තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදුගොස් අතුරුදන්වූ ධීවරයින් සොයා KA-350 බීච්ක්‍රාෆ්ට් යානය යොදවයි
තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදුගොස් අතුරුදන්වූ ධීවරයින් සොයා KA-350 බීච්ක්‍රාෆ්ට් යානය යොදවයි
(29.06.2025 – 11:24 +0530 – sinhala.adaderana.lk)
තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදුගොස් අද (29) පෙරවරුවේ අනතුරට ලක් වූ බහුදින ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා (2) සෙවීමට සඳහා ගුවන් හමුදා KA-350 ගුවන් හමුදා බීච්ක්‍රාෆ්ට් යානයක් යොදවා තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ, මේ වනවිට පැයක පමණ කාලය සිට එම යානයෙන් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයමින් සිටින බවය.
අදාළ බහුදින ධීවර යාත්‍රාව අනතුරට ලක්වන විට එහි ධීවරයින් 6 දෙනෙක් සිටි අතර, ඉන් සිව් (4) දෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකිවිය.
+++
බේරුවලදී අතුරුදන්වූ ධීවරයින් දෙදෙනාගේ (2) සිරුරු හමුවෙයි
(29.06.2025 – 11:01 +0530 – sinhala.adaderana.lk)
කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් පෙරළී අතුරුදන්වූ ධීවරයින් දෙදෙනාගේ (2) මළ සිරුරු සොයාගෙන තිබේ.
ධීවර යාත්‍රාවේ සිටි දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකුගේ දේහය වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගත් අතර ඊට නුදුරින් පාවෙමින් තිබියදී ඔහුගේ අනෙක් (1) පුද්ගලයාගේ දේහයද සොයාගනු ලැබීය.
ඊයේ (28) උදෑසන ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබියදී මෙම අනතුරට මුහුණ දී තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි ‘නදුන් කුමාර’ සහ ඔහුගේ සහෝදරයා වන ‘දුමින්ද නදුන් කුමාර’ යන අයය.
පළමුව ඔවුන් අතුරුදන්ව සිටි අතර ඔවුන් සොයා අවට පිරිස් විසින් බෝට්ටු යොදා ගනිමින් විමර්ශන ආරම්භ කර තිබූණි ෴
+++
+++
තවත් ධීවර යාත්‍රාවක් අනතුරක – දෙදෙනෙක් (2) අතුරුදන්
(29.06.2025 – 06:48 +0530 – sinhala.adaderana.lk)
තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ.
අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6 දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් (4) දෙනෙකු දිවි බේරාගෙන ඇත.
ධීවරයින් දෙදෙනෙකු (2) අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා (2) සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද වාර්ථා වේ.
ඔවුන් ධීවර කටයුතුවල නිරතවී ආපසු එමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.
බේරාගත් ධීවරයින් සිව්දෙනා (4) මේ වන විට තංගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
පෙර දිනත් ධීවර යාත්‍රා 3 ක් අනතුරකට පත්වෙයි.
මේ අතර ඊයේ (28) දිනයේද ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්විය.
ඒ අනුව ඊයේ (28) උදෑසන දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවක් අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් 5 දෙනෙකුගෙන් දෙදෙනෙකු (2) බේරා ගනු ලැබූ අතර තවත් ධීවරයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වූ අතර එක් (1) ධීවරයෙක් තවමත් අතුරුදන්ව තිබේ.
කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් දෙදෙනෙකු (2) ඉන් අතුරුදන්ව තිබුණි.
හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද ඊයේ (28) පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරට පත්ව තිබුණි.
අනතුරට පත්වන අවස්ථාවේදී ධීවරයින් 6 දෙනෙකු යාත්‍රාවේ සිට ඇති අතර ඔවුන් දිවි බේරා ගැනීමට සමත් විය ෴
+++
+
ජීවිත දෙකක් (2) බේරාගත් පොලිස් මෙහෙයුම
(29.06.2025 – 09:00 +0530 – sinhala.adaderana.lk)
උස්සන්ගොඩ වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.
ඊයේ (28) සවස් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම පුද්ගලයින් දෙදෙනා (2) බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් දීමෙන් පසු භාරකරුවන් වෙත භාරදී ඇත.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ හුංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 හා 34 වයස්වල පසු වන දෙදෙනෙකි.
පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 55986 අනුර, පොලිස් කොස්තාපල් 99168 දුලාජ් හා පොලිස් කොස්තාපල් 104435 සරත්චන්ද්‍ර යන නිලධාරින් විසින් එම පුද්ගලයින් දෙදෙනා (2) බේරාගැනීම සිදුකර ඇත ෴
වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතුයි.. දේපල වංචාවක් ගැන උදය ගම්මන්පිල හෙලි කරයි..
(29.06.2025 – 14:10 +0530 – lankacnews.com)
වත්මන් මාලිමා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය සහ දූෂණ විරෝධී පෙරමුණේ නායක වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතුව සිටින පුද්ගලයෙක් බව ‘පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල’ කරුණු අනාවරනය කරයි.
වෘතීය සමිතියකට අයත් දේපලක් වංචනික ලෙස අවභාවිතා කිරීම සම්බන්දයෙන් ගල්කිස්ස උසාවියේ පවරා ඇති නඩුවකට අදාලව වසන්ත සමරසිංහ මෙසේ අත්අඩංගුවට ගත යුතු වුවද මේ දක්වා එය සිදු කිරීමට පොලීසිය අපොහොසත් වී ඇතැයි ගම්මන්පිල සදහන් කරයි.
මාලිමා රජයේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගාරාධිපති රන්ජන් ජයලාල් යන අය ද පාර්ශවකරුවන් වන මේ ආන්දෝලනාත්මක ගණුදෙනුව සම්බන්ධයෙන් සම්පුර්ණ කරුණු අඩංගු හෙළිදරව්වක් සිය යූටියුබ් නාලිකාව මගින් සිදු කරමින් උදය ගම්මන්පිල මේ අදහස් පල කර සිටියේය.
මීට අමතරව සහල් අර්බුදය, උතුරේදී ධීවර ඇමතිවරයාට එල්ලවූ විරෝධය පිටුපස ක්‍රියාත්මක වූ බලවේග, යලි ඇතිවූ රේගුවේ බහාලුම් තදබදය, සූර්ය බලශක්තියට මාලිමාවෙන් කුඩම්මාගේ සැලකිලි ලැබීමට හේතුව, ඉරාන ඊශ්‍රායල සටන් විරාමයේ නවතම තොරතුරු ඇතුළු කාලීන තොරතුරු රැසක් මෙම වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් විය.
සම්පුර්ණ වැඩසටහන :
+
සිංහල බෞද්ධයෝ ඉන්නකන් මට තනියක් නෑ..! | ඉශාක් කිව්ව සංවේදීම කතාව | කරපු උදව් වලටත් හිස නමා ස්තූති කරයි (29.06.2025)
+++
ඉෂාක් ගැන දැනගත්ත ගමන් අනුර කරපු වැඩේ | ඉෂාක්ටත් ඒ ගැන මාර සතුටුයි | ඇමති සුනිල් සියල්ල මාධ්‍යට කියයි (29.06.2025)
+++
ඉෂාක් බෙග් මහතාගේ මෙම ගිණුමට පමණක් මුදල් බැර කරන්න :
Mohideen Ishaq Baig
A/C No.:
1320004133
Commercial Bank
Maradana Branch
Sri Lanka
කෝටි ගනන් හොයපු රණතුංග පවුලටත් බඩු හරි (30.06.2025)
+
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ව අත්අඩංගුවට ගන්න යයි! ගඩොල් වලින් ගහලා. තවත් 5 ක් හවුල් (2025.06.30)
+
ඒකි (මහේෂි) මට තර්ජනය කරනවා, රු. ලක්ෂ 2 කට කට වැහුවා | ජපුරේ දොස්තර නෝනාගේ සිද්ධිය | හෙදියක් ඇත්ත වමාරයි (30.06.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴