බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලකට ගසක අත්තක් කඩාවැටී සිසුවෙක් මරුට
බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලකට ගසක අත්තක් කඩාවැටී සිසුවෙක් මරුට
(12.06.2025 – 16:14 +0530 – sinhala.adaderana.lk)
බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
අද (12) දහවල් මෙම අනතුර සිදුවී ඇත.
එම අනතුරෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලන්ගොඩ පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+++
+
පොලිසියෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (12.06.2025)
+++
බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් ගැන හොයන්න (12.06.2025)
+
මර්වින් සිල්වා කැලණියේ චණ්ඩියා වගේ ගහපු ගේම් හිටපු DIG ප්‍රියන්ත හෙළිකරයි (12.06.2025)
+
කෙහෙළියගේ හොර අඹු නිළියට Gym යන්න සල්ලි ගෙවලා තියෙන්නේ අපි. චමල් ඇතුළට යන්න වෙන රු. ලක්ෂ 150 ගේම මෙන්න (12.06.2025)
+
සෙනග කන්දරාවක් එක්ක පානදුරේ යන්න කඩුගන්නාව බහිද්දී බස් එක උඩට අත්තක් කඩා වැටිලා – සිසුවියකට තුවාල (13.06.2025)
+
පොලිසිය ඇතුළේ මගේ නෝනට කරපු දේවල් මට ඉවසන්න බැහැ – කඩවත පොලිසිය ගැන ඇහෙන අමිහිරි කතාව (12.06.2025)
+
දෙවුන්දර දෙහි බාලෙගේ භීෂණය තවම ඉවර නැහැ. තුන්මාසේ දානෙට කලින් තාත්තයි පුතයි දෙන්නම ඉවර කරලා දානවා (13.06.2025)
+
ජනාධිපති අරමුදලෙන් මහජනතාවට සපයනු ලබන සියලුම සේවාවන් ඔන්ලයින් ක්‍රමයට
(13.06.2025 – hirunews.lk)
ජනාධිපති අරමුදලෙන් මහජනතාවට සපයනු ලබන සියලුම සේවාවන් ජුනි 21 වන දින සිට මාර්ගගතව (ඔන්ලයින්) දියත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනු ලබනවා.
ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබාදීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 07 වනදා සිට ආරම්භ කෙරුණා.
ඒ අනුව දිළිඳුකම පිටු දැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වනඅලින් ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හි සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි එම නිවේදනයේ සඳහන් ෴
“රුපියල් 50 ක සීනි බද්ධ ශත 25 ක් දක්වා අඩු කිරීමේ සිද්ධියේ අපරාධමය වරදක් සිදුව නැහැ” – නීතිපති අධිකරණයට දන්වයි
(13.06.2025 – hirunews.lk)
පසුගිය 2020 වසරේ ඔක්තෝම්බර් මස සීනි සඳහා පනවා තිබූ රුපියල් 50 ක බද්ධ ශත 25 ක් දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාලව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (12) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවා.
ඒ අනුව ඊට අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේදී යම් දූෂණයක් හෝ අල්ලසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙන්නේ නම් මෙම නඩු ගොනුව අදාළ ආයතන වෙත යොමු කර විමර්ශන සිදු කිරීමට හැකියාව තිබෙන බවත් සඳහන් කර සිටියා.
2020 වසරේ ඔක්තෝබර් මස 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා පනවා තිබූ රුපියල් 50 ක බද්ධ ශත 25 ක් දක්වා අඩු කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් රජයට පාඩුවක් සිදු වී තිබේදැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාල විමර්ශන පවත්වා සියලු උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළා.
ඒවා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත දැනුම් දී තිබුණේ මෙම විමර්ශනය තුළින් අපරාධමය වරදක් උද්ගත නොවන බවයි.
ඒ අනුව නඩු කටයුතු අවසන් කෙරුණා ෴
‘කැලේගම නෝනා’ මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි
(13.06.2025 – hirunews.lk)
තඹුත්තේගම පොලිස් වසමේ කැලේගම ප්‍රදේශයේ ජීවත්වන ‘නාරන් කොටුවේ ගෙදර ලොකු මැණිකේ’ නොහොත් (නෝනා) නැමැති නමගිය මත්කුඩු ව්‍යාපාරික කාන්තාවක් තඹුත්තේගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ මෙහෙයුමකින් මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය තනපටය තුළ සඟවාගෙන තිබූ හෙරෝයි මත්කුඩු ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 100 සොයා ගත්බව තඹුත්තේගම පොලිසිය පවසනවා.
සැකකාරිය මත්කුඩු වෙළදාම මහා පරිමාණයෙන් සිදුකරගෙන ගොස් තිබූ අතර ජංගම දුරකතන හා වෙනත් දෑ උගසට තබාගෙන ගැනුම්කරුවන් නිවසට ගෙන්වා මත්කුඩු සිල්ලරට ද වෙළදාම් කර මුදල් උපයනබවට මූලික පරික්ෂණ වලින් තඹුත්තේගම පොලීසිය සොයාගෙන තිබෙනවා.
නිවස සෝදිසි කිරීමේදී ගැනුම්කරුවන් විසින් උගසට තබා මත්කුඩු ලබාගත් බැංකු පොතක්, ජංගම දුරකථන 23 ක්, ජාතික හැඳුනුම්පත් 02 ක්, රියදුරු බලපත්‍ර 02 ක් සමග අල්මාරියක් තුළ සඟවා තිබියදී මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් යැයි සැකක කරන මුදලින් රුපියල් පහළොස් ලක්ෂ අසූහතරදාස් හයසිය හැත්තෑවක (1,584,670)ක මුදලක් ද අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.
සැකකාරිය හෙට (14) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴
කතා කර කර කුරුමානම අල්ලපු ෆෝන් හොරා – තෙවැනි ඇසේ සටහන් වූ දර්ශන මෙන්න (13.06.2025)
+
අබිරහස් ලෙස වැටී සිටි සිසුවියක් පාසලකින් සොයාගනී
(13.06.2025 – hirunews.lk)
බණ්ඩාරවෙල – දෙමෝදර ප්‍රදේශයේ පාසැලක වැසිකිලියක් අසළ පාසැල් වේලාවෙන් පසු අභිරහස් ලෙස වැටී සිටි දැරියක් ගුරුවරුන් සහ සිසුන් පිරිසක් එක්ව දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම දැරිය වැඩිදුර විමර්ශන සඳහා බදුල්ල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.
බණ්ඩාරවෙල දෙමෝදර පිහිටි මෙම පාසැලේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි දැරියක් අබිරහස් ලෙස පාසලේ වැසිකිලියක් අසළ වැටී සිට ඇත්තේ ඊයේ පස්වරු කාලයේදීයි.
පාසැල නිමවී එම දැරිය නිවසට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් ඇගේ මව පාසලේ ගුරුවරියකට දුරකථන ඇමතුමක් ලබාදී ඒ පිළිබඳ දැනුවත් කර තිබෙනවා.
ඉන් අනතුරුව එම දැරියගේ පන්තිභාර ගුරුවරිය තවත් සිසුන් පිරිසක් සමග මෙම දැරියට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සෝදිසි කර තිබුණා.
පාසලේ වැසිකිළියක් අසළ එම දැරිය අභිරහස් ලෙස වැටී සිටින ආකාරය එම ගුරුවරිය විසින් දැක තිබෙන්නේ එවිටයි.
අනතුරුව ගුරුවරිය විසින් මෙම දැරිය දෙමෝදර ප්‍රදේශිය රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් විමර්ශන කඩිනමින් ආරම්භ වුණා.
පොලිස් නිලධාරින් විසින් ස්ථානීය පරීක්ෂණයද සිදුකළා.
මේ අතර ඊයේ රාත්‍රිය වනතෙක්ම පොලිස් නිලධාරීන් පාසල් භූමිය තුළ රැදී සිටිමින් විමර්ශන සිදුකළ අතර මව්පියන් පිරිසක් පැමිණ පොලිස් නිලධාරින්ගෙන් එම විමර්ශන පිළිබඳව විමසීමත් සමග උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.
අබිරහස් ලෙස පාසැලේ වැසිකිලියක් අසළ වැටී සිටි පාසල් දැරිය පිළිබඳව හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ ඇය බදුල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත වැඩිදුර විමර්හන සඳහා යොමුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴