වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය රිමාන්ඩ්

වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය රිමාන්ඩ්


වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය රිමාන්ඩ්

(10.06.2025 – 13:34 +0530 – sinhala.adaderana.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය හෙට (11) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම අවස්ථාවේදී විමර්ශන කටයුතු සිදුවන හෙයින් ඇප ඉල්ලීම සලකා බැලිය නොහැකි බවය.

ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුකරය හෙට (11) දින ස්ථිර මහෙස්ත්‍රාත් හමුවේ කැඳවන ලෙස නියම කළේය.

එතෙක් සැකකරු හෙට (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

+++

ඇයි මේ ඇමති බිමල් බයවෙලා, මූණ වෙනස් වෙලා, confuse වෙලා ? ගම්මන්පිල තවත් බෝම්බයක් පත්තු කරයි (10.06.2025)

+


සිරිලක දම් සිසිලෙන් නැහැවුණු උතුම් පොසොන් පොහොය දිනය අදයි (10.06.2025)

+++

+++

+


වීරකැටිය – අතුබොඳෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය පාකිස්ථානයෙන් ගෙන්වූ බව හෙළිවෙයි

(10.06.2025 – hirunews.lk)

හම්බන්තොට – වීරකැටිය – අතුබොඳේ ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබියදී සොයාගත් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණය ද පාකිස්ථානයෙන් ගෙන්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය පැකට් 100 ක අසුරා තිබියදී ඊයේ (09) පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

පසුගිය මස 22 වනදා ද අතුබොදේ ප්‍රදේශයේ නිවසක තිබීයදී මෙවැනිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණේ සැකකරුවන් දෙදෙනෙකු (2) ද සමගයි.

අදාළ මත්ද්‍රව්‍ය පැකට්වල පාකිස්ථානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් භාවිතා කළ සලකුණු සටහන් කර තිබෙනවා.

එමෙන්ම, ඊයේ (09) සොයාගත් මෙම මත්ද්‍රව්‍ය අඩංගු පැකට්වල අදාළ සලකුණු සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

+++

+


ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(09.06.2025 – hirunews.lk)

බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් අනිද්දා (11) පැය 10 ක ජල කප්පාදුවක් සිදුකරන බව ‘ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය’ පවසනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ, සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වෙන්නේ ෴


පොලීසිය සමග ගැටුමෙන් පසු අත්අඩංගුවට ගත් 5 දෙනා රිමාන්ඩ්

(10.06.2025 – 16:23 +0530 – sinhala.adaderana.lk)

බේරුවල ධීවර වරාය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් අද (10) සවස කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබුණේ සැකකරුවන් පස්දෙනාම (5) එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ය.

බේරුවල ධීවර වරාය ආසන්නයේදී ඊයේ (09) රාත්‍රියේ පොලීසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබුණි.

ඒ එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පිරිස පොලීසියට පහරදුන් බව කියන සිද්ධියක් හේතුවෙනි.

පසුව තත්ත්වය පාලනය කිරීමට පොලීසිය අහසට වෙඩිතබා තිබූ බවද වාර්තා විය.

පිරිසක් ලොරි රථයක නැග බෞද්ධ කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙසට පොලීසිය ඔවුන්ට උපදෙස් දීමෙන් පසු මෙම සිද්ධිය ඇතිවී තිබේ.

+


ප්‍රමිතියෙන් තොර වානේ කම්බි හැදූ ගබඩාවක් වටලයි

(10.06.2025 – 15:28 +0530 – sinhala.adaderana.lk)

ප්‍රමිතියෙන් තොර වානේ දඟර කම්මි නිෂ්පාදනය කර කර්මාන්තශාලාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

කහතුඩුව ප්‍රදේශයේ ආයතනයක් විසින් රාත්‍රි කාලයේදී මෙම වානේ කම්බි පසුව මීගමුව ප්‍රදේශයේ ගබඩාවකට ප්‍රවාහනය කරනු ලබන බවත් නිලධාරීන් විසින් මෙහිදී අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් අදාල නිෂ්පාදන ආයතනයෙන් රාත්‍රී කාලයෙහි භාණ්ඩ ප්‍රවාහනය කරනු ලැබූ ලොරි රථයක් හබායමින් අදාළ ගබඩාව පසුගිය 06 වන දින වැටලීමට කටයුතු කරන ඇත.

එහිදී එම ස්ථානයෙහි ගබඩාකර තිබූ දළ වශයෙන් ටොන් 400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති වානේ තොගයක් පවතින බවට පසුව අනාවරණය කරගත් අතර අදාළ තොගයේ වෙළදපොල වටිනාකම රුපියල් මිලියන 100 කට වැඩි බවද දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාල වැටලීම සම්බන්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තාකර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතුවලින් පසු නඩු පැවරීමට නියමිත බවද එම අධිකාරිය පැවසීය.

+++

+


නියෝග කළේ ජනාධිපති | වරද රේගුවේ ​| කන්ටේනර් පැනිල්ල ගැන හිටපු රේගු ලොක්කෙක් කට අරී (10.06.2025)

+


දිස්ත්‍රික්ක 06 ක ඩෙංගු අවදානම ඉහළට – වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,055 ක් (10.06.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *