යෑමට පිය­වර ගෙන තිබේ. උඩු­ග­ම්පොල කෙහෙ­ල්බ­ද්දර ඉහළ කුඹුර 18/08 ලිපි­නයේ පදිං­චි­ක­රු­වෙක් වූ 37 හැවි­රිදි වියේ පසු­වන ‘කේ.ජී. මන්දිනූ පද්ම­සිරි පෙරේරා’ නොහොත් ‘කෙහෙ­ල්බ­ද්දර පද්මේ’ විම­ර්ශන කට­යුතු සඳහා භාරදී ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ වාණීජ අප­රාධ විම­ර්ශන අංශය (III) වෙතය.

නීති විරෝධි ගිනි අවි භාවිත කර­මින් පුද්ගල ඝාතන මෙහෙ­ය­වීම, මත්ද්‍රව්‍ය ඇතුළු සංවි­ධා­නා­ත්මක අප­රාධ සිදු කිරීම, පොලිස් නිල­ධා­රීන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් ඝාත­නය කරන බවට තර්ජ­නය කිරීම, පසු­ගිය පෙබ­ර­වාරි 19 වැනිදා කොළඹ අලු­ත්කඩේ අංක 05 මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේදී ‘ගණේ­මුල්ල සංජීව’ යන අය ඝාත­නය කර විනි­සු­රු­තු­මිය ඇතුළු කාර්ය මණ්ඩ­ලය භීති­යට පත්කි­රීමේ අප­රා­ධය සැල­සුම් කිරීම ඇතුළු අප­රාධ රැසක් සම්බ­න්ධ­යෙන් චෝදනා මෙම අප­රා­ධ­ක­රුට දැනට එල්ලවී ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

අංක 24, නව නගර නිවාස, ඉඹු­ල්ග­ස්වා­ඩි­ය­වත්ත, දෙමන් හන්දිය, කටාන ලිපි­නයේ පදිං­චි­ක­රු­වෙක් වන 38 හැවි­රිදි ‘පී. ශලින්ත මදු­ෂාන් පෙරේරා’ නොහොත් ‘කමාන්ඩෝ ශලින්ත’ විම­ර්ශන කට­යුතු සඳහා භාරදී ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ වාණිජ අප­රාධ විම­ර්ශන අංශය (I) වෙතය. දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල පසු­ගිය කාල­ව­ක­වා­නුව තුළ සිදුවූ බිහි­සුණු මනුෂ්‍ය ඝාතන, මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාවා­රම්, කොල්ල­කෑම්, කප්පම් ගැනීම්, පැහැර ගැනීම් ඇතුළු අප­රාධ රැසක් සම්බ­න්ධ­යෙන් මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

වෘත්ති­යෙන් වායු සමී­ක­රණ ශිල්පි­යෙක් ලෙස කට­යුතු කර පසුව පාතාල අප­රා­ධ­ව­ලට යොමුවූ පුද්ග­ල­යෙක් වන අංක 09/ඊ, අලු­බෝ­ග­හ­වත්ත, සුසාන භූමිය පාර, පින්වල, පාන­දුර ලිපි­නයේ පදිං­චි­ක­රු­වෙක් වූ 36 හැවි­රිදි ‘පී. නිලංග සම්පත් සිල්වා’ නොහොත් ‘පාණ­දුරේ නිලංග’ විම­ර්ශන කට­යුතු සඳහා භාරදී ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ විම­ර්ශන අංශය (III) වෙතය.

ඉන්දු­නී­සි­යා­වෙන් මෙර­ටට රැගෙන ආ පාතාල අප­රා­ධ­ක­රු­වන් අතර සිටි සෙසු සැක­ක­රු­වන් දෙදෙනා (2) විම­ර්ශන කට­යුතු සඳහා භාරදී ඇත්තේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­ශ­ය­ටය. අංක 197/02 පද­ලං­ගල ගෙදර, උල­හි­ටි­යාව, මිද්දෙ­ණිය ලිපි­නයේ පදිං­චි­ක­රු­වෙක් වන 35 හැවි­රිදි වියැති ‘එන්.එන්. ප්‍රසංග’ නොහොත් ‘බැකෝ සමන්ත’ සහ අංක 119/01,ඒ, කුඩ­ග­ල්ආර මිද්දෙ­ණියේ පදිං­චි­ක­රු­වෙක් වූ 29 හැවි­රිදි වියැති ‘පී.කේ. ළහිරු මධු­සංඛ’ නොහොත් ‘තැඹිලි ළහිරු’ මෙසේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­ස­යට භාරදී තිබේ.

බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ සිර­මැ­දිරි පහ­සු­කම් සලකා බලා වැඩි ආර­ක්ෂා­වට මෙම සැක­ක­රු­වන් දෙදෙනා (2) කොළඹ වරාය පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනී­මට කට­යුතු කර ඇති බව පොලී­සිය සඳ­හන් කළේය.

මෙම අප­රා­ධ­ක­රු­වන් පස්දෙනා (5) සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර දැනට පැය 72 ක රැඳ­වුම් නියෝ­ග­යක් ලබා­ගෙන විම­ර්ශන පව­ත්වන බවත් පසුව ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනතේ විධි­වි­ධා­න­යන්ට අනුව දින 90 ක් රඳ­වා­ගෙන විම­ර්ශන පව­ත්වන බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

ගයාන් කුමාර වීර­සිංහ

+++

දේශපාලන නම් ගම් එක්ක ‘පද්මේ’ හෙළිකරපු ටික මෙන්න – පනින සැලසුමකුත් හෙළිකරයි ! (01.09.2025)

+++

තව දවස් 2 ක් පහුඋනා නම් සර්ලට අපේ වලිගෙවත් අල්ලන්න හම්බ වෙන්නේ නෑ – ‘කෙහෙල්බද්දර පද්මේ’ ASP ඕලුගලට කියයි

(01.09.2025 – divaina.lk)

“අපි තුර්කියට පැනලා යන්න සේරම ලෑස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් (2) පරක්කු වුණා නම් සර්ලට අපේ වලිගෙවත් අල්ලන්න ලැබෙන්නේ නැහැ” යැයි පාතාල නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා හමුවේ කියා සිටියේය.

“මම හීනෙකින්වත් හිතුවෙ නැහැ සර්ලා ජකර්තාවලට ඇවිත් අපිව අල්ල ගනියි කියලා. හැබැයි මට දැණුනා අපට මොකක්හරි කරදරයක් වෙන්න යනවා කියලා. අපි තව දවස් දෙකකින් (2) තුර්කියට යන්න ලෑස්ති වෙලා හිටියේ. එහෙ නැවතිලා ඉන්න ඕනෑ කරන හැම දෙයක්ම සූදානම් කරගෙන හිටියේ.

මම ලෝකෙ රටවල් 20 ක විතර ඉඳලා තියෙනවා. ඒ රටවල් අතරින් අපට ඉන්න තිබුණු ආරක්ෂිතම රට විදිහට දැක්කෙ ඉන්දුනීසියාව.

ලංකාව වගේ 29 ගුණයක් මේ රට ලොකුයි. විශාල ජනගහනයක් ඉන්නවා. අපිට හැංඟිලා ඉන්න ආරක්ෂිතම රට විදිහට දැක්කෙ මේ රට.

අපි ලංකාවෙදි අහු වුණත් මේ රටේදී අහුවෙයි කියලා හිතුවේ නැහැ. අපිව අල්ලගත්ත දවසෙදි තොරතුරක් ආවා ඕලුගල සර් ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ නිසා තමයි අපි හිටපු තැන මාරු කරලා වෙන තැනකට පැන්නේ. ඒත් අන්තිමේදී අපි පොලිසියට කොටු වුණා” යැයි කෙහෙල්බද්දර පද්මේ රොහාන් ඕලුගල මහතා හමුවේ තවදුරටත් කියා සිටියේය.

ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයන් වන ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කොමාන්ඩෝ සලින්ත’, ‘පානදුරේ කුඩු නිලංග’, ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ළහිරු’ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යානයකින් පෙරේදා (30 දා) රාත්‍රි මෙරටට ගෙන එනු ලැබූහ.

ඉන්දුනීසියා පොලිසියේ නිලධාරීන් දොළොස් දෙනකු (12) සහ ශ්‍රී ලංකාවෙන් ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නව දෙනකු (09) ගේ ආරක්ෂාව යටතේ මෙම පාතාල අපරාධකරුවන් මෙරටට රැගෙන එන ලදී.

මෙම මෙහෙයුම භාරව සිටි සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දර යන මහත්වරු ද එම ගුවන් යානයෙන්ම දිවයිනට පැමිණියහ.

ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල අපරාධකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ආරක්ෂක වැඩපිළිවෙළ පරීක්ෂා කිරීම සඳහා මහජන ආරක්ෂාව හා නීතිය, සාමය පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීහු රැසක් මේ අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.

පාතාල අපරාධකරුවන් රැගෙන ආ මෙහෙයුමට නායකත්වය දුන් රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීහු ඉතාම උණුසුම් අන්දමින් මල් මාලා පළඳවමින් ගුවන්තොටුපළේදී පිළිගනු ලැබූහ.

මෙම පාතාල අපරාධකාරයන් රැගෙන ඒමට ආරක්ෂාව දුන් ඉන්දුනීසියානු පොලිසියේ නිලධාරීන්ට මෙහිදී ත්‍යාග සහ සමරු තිළිණ ලබාදීමට අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා කටයුතු කළහ.

පාතාල අපරාධකරුවන් ආරක්ෂිතව කොළඹට රැගෙන යෑමට පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කීපයක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.

එහිදී දැඩි ආරක්ෂාවක් යටතේ මෙම පාතාල අපරාධකරුවන් කොළඹට රැගෙන යන ලදී.

අත්අඩංගුවේ සිටි පාතාල නායක ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කොමාන්ඩෝ සලින්ත’ සහ ‘පානදුරේ නිලංග’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

පාතාල අපරාධකරුවන් වන ‘තැඹිලි ළහිරු’ සහ ‘බැකෝ සමන්’ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති අතර ඔවුහු වරාය පොලිසියේ රඳවා සිටිති.

මෙම අපරාධකාරයන් පස්දෙනා (5) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.

අලුත්කඩේ අධිකරණය තුළදී ‘ගණේමුල්ලේ සංජීව’ නමැති පාතාල නායකයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කොමාන්ඩෝ සලින්ත’ වෙතය. පානදුර ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු මිනිස් ඝාතන කීපයක් සම්බන්ධයෙන් ‘කුඩු නිලංග’ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙයි.

‘මිද්දෙණියේ කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා (2) පසුගියදා වෙඩි තබා ඝාතනය කර තිබුණේ ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ළහිරු’ යන අපරාධකාරයන්ගේ නියෝග මතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා ආණ්ඩුව කරන්න යන රණවිරු දඩයම (01.09.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *