වෙන්නප්පුවේ වෙඩි තැබීමට අදාලව ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

වෙන්නප්පුවේ වෙඩි තැබීමට අදාලව ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට


වෙන්නප්පුවේ වෙඩි තැබීමට අදාලව ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(31.08.2025 – hirunews.lk)

වෙන්නප්පුවේදී පුද්ගලයෙකු කපා කොටා, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් (1) සමඟ සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අපරාධයට භාවිතා කළ බවට සැක කෙරෙන කඩුවක් සහ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

වෙන්නප්පුව පොලිස් ස්ථානය අසල වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10:30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවුණා.

පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු (2) ඉලක්ක කර වෙඩි තබා පළා ගොස් ඇති බවයි

මෝටර් රථයේ පැමිණි පිරිස යතුරුපැදියේ සිටි දෙදෙනා (2) හප්පා අනතුරට ලක්කර තියුණු ආයුධවලින් ද පහරදී තිබෙනවා.

පසුව ඔවුන්ට වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කැපීම් සහ වෙඩි වැදීම් හේතුවෙන් යතුරු පැදියේ සිටි පුද්ගලයෙක් (1) එහිදී මියගිය අතර, යතුරු පැදියේ සිටි අනෙක් පුද්ගලයා (1) තුවාල සහිතව දිව ගොස් තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව පොලිසිය සඳහන් කළා.

යතුරුපදියෙන් පැමිණි දෙදෙනා (2) ගෙන් මියගිය තැනැත්තා (1) මහාධිකරණ නඩුවකට අදාළව වෙන්නප්පුව පොලිසියට පැමිණ යළි ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකු බව පොලිසිය පැවසුවා.

පොලිසිය සඳහන් කළේ එම නඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන මස 09 වැනිදා ලබාදීමට නියමිතව තිබූ බවයි.

මෙම වෙඩි තැබීමත් සමග වසරේ සංවිධානාත්මක කල්ලි සහ පාතාල කල්ලි කළ වෙඩි තැබීම් ගණන 90 ක් වන අතර, ඉන් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් පුද්ගලයින් 52 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

+


පාතාල කල්ලි නායකයින්ට දියත් කළ මෙහෙයුමට ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ගෙන් ආණ්ඩුවට මල් මිටක් (31.08.2025)

+++

+++

+++

+


මෙහෙම ගියොත් රජයේ රෝහල් කඩා වැටෙයිද ? – ‍‍‍‍‍‍‍‍වෛද්‍ය චමල් සංජීව (31.08.2025)

+


සිංහල බෞද්ධ ජාතිකත්වයට අවමන් කරමින් ආණ්ඩුව දැන් භික්ෂූන්ව දඩයම් කරනවා (31.08.2025)

+


රනිල් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ඇයි ? මාලිමා නීතිඥයින්ගේ පුස් තර්ක වලට පිලිතුරු (31.08.2025)

+


රුපියල් කෝටියක ‘හෑෂ්’ සමග පුද්ගලයන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(31.08.2025 – hirunews.lk)

රුපියල් කෝටියක් (1) වටිනා ‘හෑෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.

එම සැකකරුවන් දෙදෙනා (2) සන්තකයේ තිබී ‘හෑෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ 1 යි ග්‍රෑම් 5 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

පුද්ගලයෙකු ‘හෑෂ් මත්ද්‍රව්‍ය’ ප්‍රවාහනය කරමින් ජාවාරම සිදු කරන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්තට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා ‘හෑෂ් මත්ද්‍රව‍ය’ පැකට්ටුවක් බඩෝවිට තුන්වන (3) අදියරේදී සැකකරුගෙන් මිලදී ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමේ සුලු මුල අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරනවා.

සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව රත්මලාන ප්‍රදේශයේ මාසිකව රුපියල් 30,000/= කුලී පදනම මත ලබාගත් නිවසේ නිවසේ සිට මෙම ජාවාරම සිදු කරන බවට අනාවරණය වීමෙන් අනතුරුව එම නිවස පරික්ෂා කිරීමේදී අල්මාරියක් තුළ සඟවා තිබූ ‘හෑෂ් මත්ද්‍රව‍ය’ කිලෝ එකක (1) පැකට්ටුවක් සොයා ගැනීමට හැකිවූ බවත් පොලිසිය සඳහන් කළා.

එම අවස්ථාවේදී එම නිවස තුළ සිටි තවත් පුද්ගලයෙකු (1) ‘හෑෂ් මත්ද්‍රව‍ය’ ග්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන පදිංචිකරුවන් වන අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වනවා ෴


ඉන්ධන මිල සංශෝධනය කෙරේ

(31.08.2025 – hirunews.lk)

ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සැප්තැම්බර් මාසයට අදාලව සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.

(ඉන්ධන ලීටරයක මිල : රුපියල්)

ඉන්ධන වර්ගයපැවති මිලසංශෝධනයනව මිල
සුදු ඩීසල්289(06)283
සුපර් ඩීසල්325(12)313
ඔක්ටේන් 92305(06)299
ඔක්ටේන් 95341341
භූමිතෙල්185185

+


‘ස්පා’ එකට පැන කතුන් තුනක් (3) දූෂණය කල කොස්තාපලයන් දෙදෙනා (2) ගෙන් එකෙක් (1) අල්ලයි; අනෙකා (1) පැනයයි

(01.09.2025 – hirunews.lk)

බොරැල්ල සම්බාහන ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළු වී කළමනාකරු සහ එහි සේවය කරන කාන්තාවන් සිව් දෙනකු (4) බිය ගන්වා කාන්තාවන් තිදෙනකු (3) දූෂණයට ලක්කර පලායමින් සිටි කොස්තාපලන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකු ඉහළ මහලින් ඇද වැටී තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශ මූලස්ථානයේ සේවය කරන කොස්තාපලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපලයා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.

පලා ගොස් ඇත්තේ පොලිස් සේවයෙන් ඉවත් කර ඇති කොස්තාපලයෙකි.

බොරැල්ල පොලිසිය සහ කොළඹ දකුණ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *