කෙහෙළිය රඹුක්වැල්ලටයි පවුලේ 5 දෙනාටයි අධි චෝදනා 43 ක් – හිටපු ජනපති රනිලුත් සාක්ෂිකරුවෙක් කරයි
කෙහෙළිය රඹුක්වැල්ලටයි පවුලේ 5 දෙනාටයි අධි චෝදනා 43 ක් – හිටපු ජනපති රනිලුත් සාක්ෂිකරුවෙක් කරයි
(26.06.2025 – nethnews.lk)
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා (3) හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම කොළඹ මහාධිකරණය හමුවේ අද (26) අධි චෝදනා ගොනු කළා.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා, දියණියන් තිදෙනා (3) වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල, බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයයි.
මෙම විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව 43 ක්. 2020 වසරේ අගෝස්තු මස 13 සහ 2024 වසරේ ජූලි මස 24 වනදා දක්වා කාලය තුළ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස වත්කම් රැස්කිරීම සහ ආධාර අනුබල දීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදවල් සිදුකළ බවට චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් අධි චෝදනා ගොනු කර තිබෙනවා.
මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.
මෙම නඩුව මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් සේ සලකා එය විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර අගවිනිසුරු වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු විසින් නම් කර තිබෙනවා.
එම විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබුවා.
‘හියුමන් ඉමියුනොග්ලොබින්’ සහ ‘රිටොප්සිමැප්’ නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබෙනවා.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති සංඛ්‍යාව 350 කට ආසන්නයි.
ඒ අතරට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ යන හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළත්.
ඊට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක්ද ඊට ඇතුළත් වනවා.
එමෙන්ම මෙම නඩුවට අදාළව නඩු භාණ්ඩ 300 කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙනවා ෴
+++
+
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා රිමාන්ඩ්
(26.06.2025 – nethnews.lk)
අයථා ලෙස වත්කම් රැස්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට අද (26) පමුණුවනු ලැබුවා.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අයථා ලෙස වත්කම් රැස්කිරීමේ සිද්ධියකට අදාලව දූෂණ විරෝධී පනත යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
මෙම සැකකරු පානදුර, පිංවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම සඳහා තම බිරිඳගේ නමින් පවතින ගිණුමකට මුදල් රැස් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි එහිදී පැවසුවා.
රුපියල් ලක්ෂ 350 කට ආසන්න මුදලක් මේ යටතේ රැස්කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් ඒවා සැකකරු විසින් අයථා ලෙස පරිහරණය කරන තිබෙන බවට සැක කළ හැකි කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
පසුව මෙම මුදල් පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම සඳහා රැස්කළ මුදල් බවට තමන් විසින්ම සකසනු ලැබූ දිවුරුම් ප්‍රකාශයකට විහාරස්ථානයේ රෝගී තත්වයෙන් පසුවූ හිමිනමකගෙන් අත්සන් ලබාගෙන තිබෙන බවයි අධිකරණයේදී ප්‍රකාශ වුණේ.
පසුව මේ පිළිබඳ විමර්ශනය කිරීමේදී අදාල ස්වාමීන් වහන්සේ මෙම දිවුරුම් ප්‍රකාශයට අත්සන් කර තිබෙන්නේ කියවා බැලීමකින් තොරව බවට කරුණු අනාවරණය වී ඇති බවත් කියා සිටියා.
ඊට අමතරව මෙම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 92 කට මිලදී ගනු ලැබූ ඉඩමක් රුපියල් ලක්ෂ 40 ක් ලෙස පෙන්වීමට උත්සාහ කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි අධිකරණයේදී ප්‍රකාශ වුණේ.
මෙම සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති හෙයින් මෙම විමර්ශන තවමත් අවසන් වී නොමැති නිසා මොහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායකයා කිසිදු ආකාරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වී නොමැති බවයි.
මෙම සියලු මුදල් රැස්කර තිබෙන්නේ සිය බිරිඳගේ ගිණුමට බව සඳහන් කළ නීතිඥවරයා නීති විරෝධී ක්‍රියාවක් කිරීමට සූදානම් වන පුද්ගලයකු ගිණුමකට මුදල් රැස්කරනවා දැයි ප්‍රශ්න කළා.
තම සේවාදායකයාගේ සේවා කාලය තුළ වාහන බලපත්‍ර හතරක් පමණ ලැබී තිබෙන බවත් ඔහු ඒවා විකිණීමෙන් මුදල් උපයාගෙන තිබෙන බවත් පෙන්වා දුන්නා.
එසේ ලැබුණු මුදල් ඔහුගේ බිරිඳගේ සහ ඔහුගේ ගිණුම්වල තැන්පත් කර තිබෙන බවත් නීතිඥවරයා කියා සිටියා.
මෙම මුදල් රැස් කර තිබෙන්නේ ඔහුගේ බිරිඳගේ ගිණුමට නිසා බිරිඳ අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා, සිය සේවාදායකයා රජයේ සේවකයෙකු බැවින් මෙම චෝදනාවලට පැටලවීමට අල්ලස් කොමිසම උත්සාහ කරන බවටත් සඳහන් කළා
තම සේවාදායකයා සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැති නිසා ඔහු ඇප මත මුදා හරින ලෙසයි නීතිඥවරයා අවසානයේදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
+
කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කර සිරුර ජීප් රථයේම දමා ගිහින් (26.06.2025)
+
Hiru TV Balaya Live | Episode 599 | 2025-06-26 | Hiru News
+
‘මාලිමා පච’ තවත් 18 ක් එක පෙලට (25.06.2025)
+
බොරු කියලා බලය ගත්තාට කරගෙන යන්න බෑ (26.06.2025)
+
පාරිභෝගික ඇමතිටත් ජම්පරේ | ආනයනය කරපු ලුණුවලින් කරන්න යන හොඳ හොඳ කස්තිරම්, අඩව් එකින් එක එළියට (27.06.2025)
+
මිනිස් ඇටකටු තොගයක් වළක හංඟලා – වීරවංශගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (27.06.2025)
+
බැසිල් කරපු දූෂිත වැඩක් එළියට… කිරි හරක්ගෙන් ගසා කාපු හිටපු ඇමතිලා ලිස්ට් එක මෙන්න (27.06.2025)
+
පල්දෝරු පද්ධතිය අක්‍රිය වෙලා; අනුරපුර රෝහලේ අපද්‍රව්‍ය මල්වතු ඔයට – ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් (27.06.2025)
+
රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයක් නිසා සිදු වූ බස්රථ අනතුර… රියදුරු මියයයි (27.06.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴