රු. කෝටි 10 කට වැඩි මුදලක් වැයකළ මාදුරුඔය ව්‍යාපෘතිය අතරමඟ නවතලා
රු. කෝටි 10 කට වැඩි මුදලක් වැයකළ මාදුරුඔය ව්‍යාපෘතිය අතරමඟ නවතලා
(17.08.2025 – 19:46 +0530 – sinhala.adaderana.lk)
රුපියල් කෝටි 10 කට අධික මුදලක් වැයකළ මාදුරුඔය සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට අතරමඟ නවතා දමා තිබේ.
මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2021 වසරේදි ය.
මෙම ව්‍යාපෘතිය මගින් අම්පාර දිස්ත්‍රික්කයටත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් වගා භූමි සඳහාත් ජලය සැපයීම එවක රජයේ අරමුණ වී තිබුණි.
වර්ෂා කාලයේදී මාදුරුඔය ජලාශයෙන් පිටකෙරෙන වාන් ජලය අපතේ නොයවා වගාවට ලබාගැනීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකළ හැකිව තිබූ සුවිශේෂී කාර්යයකි.
මේ දැවැන්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත කර තිබූ මුදල රුපියල් කෝටි 10 කටත් අධිකය.
ව්‍යාපෘතිය වෙනුවෙන් අධික මිල ගණන් යටතේ රැගෙන ආ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් ද මේ වන විට එම භූමියේ අබලන්ව අතහැර දමා තිබේ.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියට මුවාවී මාදුරුඔය අවට ප්‍රදේශවල භූමියේ පස් සෝදා අධික මිලකට විකිණීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වේ.
කිලෝමීටර් 13 ක් පමණ දිගින් යුත් මාදුරුඔය දකුණ ඉවුරේ ප්‍රධාන ඇල දෙපස අධික ලෙස ඛාදනය වී ඇත්තේද මෙම ජාවාරම්කරුවන්ගේ කූඨ වැලි ජාවාරමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
මෙම ව්‍යාපෘතිය සිදුවූවා නම් මාදුරුඔයේ ජලය නිසි ලෙස එක්රැස් කරගෙන වගාවන් රැසක් අස්වැද්දීම සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.
එසේම මාදුරුඔයේ ජලය රැස් කිරීමට වැව් කිහිපයක්ද ඉදිවීමෙන් යම් පමණින් හෝ විසඳෙන්නේ, සංවර්ධනයේ සේයාවක් හෝ නොදුටු ඇතැම් ගම්මානවල ජනතාවගේ පානීය ජල සහ වගා ජල ගැටලුවය.
+
ආදායමට වඩා වත්කම් උපයාගත් දේශපාලකයන් සියයක් (100) ගැන පරීක්ෂණ
(17.08.2025 – hirunews.lk)
ආදායමට වඩා වත්කම් උපයාගෙන ඇති දේශපාලනඥයන් 100 ක පමණ පිරිසක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දේශපාලනයට පැමිණෙන විට අතේ සතේ නොමැතිව සිටි මෙම දේශපාලනඥයන් හිටි හැටියේම ධනවතුන් වී සිටීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවයි පැවසෙනේ.
විමර්ශනයට ලක්වන ඇතැම් දේශපාලනඥයන්ගේ වත්කම් ඇත්තේ ඔවුන්ගේ සමීපතමයින්ගේ නම්වලින් බව ද අනාවරණය වුණා.
එම වත්කම් නාමිකව සමීපතමයින්ගේ නම්වලින් පැවතියත් ඒවා පාලනය කරනු ලබන්නේ අදාල දේශපාලනඥයන් විසින් බව දැනට කෙරී ඇති මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
මෙකී දේශපාලනඥයන් අතර පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේත් පළාත් සභාවේත් මැති ඇමතිධූර දැරූ අය, ආණ්ඩුකාරවරුන්, පළාත් පාලන ආයතන රැසක සභාපතිවරුන්ද සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ ෴
ලැජ්ජයි හඳුනෝ විලි ලැජ්ජයි – ‘විමල්-හඳුන්’ වලිය මෙහෙම ඇරඹෙයි (18.08.2025)
+
මාලිමා ඩෝබියෙකුට දවසට රු. 1500 ක් – ගම්මන්පිල මාලිමාව ෆ්ලැට් කරයි (18.08.2025)
+
මිහින්තලාවේ ආරක්ෂාවට තර්ජන මෙහෙම ගියොත් පන්සල් නෑ… (18.08.2025)
+
මේ ආණ්ඩුව ගෙනාවේ අපි – වඩේ කඩ අහිමි වූ ගෝල්ෆේස් වඩේකරුවෝ කොළඹ උණුසුම් කරපු හැටි මෙන්න (18.08.2025)
+
ගුරුවරු කොළඹ වටකරද්දී පොලිසිය බලෑණියක් කොළඹ ආරක්ෂාවට කැඳවයි (18.08.2025)
+
ඔන්ලයින් ක්‍රමයට හෙරොයින් බෙදූ ගිණි නිවන ඒකකයේ භටයා | රු. ලක්ෂ 10 ක හෙරොයින් එක්ක පොලිස් දැලේ පැටලෙයි (18.08.2025)
+
ආණ්ඩුවට තවත් ලොකු ලෙඩක් වැටෙයි – රෝහල් සේවකයෝ හෙට (19) වර්ජනයේ (18.08.2025)
+
රටම දන්න ටික්ටොක් තාරකාවියගේ සියල්ලන් රැවටූ බොරු මුහුණ ගැළවෙයි – ඇත්ත වීඩියෝ ලීක් වෙයි (18.08.2025)
+
නඩු භාණ්ඩ ලෙස ගෙනා බැරල් පන්නා විකුණූ එස්.අයි. අත්අඩංගුවට
(18.08.2025 – hirunews.lk)
නීති විරෝධි මත්පැන් පෙරන ස්ථාන කිහිපයක් වටලා නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගෙන සෙවනගල පොලිස් ස්ථානයේ ගොඩගසා තිබුණු යකඩ බැරල් 27 ක් හොර රහසේ පොලිසියෙන් පන්නා අළෙවි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙවනගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින මෙම උප පොලිස් පරීක්ෂකවරයා පොලිසියේ නඩු අංශය භාර ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි නිලධාරියා බවයි පොලිස් තොරතුරු අනාවරණය කළේ.
මෙම බැරල් තොගය ඔහු පොලිසියෙන් පන්නා අලෙවිකර ඇත්තේද එම පොලිස් ස්ථානයේම සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරියකගේ සැමියකුට බව පැවසෙනවා.
මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිව කොට්ඨාශයභාර පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා විසින් කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කරන්නේ සොරාගත් බැරල් තොගය සෙවනගල ලක්සිරිගම පොලිස් කොස්තාපල්වරිය පදිංචිව සිටින නිවෙස පිහිටි ගෙවත්තේ තිබී සොයාගත් බවයි ෴
කරවිට වැවේ අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුමක්
(18.08.2025 – hirunews.lk)
කරවිට වැවේ මාළු ඇල්ලීමට අයකු අතුරුදන්වී ඇතැයි හලාවත පොලිසිය පවසනවා. තෙප්පමකින් ගොස් මාළු අල්ලමින් සිටිය දී තෙප්පම පෙරලීමෙන් එම පුද්ගලයා අතුරුදන් වී තිබෙනවා.
එලෙස දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 38 ක් පමණ වන මුන්ගන්දළුව, ඉලිප්පදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි පොලිසිය පවසන්නේ.
අතුරුදන් වූ පුද්ගලයා සොයා ගැනීමට හලාවත පොලිසිය ප්‍රදේශවාසීන් හා එක්ව මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා.
මෙහෙයුම සඳහා නාවික හමුදාවට කැඳවීමක් කර ඇතත් ඔවුන් පැමිණීමේ ප්‍රමාදයක් ඇතිබවයි පොලිසිය පවසන්නේ ෴
තැපල් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි
(18.08.2025 – hirunews.lk)
තැපැල් සේවකයින් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ හේතුවෙන් සියලුම සේවා කටයුතු ඇනහිට ඇති බව තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.
තැපැල් සේවකයින්ගේ අතිකාල ගෙවීම්, පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍රවල පැමිණීමේ හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස්වලට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් 19 ක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ඊයේ (17) පස්වරු 04 සිට වර්ජනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
ඒ අනුව දිවයින පුරා පිහිටි තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු ඊයේ (17) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇති පසුබිමකයි.
කෙසේ වෙතත්, මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා උප තැපැල් කාර්යාල 3,354 ක උප තැපැල් ස්ථානාධිපතිවරු සහභාගි නොවන බව තැපැල්පති රුවන් සත්කුමාර නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
ඔහු කියා සිටියේ එම කාර්යාලවල සාමාන්‍ය පරිදි රාජකාරි සිදුවන බැවින් මහජනතාවට එමඟින් සේවාවන් ලබා ගත හැකි බවයි.
+++
+++
+
උතුරු – නැගෙනහිර අද (18) හර්තාල්
(18.08.2025 – hirunews.lk)
උතුර හා නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සැලසුම් කර තිබෙනවා.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සදහන් කළේ, පසුගියදා මුලතිව් ශිවනගර්හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිසක් අතුරින් අයෙකු මරණයට පත්වීම සහ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ උතුරේ දේශපාලන කණ්ඩායම්වල බොරු ප්‍රචාර වලට නොරැවටී සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ෴
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴