‘සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ’ දත්ත පද්ධතිය බිඳවැටේ : සමාගම් ලියාපදිංචිය නතරවේ
‘සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ’ දත්ත පද්ධතිය බිඳවැටේ : සමාගම් ලියාපදිංචිය නතරවේ
(11.08.2025 – lankadeepa.lk)
තොරතුරු පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ‘සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ සමාගම් ලියාපදිංචි කටයුතු’ සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ හේතුවෙන් දිනකට රුපියල් ලක්ෂ තිහකට (30,00,000) වැඩි පාඩුවක් සිදුවන බව වාර්තාවේ.
‘සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ’ දත්ත පද්ධතියට අදාල ගිවිසුම පසුගිය මැයි මස 31 වැනිදා අවසන් වීමෙන් පසු එම පද්ධතිය මෙසේ අඩපණවී ඇත.
මෙහි පිළිසකර කටයුතු එම කාර්යාලයේ තොරතුරු කළමනාකරණ කණ්ඩායම, යුද හමුදාවේ ද සහාය ඇතිව කරගෙන යන නමුත් දත්ත පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉතාම මන්දගාමී මට්ටමක පවතින බව එහි නිලධාරිනියක් පැවසුවාය.
මෙහි මුල්ම කඩා වැටීම සිදුවී ඇත්තේ ජුලි 12 වැනිදාය. එදින සිට සතියක කාලයක් සම්පූර්ණයෙන්ම ඇණ හිටි බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසුවේ පිළිසකර කිරීමේ කටයුතුවල යෙදී සිටින කණ්ඩායමට එම පිළිසකර කටයුතු සඳහා අනිද්දා (13) බදාදා දිනය තෙක් කල් ලබා දෙන බවයි.
යුද හමුදාවේ කණ්ඩායමට මෙය පිළිසකර කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වැඩ කටයුතු මෙසේ අඩපණවීමෙන් එහි සේවය ලබා ගැනීමට පැමිණි විශාල පිරිසක් දුෂ්කරතාවයට පත් වූහ ෴
+++
ඔඩිසි දුම්රිය ටිකට් පතේ ID අංකය නැතැයි ගෙනියන්න බෑ කියයි.. විදෙස් සංචාරකයන් නොසන්සුන්.. පොලිසිය කැඳවයි..
(11.08.2025 – 22:02 +0530 – lankacnews.com)
මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඕඩිසි දුම්රියට සංචාරක සමාගම් විසින් සංචාරයට එක්වන විදේශීකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සදහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබා ගත් දුම්රිය ප්‍රවේශ පත්‍ර වලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් එම විදේශිකයින් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
මහනුවර සිට නානුඔය දක්වා (11) දින ධාවනය වූ ඕඩිසි දුම්රියෙන් නානුඔය සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා රු. 6000 කට සහ ඊට වැඩි මුදලකට එම දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශපත්‍ර ලබා ගත් ඉතාලි, ප්‍රංශ, ජර්මන් සහ ඉන්දියානු ජාතිකයින් විශාල පිරිසක් එම දුම්රියේ දුම්රිය නියාමකවරුන් විසින් දුම්රිය මැදිරිවලට ඇතුලු කර නොගැනීම හේතුවෙන් එම විදේශිකයින් දැඩි ලෙස පීඩාවට පත් වී සිටියහ.
ඇතැම් සංචාරක සමාගම්, මග පෙන්වන්නන් සහ ඇතුම් තැරැව්කරුවන් විසින් ශ්‍රී ලාංකික හැදුනුම්පතක අංකයක් යොදාගෙන මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ නම ඇතුලත් කර ඕඩිසි දුම්රියෙන් ගමන් කිරිමට දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන වැඩි මුදලකට අලෙවි කිරිමේ ජාවාරම නතර කිරිම සදහා දුම්රිය සාමාන්‍යාධිකාරි වාණිජ ඩබ්ලිව්.ඩි. රංජිත් පද්මලාල් මහතා විසින් විසින් ජූලි මස 30 වන දින චක්‍රලේඛණයක්ද, උපදෙස් මාලාවක්ද නිකුත්කර තිබුණි.
එම උපදෙස් මාලාවට ප්‍රථම එම දුම්රියෙන් ගමන් කිරිමට වැඩි මුදලක් ලබා දී දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති අතර, එම ප්‍රවේශ පත්‍ර අතැතිව මේ දිනවල එම දුම්රියෙන් ගමන් ගන්නා විදේශීය සංචාරකයින්ගේ ප්‍රවේශපත්‍රය සහ විදේශිකයාගේ ගුවන් ගමන් බලපත්‍ර අංකය දුම්රිය නියාමකවරු විසින් පරික්ෂා කිරීම හමුවේ මෙම ගැටළුව මතු වී ඇති බවයි සංචාරක මග පෙන්වන්නන්ද කියා සිටින්නේ.
ඕඩිසි දුම්රියෙන් ගමන් කිරිමට නොහැකි වූ විදේශීය සංචාරකයින් නානුඔය දුම්රිය ස්ථානයෙන් රු. 300 ක මුදලකට සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ඇල්ල දක්වා උඩරට මැණිකේ දුම්රියෙන් සිය ගමනාන්තය දක්වා යනු ලැබූහ.
අප මේ පිලිබදව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුගෙන් අප කල විමසුමකට ඔවුන් කියා සිටියේ දුම්රිය ආසන වෙන් කර ගැනීමේදි හැදුනුම්පත් අංකයක් හෝ ගුවන් ලමන් බලපත්‍රයක අංකයක් අනිවාර්යෙන්ම සදහන් කල යුතුව ඇති බවයි.
ඒ අනුව නිකුත් කරනු ලබන දුම්රිය ප්‍රවේශ පත්‍රයේ ගමන් ගන්නේ එම මගියාමද යන්න පිලිබදව දුම්රිය නියාමකවරුන් පරික්ෂා කිරිම හමුවේ මෙම ගැටළුව මතු වී ඇති බවයි.
දුම්රිය සාමාන්‍යාධිකාරි වානිජ විසින් නිකුත් කරනු ලැබූ උපදෙස් මාලාවට අනුව දුම්රිය නියාමකවරුන් කටයුතු කරන බවද දුම්රිය ස්ථානාධිපතිවරුන් තව දුරටත් පැවසිය.
ඕඩිසි දුම්රියේ නියාමකවරුන් විසින් ඇතැම් සංචාරකයින් දුම්රියට මැදිරිවලට ඇතුලත් කර නොගැනීම හමුවේ නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ධාවනය වූ එම දුම්රිය මැදිරිවල ආසන හිස්ව තිබෙන අයුරු විදේශිකයින් දැක කනස්සල්ල පල කලහ.
නානුඔය දුම්රිය ස්ථානයේදි ඕඩිසි දුම්රියට ඇතුම් විදේශ සංචාරකයින් ඇතුලත් කර නොගැනීම හමුවේ නානුඔය දුම්රිය ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් ඇති වීම නිසා නානුඔය පොලිසියේ නිළධාරින් නානුඔය දුම්රිය ස්ථානය දක්වා කැදවීමටද නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරින් පියවර ගැනිණ.
රංජිත් රාජපක්ෂ
+++
+
රුපියල් කෝටි 11 කට අධික වටිනා රත්‍රං බිස්කට් 28 ක් සමග අයෙක් අත්අඩංගුවට
(11.08.2025 – hirunews.lk)
නීති විරෝධී ලෙස ගුවන් මගින් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 11 කට අධික වටිනා රත්‍රං කිලෝ 03 ග්‍රෑම් 266 ක් සමඟ සැකකරුවෙකු අද (11) කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකය විසින්.
අද (11) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි වැටලීම සිදුකළේ.
එම ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඩුබායි රටේ සිට ගුවන් මගින් මෙරටට පැමිණි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද රත්‍රං බිස්කට් 28 ක් සමගයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක් වන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු වාහන අමතර කොටස් මෙරටට ආනයනය කරන ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් වාහන අමතර කොටස් තුල සූක්ෂමව සඟවා මෙම රත්‍රං තොගය මෙරටට රැගෙනවිත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴
බැංකුවට සින්න වූ ඉඩම වෙන්දේසියේදී දයා ගමගේ යකා නටයි – රුපියල් මිලියන 225 ක් අරන් ගෙවා නෑ – තලාතුඔය පොලීසියෙන් පරීක්ෂණයක්
(12.08.2025 – dinamina.lk)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ඇමැතිවරයෙක් ද වන ‘දයා ගමගේ’ රුපියල් මිලියන 225 ක මුදලක් ලබා ගැනීම සඳහා ජාතික සංවර්ධන බැංකුවට උකස් කරන ලද ඉඩමක් බැංකුවට සින්නවීමෙන් පසු ඊයේ (11) එම ඉඩම වෙන්දේසි කිරීමට යාමේදී හිටපු මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමඟ පැමිණ කලහකාරි ලෙස හැසිරෙමින් වෙන්දේසි ලේඛන උදුරා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
තලාතුඔය පොලිස් වසමේ හාරගම මාලිගාතැන්න ප්‍රදේශයේ පිහිටි අක්කර 20 ක් පමණ වන ඉඩම දයා ගමගේ විසින් බැංකුවට උකස් කර අදාළ මුදල ලබාගෙන ඇත්තේ 2013 වසරේදීය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය මෙන්ම ඇමැති ධුරයක් ද හොබවන ලද දයා ගමගේට අයත් එම ඉඩම ජාතික සංවර්ධන බැංකුව මඟින් වෙන්දේසි කිරීමට තීරණය කිරීමෙන් පසු බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු වන දුෂ්‍යන්ත ධම්මික බණ්ඩාර හේරත් ඇතුළු කණ්ඩායමක් ඊයේ (11) පෙරවරුවේ අදාළ ඉඩම වෙත ගොස් ඇත.
වෙන්දේසි කටයුතු සිදු කරමින් තිබියදී දයා ගමගේ පෙරවරු 11:00 ට පමණ පැමිණ එම වැඩකටයුතුවලට බාධා කරමින් වෙන්දේසි ලේඛන උදුරා ගත් බව දුෂ්‍යන්ත ධම්මික බණ්ඩාර හේරත් තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් කරමින් ප්‍රකාශ කර තිබේ.
අදාළ වෙන්දේසිය නිත්‍යනුකූල නොවන බව පවසමින් දයා ගමගේ ද පැමිණිල්ලක් කළ බව තලාතුඔය පොලීසිය පවසයි ෴
ගණිකා සේවයේ යෙදුණු වීදී කතුන් 9 ක් පොලිස් දැලේ
(11.08.2025 – dinamina.lk)
දෙහිවල පොලිස් වසමේ රාත්‍රී කාලයට මාර්ග අසල රැඳී සිටිමින් වීදි ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධය විමර්ශන කාර්යාංශය කියයි.
ඉකුත් මාස කීහිපය තුළ දෙහිවල ගල්කිස්ස සහ කොහුවල පොලිස් වසම් වල රාත්‍රී කාලයට විවිධ කාර්යයන් සහ රැකියා නිමකර අදාල නිවස්නයන් කරා යමින් සිටින ආගන්තුක පිරිමි පුද්ගලයන් මුලාකර ඔවුන් ලැගුම්හල්වලට සහ පාළු ස්ථානවලට රැගෙන ගොස් දේපළ කොල්ල කෑම් කීපයක් පොලිස් ස්ථානවලට වාර්තා වීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස අපරාධය විමර්ශන කාර්යාංශය විසින් මෙම වැටලීම සිදුකළ බව ගල්කිස්ස පොලීසිය පැවසීය.
මෙම වැටලීමේදී අත්අඩංගුවට ගනු ලැබු සැකකාරියන් වයස අවුරුදු 26 – 51 අතර පසුවන දෙහිවල සහ මොරටුව පදිංචිකාරියන් වන අතර, ඔවුන් සන්තකයේ තිබී උපත් පාලනය කොපු රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
එම වීදී කතුන් රාගය ඇති වන ආකාරයෙන් අඩ නිරුවතින් රාත්‍රී කාලයට පුද්ලයින් ගැවසෙන සුරාසැල්, පොදු ප්‍රවාහන සේවා ස්ථාන සහ මාර්ග අසල තැනින් තැන රැඳීසිටිමින් ආගන්තුක යැයි හැඟවෙන ඔවුන්ගේ ග්‍රහනයට ගැතහැකි පිරිමි පුද්ගලයන් වෙත සූක්‍ෂම ලෙස ලංවී ඔවුන්ව මුලාකර ලැගුම්හල් වලට හෝ පාළු ස්ථානවලට රැගෙන යාම සිදුකර මෙලෙස දේපළ කොල්ල කෑම් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම සිද්ධීන් පිළිබදව පොලිස් ස්ථානයය වෙත ලද පැමිණිලි සදහන් ව ඇති ආකාරයට ඇතැම් කතුන් එම පුද්ගලයන් ලැගුම්හල් වලට හෝ පාළු ස්ථානවලට රැගෙන ගොස් ඔවුන්ගේ වටිනා දේපළ වෙනත් පුද්ගලයන්ගේද සහයෝගය ඇතිව මරණිය තර්ජන කර කොල්ලකෑම් පවා සිදුකර ඇතැයිද මොවුන්ගේ ග්‍රහයනට ලක් වූ ඇතැම් පිරිමි පුද්ගලයන් පැමිණිලි කර නැති බවද අනාවරණය බව උසස් පොලිස් නිලධාරීන් කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා දෙහිවල පොලිසිය වෙත භාරදී ඇත.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ඇතුළු විමර්ශන කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත් පවත්වයි ෴
ශිෂ්‍යත්වයේ මේ පාරත් අවුලක් | නාවලපිටියේ සිසුවියන් පිරිසකට වෙලා තියෙන අසාධාරණේ බලන්නකෝ (12.08.2025)
+
වැල්ලවායම භීතියට පත් කළ තෙලුල්ල ෂෙඩ් එකේ ගින්න… ඇගකිළිපොලා යන දර්ශන මෙන්න (12.08.2025)
+
විමල් – මුජිබර් අඹරන්න ආපු JVP ලාල්ට කනේ ඇඟිලි ගහගන්න කියලා දීපු හැටි (12.08.2025)
+
JVP එකෙන් එළියට බැහැපු ප්‍රබලයෝ ඇඟ හිරිවැටෙන හෙළිදරව් ගොඩක් කරයි (12.08.2025)
+
උදේම එන කොළඹ බස් එක සුන්බුන් කළ මින්නේරියේ බිහිසුණු බස් ටිපර් අනතුර සජීවීව පටිගත වූ දර්ශන පෙළක් එළියට (12.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴