දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ධීවරයෙකු (1) බේරා ගැනේ

දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ධීවරයෙකු (1) බේරා ගැනේ


දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ධීවරයෙකු (1) බේරා ගැනේ

(28.06.2025 – 16:25 +0530 – sinhala.adaderana.lk)

අනතුරට ලක් වූ ධීවර යාත්‍රාවේ අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනා (2) ගෙන් එක් (1) ධීවරයෙකු යාත්‍රාවේ සිරවී සිටියදී බේරාගෙන තිබේ.

ඒ අනුව එම ධීවරයා නාවික හමුදාව විසින් බේරාගෙන මේ වනවිට ගාල්ල වරායට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසයි.

එමෙන්ම එම ධීවරයා යහපත් ශරීර තත්ත්වයෙන් සිටින බවද සඳහන්.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව මෙම යාත්‍රාවේ ධීවරයින් 5 දෙනෙකු සිට තිබේ.

ඉන් එක් (1) ධීවරයෙකු අද (28) පෙරවරුවේ බේරාගත්තද, සිව්දෙනෙකු (4) අතුරුදන්ව තිබුණි.

එම අතුරුදන් ධීවරයින්ගෙන් දෙදෙනෙකුගේ (2) සිරුරු හමු වූ අතර, එම සිරුරු මේ වනවිට නාවික හමුදාව විසින් ගොඩට රැගෙනවිත් තිබේ.

ඒ අනුව අනෙක් අතුරුදන් ධීවරයින් දෙදෙනා (2) සොයන අතරවාරයේ මෙම බේරාගත් ධීවරයා (1) යාත්‍රාවේ සිරවී සිටියදී මෙලෙස බේරාගෙන ඇත.

තවත් එක් (1) ධීවරයෙක් අතුරුදන්ව සිටියි ෴

+++

+++

+++

+++

+++

ගාල්ල සහ කළුතරදී ධීවර යාත්‍රා 02ක් අනතුරට

(28.06.2025 – hirunews.lk)

බස්නාහිර සහ දකුණු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක් හා එක්දික ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වී ධීවරයින් 06 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ බහුදින ධීවර යාත්‍රාවත් හා කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය කුඩා ධීවර යාත්‍රාවක්.

බහුදින ධීවර කටයුතුවල නිරතවන දිනේෂ් 04 නමැති බහුදින ධීවර යාත්‍රාව ඊයේ රාත්‍රියේ දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව තිබුණේ ධීවරයින් 05 දෙනෙකුද සමගයි.

යාත්‍රාව දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වී සැතපුම් 25ක් පමණ ගැඹූරු මුහුද දක්වා යාත්‍රා කර තිබුණා. එම ධීවර යාත්‍රාව ආසන්නයෙන් ගමන්ගත් වානිජ නෞකාවක ගැටී තිබූ අතර අනතුරින් යාත්‍රාව පෙරළී ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදා සඳහන් කළේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් හා ගලවා ගැනීමේ යාත්‍රාවක් ගාල්ල වරායෙන් කඩිනමින් එම මුහුදු සීමාවට පිටත් වූ බවත් එහිදී අනතුරට පත් බහුදින ධීවර යාත්‍රාවේ ඉහළ කොටසේ රැඳී සිටි ධීවරයෙකු මුදාගත් බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, එම ධීවර යාත්‍රා වේ ස්කීපර්වරයා ලෙස කටයුතු කළ 48 හැවිරිදි ඒ.ඩබ්ලිව්.පී චමින්ද , A.W.P.S සමන්ත, 41 හැවිරිදි L.H.T.නිරෝෂන් , 58 හැවිරිදි A.D.S.W. ශාන්ත හා 44 හැවිරිදි P.B.T. සුජිත් කුමාර යන අයයි.

මේ අතර අනතුරට පත් ධීවරයින් මුදා ගැනීම සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාශර්ල් සම්පත් තුයියකොන්තාගේ උපදෙස් මත Y12 ගුවන් යානයක් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙළිකොප්ටර් යානයක්ද අදාළ මුහුදු සීමාවට පිටත් කර තිබෙනවා.

මේ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් හා ගලවා ගැනීමේ යාත්‍රාවක් හා එම මුහුදු සීමාවේ අදාළ ධීවරයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළා.

මේ අතර කලුතර බේරුවල මොරගොල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධනූෂා නමැති ඩිංගි යාත්‍රාවක්ද අනතුරට පත්වීමෙන් එහි ගමන් කළ ධීවරයින් දෙදෙනෙකුද අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අනතුරුට පත්ව ඇත්තේ අළුත්ගම ප්‍රදේශයේ පදිංචි නදුන් කුමාර සහ ඔහුගේ සහෝදරයෙකු වන දුමුන්ද නදුන් කුමාර යන පුද්ගලයින් දෙදෙනෙක් ෴

+++

අලුත්ගම මොරගල්ල මුහුදේ සිදුවූ බිහිසුණු අනතුර… “බාප්පව විසික් වුණා.. ‘ලයිෆ් ගාඩ්’ බහින්න බැහැ කිව්වා” (28.06.2025)

+


ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට

(27.06.2025 – 14:06 +0530 – sinhala.adaderana.lk)

සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා හරහා මෙම අපරාධයන් සඳහා පුරවැසියන් වැඩි වශයෙන් ගොදුරුවෙන බවට හඳුනාගෙන තිබේ.

අපරාධකරුවන් විසින් මෙවැනි වංචාවන් සිදු කිරීම සඳහා ප්‍රධාන ක්‍රමවේද 2 ක් භාවිත කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී පළමු ක්‍රමය ලෙස මුලින්ම ඉහත දක්වා ඇති සමාජ ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර යම් ව්‍යාපාරයකට මුදල් ආයෝජනයක් කරන ලෙසට දැනුම්දීමක් කරනු ලබයි.

පළමු පියවර ලෙස මෙම අයෝජනය සඳහා සුළු මුදලක් තැන්පත් කරන ලෙසට අපරාධකරුවන් විසින් දැනුම්දී එම සුළු මුදල සඳහා ප්‍රතිලාභයක් වශයෙන් සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් ආයෝජනය කළ මුදලට එකතු කර ලබාදීම සිදු කරනු ලබයි.

මෙවැනි පියවරයන් කිහිපයකදී ආයෝජකයාට ප්‍රතිලාභ ප්‍රමාණ වැඩිකරමින් ලබාදෙයි.

එහිදී මෙම පුද්ලයන්ගේ විශ්වාසය දිනාගැනීමට කටයුතු කර තවත් ආයෝජන අවස්ථා ඇති බව සඳහන් කරමින් විශාල ලෙස මුදල් ආයෝජනය කරන ලෙසට උපදෙස් ලබාදෙයි.

මේ ආකාරයෙන් මුදල් තැන්පත් කරවාගනු ලබන්නේ දේශීය බැංකුවල ඇති ගිණුම්වලට ය.

ඒ අනුව වැඩි මුදල් ප්‍රමාණයන් අවස්ථාවන් කිහිපයකදී ඉහත පරිදි තැන්පත් කළද ඒ සඳහා ප්‍රතිලාභ ආයෝජකයින්ට ලබා නොදීම සිදුකරයි.

මෙම ආයෝජකයන් ප්‍රතිලාභයන් ලබානොදීම සම්බන්ධයෙන් අපරාධකරුවන්ගෙන් අදාළ සමාජ ජාලා ඔස්සේ වීමසීමේදී එම අපරාධකරුවන් දන්වා සිටින්නේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් ආරක්ෂක බදු, රේගු ගාස්තු වැනි ගාස්තු ගෙවිය යුතු බවත් ඒ සඳහා ද අමතර මුදල් යෙදවුවහොත් ප්‍රතිලාභය ලබාදිය හැකි බවය.

ඒ අනුව තව තවත් මුදල් ප්‍රමාණ ආයෝජනය කරන ලෙසට දැනුම්දෙනු ලබයි.

දෙවැනි ක්‍රමය ලෙස ඉහත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලයන්ගේ ගිණුම් අංකයන් ලබාගෙන එම ගිණුම්වලට බැර වන මුදල් අපරාධකරුවන් විසින් සමාජ මාධ්‍ය ජාලා මඟින් දැනුම්දෙනු ලබන ගිණුම් වෙත හුවමාරු කරන ලෙසත් ඒ සඳහා ප්‍රතිලාභයක් වශයෙන් ගිණුමට තැන්පත් වන මුදලින් කොමිස් මුදලක් ගිණුම් හිමිකරුවන්ට ලබාදීම සිදු කරනු ලබයි.

මෙම ක්‍රමවේදය ඔස්සේ ඉහත විස්තර කරන ලද පළමු ක්‍රමය මගින් තැන්පත් කරගන්නා මුදල් විශාල ගිණුම් ප්‍රමාණයක් භාවිත කරමින් වෙනත් ගිණුම්වලට සංසරණය සිදු කරන බවට විමර්ශන නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.


කුරුණෑගල රෙදි හෙර (28.06.2025)

+


සිංහල කිව්වාම පුදුම ජාතිවාදී වෙලා | මැදගොඩ අභයතිස්ස හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (28.06.2025)

+++

ඉන්දියාවේ හිටිය තානාපති කෙනෙක් ඇවිත් මැදගොඩ අභයතිස්ස හිමිට හෙළි කළ රහස මුල්වරට එළියට (28.06.2025)

+


ශිරන්ති රාජපක්ෂගේ සල්ලි තිබුණේ ජෙරම් ප්‍රනාන්දු ලඟද ? (29.06.2025)

+


‘ඉෂාක් බෙග්’ගේ රු. කෝටිය සම්පූර්ණයි අනුරගෙනුත් ලොකු තෑග්ගක් | ලංකාවේ ඉන්නේ මහ පුදුම මිනිස්සු | ජනතාවටත් පනිවිඩයක් (29.06.2025)

+++

24.06.2025

+++

ඉෂාක් බෙග් මහතාගේ මෙම ගිණුමට පමණක් මුදල් බැර කරන්න :

Mohideen Ishaq Baig
A/C No.:
1320004133
Commercial Bank
Maradana Branch
Sri Lanka

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *