දේශබන්දුගේ පුද්ගලික සහකාර බණ්ඩාරට බයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ලේඛන වෙනස් කරලා
දේශබන්දුගේ පුද්ගලික සහකාර බණ්ඩාරට බයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ලේඛන වෙනස් කරලා
(18.06.2025 – hirunews.lk)
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති ‘දේශබන්දු තෙන්නකෝන්’ගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ ‘බණ්ඩාර’ නමැති පොලිස් පරීක්ෂකවරයාගේ බලපෑම මත ඔහුට තිබූ බිය හේතුවෙන් රාජකාරී ලේඛනයක් වෙනස් කළ බව කාන්තා පොලිස් නිලධාරිවරියක් ඊයේ (17) පිළිගත්තා.
ඒ, වැලිගම W 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ තොරතුරු අනාවරණ කරමින්.
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති ‘දේශබන්දු තෙන්නකෝන්’ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව ඊයේ (17) හය වැනි (6) දිනට රැස් වූ අතර, කාන්තා පොලිස් නිලධාරී ‘නාලිකා දිල්මා තිලකරත්න’ සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබුණා.
මෙලෙස ඇය කමිටුව හමුවට කැඳවා තිබුණේ, බස්නාහිර පළාතෙන් පිටතට යන පොලිස් වාහන සම්බන්ධයෙන් වගකීමක් ඇයට පැවරී තිබීම හේතුවෙන්.
වැලිගම ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹින් පිටත්ව ගිය වෑන් රථයට අදාළ පොලිස් පෝරමය 439 සම්බන්යෙන් ඇය පරීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි ලබා දුන්නා.
“ස්වාමීනි, මෙම සිද්ධියේදී මරණයක් වුණා කියලා මම පසුව දැනගත්තා. මෙම වාහනයට ආදළ ලේඛන මට හමුවුණේ දවස් 2 කට පස්සේ. ඒ කියන්නේ 2024.01.02 වැනිදා. ඒක හමුවුණාට පස්සේ මම ඒක, ‘ඩොකියුමන්ට් අවුට්වර්ඩ් රෙජිස්ටරයේ’ සටහන් කළා. දිනය සඳහන් කළේ 2024.01.02. නමුත් බණ්ඩාර සර් මට කිව්වා දිනය වෙනස් කරන්න කියලා. ඔහු කිව්වා 2023.12.29 කියලා හදන්න කියලා. ඊට පස්සේ මම ඒක ටිප්පෙක්ස් කරලා වෙනස් කළා ස්වාමීනි. 2024.01.02 දිනයට අදාළ ලේඛනය සටහන් කිරීමෙන් පසු ‘බණ්ඩාර සර්’ මට බැන්නා. බැනලා කිව්වා මේක වෙනස් කරන්න කියලා. ඒ නිසා තමයි මම වෙනස් කළේ.”
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ‘බණ්ඩාර සර්’ කවුරුන් දැයි ‘නාලිකා දිල්මා’ගෙන් විමසා සිටියා.
ඊට පිළිතුරු ලබා දුන් කාන්තා පොලිස් නිලධාරිනිය : “ස්වාමීනි, ‘බණ්ඩාර සර්’ කියන්නේ ‘පොලිස් පරීක්ෂක බණ්ඩාර’. එයා තමයි ‘දේශබන්දු තෙන්නකෝන්’ මහතාගේ ලිපි සම්බන්ධයෙන් සියලු වැඩකටයුතු කළේ. ‘දේශබන්දු තෙන්නකෝන්’ මහතාගේ පෞද්ගලික සහකාර ලෙස තමයි ඔහු කාර්යාලය තුළ කටයුතු කළේ” යනුවෙන් ප්‍රකාශ කළා.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇයගෙන් විමසා සිටියේ මෙවැනි වැරදි වැඩක් කළේ කුමක් නිසාද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පැවසුවේ, “ස්වාමීනී මට බැනපු නිසා කළේ. ‘බණ්ඩාර සර්’ අසභ්‍ය වචනවලින් මට බැන්නා. පරුෂ වචනවලින් බැන්නා. ඒ වචන මට මෙතනවත් කියන්න බැහැ. මම ඔෆිස් එකේ ගොඩක් පීඩනයක් එක්ක වැඩ කළේ. එයා වැඩ කරන කාලය පුරාම නරක වචනවලින් තමයි කතා කරන්නේ. ඒක කියන්න අපිට කෙනෙක් හිටියේ නැහැ.”
ඇය හඬමින් පරීක්ෂණ කමිටුව හමුවේ එලෙස ප්‍රකාශ කළා.
සාක්ෂිකාරිය හඬමින් පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රකාශයක් දුන් බව, අදාළ කමිටුවේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මෙහිදී සටහන් කරගත්තා.
වැඩිදුරටත් කරුණු දැක්වූ සාක්ෂිකාරිය : “බණ්ඩාර මහත්තයා අංකයක් දාගෙන එන්න කියලා මට කිව්වා. එයා මට අත්සනක් දාලා ඒක කියද්දී ‘නෙවිල් ද සිල්වා’ මහත්තයාත් එතන හිටියා මම දැක්කා. ස්වාමීනි මම ඉන්නේ ‘ක්වාර්ටස්’ එකේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ‘බණ්ඩාර සර්’ බැන්නට පස්සේ මම ඒ වැඩේ කළේ ස්වාමිනී. මට ‘ට්‍රාන්සර්’ එකක් දුන්නොත් මට මගේ ‘ක්වාර්ටස්’ එක නැති වෙනවා. මගේ රස්සාව නැති වෙයි කියන බයට තමයි මම මේක කළේ.”
ඇය හඬමින් මෙම ප්‍රකාශය කළ අතර, “මෙතන කාටවත් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. බය නැතුව ඔයා සාක්ෂි දෙන්න” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ‘දිලීප පීරිස්’ ප්‍රකාශ කළා.
අනතුරුව ‘දේශබන්දු තෙන්නකෝන්’ වෙනුවෙන් පෙනී සිටි එස්. වීරවික්‍රම හරස් ප්‍රශ්න යොමු කරමින් විමසා සිටියේ “බණ්ඩාර කියන කෙනා දේශබන්දු තෙන්නකෝන්ගේ පුද්ගලික සහකාර නෙවෙයි කියලා මම යෝජනා කරනවා” යනුවෙන්.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පැවසුවේ, “ඒක කියන්න බැහැ ස්වාමීනි, එයා තමයි ලියුම් වැඩ එහෙම ඔක්කොම කළේ. එයා පුද්ගලික සහකාර විදිහට තමයි හිටියේ.”
“බණ්ඩාර වැඩ කළේ පුද්ගලික සහකාර වගේද?” යනුවෙන් එහිදී පරීක්ෂණ කමිටුවේ විනිසුරුවරයෙක් විමසා සිටියා.
ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය “ඔව් ස්වාමීනි” යනුවෙන් ප්‍රකාශ කළා.
“ස්වාමීනී තනතුරු දෙන්නේ නැතුව ඔක්කොම වැඩ ටික කරගෙන තිබෙනවා, ඒකයි ඔතනින් පෙනී යන්නේ ” යනුවෙන් එහිදී දිලීප පීරිස් පැවසුවා.
“මෙහෙම ලේඛනයක වෙනත් දිනයක් දාන්න කියලා ඔබට කිව්වා ද” යනුවෙන් එහිදී දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරයා යළිත් විමසා සිටියා.
“නෑ ස්වාමීනි මම දේශබන්දු තෙන්නකෝන් සර්ව දැක්කෙත් නැහැ” යනුවෙන් සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. අනතුරුව දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අසා සිටියේ “දේශබන්දු තෙන්නකෝන් නෙවිල් ද සිල්වා අදාළ ස්ථානයේදී හමු වෙනවා ඔබ දැක්කා ද?” යන්නයි.
ඊට සාක්ෂිකාරිය “නැත” යනුවෙන් පිළිතුරු දුන්නා.
අනතුරුව දීලීප පීරිස් ඇයට යළිත් ප්‍රශ්නයක් යොමු කරමින්, ‘බණ්ඩාර’ කාගේ වැඩ ද කළේ යනුවෙන් විමසා සිටියා.
“දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තමයි කළේ ” යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු දුන්නා.
ඊයේ (17) දිනට අදාළ සාක්ෂි විමසීම එයින් අවසන් වුණා.
+
සංජය කෙහෙළියගේ කෙරුවාව වමාරයි | කෙහෙළියට දිට්ඨධම්මවේදනීය කර්මය ඵල දුන්නා (18.06.2025)
+
අවුරුදු 06 ක දියණිය ළිඳට බිලි
(18.06.2025 – hirunews.lk)
වයස අවුරුදු 06 ක දියණියක් ළිඳකට වැටී ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන්.
මෙම දැරිය ඇතුළු පවුලේ පිරිස නුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙන අතර ඔවුන් මෑතකදී චාවකච්චේරී ප්‍රදේශයට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.
සිදුවීම පිළිබඳව චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴
ජනපතිගේ ජර්මානු සංචාරය ගැන අසත්‍ය තොරතුරු මුදාහල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්
(18.06.2025 – hirunews.lk)
ඉකුත්දා ජර්මානු සංචාරයක නිරතව සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිබඳව ජනතාව කුපිත කරන ආකාරයේ අසත්‍ය හා ද්වේෂ සහගත තොරතුරු අන්තර්ජාලයේ මුදා හැර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මෙම නියෝගය නිකුත් කළා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන ජී. සුභාෂ් චමින්ද රොෂාන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ වී තිබෙනවා ජර්මානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා කොටි නායකයෙකු හමුවන බවට ආරංචි ලැබී ඇති බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇති අතර එම සාකච්ඡාව විවිධ මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.
ජනාධිපතිවරයා ඇතුළු රජය අපහසුතාවයට පත්කිරීමේ මෙම ප්‍රකාශය සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළා ෴
විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා (3) එක්ව කළ වංචාව
(18.06.2025 – 22:06 +0530 – sinhala.adaderana.lk)
තෙවන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ උපකරණ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා (3) එක්ව සිදුකළ වංචාවේ තවත් කරුණු මේ වනවිට හෙළිවෙමින් තිබේ.
මෙම වංචාව සිදුකර ඇත්තේ එම රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක වන අතර, ඇයට විරුද්ධව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භකර ඇත්තේ 2023 වසරේදීය.
එතැන් සිට අනාවරණය කරගත් කරුණු අනුව අදාළ වෛද්‍යවරිය සිදුකර ඇත්තේ ස්නායු සැත්කම් සඳහා අවශ්‍යවන EVD සහ VP Shunt නමැති උපකරණ, වෙළඳපොළ මිලට වඩා වැඩි වටිනාකමකට තෙවැනි පාර්ශ්ව හරහා අලෙවි කිරීමයි.
මෙම ජාවාරමට සම්බන්ධ උපකරණයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් 30,000 ත් 60,000 ත් අතර වුවත්, ඇය ඒවා අලෙවිකර ඇත්තේ රුපියල් 120,000 ත් 250,000 ත් අතර මුදලකට බව වාර්තා වේ.
අදාළ වෛද්‍යවරියගේ සැමියා ආරම්භ කළ සමාගමක් හරහා මුලදී මෙම ජාවාරම සිදුකර ඇති අතර, සිය සැමියාගේ අභාවයෙන් පසු අදාළ ගනුදෙනු ඇය යටතේම සිදුකරගෙන ගොස් ඇති බව මේ වනවිට කරුණු අනාවරණය වෙමින් තිබේ.
ඒ අනුව මෙම සැත්කම් උපකරණ වැඩිමිලට අලෙවි කර ඇත්තේ, ඇය සමග මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දෙදෙනාගේ (2) සහාය ඇතිව බව සඳහන්.
ජයවර්ධනපුර රෝහලට මෙම උපකරණ වාර්ෂික ඇස්තමේන්තු හරහා ලබාගත හැකි වුණත්, අදාළ වෛද්‍යවරිය සිදුකර එම ක්‍රමවේදයට නොයා මෙම ජාවාරම සිදුකරගෙන යෑමයි.
මෙම වෛද්‍යවරිය රෝගීන්ගේ පවුලේ ඥාතීන්ට දුරකථන අංකයක් (දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දෙදෙනා (2) ගෙන් අයෙක්) ලබාදී, ඔහු හරහා මෙම උපකරණ අලෙවිකිරීම සිදුකර ඇතැයි සඳහන්.
එම අලෙවියෙන් ලද මුදල් වෛද්‍යවරිය හා අදාළ පුද්ගලයාගේ ගිණුම්වලට බැරවී ඇති බව අල්ලස් කොමිසමේ විමර්ශනවලට අනුව හෙළිවී තිබේ.
රෝගීන්ට වෙනත් ආයතනයකින් හෝ මෙම උපකරණ මිලදී ගැනීම වැළැක්වීමට අදාළ තුන්ඩුව (prescription) හෝ ලබා නොදීම මෙම ජාවාරම සිදුකර ඇති බව වාර්තා වේ.
අල්ලස් කොමිසම විසින් ඇය යටතේ ශල්‍යකර්ම සිදුකරගත් රෝගීන් 75 කගේ ප්‍රකාශ මේ වනවිට සටහන් කරගෙන ඇති අතර, සමස්ත රෝගීන් 300 කගේ පමණ ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් ප්‍රකාශ සටහන් කරගත් රෝගීන් 75 දෙනාගෙන් හෙළිකරගත් කරුණු අනුව රුපියල් කෝටි 3 ක පමණ මුදලක් වෛද්‍යවරිය ඇතුළු තිදෙනා (3) උපයාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි පැවසේ ෴
තරුණයෙකුට වදහිංසා කළ පොලිස් ලොක්කන් දෙදෙනෙකුට (2) දුන් දඬුවම
(18.06.2025 – 21:25 +0530 – sinhala.adaderana.lk)
2019 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහරදී අමානුෂික වද හිංසාවට ලක් කිරීම තුළින් උරගස් මංහන්දිය පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා සහ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් ඔවුන් සිය පෞද්ගලික මුදල් වලින් රු. ලක්ෂ 10 බැගින් වන්දි සහ නඩු ගාස්තු පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේය.
එම වන්දි මුදල් මාස හයක් (6) තුළ ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වේ.
ඒ අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු වග උත්තරකාර උරගස්මං හංදිය පොලිසියේ ස්ථානාධිපති ‘හරිත්’ සහ එහි අපරාධ අංශයේ ස්ථානාධිපති ‘හිරාන්’ යන නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසමට යොමු කරන ලෙසත් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් නියෝග කර ඇත.
මත්තක ප්‍රදේශයේ පදිංචි ‘පී.ඒ.එස්. මධුෂාන්’ නමැත්තකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ තමන් සේවය කළ ආයතනය ගබඩාවේ තිබූ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරගස් මං හංදිය පොලීසිය තමන්ව සොයන බවට ලැබුණු තොරතුරකට අනුව නීතිඥවරයෙකු සමග එම පොලිස් ස්ථානයට ගිය බවය.
පසුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කරන බවට පොලීසියට නීතිඥවරයාට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවත් පෙත්සම්කරු සඳහන් කරය.
පසුව දෙවන වග උත්තරකාර අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමන්ගේ දෑත් වලට මාංචු දමා බිම දිගේ අපරාධ අංශය පිටුපස තිබූ කාමරයකට රැගෙන ගොස් තවත් පොලිස් නිලධාරියෙකුගේ සහාය ඇතිව පහර දුන් බවට පෙත්සම්කරු චෝදනා කළේය.
මේ හේතුවෙන් තමන්ගේ අත් වල මෙන්ම පිටුපස ප්‍රදේශයෙත් විශාල වේදනාවක් හටගත් බවත් ඔහු සඳහන් කර සිටි.
ඉන් පසුව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමාගේ ලිංගේන්ද්‍රිය තද කරමින් පහර දුන් බවත් ඒ අවස්ථාවේදී ඇතිවූ වේදනාව හේතුවෙන් තමන් සිහිසුන් වූ බවත් පෙත්සම්කරු කියා සිටියේය.
පසුදා පළමු වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සොරකම සමථයට පත් කිරීම සඳහා රු. ලක්ෂ තුනක (3) මුදලක් වෙළඳසැලේ හිමිකරුට ගෙවිය යුතු බව සඳහන් කරමින් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.
ඉන් අනතුරුව නාගොඩ රජයේ රෝහලට ඇතුළත්ව දින 12 ක් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු සඳහන් කරයි.
එහෙත් වග උත්තරකරුවන් සිය විරෝධතා වලින් ප්‍රකාශ කර තිබුණේ තමන් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයටත් පත් කරමින් විනිසුරු මඩුල්ල කියා සිටියේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට අදාළ වන කරුණු ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වූ බවය.
එමෙන්ම පෙත්සම්කරු සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය වාර්තා පිරික්සීමේදී ඔහු බරපතල වද හිංසනයට භාජන වී තිබෙන බව අධිකරණය හමුවේ තහවුරු වන බවත් විනිසුරු මඩුල්ල කියා සිටියේය.
මේ තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර තිබේ.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය ෴
අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්
(19.06.2025 – 06:53 +0530 – sinhala.adaderana.lk)
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව ‘දුම්රිය නියාමකවරුන්ගේ සංගමය’ පවසයි.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම සංගමයේ ලේකම් කේ.ඩි. දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴