ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ රිමාන්ඩ්
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ රිමාන්ඩ්
(27.06.2025 – hirunews.lk)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ජූලි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
අද (26) ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
නිශාන්ත වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ වැඩිමහල් සහෝදරයා ද වනවා ෴
+++
+++
+
අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාට ඇප; ‘රාජිත සේනාරත්න’ අත්අඩංගුවට ගැනීමට නියමිතයි
(27.06.2025 – hirunews.lk)
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ‘අල්ලස් කොමිසම’ මගින් අත්අඩංගුවට ගත් ‘ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ’ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම සැකකරු ‘අල්ලස් කොමිසම’ විසින් අද (27) දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග හමුවට පමුණුවනු ලැබුවා.
එහිදී අල්ලස් කොමිසමේ සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් (3) මත මුදා හැරීමට නියම කළා.
ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවයි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ.
මෙහිදී මහේස්ත්‍රාත්වරිය ‘අල්ලස් කොමිසමේ නිලධාරීන්’ වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේදැයි විමසුවා.
ඊට පිළිතුරු දෙමින් ‘අල්ලස් කොමිසමේ නිලධාරීන්’ සඳහන් කළේ එවක විෂය භාර අමාත්‍ය ‘රාජිත සේනාරත්න’ මෙහි සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවයි.
‘අල්ලස් කොමිසම’ වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2013 වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළා.
‘කිරින්ද ධීවර වරායේ’ වැලි පිරිසිදුකර වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් ‘කොරියානු සමාගමකට’ පැවරීමට අදාළව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ‘එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න’ විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළා.
ඒ යටතේ පිරිසිදු කර වෙළඳපොළට මුදාහරණ වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300 මුදලක් ගෙවීමට අදාල සමාගම එකඟ වී ඇති අතර සෙසු පහසුකම් එම සමාගම විසින්ම සලසා ගැනීමටත් එකඟ වී තිබෙන බව ‘අල්ලස් කොමිසමේ නිලධාරිනිය’ සඳහන් කළා.
එහෙත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙනයාමේදී ‘ධීවර වරාය නීතිගත සංස්ථාව’ සතු ‘වැලිගොව්වා නෞකාව’ මෙන්ම අනෙකුත් පහසුකම් ද අදාළ ‘කොරියානු සමාගම’ වෙත ලබාදීමට සිදුවී ඇති බවත් ඒ තුළින් ‘ධීවර වරාය නීතිගත සංස්ථාවට’ රුපියල් ලක්ෂ 262 ක පාඩුවක් සිදුව ඇති බවත් එම නිලධාරිනිය කියා සිටියා.
මෙවැනි විදේශීය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ‘ධීවර වරාය නීතිගත සංස්ථාවේ’ අනුමැතිය ලබා ගැනීම මෙන්ම ‘අමාත්‍ය මණ්ඩලයේ’ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වුවත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එම නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති බවයි ‘අල්ලස් කොමිසමේ නිලධාරිනිය’ කියා සිටියේ.
මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රමවේදයෙන් බැහැරව ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා ‘භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය’ වැනි ආයතනවලින් ශක්‍යතා අධ්‍යයන වාර්තා ලබාගෙන නොමැති බවත් සඳහන් කළා.
මෙම ක්‍රියාවලිය තුළින් ‘ධීවර වරාය නීතිගත සංස්ථාවේ එවක සභාපතිවරයා’ වශයෙන් කටයුතු කළ මෙම සැකකරු ‘අල්ලස් පනතේ දූෂණය නැමැති වරද’ සිදුකර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සඳහන් කළේ මෙය වසර 13 කට වඩා පැරණි පැමිණිල්ලක් බවත් අදාල කාල සීමාව තුළ මෙම සැකකරු විසින් කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් සිදු කර නොමැති බවත් පැවසුවා.
අදාළ ‘කොරියානු සමාගම’ ගෙවීම් පැහැර හැරීමක් සිදු කර තිබුණේ නම් එය අයකර ගැනීම සඳහා නඩු පැවරීමට පියවර ගත යුතු බවත් එහෙත් ‘ධීවර වරාය නීතිගත සංස්ථාව’ එවැනි පියවරක් ගෙන නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
77 වන වියේ පසුවන සිය සේවා දායකයා රෝගී තත්ත්වයෙන් පසුවන හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙසයි ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළා ඉන් අනතුරුව පැමිණිල්ල සැප්තැම්බර් මස 26 වන දා කැඳවීමටද නියම වුණා.
+
රිමාන්ඩ් වූ හිටපු සෞඛ්‍ය ලේකම්ගේ පවුලටම බඩු හරි වගේ | නොසිතූ මොහොතක අද ආපු අලුත්ම පුවත මෙන්න… (27.06.2025)
+
අනුරාධපුරේ ඉඳලා ත්‍රිකුණාමලයට යන්න තියන මින්හින්තලේ මහකනදරාව වැව පාරට වෙච්චි දේ (27.06.2025)
+
ඉන්ධන බවුසරයක් මහපාරේ පෙරළී යයි; ඉන්ධන රැස් කරන්න ජනතාව පොරකයි
(27.06.2025 – hirunews.lk)
කිලිනොච්චිය පුනරීන් මාර්ගයේ කුඩමුරිට්ටි ප්‍රදේශයේදී අද (27) අලුයම් කාලයේදී ඉන්ධන බවුසරයක් පෙරළීම හේතුවෙන් එහි රැගෙන ගිය ඉන්ධන විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
මෙම ඉන්ධන බවුසරය මුතුරාජවෙල සිට කිලිනොච්චිය හරහා පුනරීන් මර්ගයේ යපනය කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ අවස්ථාවේදී අද (27) අලුයම් කලයේදී මෙලෙස පෙරලී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඉන්ධන බවුසරය පෙරලීම හේතුවෙන් එහි රියදුරුට සුලු තුවාල සිදුවී ඇති අතර බවුසරයටද දැඩි හානි සිදුව ඇති බවද සඳහන්.
කෙසේ වෙතත් ඉන්ධන බවුසරය පෙරළීම හේතුවෙන් එහි රැගෙන යමින් තිබූ ඉන්ධන තොග විශාල ප්‍රමාණයක් ඉවතට ගොස් විනාශ වී ඇති අතර, අද (27) උදෑසන කාලයේදී ප්‍රදේශවාසී ජනතාව විසින් කාන්දු වූ ඉන්ධන තොග රැස් කොට රැගෙන යාමටද පියවර ගෙන තිබූ බවද අප වාර්තාකරු සඳහන් කළා.
ඉන්ධන බවුසරය පෙරලීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙලෙස පෙරලී යන්නට ඇතැයි පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය සැක පළකරනවා ෴
+++
+
කුරුවිට බන්ධනාගාරයේ සෙල්ලම් සේරම එළියට – රැඳවියන් තිදෙනෙක් එළියේ ? – ප්‍රධාන ජේලර් ගේම ගහනවා (27.06.2025)
+
ඔහු අද අසරණයි.. ඉෂාක් වෙනුවෙන් හැකි දෙයක් කරමු (26.06.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴