පැය 48 ක සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ සැරසේ

පැය 48 ක සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ සැරසේ


පැය 48 ක සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ සැරසේ

(17.06.2025 – hirunews.lk)

දීර්ඝ කාලීනව නොවිසිඳුනු පරිපාලන ගැටලු මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ පිළිබඳව පවසා සිටියා.

  • දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක ප්‍රවාහන /වාණිජ තනතුරේ බඳවා ගැනීම සිදු කිරීම ප්‍රමාද වීම
  • නියාමක විශේෂ පංතියේ උසස්වීම් ලබා දීම ප්‍රමාද වීම
  • නියාමක විශේෂ පංතියේ වැටුප් ගැටලුව නොවිසඳීම. දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාද වීම
  • කාර්යක්ෂමතා කඩයිම් සහන ලබාදීම ප්‍රමාද වීම. නි.කා.භා.නි. කාර්යාල සඳහා දු.කා.ස. සේවකයින් අනුයුක්ත නොකිරීම
  • සුබ සාධන කටයුතු සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම් මේ දක්වා ඉටු නොවීම
  • ශ්‍රී ලංකා තාක්ෂණ සේවය සඳහා නැවත ලබා දී ඇති උසස්වීම් ක්‍රම වේදය නැවතත් නියාමක තනතුර සඳහාද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා සිටීම
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඉල්ලුම් කිරීම සඳහා නැවතත් අවස්ථාව හිමි කර දෙන ලෙස ඉල්ලීම

ආදී ගැටලු සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවදානය යොමු වූ අතර 20 වැනි සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවන බවයි එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ ෴


මොරටුමුල්ලේ රූපලාවන්‍ය ශිල්පිනිය ලක්ෂ 20 කට ආසන්න ‘අයිස් මත්ද්‍රව’ සමග පොලිසියට කොටු

(17.06.2025 – hirunews.lk)

මොරටුමුල්ල විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී රූපලාවණ්‍යාගාරයක් තුළ මත්ද්‍රව ජාවාරමේ යෙදී සිටි රූපලාවණ්‍ය ශිල්පිනියක් රු. ලක්ෂ 20 කට ආසන්න ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමගින් මොරටමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇයගේ සැමියා ද මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනා යටතේ බන්ධනාගාරගතව සිටින බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.


දරුවන් විසින් නොසලකා හරිනුලැබූ සරණක් අවැසි වැඩිහිටියන් ගැන කියන්න වට්ස්ඇප් අංකයක්

(17.06.2025 – hirunews.lk)

දරුවන් විසින් නොසලකා හරිනුලැබූ සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ‘ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය’ වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 070 789 8889 යන වට්ස්ඇප් අංකයට මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වැනිදා ‘ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය’ ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට සමගාමීවයි ‘ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය’ මගින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ ෴


මාලිමාවට ඡන්දේ දීපු සජබයේ මන්ත්‍රීවරුන්ව පක්ෂයෙන් පන්නයි (17.06.2025)

+


කොළඹ මහනගර සභාවේ මන්ත්‍රිනී සඳමාලිට පහරදීම ගැන විමර්ශන

(17.06.2025 – 17:42 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊයේ (16) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලය අසලදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් තමාට පහරදුන් බව මන්ත්‍රීවරිය ‘අද දෙරණ’ට සඳහන් කළාය.

පහර කෑමෙන් තුවාල ලැබු මන්ත්‍රීවරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

අදාළ පාර්ශ්ව දෙකෙහිම (2) පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත කර ඇති බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේය.

+


භික්ෂූනියට ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන ලෙසට නියෝගයක්

(17.06.2025 – 15:43 +0530 – sinhala.adaderana.lk)

රංගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක් වශයෙන් කටයුතු කරන වැලිමඩ ධම්මදින්න නමැති භික්‍ෂුණියට “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව වැලිමඩ ධම්මදින්න නමැති භික්‍ෂුණියට “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කර ඇත.

වැලිමඩ ධම්මදින්න නමැති භික්ෂුණිය සහ රංගිරි දඹුල්ල සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාග විය.

එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන බහුතර විනිසුරුවරු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

පෙත්සම්කාර භික්ෂුණිය කියා සිටින්නේ රංගිරි දඹුල්ල සංඝ සභාව යටතේ 1998 වසරේ පටන් භික්ෂුණී ශාසනයක් ක්‍රියාත්මක වන බවත් තමන් එම සංඝ සභාව යටතේ උපසම්පන්න භාවය ලැබූ භික්ෂුණියක් බවත්ය.

2013 වසරේ මැයි මස 31 වන දා තමා “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම සඳහා අයදුම් පතක් ඉදිරිපත් කළත් එම අයදුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කාරීය සඳහන් කරයි.

අවශ්‍ය නම් “සිල් මාතා” පදනම යටතේ හැඳුනුම්පතක් නිකුත් කළ හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිඛිතව දැනුම් දී තිබූ බවත් පෙත්සම්කාරිය සඳහන් කරයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට “භික්ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

නඩු විභාගයේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අර්ථකථන නීතියට අනුව “භික්‍ෂූන්” යනුවෙන් සඳහන් කරන විට භික්‍ෂුණියන් ද ඊට ඇතුළත් විය යුතු බව පෙන්වා දුන්නේය.

එය පිළිගත් පොදු නීතිමය සිද්ධාන්තයක් බවත් ඔහු අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු ගාමිණී අමරසේකර මහතා සඳහන් කළේ පෙත්සම්කාරියට “භික්ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම් පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවයි.

රංගිරි දඹුල්ල සංඝ සභාව යටතේ 1998 වසරේ සිට භික්‍ෂුණී ශාසනයක් පැවත එන බව පෙත්සමේ සඳහන්වේ.

ඒ යටතේ භික්ෂුණීන් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ඊට අනුබද්ධව සිටින බවටත් පෙත්සම තුළින් කරුණු අනාවරණය කර ඇත.

එම භික්‍ෂුණී ශාසනයට අයත් භික්ෂුණීන් දිවයින පුරා පිහිටි භික්‍ෂුණී ආරාම 223 ක වාසය කරන බවටත් පෙත්සමේ සඳහන් වෙයි.

පෙත්සම්කාරියට භික්‍ෂුණී පදනම යටතේ ජාතික හැඳුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බව අධිකරණයේ මතයයි.

රංගිරි දඹුල්ල සංඝ සභාව යටතේ 1998 වසරේ සිට භික්ෂණී ශාසනයක් ස්ථාපිතව ක්‍රියාත්මක වන බව පෙත්සමේ සඳහන් වේ.

එහෙත් එම ක්‍රියාව සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් විරෝධය පළ කර නොමැත.

භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ බලය ත්‍රෛනිකායික මහනායක හිමිවරු වෙත පැවරී තිබේ.

එහෙත් අදාළ ක්‍රියාව බෞද්ධ ක්‍රමවේදයට පටහැනි නම් රංගිරි දඹුල්ල සංඝ සභාවේ මහා නායක හිමි වශයෙන් කටයුතු කරන පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබුණි.

එහෙත් මේ දක්වා එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

ඒ අනුව නීතිමය වශයෙන් ගත් කළ පෙත්සම්කාරියට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් අනාවරණය නොවේ.

රංගිරි දඹුල්ල සංඝ සභාව රජය විසින් අනුමත කර නොතිබීම සහ භික්ෂුණීන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයාගේ විෂය පථයට අදාළ නොවීම යන හේතූන් මත පෙත්සංකාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

එම කරුණ පිළිගත නොහැකි බවත් පෙත්සංකාරිය භික්ෂුවක් වූවා නම් ඇයට මෙවැනි නීතිමය ගැටලු උද්ගත නොවනු ඇති බවත් තීන්දුවේ සඳහන් වේ.

නමුත් ඇය කාන්තාවක් වීම නිසා මෙවැනි නීතිමය බාධක වලට මුහුණ දීමට සිදුව ඇති අතර එය නීතිය ඉදිරියේ “වෙනස් කොට” සැලකීමක් බවත් තීන්දුවේ සඳහන් කර ඇත.

මේ තුළින් වගඋත්තරකාර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන “නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය” උල්ලංඝනය කර ඇතැයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලේ බහුතර විනිසුරුවරු විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් කර තිබේ.

එහෙත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකකරන විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් කර තිබෙන්නේ මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කාරියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවයි.

ඒ අනුව ඇයගේ පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතු බවත් මහින්ද සමයවර්ධන විනිසුරුවරයා සිය සුළුතර තීන්දුවේ සඳහන් කර තිබේ ෴


අධ්‍යාපනඥ සේවා කථිකාචාර්‍යවරුන් වැඩ වර්ජනයකට සූදානමින් (17.06.2025)

+


කථානායකට එරෙහිව අපි ජිනීවා යනවා ”කිසිම අත්දැකීමක් නැති අය කථානායක පුටුවේ ඉඳගත්තම ඇතිවෙන තත්ත්වය මේ” (17.06.2025)

+


ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට ගසක් කඩා වැටෙයි

(18.06.2025 – 08:40 +0530 – lankacnews.com)

ධාවනය වෙමින් තබූ මෝටර් රථයක් මතට විශාල මැයි මාර ගසක් කඩා වැටීමෙන් එම මෝටර් රථයේ පිටුපස කොටසට දැඩි ලෙස අලාභ හානි සිදු වීඇති බව හැටන් පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයෙදීය.

ගම්පහ සිට තලවකැලේ දක්වා ධාවනය වූ මෝටර් රථය මතට පැවති අයහපත් කාළගුණයත් සමග දිරා ගොස් තිබූ විශාල මැයි මාර ගස මෝටර් රථය මතට වැටී මෙම අනතුර සිදු වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුල රියදුරා පමණක් ගමන් කර ඇති බවත්, අනතුරින් ඔහුට කිසිවක් සිදු නොවුනත්, මෝටර් රථයේ පසුපස කොටසට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මැයි මාර ගස වැටීම නිසා ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන ගසන කටයුතු විනාඩි 30 ක පමණ කාලයක් ඇනහිට තිබූ අතර, වටවල පොලිසියේ නිළධාරින් සහ ප්‍රදේශවාසීන් ගස කපා ඉවත් කිරීමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වයට පත් විය.

අනතුර සිදු වු ස්ථානය හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් නිසා අනතුර පිලිබද ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරිමට හැටන් පොලිසිය වෙතභාර දුන් බව වටවල පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

රංජිත් රාජපක්ෂ


බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනෙකු (5) වහලය මත නැගී විරෝධතාවයක

(18.06.2025 – hirunews.lk)

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනෙකු (5) වහලය මත නැගී විරෝධතාවයක නිරත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඔවුන් එසේ විරෝධතාවයක නිරත වී ඇත්තේ, විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් විසින් සිදු කරන ලද අධික සෝදිසි කිරීම්වලට නිසා බවටයි වාර්තා වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *