ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසන්න

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසන්න


ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසන්න

(15.06.2025 – 19:55 +0530 – sinhala.adaderana.lk)

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට තම ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් තානාපති කාර්යාල නිලධාරින් සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතින බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා පවසයි.

ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේ දුෂ්කරතා පවතින මෙරට වෙසෙන ඔවුන්ගේ ඥාතීන් ඇත්නම් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ විමසීම් කළ හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාව හමුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු (2) සුළු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඊශ්‍රායලයේ බැට්යම් සහ රමාත් ගාන් යන ප්‍රදේශවලට අද (15) අලුයම එල්ල වු මිසයිල ප්‍රහාරවලින් ගොඩනැගිලිවලට සිදුවූ හානී හේතුවෙන් ඔවුන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති බව තානාපතිවරයා පවසයි.

ඒ අනුව තානාපතිවරයා ඔවුන් රැදී සිටින ස්ථාන වෙත ගොස් ඔවුන්ගේ සුවදුක් විමසීමට කටයුතු කර තිබේ.

මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 128 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පුද්ගලයින් 900 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.

මියගිය පිරිස අතර මාස දෙකක (2) කුඩා බිළිඳෙකු ද වන බව සඳහන් වේ.

මේ අතර ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊශ්‍රායල රජය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 380 ක් පමණ වන බවය.

ඉරානය විසින් ඊයේ (14) දිනයේ මධ්‍යම ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලකට දැඩි හානී සිදුව තිබුණි.

මේ අතර ඉරානයේ අවි නිෂ්පාදන මධ්‍යස්ථාන ආශ්‍රිතව පදිංචිව සිටින සිවිල් වැසියන්ට එම ස්ථාන වලින් ඉවත්වන ලෙස ඊශ්‍රාලය විසින් අනතුරු ඇගවීමක් සිදු කර තිබේ.

තම ජීවිත ආරක්ෂිත කර ගැනීම සඳහා එම පියවර ගන්නා ලෙස ඉරාන වැසියන්ට දැනුම් දී ඇති ඊශ්‍රායල ආරක්ෂක බලකාය යළි දැනුම් දෙන තුරු එම ස්ථාන වලට පැමිණිමෙන් වලකින ලෙස අනතුරු අගවා ඇත.

ඊශ්‍රායලයේ මෙම අනතුරු ඇගවීම , ඉරානය වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට වන සංඥාවක් ලෙස විදෙස් විචාරකයින් පෙන්වා දී තිබේ.

ඉරාන අයතුල්ලා අල්කමේනිගේ පාලන තන්ත්‍රයට අයත් සෑම ස්ථානයකටම හා සෑම ඉලක්කයටම ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (14) දිනයේ ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව පැවතුන හොත් තම ප්‍රහාර තීව්‍ර කරන බව ඉරානය අනතුරු අඟවා ඇත ෴


මගේ පුතාව මරාගත්තේ ප්‍රියන්ත විජයකෝන් කියන නළුවා – වැලිකඩ පොලිසිය උන් දරුවා මැරුවේ හුස්ම හිරකරලා (15.06.2025)

+


වැලිගමදී චීවරධාරියෙක් ගහපු සුපිරි ගේම අතේ මාට්ටු වෙයි… ආචාර්ය හිමිනම කරලා තියෙන කැත වැඩේ (15.06.2025)

+


තන පටයේ සැඟවූ හෙරොයින් පොලීසිය ඉස්සරහදී එළියට එයි | හැඩ කුඩු නෝනාගේ වැඩ මෙන්න | තඹුත්තේගමින් හමාර වෙයි (15.06.2025)

+


රිය අනතුරකින් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු (2) මරුට

(16.06.2025 – hirunews.lk)

කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කෝරලඉම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, මිය ගිය එක් කාන්තාවකගේ දියණියන් දෙදෙනා (2) ද එම අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

මොවුන් ඊයේ (15) රාත්‍රියේ අවමගුල් නිවසකට යෑම සදහා පදික මාරුව මතින් ගමන් කරමින් සිටියදී කොළඹ දෙසට ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

පසුව කාන්තාවන් දෙදෙනා (2) සහ දියණියන් දෙදෙනා (2) ප්‍රථිකාර සදහා කළුබෝවිලට ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර එම අවස්ථාවේ 45 හැවිරිදි සහ 50 හැවිරිදි එකම පවුලේ සහෝදරියන් දෙදෙනා (2) ජීවිතක්ෂයට පත්වුණා.

පසුව අනාවරණය වූයේ අනතුරට ලක්වූ මෝටර් රථය පැදවූ රියදුරු බීමතින් සිට ඇති බවටයි.

රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (16) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴

+++

+


‘ගනේමුල්ලේ සංජීව’ ඝාතන සිද්ධියේ, ‘ඉෂාරා සෙව්වන්දී’ ගේ ගිණුමකට රු. 50,000 ක් බැරකළ සැකකරු රිමාන්ඩ්

(16.06.2025 – hirunews.lk)

පාතාල කල්ලි නායකයකු බව කියන ‘ගනේමුල්ලේ සංජීව’ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ‘ඉෂාරා සෙව්වන්දී’ නමැත්තියගේ බැංකු ගිණුමකට රුපියල් 50,000 ක මුදලක් බැර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

‘කොළඹ අපරාධ කොට්ඨාසය’ මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කෙරුණා.

‘කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්’ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විසින් ‘ඉෂාරා සෙව්වන්දී’ නමැත්තියගේ බැංකු ගිණුමට මුදල් සම්ප්‍රේෂණය කර ඇති බවයි.

එම ඝාතනය සිදුවූ වකවානුවේ මෙම මුදල් තැන්පත් කිරීම් සිදු කර තිබෙන බවත් සැකකරුගේ ගිණුමට මෙම මුදල් මාර්ගගත ක්‍රමයට තැන්පත් කර තිබෙන බවත් පොලිසිය පැවසුවා.

අදාළ සැකකරුට මෙම මුදල් ලැබුණේ පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බවත් එම විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා ෴


ඉන්දියාව සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වලට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයි

(16.06.2025 – hirunews.lk)

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (16) එස්.තුරෙයි රාජා, මේනකා විජේසුන්දර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ සඳහා සති දෙකක (2) කාලයක් ලබා දෙන ලෙසත් විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විරෝධතා ගොනු කිරීමට වග උත්තරකරුවන්ට අවසර දුන් අතර ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ගොනු කිරීමට කටයුතු කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියම කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස නියම කළා.

‘වෛද්‍ය ගුණදාස අමරසේකර’ ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් වශයෙන් ‘නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය’ නම් කර තිබුණා.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම හේතුවෙන් මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවයි.

මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර එය ජනතාවගේ ව්‍යවසාතාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවයට ද හානි සිදු වී ඇති අතර මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයද සිටිති.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ විස්සක (20) වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත වැඩිදුරටත් ඉල්ලා තිබේ ෴


ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන ද්‍රව්‍ය කාන්දුවක්

(16.06.2025 – hirunews.lk)

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ රසායන ද්‍රව්‍ය ගබඩා කරන ස්ථානයේ කාන්දුවක් ඇති වී තිබෙනවා.

ගිනි නිවන ඒකකයට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා දුන් දැනුම්දීමකට අනුව ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ එම ස්ථානය පරීක්ෂා කරනු ලැබුවා.

පසුව ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ රසායන ද්‍රව්‍ය පිළිබඳ කටයුතු කරන නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කර බලා එම රසායනය ද්‍රව්‍ය සුරක්ෂිතව ඉවත් කොට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේවනවිට එම ස්ථානයේ තිබූ අවදානම පහව ගොස් ඇති බව ද සඳහන්.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ මෙම රසායන ද්‍රව්‍ය කාන්දු වීමට හේතුව පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

+++

+


පාතාලයේ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කරයි

(16.06.2025 – hirunews.lk)

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුදගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ඊට අයත් වන බවයි පොලීසිය පවසන්නේ.

තහනම් කළ එම වත්කම් අතරට ඉඩම්, නිවාස, හෝටල්, වෙළෙඳසැල්, රථ වාහන මෙන්ම බැංකු ගිණුම් ද වන බව පොලිසිය පවසනවා.


කුඩු ගේන්න උදව් කළ නාවික බුද්ධි ලොක්කෙක් අල්ලයි | සෙව්වන්දි රට පැනීම ගැන හොයන්න මාධ්‍යවේදීන් කැඳවයි ! (16.06.2025)

+


‘2009 ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නෑ’ – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

(16.06.2025 – hirunews.lk)

2009 ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බව ‘මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්’ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස්වරයා පවසා සිටියේ පසුගිය දිනෙක ජාතික පුවත්පත් කිහිපයක ‘2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීම’ යන සිරස්තලය ඔස්සේ ප්‍රවෘත්ති පළ වුවද ඒ සම්බන්ධයෙන් ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව’ අවසාන තීරණයක් ගෙන නොමැති බවයි.

එමෙන්ම 2009 ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර වෙනුවට නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ ෴


නිවසේ ස්වයංක්‍රීය ගේට්ටුවට නිසා පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

(00.06.2025 – hirunews.lk)

නිවසේ ස්වයංක්‍රීය ගේට්ටුවට (Remote Control Roller Door) හසුවී පුද්ගලයෙකුට දිවි අහිමි වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ බේරුවල සමඩ් මාවතෙන්.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වසර කිහිපයක සිට එම නිවසේ මෙහෙකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්.

සිදුවීම පිළිබඳව බේරුවල පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *