ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ අමුතු සැත්කම් ගැන තවත් තොරතුරු

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ අමුතු සැත්කම් ගැන තවත් තොරතුරු


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ අමුතු සැත්කම් ගැන තවත් තොරතුරු

(24.06.2025 – 21:50 +0530 – sinhala.adaderana.lk)

දූෂණ චෝදනා එල්ල වී සිටින ‘ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න’ රෝගීන් ලවා තමන්ට අයත් පෞද්ගලික ආයතනයකින් ශල්‍ය උපකරණ ගෙන්වාගෙන මොළය මියගිය රෝගීන්ටත් සැත්කම් සිදුකර ඇති බව අද (24) අධිකරණයේදී අනාවරණය වුණි.

ඒ, ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම’ අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනාම (3) ජුලි 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාරගත කිරීමට නියෝග කළාය.

අල්ලස් පනතේ දූෂණය නම් වරද යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න’ ඇතුළු සැකකරුවන් තිදෙනා (3) සම්බන්ධයෙන් වූ නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු දැක්වීය.

“ස්වාමීනී සැකකාර වෛද්‍යවරිය ජයවර්ධනපුර රෝහලේ එකම ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය යි. ‘ඊ.වී.ඩී නමැති ශල්‍ය උපකරණ’ ජයවර්ධනපුර රෝහලේ රුපියල් 17,500 ක මුදලකට ගන්න පුළුවන්. නමුත් සැකකාර වෛද්‍යවරිය රෝගින්ට කියලා තියෙන්නේ ඒවා පිටින් ගන්න කියලා. එය සිදුකර තිබෙන්නේ, සෙසු සැකකරුවන් දෙදෙනා (2) හරහායි. රෝගීන් යොමුකරලා තියෙන්නේ ‘එම්.එන්.එම්. මෙඩිකල් සර්විස්’ නමැති ආයතනයකට. එහිදී රු.17,500 ක රෝහලින් මිලදී ගන්න පුළුවන් ශල්‍ය උපකරණය රෝගින්ට අලෙවි කරලා තියෙන්නේ රුපියල් 150,000 සිට 250,000 අතර මුදලකට. ඊට අදාළ බිල්පත් විමර්ශනවලදී අනාවරණය වුණා. රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ. මිලදී ගන්නා ශල්‍ය උපකරණ කිසිම අවස්ථාවක රෝගීන්ගේ අතට දීලා නැහැ. ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාරයේ ප්‍රධාන හෙද නිලධාරීනියගෙන් ප්‍රශ්න කළ විට ඇය කියාසිටියේ ඇතැම් විට සැකකාර වෛද්‍යවරියම එම උපකරණ ශල්‍යාගාරයට රැගෙන එන බව.”

අනතුරුව විමර්ශන නිලධාරියා සැකකරුවන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරමින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

“ස්වාමිනි, මෙම වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ (23) පමණක් ඇයට එරෙහිව ඇමතුම් 92 ක් අල්ලස් කොමිසට ලැබිලා තියෙනවා. දැනට වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් 88 කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල සමාජ කැළඹීමක් හටගෙන තිබීමත්, වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ ‘චාමර ප්‍රසාද් අබේවර්ධන’ නමැත්තාට ජීවිත තර්ජනය එල්ල වී තිබීමත් සලකා බලා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

අනතුරුව සැකකාර ‘වෛද්‍ය මහේෂි විජේරත්න’ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

“ස්වාමීනි…. ශල්‍යකර්මවලට අවශ්‍ය ශල්‍ය උපකරණ පිටතින් මිලදී ගැනීම අලුත් දෙයක් නෙවෙයි. ජයවර්ධනපුර කියන්නේ මුදල් අය කරලා සැත්කම් කරන තැනක්. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නොවෙයි. ඒ නිසයි වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවෙලා තිබෙන්නේ. මේ නඩුකරයට අදාළ විමර්ශනය ආරම්භ වුණේ 2023 සිට. මගේ සේවාදායිකාව කිසිදු පුද්ගලයෙකුට තර්ජනය කර නැහැ. එබැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු ඉදිරිපත් වී නැති නිසා ඇය ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා.”

විත්තියේ නීතිඥවරුන්ගේ ඇප ඉල්ලීමත් සමඟ ‘අල්ලස් කොමිසම’ වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය මෙසේ කරුණු දැක්වීය.

“ස්වාමීනි… මේ සැකකාර වෛද්‍යවරිය ඖෂධවලින් සුව කළ හැකි රෝගින්වත් සැත්කම්වලට භාජනය කර තිබෙනවා. මොළය මියගිහින් හදවත යන්ත්‍රවලට සම්බන්ධ කර තිබූ රෝගීන්ටත් මෙම සැකකාර වෛද්‍යවරිය සැත්කම් සිදුකර තිබෙනවා. අවසානයේදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා එම සැත්කම් කර තිබෙන්නේ, රෝගීන් මියගොස් දින පහකට (5) පසුව බව. ස්වාමීනි… මෙම සැකකාර වෛද්‍යවරිය විශාල දේශපාලන බලයක් හිමි තැනැත්තියක්. ඇයට ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා සිදුවෙන්න පුළුවන්.”

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

(ජ’පුර ඩොක්ට හෙර සහ හොරු දෙක)

+++

+++

හොරු දෙන්නගෙන් එකෙක් ‘ඉන්දික ලියනගේ’. ඌ ගායකයෙක්. උගේ යූටියුබ් නාලිකාව :

https://www.youtube.com/@IndikaLiyanage/videos

+++

ත්‍රෛලෝකනාථ සම්බුදු පියේ ! ‘ඩොක්ට හෙර’ සමග කල හොරකම් වලට මම දැන් රිමාන්ඩ් !


‘දොඩම්වත්තේ චූටි නංගි’ අත්අඩංගුවට

(25.06.2025 – hirunews.lk)

කලක සිට මහියංගණ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට පැවසෙන මහියංගණ ගෙවල් 20 දොඩම්වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක් සහ ඇයගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු (2) ඊයේ (24) මහියංගණය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහියංගණ පොලිසියේ පොලිස් පරික්ෂකවරයාට ලද තොරතුරකට අනුව සිදු කල වැටලීමකදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 10.4 ක්, ජංගම දුරකථන 11 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 119,000ක මුදලක් සමගයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ‘දොඩම්වත්තේ චූටි නංගි’ නමින් හැඳින්වෙන කාන්තාවක්වන අතර, අත්අඩංගුවට ගත් අනෙත් සැකකරුවන් දෙදෙනා (2) වන්නේ ඇයගේ පියා සහ මස්සිනායි.

අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ තැනැත්තියක්.

ඇයගේ මවද මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් තැනැත්තියක් බවයි පොලිසිය පවසන්නේ ෴


හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ හිමියන් ධාවනයෙන් ඉවතට

(25.06.2025 – hirunews.lk)

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ හිමියන් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ නිසි ක්‍රමවේදයකින් තොරව මිල්ලෑව හොරණ හරහා කොළඹ දක්වා නව බස්රථයක් යෙදවීමට විරෝධය පළකරමින්.

මීට විසඳුමක් නොලැබුනහොත් ඉදිරියේදී සෙසු මාර්ග ද මෙම වර්ජනයට එක්කර ගන්නා බවයි හොරණ – කොළඹ මාර්ගයේ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි සඳහන් කළේ ෴


මිද්දෙණිය – තෝරකොළයායයේදී වෙඩි වැදී මියගිය දෙදෙනෙකුගේ (2) සිරුරු හමුවේ

(25.06.2025 – hirunews.lk)

මිද්දෙණිය – තෝරකොළයාය – තේක්කවත්ත ප්‍රදේශයේ තිබී වෙඩි වැදී මිය ගිය තරුණයන් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමුවී තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (24) රාත්‍රීයේ මෙලෙස සොයාගෙන ඇත්තේ, වයස අවුරුදු 25 ත් 30 ත් අතර වයස්වල පසුවන දෙදෙනෙකුගේ (2) සිරුරු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙම මළ සිරුරු අසළ තිබූ පිස්තෝල උණ්ඩ කොපු කිහිපයක් සොයගෙන ඇති අතර යතුරුපැදියක් ද අසළ තිබී සොයාගෙන තිබෙනවා.

මිද්දෙණිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

+


විදේශ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 05 ක අධික මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(25.06.2025 – hirunews.lk)

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින් 150 දෙනෙකුගෙන් රුපියල් කෝටි 05 ක අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ‘කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය’ විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 37 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (24) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිරුලපන ප්‍රදේශයේදීයි ෴


මියගිය කාන්තාවකගේ සිරුරක් ළිඳක තිබී හමුවෙයි

(25.06.2025 – hirunews.lk)

මියගිය කාන්තාවකගේ සිරුරක් ළිඳක තිබී හමුවී තිබෙනවා.

ඒ ධර්මපුරම් පොලිස් වසමේ පිරමන්දනාරු ප්‍රදේශයෙන්.

මියගිය කාන්තාවකගේ සිරුරක් ළිඳක තිබෙන බවට ධර්මපුරම් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 67 ක් වූ කාන්තාවක්.

මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙය ඝාතනයක් ද සියදිවි හානිකර ගැනීමක්ද යන්න පිළිබඳව ධර්ම පුරම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22 කගේ පන්ති තහනම්

(25.06.2025 – 08:18 +0530 – sinhala.adaderana.lk)

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22 කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබේ.

එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, නවකවධය ලබාදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පංති තහනම් කිරීම සිදුකළ බවය.

නවක සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවකවධය ලබාදෙන වීඩියොවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.

මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ සිසුන්ගේ පංති තහනම් කළ බව සඳහන්ය.

තෙවන (3) සහ දෙවන (2) වසරේ ඉංජිනේරු පීඨයේ සිසුන් 22 කුට මෙම පංති තහනම සිදුකර තිබේ.

නවකවධය ලබාදීමේ සිද්ධියට අදාළව පොලීසිය විසින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ අතර නවකවධය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පියවර ගෙන තිබේ ෴


“මේක අනුරත් අහන්න ඕන ප්‍රකාශයක්” | සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පත්තු වෙයි (25.06.2025)

(සෞඛ්‍ය නි.ඇමති හංසකගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පහලින්)

+++

මේක මේ මහලොකු අපරාධයක් නෙමෙයි | ජයවර්ධනපුර දොස්තර නෝනා ගැන සෞඛ්‍ය නි.ඇමති හංසකගෙන් රටම පැටලෙන කතාවක් (22.06.2025)

+


ඉෂාක් බෙග්ට රුපියල් කෝටියක් !

(24.06.2025 – youtube.com/@OpenDialoguewithSurangaPubudu)

ඉෂාක් බෙග්, ඔහු අද අසනීපෙන්. ඔහුට ගීත ගායනා කළ හැකි වුවත් ඔහු එය කරන්නේ ඉතාම අසීරුවෙන්. ඔහුව ඉක්මනින් සුව කරගැනීමට නම් ඔහුට විවේකය අත්‍යාවශ්‍යයයි.

නමුත් විවේකීව ඉන්නට නම් ඔහුට් යම් ආදායම් මාර්ගයක් තිබිය යුතුයි. නැවත වේදිකාවට ගොඩ වන තුරු, ඔහු සුවපත් වනතුරු අපේ යුතුකම අපි ඉටු කරමු !

ඇසළ පෝයට පෙර ඉෂාක්ට කෝටියක් !

+


ලෝකයේ කිසිවෙකු මෙතෙක් නොකල දැවැන්ත හාස්කම් – දීගොඩ කුමාර ගෙන් (25.06.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *