අස්වැසුම සල්ලි රු.37,81,000 ක් සොරකම්කල නිලධාරිනියක් අත්අඩංගුවට

අස්වැසුම සල්ලි රු.37,81,000 ක් සොරකම්කල නිලධාරිනියක් අත්අඩංගුවට


අස්වැසුම සල්ලි රු.37,81,000 ක් සොරකම්කල නිලධාරිනියක් අත්අඩංගුවට

(14.06.2025 – hirunews.lk)

‘කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ’ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ රුපියල් 37,81,000 ක මුදලක් (තිස්හත් ලක්ෂ අසූඑක් දහසක්) තම හිතවතුන්ගේ ඥාතීන්ගේ සහ මිතුරන්ගේ ගිණුම්වලට බැර කළ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ අංශයේ කළමනාකරණ සේවා නිලධාරිනියක් ‘ඇඹිලිපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය’ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අස්වැසුම ප්‍රතිලාභ සුභසාධන සඳහා සුදුසුකම් ලබා සිටියදී මියගිය සහ වයෝවෘද්ධ අයගේ අස්වැසුම් මුදල් ඇය විසින් වෙනත් ගිණුම්වලට බැර කර ඇති බවයි.

සැකකාරිය ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

+


විදුලි සෝපානයක් කඩා වැටී තරුණයෙකු ජීවිතක්ෂයට

(15.06.2025 – hirunews.lk)

මොරටුව ප්‍රදේශයේ හෝටලයක විදුලි සෝපානයක් කඩා වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18 ක් වන තරුණයෙක්.

මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරනය වී ඇත්තේ සිද්ධිය වූ දින මහල් හතරකින් (4) යුත් හෝටලයේ උඩු මහලට අවශ්‍ය කෝප්ප පිඟන් රැගෙන යාමට කටයුතු කරමින් සිටියදී සෝපානය ඇඟට කඩා වැටී ඇති බවයි ෴

+++

+


වෛද්‍යවරුන් වර්ජන සුදානමක

(15.06.2025 – hirunews.lk)

සිය අමතර රාජකාරි දීමනාවට අදාළ සංශෝධන සම්බන්ධයෙන් චක්‍රලේඛ කඩිනමින් නිකුත් නොකරන්නේ නම් ලබන 30 වනදායින් පසු වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ අනතුරු අගවනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ’ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මේ බව කියා සිටියා ෴


කොහුවල නිවසකට වෙඩි

(15.06.2025 – hirunews.lk)

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් අද (15) අළුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති අතර, වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

+++

+


දයා ගමගේට අයත් ආයතන 3 ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග

(15.06.2025 – 13:04 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් (3) ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් සඳහන් කර ඇත්තේ ජූලි මස 02 දා උදෑසන 10 ට මෙම වෙන්දේසිය සිදුකරන බවය.

‘පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම’ට අයවිය යුතු රු. 104,229,342 ක මුදලක් අයකර ගැනීමේ අරමුණින් එම ආයතන තුන ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට තීන්දු කර තිබේ.

‘පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම’ට අය විය යුතු 108,309,342 ක මුදලින් රුපියල් 4,080,000 ක පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති බැවින් ඉතිරි මුදල අය කරගැනීමේ අරමුණින් 2022 වසරේ නොවැම්බර් මස 10 වනදා ලබා දුන් නඩු තීන්දුව අනුව මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතය.

දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව තිබේ ෴


සැමියාගේ වෙඩි පහරින් බිරිඳ මරුට

(15.06.2025 – hirunews.lk)

මැදගම, බලගස්ආර ප්‍රදේශයේදී ඊයේ (14) පස්වරුවේ සැමියා විසින් තම බිරිඳව වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

බලගස්ආර මාර්ගය ආසන්නයේ වෙඩි වැදී තුවාල ලැබූ කාන්තාවක් වැටී සිටින බවට මැදගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් විසින් තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් එම කාන්තාව රෝහල්ගත කරන අවස්ථාව වනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීම සිදුකළ බවට සැකකෙරෙන සැකකරු මේ වනවිටත් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, මෙම වෙඩි තැබීම මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා ෴


මුරකරු ඝාතනය කර KDH වෑන් රථයක් පැහැරගෙන

(14.06.2025 – hirunews.lk)

වෙන්නපුව ප්‍රදේශයේ නිවසක මුරකරු ඝාතනය කර එම නිවසේ තිබූ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් (2,60,00,000) පමණ වටිනා වෑන් රථයක් පැහැරගෙන ගොස් තිබෙනවා.

වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ නිවසක් තුළ අතපය ගැටගසා ඝාතනය කළ මළ සිරුරක් සොයාගෙන තිබුණේ ඊයේ (13) රාත්‍රී කාලයේදීයි.

එම නිවසේ හිමිකරු විසින් පොලිසියට සිදු කල දැනුම්දීමක් මත නිවසේ කාමරයක ඇඳක් යට දමා ගොස් තිබූ මළ සිරුර සොයාගෙන තිබූ අතර මෙලෙස ඝාතනය කර ඇත්තේ එම නිවසේ මුරකරුයි. නිවසේ තිබූ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා KDH වර්ගයේ වෑන් රථයක්ද ඝාතකයින් පැහැරගෙන ගොස් තිබෙනවා.

වෑන් රථයට අදාල ලිපි ගොනු ද අස්ථානගතව ඇති අතර එම ලිපි ගොනු ඝාතකයින් රැගෙන ගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ ෴

+++

වෙන්නප්පුවෙන් පැන්නූ KDH වෑන් රථය මහනුවරින් හමුවෙයි

(15.06.2025 – hirunews.lk)

වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මුරකරු ඝාතනය කොට නිවස කොල්ලකෑමෙන් පසුව එම නිවසේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා ‘කේ.ඩී.එච්.’ වර්ගයේ වෑන් රථයක් පැහැරගෙන ගිය වෑන් රථය මහනුවරින් සොයාගෙන තිබෙනවා.

කොල්ලකරුවන් එම වෑන් රථය මහනුවර, පේරාදෙණිය පාරේ කටුකැලේ, බාලිකා පාසලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සොයා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම වෑන් රථය තුළ තිබී පිහි දෙකක් (2) හමුව තිබෙනවා.

එමෙන්ම වෑන් රථය තුළ සිට ‘අයිස් මත්ද්‍රව්‍ය’ පානයට අවශ්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය (උපකරණ) කිහිපයක්ද සොයාගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

වෑන් රථය මහනුවර, පේරාදෙණිය පාරේ, කටුකැලේ දමා සැකකරුවන් දෙදෙනෙකු (2) ඉන් බැස ගොස් යතුරු පැදියක නැගී පලා ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

+++

+


කොච්චිකඩේ මුහුදු තීරයේ ත්‍රීරෝද රථයක් තුළ පිලිස්සුණු මළ සිරුරක්

(14.06.2025 – hirunews.lk)

මීගමුව කොච්චිකඩේ කම්මල් තොටුපොල මුහුදු තීරයේ ත්‍රී රෝද රථයක් තුළ තිබී පිලිස්සී ගිය මළසිරුරක් පොලිසිය විසින් අද (14) පෙරවරුවේ සොයා ගත්තා.

මෙලෙස මියගොස් ඇත්තේ ‘මීගමුව කොට්ඨාස අපරාධ ඒකකයේ විමර්ශන අංශයට අනුයුක්ත 56 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්’ බවටයි හඳුනා ගෙන ඇත්තේ .

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මීගමුව මහ රෝහල වෙත රැගෙන යන බවයි අප වාර්තාකරු පැවසුවේ ෴


අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ ෆේස්බුක් සාදයක් වටලයි

(14.06.2025 – 22:43 +0530 – sinhala.adaderana.lk)

ෆේස්බුක් සාදයක් වටලා එහි සිටි 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (14) අලුයම අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ මෙම ෆේස්බුක් සාදය සංවිධානය කර තිබුණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී ‘ගංජා හා හෑෂ් මත්ද්‍රව්‍ය’ සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානකර තිබූ මෙම මත්ද්‍රව්‍ය සාදය අළුබෝමුල්ල පොලීසිය විසින් වටලා ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 28 අතර වයස්වල පසුවන බණ්ඩාරගම, පොකුණුවිට, මිල්ලනිය, හල්තොට, ඉංගිරිය හා පරගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එම පිරිස අතර පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 10 දෙනෙකු ද අයත් බව පොලීසිය පැවසීය.

අළුබෝමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴


කොන්ද පණ නැති ආණ්ඩුවක්, ලංකාවේ සුපිරි ව්‍යාපාරිකයෙක් එක්ක මාලිමා ආණ්ඩුව ගහන ගේම චම්පික හෙළිකරයි (14.06.2025)

+


එක පාරටම හෝ ගාලා හුළඟ ආවා | ඔක්කොම ගලවාගෙන ගියා මහත්තයෝ…| ඉංගිරිය දෙවනත් කරපු තද සුළඟ (14.06.2025)

+


කොළඹ ජාතික රෝහලට අසාධ්‍යයි | රෝගීන්ගේ මරණය ඉක්මන් කරන රෝහලේ යටගිය ප්‍රශ්න කන්දරාවම එළියට (15.06.2025)

+


ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800 ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

(15.06.2025 – hirunews.lk)

ගවයකුගේ ගෙල බැඳි ලණුවක පැටලීමෙන් පසුව මීටර 800 ක් පමණ දුර ඇදී ගොස් තුවාල ලැබූ 09 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිදුවීමෙන් පසුව රෝහල්ගත කළ දරුවා සැත්කමකට යොමුකිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර, විහාරපාළුගම ප්‍රදේශයේ පාසලක 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඉමාෂ් දෙවිඳු නැමැති දරුවෙක්.

මේ දරුවා පෙරේදා (13) දින සවස ඔහුගේ තවත් යහළුවන් කිහිප දෙනෙකු සමග අසල්වැසි නිවසක ඇති කරන ගවයකු සමග සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

එහිදී ගවයා නොසන්සුන් තත්ත්වයකට පත්ව මාර්ගයේ දිව ගොස් ඇති අතර එහිදී ගවයාගේ ගෙළ බැඳි ලණුව, මෙම දරුවාගේ ශරීරයේ පැටලී තිබෙන බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේ මීටර් 800 ක් පමණ දුර‍ එම දරුවා ඇදී ගොස් තිබෙන බවත් එහිදී බරපතල තුවාල ලබා තිබෙන බවත් පැවසෙනවා.

අනතුරුව තුවාල ලැබූ දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුල් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

දරුවාගේ තත්ත්වය බරපතල බැවින් එම වෛද්‍යවරුන් දරුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කිරීම ආරම්භ කොට තිබුණා.

වෛද්‍යවරුන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ දරුවාගේ මොළයට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි.

දැඩිසත්කාර ඒකකයේ සිටි දරුවා සැත්කමකට භාජනය කර තිබෙන අතර ඊයේ (14) පස්වරු 3 ට පමණ දරුවා ජීවිතක්ෂයට පත් වූ බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *