ශ්‍රී ජයවර්ධනපුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි
ශ්‍රී ජයවර්ධනපුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි
(21.06.2025 – 13:44 +0530 – sinhala.adaderana.lk)
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ‘ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න’ යටතේ ශල්‍යකර්මවලට ලක්ව අගතියට පත් පුද්ගලයින්ගේ තොරතුරු රැස්කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ශල්‍ය උපකරණ භාවිතයෙන් සිදුකළ ස්නායු ශල්‍යකර්මවලදී එම උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදුකිරීම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අදාළ වෛද්‍යවරිය පසුගියදා ‘අල්ලස් කොමිසම’ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එලෙස අගතියට පත්වු පුද්ගලයින් 77 දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම පැවසීය.
අගතියට පත් තවත් පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාව පිළිබඳව තොරතුරු දන්නා පුද්ගලයින්ට අදාළ තොරතුරු ලබාදිය හැකි බව අල්ලස් කොමිසම පවසයි.
ඒ අනුව 1954 යන ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ’ ක්ෂණික ඇමතුම් අංකයට හෝ ciaboc_gen@ciaboc.gov.lk විද්‍යුත් ලිපිනය හරහා එම තොරතුරු දැනුම්දිය හැකි බව ද එම කොමිසම සඳහන් කළේය.
+++

+
හොඳටම අනපු මාලිමාවේ වැඩ 17 ක් (18.06.2025)
+
වටගල දෝතට ගත්තත් රකින්න බැරිවෙයි සාරංගිකාට වැඩ වරදින හැටි මෙන්න (21.06.2025)
+
අතුරුදන් බඹරගල ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය බඹරගල අබේවංශ හිමි සොයන්න පොලිස් හා යුද හමුදා මෙහෙයුමක්
(19.06.2025 – gossiplankanews.com)
කුච්චවේලි බඹරගල ආරණ්‍ය සේනාසනයේ භාවනා කටයුතු සිදුකරමින් සිටි භික්ෂුවක් දින දහයක (10) පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව ඇති අතර, මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කුච්චවේලි පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අතුරුදන්ව ඇත්තේ පූජ්‍ය බඹරගල අබේවංශ හිමි (52) නම් වූ භික්ෂුවයි. පොලිස් වාර්තා අනුව, එම හිමිනම ජූනි 06 වන දින බඹරගල ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කර ඇත. කුච්චවේලි පිච්ච මල් විහාරයේ සිට ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කළ හිමිනම, ජූනි 16 වන දින වන විටත් එම ස්ථානයට වැඩම නොකිරීම සම්බන්ධයෙන් පිච්ච මල් විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාවේ අරණ විහාර හිමි විසින් කුච්චවේලි පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
කුච්චවේලි පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇති තොරතුරු අනුව, අතුරුදන් වූ හිමිනම මහා වනය මැදින් ගමන් කරමින් ජූනි 06 වන දින සෙම්බිමලේ පුරාවිද්‍යා ස්ථානයේ රාජකාරියේ නියුතු යුද හමුදා භටයන් සමඟ සාකච්ඡා කර ඇති අතර, ඉන් අනතුරුව වනය තුළට ගොස් ඇති බවට සාක්ෂි ලැබී තිබේ.
බඹරගල ආරණ්‍ය සේනාසනය පුල්මුඩේ ප්‍රදේශයේ පිහිටි අරසිමලේ ආරණ්‍ය සේනාසන සංචිතයට අයත් වේ.
එම ආරණ්‍ය සේනාසන සංචිතයේ සේනාසනාධිපති පූජ්‍ය තලපත් කන්දේ තිලකරතන හිමියන් – උතුරු නැඟෙනහිර හා තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක – විසින් දන්වා ඇත්තේ, බඹරගල ආරණ්‍ය සේනාසනය වෙත යන මාර්ගය ඉතා දුෂ්කර එකක් වන බවත්, එහි යාමට සලප්පෙයාරු කළපුව හරහා ගමන් කළ යුතු බවත්ය.
තවදුරටත් වාර්තා වන අනුව, අතුරුදන් වූ පූජ්‍ය බඹරගල අබේවංශ හිමියන් කලින් බඹරගල හා දෙඹරගල ආරණ්‍ය සේනාසන දෙකෙහිම වැඩසිටි බැවින් එම ප්‍රදේශය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති බව ප්‍රධාන සංඝනායක හිමියන් විසින් ප්‍රකාශ කර ඇත.
මේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පොලිසිය හා යුද හමුදාව එක්ව සෙවීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කරමින් සිටී. අතුරුදන් වූ හිමිනම සොයා ගැනීම සඳහා වන මෙම මෙහෙයුම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින අතර, එම ප්‍රදේශයේ ගැඹුරු වනාන්තර හා දුෂ්කර භූමි ලක්ෂණ හේතුවෙන් සෙවීමේ කටයුතු අභියෝගාත්මක වී ඇත.
අරසිමලේ ආරණ්‍ය සේනාසන සංචිතය උතුරු නැගෙනහිර පළාතේ පිහිටි ඓතිහාසික හා ආගමික වැදගත්කමක් ඇති ප්‍රදේශයක් වන අතර, මෙම සිද්ධිය පිළිබඳව අවට ප්‍රජාව තුළ ද කණගාටුව හා උද්වේගය ඇති වී තිබේ. ප්‍රදේශවාසීන් හා ආගමික නායකයින් අතුරුදන් වූ හිමිනම සොයා ගැනීම සඳහා පොලිසියට හා යුද හමුදාවට සහාය දෙමින් සිටිති.
ස්ථානීය බලධාරීන්ගේ ප්‍රකාශ අනුව, අතුරුදන් වූ හිමියන් පිළිබඳව අලුත් තොරතුරු ලැබුණහොත් වහාම ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී ෴
බදුල්ලේදී බස් රථයක් පෙරළීමෙන් තිදෙනෙකු (3) මරුට, 34 දෙනෙකුට තුවාල
(21.06.2025 – 18:27 +0530 – sinhala.adaderana.lk)
බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු (3) මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තඹුත්තේගම සිට බදුල්ල දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පැවති බස් රථයකි.
ඔවුන් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවද වාර්තා වේ.
අනතුර අද සිදුව ඇත්තේ අද (21) පස්වරු 06 ට පමණය.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
+++
+++
බදුල්ල බස් රථ අනතුරේදී බස් රථය ධාවනය කර ඇත්තේ රිය සහයක බව හෙළිවෙයි
(21.06.2025 – 22:16 +0530 – sinhala.adaderana.lk)
බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.
මෙලෙස අනතුරට ලක්ව තිබුණේ බදුල්ල සිට අනුරාධපුර දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පැවති බස් රථයකි.
බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී මෙම බස් රථය පෙරළී ගොස් තිබුණේ අද (21) පස්වරු 6 ට පමණය.
අනතුරට පත් පිරිස අනුරාධපුර, තඹුත්තේගම පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව වාර්තා වනවා.
ඔවුන් අද (21) අලුයම බදුල්ල මුතියංගන වෙහෙර වැඳපුදාගෙන නැවත නිවෙස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.
අනතුර සැළවීමත් සමඟ කඩිනමින් ක්‍රියාත්මක වූ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිස රෝගින් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළේය.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ රියදුරු සහායක විසින් බවය.
සිද්ධිය සම්බන්ධව බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
+++
බදුල්ල මාරක රිය අනතුර ගැන වෛද්‍ය පාලිත හෙළි කළ දේ
(21.06.2025 – 21:35 +0530 – sinhala.adaderana.lk)
බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුර සම්බන්ධව බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැහැදිළි කිරීමක් සිදු කර තිබේ.
වෛද්‍යවරයා පැවසුවේ මෙම ස්ථානයේ අනතුරු බොහෝ ප්‍රමාණයක් සිදුව ඇතැයිද මින් පෙර විශ්වවිද්‍යාල සිසුන් රැගත් බස් රථයක්ද මෙම ස්ථානයේම අනතුරට පත්වූ බවය.
මේ වන විට අනතුරට පත්ව තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇතැයිද පැවසූ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයිද ඉන් එක් අයෙකු කුඩා දරුවෙකු වන බවය.
“අද (21) පස්වරුවේ මගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණා මහියංගනය පාරේ 4 කණුව ළඟ බස් අනතුරක් වෙලා තියෙනවා රෝගීන් 30 ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා සමහරු තාම බස්එක යට ඉන්නවා කියලා. වෙනදා වගේම බදුල්ල හොස්පිටල් එකේ ක්‍රමවේදයක් තියෙනවා ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන එක. හදිසි ප්‍රතිකාර ඒකක, දැඩිසත්කාර ඒකක, නිර්වින්ද වෛද්‍යවරු ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම් අපි වහාම එතනට කැඳෙව්වා. එතනදි යට වෙලා හිටපු දෙන්නෙක් (2) මිය ගිහින් තිබුණා. රෝහලට ගෙනාවට පස්සේ තව කෙනෙක් (1) මිය ගියා.
මේ වගේ අනතුරු වළක්වගන්න ඕනේ මොකද එකම ස්ථානයේ දිගින් දිගටම අනතුරු වෙනවා කියන්නේ එතන යම් කිසි ආකාරයක ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවට අදාළ බලධාරීන් එකතු වෙලා මොකක් හරි පිළිතුරක් හොයා ගන්න ඕනේ. මොකද පිටින් එන බස් රියදුරන් ඔය මාර්ගය ගැන දැනීමක් නෑ. අපිට දැනගන්න ලැබුණු විදිහට මේක අධික වේගයෙන් ගියා කියලා තමයි කට්ටිය කියන්නේ. සමහරවිට අධික වේගය වෙන්න ඇති මේකට හේතුව. කොහොම හරි අවසානයේදී තුන්දෙනෙකුට (3) ජීවිතය නැති වුණා තවත් කිහිප දෙනෙකු බරපතළ තුවාල ලැබුවා. දැනට දෙන්නෙක් (2) දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා. දැන් තත්ත්වය සෞඛ්‍ය අංශය පැත්තෙන් පාලනය කරලා තියෙන්නේ. ඒ වගේම ස්තූතිවන්ත වෙන්න ඕනේ ප්‍රදේශවාසීන්ට ඔවුන් වෙනදා වගේම උදව් කළා ගොඩක්. පොලීසියේ, හමුදාවේ රණවිරුවෝ හැමෝම තමන්ගේ රාජකාරිය හරියටම කළා. ඒ නිසා අපිට සිදුවෙන්න ගිය තවත් මරණ කිහිපයක් වළක්වා ගන්න පුළුවන් වුණා.
දැඩිසත්කාරයේ ඉන්නෙ කුඩා දරුවෙක් සහ කාන්තාවක්.”
+
රු. විසි පන්දහසක (25,000) අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(21.06.2025 – hirunews.lk)
රු. 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබා ගැනීමේ සහ අනුබල දීමේ අල්ලස් චෝදනා මත පොලිස් සැරයන්ලා දෙදෙනෙකු (2) ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්’ විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
එහිදී, පැමිණිලිකරු විසින් සිදු කරනු ලබන වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු ඉදිරියට කරදරයකින් තොරව සිදු කිරීමට සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු නොකර සිටීම සඳහා රු.25,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා භාර ගැනීම සහ එයට අනුබල දීම යන චෝදනාවන් මත සැකකරුවන් දෙදෙනා (2) අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ‘අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය’ට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ පොලිස් සැරයන්ලා දෙදෙනෙක් (2) වන අතර, සැකකරුවන් දෙදෙනා (2) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
ගෙදර නවතා තිබූ ත්‍රීරෝද රථයට ගිනි තියලා
(21.06.2025 – hirunews.lk)
කටුවන, බින්තැන්න ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ත්‍රීරෝද රථයක් ඊයේ (20) රාත්‍රියේ කිසිවකු විසින් ගිනි තබා තිබෙනවා.
නිවසේ කාන්තාවක් සහ දරුවන් තිදෙනකු පමණක් ඒ මොහොතේ සිට ඇති අතර ගිනි ගන්නා ශබ්දය ඇසීමත් සමඟ අවදි වී බලා ඇති බවයි පවසන්නේ.
එහිදී ත්‍රීරෝද රථය ගිනි ගන්න ආකාරය දුටු බව ඔවුන් පවසනවා.
පසුව අසල්වැසියන්ගේද සහය ඇතිව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.
ගින්නෙන් එම රථයට දැඩි හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුවන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴