පියා කැපූ වැසිකිළි වළට වැටී කුඩා හෙලෝන් දිවි හැරයයි
(04.08.2025 – 11:08 +0530 – sinhala.adaderana.lk)
පියා විසින් කපා තිබූ වැසිකිළි වළට වැටී ඔහුගේ බාල පුත්‍රයා ජීවිතක්ෂයට පත්ය ඇති පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් ‘අද දෙරණ’ට වාර්තා විය.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි එම වතුයායේම 3 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හෙලෝන් සසාන් නැමති 08 හැවිරිදි සිසුවාය.
එම වතුයායේ ඉහළ කොටසේ වතුකම්කරුවෙකු විසින් අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදි කිරීම සඳහා අඩි 06 ක පමණ ගැඹුරකින් යුත් වළක් මෙම පියා විසින් කපා තිබී ඇත.
මෙම කුඩා දරුවා වැසි ජලය පිරී තිබූ එම වළ අසළින් ඊයේ (03) ගමන් කරමින් සිටි අවස්ථාවක ඔහු එම වළට වැටෙන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් සැකපල කරයි.
මද වෙලාවක සිට සිය බාල පුත්‍රයා නිවසේ නොමැතිවීමත් හේතුවෙන් පියා විසින් ඒ පිලිබඳව සොයා බලා තිබේ.
පසුව ඇති වූ සැකයක් මත වැසිකිළි වළ අසල පරීක්ෂා කිරීමේ දී එම ස්ථානයේ තිබී දරුවාගේ පාවහන් යුගළ දැක ඇත.
පසුව ඔහු වළ තුලට බැස පරික්ෂා කිරීමේ දී එහි සිය පුත්‍රයා සිටින බව දැක අසල්වාසීන්ගේද සහාය ඇතිව දරුවා ගොඩට ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළද ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය පරික්ෂණ පවත්වයි.
+
ගම්පහ සිට කඩුවෙල ඇතුළු මාර්ග 06 ක පෞද්ගලික බස් රථ වර්ජනයක්
(04.08.2025 – hirunews.lk)
ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ නොදීමට විරෝධය පළ කරමින්, ගම්පහ – කොළඹ, ගම්පහ – කඩුවෙල සහ තවත් ගමනාන්ත කිහිපයක පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.
ගම්පහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සි.වී. ගුණවර්ධන කියා සිටියේ අද (04) උදෑසන සිට ගම්පහ – කොළඹ ඇතුලු ගමනාන්ත 06 පමණ මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.
මීට පෙර බස් රථ නතර කරනු ලැබූ රවුම් කඩේ නමැති ස්ථානයෙන් අද (04) උදෑසන සිට බස් රථ නතර කිරිමට ඉඩ ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ද සභාපතිවරයා සඳහන් කළා ෴
මාල උස්සන්න ගිය කාන්තාව කාපු කෑම (03.08.2025)
+
ධර්ගා නගරයේ පාරක් කොන්ක්‍රීට් කරන ව්‍යාපෘතියකදී සිදු වූ බිහිසුණු අනතුර – තරුණියකගේ ජීවිතය අනූනවයෙන් බේරුණු හැටි CCTV කැමරාවේ (03.08.2025)
+
යතුරු පැදියෙන් පැමිණ කළ වී සොරකම (01.08.2025)
+
අනුමැතියක් නොමැති පළිබෝධ නාශක තොගයක් සමග අයෙකු අත්අඩංගුවට
(04.08.2025 – hirunews.lk)
පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතියකින් තොරව නිෂ්පාදනය කරන ලද පළිබෝධ නාශක පැකට් 1,800 ක් විකිණීමට ගෙන යමින් සිටි පුද්ගලයෙකු දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව, දිවුලපිටිය හපුවලාන මාර්ගයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කඳාන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ගුවන් හමුදාවෙන් පළා ගිය පුද්ගලයෙක් බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෙම පළිබෝධ නාශක පැකට්ටු මත “පිටි මකුණන්ගෙන් වගාවට සිදුවන හානිවලට සහ කොළ කොඩවීම මර්දනයට” යැයි සඳහන්ව ඇති අතර, ඒවායේ සඳහන්ව ඇති ලියාපදිංචි අංක ව්‍යාජ ඒවා බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් පළිබෝධ නාශක තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් (200,000) පමණ වන බවට තක්සේරු කර ඇති අතර, සැකකරු කලක සිට නීතිවිරෝධී ලෙස මෙම වෙළඳාමේ නිරතව ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා ෴
මහ රෑ තල්ගස්වල රත්කළ ගින්න (04.08.2025)
+
සජිත් ගම්මන්පිල හදිසි හමුවක් – මහ බැංකු වංචාවට වඩා විශාල, ආණ්ඩුවේ දූෂණයක් එළියට (04.08.2025)
+
මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් – රටේම ජනතාව නොමඟ යවන්න හදන සුක්ෂම කල්ලියක් ගැන තොරතුරු රැසක් (03.08.2025)
+
ආනයනය කළ වාහන 500 කට නොසිතූ දෙයක් සිද්ධ වෙලා… ප්‍රොසෙස් එකේ ප්‍රශ්නයක්ලු | වැඩිපුරත් ගෙවන්න වෙලා (04.08.2025)
+
ඉන්දියාව සමග ලංකාව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම් 02 ක් නිෂ්ප්‍රභ කරයි
(04.08.2025 – hirunews.lk)
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් (02) විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.
දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් සහ ‘විනිවිද පෙරමුණ’ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා ෴
https://www.bbc.com/sinhala/articles/ckge1ky0qlwo.lite
පොලිස් නිලධාරියෙකුට පහරදීමක්
(04.08.2025 – 20:15 +0530 – sinhala.adaderana.lk)
කළුතර එගොඩ උයන පොලිසියේ නිලධාරියෙකුට පිරිසක් අද (04) පහරදීමක් සිදුකර තිබේ.
‘අද දෙරණ වාර්තාකරු’ පැවසුවේ කළුතර නාගොඩ වෙනිවැල්කැටිය ප්‍රදේශයේ සිය නිවෙසේ රැඳීසිටින අවස්ථාවේ කඩු, පොලු සහිතව පැමිණි දස දෙනෙකු (10) ගෙන් යුත් පිරිසක් මෙලෙස පොලිස් නිලධාරියාට පහරදී ඇති බවය.
පහරකෑමෙන් තුවාල ලද පොලිස් නිලධාරියා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට අදාළ නිලධාරියා කටයුතු කර ඇති අතර ඉන් කෝපයට පත් පිරිසක් මෙලෙස පහරදී ඇති බව පවසයි ෴
බලය පිහිටුවන්න සහය දුන් මන්ත‍්‍රිලාගේ මත්ද‍්‍රව්‍ය චෝදනා යට ගහලා ..
(05.08.2025 – 05:55 +0530 – lankacnews.com)
පළාත් පාලන ආයතන වල බලය ලබා ගන්නා විට ඊට පෙර සිටි දේශපාලකයින්ගේ සහ නිලධාරිගේ දූෂණ වංචා අක්‍රමිකතාවක් ඉතා සම්බන්ධයෙන් දැඩි හඬක් නඟන ලද වර්තමාන ආණ්ඩුවේ බලයට පත්වුන ලද පුංචි ආණ්ඩුවල දේශපාලකයින් මැතිවරණ සමිදී ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ගත වූ මාස හතරක (4) කාල සීමාව තුළ අසමත්ව ඇති බව ‘දෙහිවල ගල්කිස්ස විපක්ෂ කණ්ඩායම් නායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා’ පෙන්වා දෙයි.
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරුන්ගේ පාලන කාලය තුළදී නගර සභාවේ නිල රථ අවභාවිතාවන් සම්බන්ධව අදාළ වාහන අංක හා ඡායාරූප නගර සභා සැසි වාර වලදී තමන් විසින් ඉදිරිපත් කරන ලද නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට වර්තමාන නගර සභා පාලනය අසමත් වීම මත පැරණි දූෂිත දේශපාලකයින් සමග ඔවුන්ගේ ගනුදෙනු පවතින්නේදැයි බලවත් සැකයක් මතුවන බව ප්‍රකාශ කළේය.
දැනටමත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියකගේ සමීපතම ඥාතියකු ට මත්පැන් මත්ද්‍රව්‍ය චෝදනා මත පසුගියදා අත්අඩංගුවට ගැනීමක්ද සිදුවූ අතර ප්‍රදේශයේ දූෂණ චෝදනා එල්ල වී ඇති බොහෝ පුද්ගලයින් රැසක් පසුගිය මැතිවරණවලදී වර්තමාන ආණ්ඩුවට සහයෝගය ලබාදීම නිසා වර්තමාන පරිපාලනය මෙම හිටපු දූෂිත දේශපාලකයින් හා ඔවුන්ට සහයෝගය ලබා දෙන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත නිසා දැනටමත් අදාළ බල ප්‍රදේශවල නව පාලනයක් අපකීර්තියට පත්වෙමින් පවත්වන බවද ප්‍රකාශ කළේය.
දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති පාලන කාලවල දී සිදු වූ දූෂණ සම්බන්ධයෙන් විපක්ෂය දැනටමත් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කොට ඇති බවද ඔහු සඳහන් කළේය ෴
හිටපු ජනාධිපති ලේකම් ‘සමන් ඒකනායක’ට CIDයෙන් කැඳවීමක්
(04.08.2025 – hirunews.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම් ‘සමන් ඒකනායක’ හෙට (05) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් භාවිත කරමින් සිදුකළ බව කියන විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.
එමෙන්ම ඊට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ලේකම්රිය ලෙස කටයුතු කළ ‘සැන්ඩ්‍රා පෙරේරා’ අද (04) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා ෴
Starlink උපාංග මෙරට බෙදා හැරීමේ අයිතිය ‘සිංගර්’ට
(04.08.2025 – hirunews.lk)
මෙරට මෙහෙයුම් ක්‍රියාත්මක කළ ‘ස්ටාර්ලින්ක් සැටලයිට්’ අන්තර්ජාල සේවාවට අදාළ උපාංග සඳහා මෙරට නිල බෙදාහරින්නා වශයෙන් ‘සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී’ පත් කර ඇති බව වාර්තා වනවා.
‘සිංගර් (ශ්‍රී ලංකා)’ හි නිල ෆේස්බුක් පිටුවෙහි මේ බව ඉඟි පළකරමින් සටහනක් තිබෙනවා.
මේ අතර Starlink Sri Lanka Official ෆේස්බුක් පිටුව විසින් මේ බව තහවුරු කරමින් පෝස්ටුවක් පළකර තිබෙනවා.
‘සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී’ යනු ‘හේලීස් සමූහය’ට අයත් ලැයිස්තුගත සමාගමක්.
‘සිංගර් (ශ්‍රී ලංකා)’ හි 67.13% ක කොටස් හිමිකාරීත්වය ‘හේලීස් පීඑල්ස්’ සතුවන අතර, හේලීස් හි 51.01% ක කොටස් හිමිකාරීත්වය ව්‍යාපාරික ‘ධම්මික පෙරේරා’ සතුව පවතිනවා.
‘ස්ටාර්ලින්ක්’ යනු අධිවේගී අන්තර්ජාල පද්ධතියක් වන අතර එය ‘ෆයිබර් ඔප්ටික් කේබල්’වලට වඩා වේගයෙන් දත්ත හුවමාරු කිරීමට සමත් චන්ද්‍රිකා දහස් සංඛ්‍යාවකින් සැදුම්ලත් පද්ධතියක් ෴
කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්
(04.08.2025 – hirunews.lk)
අවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (05) දින කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව, හෙට (05) පෙ.ව 10:00 සිට රාත්‍රී 10:00 දක්වා කළුතර දකුණ, කළුතර උතුර, නාගොඩ, වස්කඩුව, පොතුපිටිය, සහ වාද්දුව යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
මෙම ජල කප්පාදුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය කණගාටුව පළ කරන අතර, ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ඉල්ලා සිටියි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴