ගැරඬිඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් කතරගම ඩිපෝ අධිකාරිට එරෙහිව නඩු

ගැරඬිඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් කතරගම ඩිපෝ අධිකාරිට එරෙහිව නඩු


ගැරඬිඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් කතරගම ඩිපෝ අධිකාරිට එරෙහිව නඩු

(11.06.2025 – dasathalankanews.com)

මැයි මස 11 වැනි දින කොත්මලේ – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක බස් අනතුරට හේතුව රියදුරුට තිබූ අධික තෙහෙට්ටුව සහ වෙහෙස බව අනාවරණය වී තිබෙනවා.

එකී සිද්ධිය පිළිබඳ ව විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඇතුළු කමිටුව කටයුතු කළ අතර එම කමිටුව විසින් සකස් කරන ලද පරීක්ෂණ වාර්තාව අද (11) මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත පිළිගැන්වීමෙන් පසුව පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේ දී මේ බව අනාවරණය කෙරුණා.

මෙම අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු මියගිය අතර තවත් 53 දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

අනතුරට ලක් වූ බස් රථයේ සම්පූර්ණ ගමන් කාලය පැය 09:30 ක් බවත්, කොන්දොස්තර සහ රියදුරු ඩිපෝවට පස්වරු 06 ට වාර්තා කර ඇති බවත්, ඔවුන්ගේ රාජකාරී කාලය පැය 13 ක් බවත් මෙම පරීක්ෂණ වාර්තාවෙන් හෙළි ව තිබෙනවා.

රියදුරුට කිසිදු අසනීප තත්ත්වයක් හෝ ඔහු කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිත කර නොමැති අයෙක් බවටත් හෙළි ව ඇති අතර, බස් රථයේ ද කිසිදු තාක්ෂණික දෝෂයක් තිබී නැහැ.

එබැවින් මෙම විශේෂ විමර්ශන වාර්තාවට අනුව බස් රථය රියදුරුට තිබූ අවිවේකී බව සමග පෙරළී යන්නට ඇතැයි විශ්වාස කර තිබෙනවා.

එමෙන්ම මෙම බස් රථය ඉතාමත් දුෂ්කර මාර්ගයක ධාවනය වන බවත්, එතරම් දුෂ්කර මාර්ගයක බස් රථය ධාවනය වීමට තරම් සුදුසු මට්ටමක තිබේ යැයි ‘ගමනාගමන මණ්ඩලය’ සහතික කර නොමැති බව ද වාර්තාවේ සඳහන්.

එම බස් රථයේ ප්‍රමිතිය ගැන සහතික කරගැනීම සිදු කළ යුත්තේ ‘කතරගම ඩිපෝ අධිකාරිවරයා’ බවත්, ඔහු එම වගකීම පැහැරහැරීම හේතුවෙන් විශේෂ පරීක්ෂණ කමිටුව මගින් ඩිපෝ අධිකාරිවරයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද පැවසෙනවා.

එමෙන්ම මාර්ගය නිසි ලෙස නඩත්තු නොකිරීමට එරෙහිව ‘මාර්ග සංවර්ධන අධිකාරිය’ට එරෙහිව නඩු පැවරීමක් සිදු කළ හැකි ද යන්න සොයා බැලීමක් සිදු කරන බව ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

+++

+++

+


Sri Lanka’s AKD To Meet Germany’s Steinmeier

(11.06.2025 – english.newsfirst.lk)

Sri Lankan President Anura Kumara Dissanayake has commenced a three-day official visit to Germany at the invitation of German President Frank-Walter Steinmeier.

The visit, taking place from June 11 to 13, marks a significant step in strengthening bilateral relations between the two nations.

President Dissanayake is scheduled to hold high-level discussions with President Steinmeier and key members of the German Federal Government.

The talks will focus on expanding cooperation in areas such as trade, the digital economy, investment, and vocational training, in line with Sri Lanka’s national development priorities.

President Disanayake will Chair a Business Forum, organised by the German Chamber of Commerce and Industry, where he will highlight Sri Lanka’s on-going economic transformation, emerging investment opportunities, growth potential and prospects for expanding bilateral trade relations.

In addition, the President is scheduled to meet with representatives from Germany’s Tourism and Travel Industry Associations as well as members of the Sri Lankan community residing in Germany.

President Anura Kumara Disanayake is accompanied by Minister of Foreign Affairs, Foreign Employment and Tourism, Vijitha Herath, along with a delegation of senior government officials.

+++

Who is at the head of the German government?

The Federal Chancellor is the head of the Federal Government. It is called the Federal Government because Germany is made up of 16 federal states, so the Federal Government is separate from the state governments. Together with the Federal Ministers, the Federal Chancellor forms the Federal Government – the Cabinet.

Federal Chancellor of Germany : Friedrich Merz

+++

+++

+++

දයාසිරි රට හෙල්ලෙන හෙළිදරව්වක් කරයි – ලියුම් 03 ක් අතේ – නම් ගම් එක්ක ඔක්කොම එළියට (11.06.2025)

+++

CID අසල නොසිතූ සිදුවීමක් – නලින්ද ජයතිස්සගේ ආන්දෝලනාත්මක හඬපටයක්, වෛද්‍යවරයා ලීක් කරයි (11.06.2025)

+


හිරකාරයෙක් එළියට දාන්න බන්ධනාගාර ලොක්කො අත යටින් ගහපු ගේම මෙන්න.. මුන් වැඩ කරන්නේ තනිකරම සල්ලි වලට (11.06.2025)

+++

ජනාධිපති පොදු සමා තුනට 69ක් දැනට ගෙදර ගිහින් ! (10.06.2025)

+++

බන්ධනාගාර ලොක්කන්ගේ ගේම් එක අධිකරණයේදී හෙළිවෙයි! (11.06.2025)

+


හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට

(11.06.2025 – hirunews.lk)

සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධව මේ වන විට කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යන විමර්ශනයට අදාළව ඔහුගේ නිවසක සේවිකාවක වශයෙන් කටයුතු කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ කාන්තාවක්.

ජනමාධ්‍ය සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් පහළොස්දෙනෙකු (15) ඇතුළත් කර ඔවුන්ගේ වැටුප් හා දීමනා ලබාගෙන රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව විමර්ශන සිදු කෙරෙනවා.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී හමුවට පමුණුවනු ලැබුවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා ෴

+++

+++

අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ මෙහෙකාරිය රිමාන්ඩ්

(12.06.2025 – hirunews.lk)

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවිකාවක මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී හමුවට ඊයේ (11) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් පහළොස්දෙනෙකු (15) ඇතුළත් කර ඔවුන්ගේ වැටුප් හා දීමනා ලබාගෙන රුපියල් ලක්ෂ අසුවකට (80,00,000) අධික මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *