ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ බරපතල අන්දමින් නවක වධය

ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ බරපතල අන්දමින් නවක වධය


ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ බරපතල අන්දමින් නවක වධය

(22.06.2025 – hirunews.lk)

ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ බරපතල අන්දමින් නවක වධය ක්‍රියාත්මක වන බව එහි පළමු (1) වසරේ සිසුන් පවසනවා.

පසුගිය සතියේ අලුයම 2 ට පමණ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වූ තෙවැනි (3) වසරේ සිසුන් පිරිසක් තමන්ව බරපතල හිංසනයන්ට ලක් කළ බවත්, මේ හේතුවෙන් එක් (1) සිසුවෙකුට ප්‍රතිකාර ගැනීමට පවා සිදු වූ බවත් එම සිසුන් චෝදනා කරනවා.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක නවක වධය වැළැක්වීම සම්බන්ධයෙන් මේ වනවිට යළි අවධානය යොමුව ඇත්තේ ඉකුත් අප්‍රේල් 29 වැනිදා සබරගමුව සරසවියේ සිසුවෙකු මුහුණ පෑ ඛේදනීය ඉරණමත් සමගයි.

එවැනි පසුබිමක ඔලුවිල් හී පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ද නවක වදය බරපතල ලෙස ක්‍රියාත්මක වන බවට සරසවි සිසුන් චෝදනා කරනවා.

මීට පෙර අවස්ථා රැසකදී අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු (1) වසරේ සිසුන් නවක වදයට ලක්ව තිබූ බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා දැනුවත් කළ බවත් සිසුන් පවසනවා.

එහිදී තමන්ට මුහුණ දීමට සිදුවන හිංසනයන් පිළිබඳව ඊ-මේල් පණිවුඩ ඔස්සේද උපකුලපතිවරයා දැනුවත් කළ බවයි අගතියට පත් සරසවි සිසුන් පවසන්නේ.

නවක වදය අතරතුර තෙවැනි (3) වසරේ සිසුන් විසින් පළමු (1) වසරේ සිසුන් කිහිප දෙනෙකුට පහරදී තිබූ අතර එහීදී එක් (1) සිසුවෙකුගේ කනට දැඩි තුවාල සිදුව ඇති බව ද එම සිසුන් පවසනවා.

පසුව අදාළ සිසුවා අක්කරෙයිපත්තු මූලික රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබාගත් බවයි අගතියට පත් සිසුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අප අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම්. ජුනයිඩීන් ගෙන් විමසීමට කිහිපවරක්ම උත්සහ කළ අතර ඔහුව සම්බන්ධ කර ගැනීමට හැකි වූයේ නැහැ.

+


බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල ඒකකයකට රු. 45.80 ක්

(22.06.2025 – hirunews.lk)

බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති සඳහා ගෙවීම ඒකකයකට රු. 45.80 දක්වා වැඩි කර තිබෙනවා.

‘ලංකා විදුලිබල මණ්ඩලය’ විසින් මෙම මිල සංශෝධනය කළ බවයි එම මණ්ඩලය පවසන්නේ ෴

+++

+


ඊශ්‍රායලයේ සිට නැවත පැමිණීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක්

(22.06.2025 – 18:49 +0530 – sinhala.adaderana.lk)

මේ වනවිට ඊශ්‍රායලයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් ඉන්දියන් ගුවන් සමගම මගින් ක්‍රියාත්මක කරන ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා පියාසර කරන ගුවන් යානාවල ආසන කීපයක් ලබාදීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ.

ඒ අනුව මෙම ගුවන් යානාවල ගමන් කිරීමට අපේක්ෂා කරන පිරිස තානාපති කාර්යාලයට පැමිණ ලියා පදිංචි වන මෙන් ‘ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය’ දැනුම් දී ඇත.

  1. ටෙල්-අවිව් සිට ජෝර්දානයේ අම්මාන් නුවර දක්වා ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දෙනු ඇත.
  2. අම්මාන් සිට නවදිල්ලිය දක්වා ගුවන් ගමන් සඳහා මුදල් අය කිරීමකින් නොමැත.
  3. නවදිල්ලිය හා කොළඹ අතර ගුවන් ගමන සඳහා මුදල්ගෙවා ටිකට්පත ලබා ගත යුතුය.

අදාළ ගමන්වල දී එම රටවල තානාපති කාර්යාල විසින් කටයුතු සම්බන්ධීකරණය කරනු ඇත.

මේ සඳහා උනන්දුවක් දක්වන පිරිස 2025 ජුනි මස 23 හා 24 වන දිනවල පමණක් ලියාපදිංචි කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දී ඇත ෴


‘ස්වයං මාර්ගයෙන්’ විදෙස් රැකියාවට යන්නන්ට නව නීතියක්

(22.06.2025 – 18:23 +0530 – sinhala.adaderana.lk)

‘ස්වයං මාර්ගයෙන්’ රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන් ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ’ ලියාපදිංචිය ලබාගැනීමේදී සිදුකෙරෙන ක්‍රමවේදයේ නව සංශෝධනයක් සිදුකරන බව ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති’ කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මෙහිදී ‘ස්වයං මාර්ගයෙන්’ විදේශ රැකියාවක් සඳහා යොමුවීමට බලාපොරොත්තු වන පුද්ගලයා කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර, එම ශ්‍රමිකයා ගෙන්වාගැනීමට බලාපොරොත්තු වන විදේශ රටෙහි සිටින සේවා යෝජකයා විසින් එම රටෙහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීම මගින් රැකියා ගිවිසුම සහතික කරගැනීම අනිවාර්ය බවද නිවේදනයක් නිකුත් කරමින් ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ දැනුම් දී තිබේ.

එමෙන්ම, මේ සඳහා ඩොලර් 60 ක මුදලක් අයකෙරෙන බවද කාර්යාංශ පවසයි.

පළමු (1) අදියරේදී මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශ’ ක්‍රියාත්මක වන රටවල් 13 ක තානාපති සේවා සැපයෙන අංශ 15 ක් සඳහා පමණක් වන බව ද එම නීතිය 2025 ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වන බව ද කෝශල වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

තවද මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ වෘත්තීය කාණ්ඩයේ නොවන රැකියාවන් සඳහා වන අතර, වෘත්තීය රැකියාවන්ට අයත් වන්නේ කුමන රැකියා කාණ්ඩද යන වග ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙහි’ ( https://www.slbfe.lk/ ) ලැයිස්තුගත කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

නමුත් අදාළ රටේ තානාපති කාර්යාලය මගින් සේවා ගිවිසුම සහතික කරගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වීම සඳහා, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී තම වෘත්තීයභාවය සනාථ කිරීමට අවශ්‍ය ලියවිලි ඉදිරිපත් කිරීම හෝ තම විදේශ ගමන් බලපත්‍රයේ වෘත්තිය සඳහන්ව තිබීම අත්‍යවශ්‍ය වේ.

‘ස්වයං මාර්ගයෙන්’ රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රී ලාංකිකයන් විවිධ අතරමැදි පුද්ගලයන්ගේ අකටයුතුකම් හා වංචාවන්ට හසුවීම් වාර්තාවී ඇති බවත්, විගමනික ශ්‍රමිකයාට නිශ්චිත රැකියා ගිවිසුමක් සහිත, නිසි වැටුපකට, නිසි කාලයකදී ගිවිසුම අවසන් කර නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය මාර්ග සකසාදීම ජාතික කර්තව්‍යයක් වශයෙන් සළකා, රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම ක්‍රමවේදය ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශ’ ක්‍රියාත්මක වන රටවල් 13 සඳහා පමණක් 2025 ජූලි 01 දින සිට ක්‍රියාත්මක කළ ද එම ක්‍රමවේදයේ සාර්ථකත්වය මත ඉදිරියේදී අනෙකුත් රටවලද සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කරයි ෴


ශ්‍රී ලංකාවේ හොර බැංකු (22.06.2025)

+

+


රටේම ගුරුවරු නොසන්සුයි වෙයි | පඩි ප්‍රශ්නයට ගුරු සංගමයත් හොදම එකෙන් අමතයි (22.06.2025)

+


දඹුළුඔයේ ජල මාර්ගයට අපජලය මුදාහැරි යෝගට් කර්මාන්ත ශාලාවක් ගැන ගත් තීරණය (22.06.2025)

+


ගාල්ල අක්මීමන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

(23.06.2025 – hirunews.lk)

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද (23) අලු‍යම 05 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්තශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වූ අයෙකු බවටයි වාර්තා වන්නේ ෴


මහින්දානන්ද වෙනුවෙන් හඬා වැටෙමින් බිරිද සෙනාලිගෙන් මාගල් ලිපියක් …

(23.06.2025 – 09:20 +0530 – lankacnews.com)

බරපතළ වැඩ අතිව වසර විස්සක (20) සිරදඬුවම් නියම වී මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය ‘මහින්දානන්ද අලුත්ගමගේ’ ගේ බිරිඳ ‘සෙනානි ජයරත්න අලුත්ගමගේ’ විසින් දීර්ඝ ලිපියක් පළ කර තිබේ.

ඒ හිටපු අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුමේ මාස හතකට (7) පසු පළමු පළවන පළමු ලිපිය ලෙසයි.

පසුගිය මහ මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් තමන් සමුගන්නා බව පැවසූ දින පටන් අද දක්වාම එම ගිණුමේ සටහනක් පලව තිබුනේ නැත.

මහින්දානද අලුත්ගමගේ සිරගතවීමට අදාල පෙර හා පසු තත්වයන් ගැන ඇය අදාළ ලිපිය මගින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරයි.

අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය :

+


ඊශ්‍රායල – ඉරාන යුද්ධය අස්සේ අපිටත් හතරවටින් වදින්නයි යන්නේ | ලංකාව යළිත් අර්බුදයකට යන අවදානමක් (23.06.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *