කෙහෙළියගේ හොර බෙහෙත්වල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර! පරීක්ෂණ වාර්තාවකින් එළියට
කෙහෙළියගේ හොර බෙහෙත්වල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර! පරීක්ෂණ වාර්තාවකින් එළියට
(19.06.2025 – hirunews.lk)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ධුර කාලයේදී මෙරට රෝහල් තුළ බෙදා හැරුණු ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල කිසිදු ඖෂධයක් නොමැති බව හා ඒවා තුළ මිනිස් සිරුරට අහිතකර මරාන්තික බැක්ටීරියා ද්‍රාවනයක් ඇති බවටත් ජර්මනියේදී කළ පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව අද (19) අධිකරණය හමුවේ මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් පැවසුවේ පිළිකා රෝගීන් වෙනුවෙන් ගෙන්වන ලද ඖෂධයක තිබී ඇත්තේ ලුණු ද්‍රාවනයක් පමණක් බවටද අදාළ පර්යේෂණයෙන් අනාවරණ වී ඇති බවයි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණු ඊට අදාළ නඩු විභාගය අද (19) දිනයේදී අවසන් කෙරුණු අතර, අදාළ නඩුව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතයි.
ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලීන්’ ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනෙකුට එරෙහි නඩු විභාගය අද (19) මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ විභාගයට ගැනුණා.
එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය, ප්‍රශ්නගත අදාළ ඖෂධ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ජර්මානු පර්යේෂණ ආයතනයකින් ලබාගත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.
එම වාර්තාව ඉදිරිපත් කරමින් ඇය පැවසුවේ ස්වාමීනි, ප්‍රශ්නගත ‘ඉමියුනෝග්ලොබියුලින්’ ඖෂධය සහ පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදෙන ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ජර්මනියේ රසායනාගාර පර්යේෂණ ආයතනයක් විසින් කළ පර්යේෂණ වාර්තාව මේවන විට ලැබිලා තියෙනවා.
මේ පර්යේෂණය සඳහා ප්‍රශ්නගත ඖෂධ සාම්පල 200 ක් පමණ යොමුකළා. ඒ පර්යේෂණයට අනුව ප්‍රශ්නගත ‘ඉමියුනෝග්ලොබියුලින්’ ඖෂධය තුළ මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා ද්‍රාවණයක් ඇති බව අනාවරණ වෙලා තියෙනවා. ඒ වගේම පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදුන් ඖෂධයේ ලුණු ද්‍රාවනයක් පමණක් අඩංගු බවත් ඒ වාර්තාවේ දැක්වෙනවා. ඒ වගේම මේ ද්‍රවණ තුළ කිසිදු ඖෂධමය ද්‍රව්‍යයක් අඩංගු නෙවෙන බවත් ඔවුන් කියනවා. ඒ අනුව බැක්ටීරියාවක් වර්ධනය වුණ ලුණු සහිත ද්‍රාවනයකට තමයි ස්වාමීනි රජයේ මුදල් රු. ලක්ෂ 1444 ක් වැයකරලා තියෙන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය එහිදී වැඩිදුරටත් පැවසුවේ ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත එන්නත් සැපයීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් බවයි.
අදාළ සැකකරුවන්ට එරෙහිව ලබන සදුදා (23) මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර නඩු පැවරීමට පියවර ගන්නා බවද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වවරිය සඳහන් කළා.
මෙම නඩුවේ සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ප්‍රශ්නගත බාල ඖෂධ සැපයු සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු අතර දුරකථන සංවාද අටක් (8) සිදුව ඇති බවත්, තවත් සැකකරුවෙකු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සමඟ දුරකථන සංවාද 31 ක් සිදුව ඇති බවත් පැවසු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ සෙසු ඖෂධ සැපයුම්කරුවන් සමඟ එවැනි සංවාද සිදුකර නොමැති බවයි.
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව තම අධිකරණයට අදාළ නඩු කටයුත්ත අවසන් කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා.
+
බුද්ධ පුජාව තබන හා ඉවත් කරන නිවැරදි වෙලාව | පිසූ ආහාර අමනුස්සයන් ගෙන් රැකගන්නා අයුරු – දීගොඩ කුමාර (19.06.2025)
+
පෙරපාසල් දරුවන්ගේ සීනි වැඩි ආහාර ගැන අනාවරණයක්
(19.06.2025 – hirunews.lk)
මෙරට පෙරපාසල් යන වයසේ දරුවන් දිනකට නිර්දේශිත ප්‍රමාණයට වඩා සිව් (4) ගුණයක් සීනි බහුල ආහාර ලබා ගන්නා බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණය කරනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු ඇඟවූයේ මෙම තත්ත්වය රට තුළ දීර්ඝකාලීනව ඇති වීමට යන සෞඛ්‍ය පරිහානියක ආරම්භය බවයි.
මෙරට සමාජ සහ චර්යාත්මක වෙනස්කම් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනයට විවිධ බලපෑම් එල්ල වී තිබෙනවා. ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා වන ජාතික සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ එවන් පසුබිමකයි.
ඊට අනුව දරුවන්ට ඇතුළු ජනතාව දිනකට ආහාරයට ගත යුතු එළවළු, පළතුරු ප්‍රමාණයන්ද වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.
එහිදී එළවළු වර්ග දෙකක්, පළතුරු වර්ග දෙකක් මෙන්ම පලා වර්ගයක් ආහාරයට ගත යුතු වුවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ එලෙස ආහාර ලබා ගන්නේ 18.2%ක දරුවන් සංඛ්‍යාවක් පමණක් බවයි.
එමෙන්ම මෙරට පෙරපාසල් යන වයසේ දරුවන් දිනකට නිර්දේශිත ප්‍රමාණයට වඩා සිව් ගුණයක් සීනි බහුල ආහාර ලබා ගන්නා බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණ කළා.
මේ අතර වයස අවුරුදු 2 දක්වා දරුවන්ට ඩිජිටල් තිර නිර්දේශ නොකරන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
වයස අවුරුදු 2 – 5 දක්වා දරුවන් සඳහා ඩිජිටල් තිර භාවිතය ද විනාඩි 45ක් හෝ පැයක නිශ්චිත කාලයක් සඳහා සීමා කෙරෙන අතර එය මව් පියන්ගේ හෝ රැකබලා ගන්නන්ගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි.
නමුත් මෙරට දරුවන් 60%කටත් වඩා පිරිසක් පැයේ සිට පැය දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඩිජිටල් තිර එනම් ලැප්ටොප්, රූපවාහිනිය, ස්මාර්ට් දුරකථනයක් සමග කාලය ගත කිරීමට හුරුව සිටින බවයි අදාළ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.
එමගින් දරුවන්ගේ ක්‍රියාශීලී බව ක්‍රමයෙන් අඩුවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මීට අමතරව දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තවත් රෝග සහ සෞඛ්‍ය ගැටලු රැසක් පවතින බව මෙහිදී අනාවරණ වුණා.
ඒ අනුව, දරුවන් අතර පවතින මුඛ ආශ්‍රිත ගැටලු බහුල වශයෙන් දක්නට ලැබීම දරුවන් අතර ඌණ පෝෂණ සහ අධි පෝෂණ තත්ත්වයන් දක්නට ලැබීම දරුවන් විවිධ අනතුරුවලට ලක් වීම දරුවන් අතර බෝවන රෝග හට ගැනීම කථන මෙන්ම දෘෂ්ඨි ආබාධ තත්ත්ව ඇති වීම වැනි සෞඛ්‍ය ගැටලු පවතිනවා.
ඒ අනුව,
- දරුවන් මුඛ සෞඛ්‍ය ඇතුළු පුද්ගලික සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම
- දරුවන්ට පරිසරයට ආදරය කිරීමට ඉඩ සැලසීම මෙන්ම කසල නිසි කළමනාකරණයට පුරුදු කිරීම
- දරුවන්ට දිනපතා එළවළු වර්ග 2ක්, පළතුරු වර්ග 2ක්, පළා වර්ග 2ක් ආහාරයට ගැනීමට පුරුදු කිරීම
- දිනකට නිර්දේශිත කාල සීමාවේ ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලීම
- දරුවන් නිර්දේශීත කාල සීමාවකට අනුව නිදාගැනීම දරුවන්ට කායික, මානසික හිංසනයෙන් තොර කරුණාවන්ත ලෙස කතා කිරීම
- දරුවන්ට ස්වාධීනව මෙන්ම විවේචනාත්මක චින්තනයෙන් යුතුව කටයුතු කිරීමට ඉඩ සැලසීම
වැනි දේ කළ යුතු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ ෴
මේක ලාංකීය සිනමාවේ සන්ධිස්ථානයක් | මුතුගලගේ සුපිරි චිත්‍රපටය ගැන මුතුගලම කියපු සුපිරි කතාව (19.06.2025)
+
අල්ලස් ගත්, මෝටර් රථ ප්‍රවාහන නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු තුන්දෙනා (3) යළි රිමාන්ඩ්
(20.06.2025 – hirunews.lk)
අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්‍ෂ 40 කට ආසන්න මුදලක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන මස 04 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
ඒ ඔවුන් අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ බුද්ධි තොරතුරක් පදනම් කරගෙන කලක් තිස්සේ සිදු කළ ආවේක්ෂණ රාජකාරී වලින් අනතුරුව මෙම වැටලීම සිදු කළ බවයි.
එමෙන්ම, වැටලීම සිදුකළ අවස්ථාවේ එම ආයතනයේ තිබූ සීසිටීවී දර්ශන මකා දමා තිබූ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බවත්, මොරටුව විශ්වවිද්‍යාලයේ සහය ඇතිව මීට අදාළ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ඔවුන් අධිකරණයට දන්වා සිටියා ෴
කිරි හරක් ගෙන්වීමේ අක්‍රමිකතා කියූ චාමරගේ කතාවට ලොතරැයි මණ්ඩලයෙන් ප්‍රතිචාර
(20.06.2025 – hirunews.lk)
2018 වසරේදී කිරි ගවයින් ගෙන්වීමේ ව්‍යාපෘතිය සඳහා අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් කෝටි 174 කට අධික මුදලක් ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවීම සිදු කරමින් රජයට සිදු කළ පාඩුවට වගකිවයුත්තේ එවක එම අමාත්‍යංශයේ ලේකම්වරිය බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ 2018 වසරේ කිරි හරක් ගෙන්වීමේ ක්‍රියාවලියේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ඔහුට චෝදනා කරමින් සිදු කළ කථාවට ප්‍රතිචාර දක්වමින්.
2018 වසරේදී ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශය විසින් කිරි ගවයින් 15000 ක් ගෙන්වීම සඳහා රුපියල් කෝටි 174 කට අධික මුදලක් ඕස්ට්‍රේලියාවේ සමාගමකට අත්තිකාරම් ලෙස ගෙවා ඇති අතර ඉන් කිසිදු ප්‍රයෝජනයක් ලැබී නොමැති බව විගණන වාර්තාවකින් අනාවරණ වී තිබුණා.
අදාල මුදල ගෙවා ඇත්තේ කිරි ගවයින් ආනයනය කිරීම සඳහා ගත් ව්‍යාපෘතියේ තුන්වන (3) අදියරේදී වන අතර පළමු (1) සහ දෙවන (2) අදියර යටතේ සිදුකළ කිරි ගවයින් ආනයනයද නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව සිදු කර ඇති බවටද එහිදී අනාවරණ වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඊයේ (19) පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්වූ අතර එවක එම අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයාව සිටි වත්මන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වන ඇන්ටන් පෙරේරාට ද පාර්ලමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක චෝදනාවක් එල්ල කළා.
+
රුපියල් කෝටි 03 ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
(20.06.2025 – hirunews.lk)
‘හෙරොයින් සහ අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාගම – කෙසෙල්වත්ත ප්‍රදේශයේදීයි.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 40 ක පුද්ගලයෙක්.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාමක රුපියල් කෝටි 03 ක් පමණ වෙන බවයි සඳහන් වෙන්නේ ෴
අනූ නමයෙන් වැළකුණු මාරක අනතුර
(20.06.2025 – hirunews.lk)
ප්‍රපාතයට පෙරළීමට ගිය ලංගම බස් රථයක් අසල තිබූ කාණුවකට රෝදය වැටීමෙන් බේරී ඇති පුවතක් අලගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
අදාළ බස් රථයෙහි කාර්මික දෝෂයක් සිදුව ඇති අතර රියදුරු සහ රිය සහායක බස් රථයෙන් බැස ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.
එහිදී බස් රථය පිටුපසට ඇදී ගොස් නිවසක් ආසන්නයේ ප්‍රපාතයේ නැවති ඇති අතර අසල තිබූ කාණුවකට රෝදය වැටීමෙන් බසය ප්‍රපාතයට පෙරළීම වැළකී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිදුවීම වන අවස්ථාව වන විටත් අදාළ බස් රථය තුළ පුද්ගලයන් දහ දෙනෙකු (10) පමණ සිට ඇති අතර කිසිවෙකුටත් හානි සිදු වී නැහැ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කැප්පටිපොළ ඩිපෝවට අයත් බස් රථයක්.
කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ රියදුරුගේ නොසැලකිල්ල නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි.
ඌව පරනගම පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴
ප්‍රමිතියෙන් තොර දුඹුරු සීනි අලෙවි කළ වෙළෙඳසැලකට රු. ලක්ෂ 04 ක් දඩ
(20.06.2025 – 17:02 +0530 – sinhala.adaderana.lk)
ප්‍රමිතියට අනුකූල නොවන දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 4 ක දඩ මුදලක් පැනවීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය 2022 වසරේ ලැබුණු පැමිණිලි මත වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබූ දුඹුරු සීනි සඳහා වර්ණක යොදා තිබේද යන්න සිදුකළ පරීක්ෂාවකදී සීදුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකින් සාම්පල ලබා ගෙන පරීක්ෂා කර තිබුණි.
එහිදී එම සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල නොවන බවට ලැබුණු පරීක්ෂණාගාර වාර්තා අනුව තහවුරු වීමත් සමග එම දුඹුරු සීනි විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සහ ඉදිරිපත් කිරීම යන චෝදනා දෙකක් යටතේ පසුගිය 2023 වසරේදී මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.
ඒ අනුව ඊයේ (19) දින එම වැරදි සඳහා වරද පිළිගත් අදාළ ආයතනයට රුපියල් ලක්ෂ 04 ක දඩ මුදලක් පැනවීමට අධිකරණය නියෝග කර ඇත.
තවද කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිකළ දෙමටගොඩ සහ මට්ටක්කුලිය ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල් ශාඛා 3 කටද පසුගිය 18 වැනි දින රුපියල් ලක්ෂ දෙක (2) බැගින් දඩ නියම කිරීමට කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ පසුගිය මාස දෙකක (2) කාලය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සුපිරි වෙළෙඳසැල් 187 කට වැඩි ප්‍රමාණයක වැටලීම් සිදුකළ බවය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴