බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනපති සමාව අවභාවිතා කර දරුණු සිරකරුවෝ 20 ක් ගෙදර යවලා
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනපති සමාව අවභාවිතා කර දරුණු සිරකරුවෝ 20 ක් ගෙදර යවලා
(09.06.2025 – divaina.lk)
- බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි
- ඊට පෙරත් අනීතිකව තවත් සිරකරුවන් නිදහස් කරලා
- අල්ලස් ගෙන ඇද්දැයි සොයයි
- ලිස්ට් එකේ නම නැති අයෙකුට ජනාධිපති සමාව දුන්නේ කොහොමද?
- පරීක්ෂණවලින් රහස් රැසක් එළියට
ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසේ සිරකරුවන් 20 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවට නිදහස් කිරීමට නොහැකි දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් ‘බන්ධනාගාර දෙපාර්තමේන්තුව’ මගින් හොර රහසේම නිදහස් කර ඇති බව මේ වනවිට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ‘පොලිස් මාධ්‍ය කොට්ඨාසය’ වැඩිදුරටත් මෙසේ ද කියා සිටී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල අනුව ‘2025 වර්ෂයේ වෙසක් දිනය නිමිති කොටගෙන’ දැනට සිරදඬුවම් විඳින සිරකරුවන් හට පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව පොදු සමාව ලබාදුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිපදෙනකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබාදුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06 දා ‘ජනාධිපති කාර්යාලය’ මගින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙත ලැබී ඇත.
එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් සිදු කරනු ලබන අතර ඒ සඳහා ‘බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා’ගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ඇත. එමෙන්ම තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිතව ද ඇත. මෙම පොදු සමාව අනීතික ලෙස භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතී.
මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධ අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධිත සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් සිදුකරනු ලබයි. එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථම ද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවට ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතී. ඒ සම්බන්ධව ද ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි. ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණයන් මගින් වරදකරුවන් වූ පුද්ගලයන් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අත.
මේ අතර මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටි රැඳවියකුට ජනාධිපති සමාව දීමට ජනාධිපතිවරයා අනුමැතිය දී නොතිබියදීත් ඔහුට ජනාධිපති සමාව ලබාදී මුදාහැරීම සම්බන්ධයෙන් ඊයේ (08) වනතුරුත් නිශ්චිත කරුණු අනාවරණය වී නොතිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ද පැය 05 ක පමණ කාලයක් පෙරේදා (07) ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
වෙසක් පොහෝ දා ජනාධිපති සමාව ලබාදීමට නිර්දේශ කරනු ලැබූ පුද්ගලයන්ගේ නම් 388 අතර ඔහුගේ නම තිබී නැත. නමුත් ඔහුට ජනාධිපති සමාව හිමිවීම පිළිබඳව සැක සහිත කරුණු ගණනාවක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස පසුගිය 06 වැනිදා ‘ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව’ යන ශීර්ෂය යටතේ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙත පැමිණිල්ලක් ද යොමු කළ බව ‘ජනාධිපති ලේකම් කාර්යාලය’ ප්‍රකාශ කර තිබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාව ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ. ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාමලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි. එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්‍ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරන අතර ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමිවන බව ‘ජනාධිපති ලේකම් කාර්යාලය’ මගින් අවධාරණය කර තිබුණි.
මේ සිදුවීම සම්බන්ධයෙන් ‘බන්ධනාගාර දෙපාර්තමේන්තුව’ මගින් ‘ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයකු’ යටතේ විශේෂ විමර්ශනයක් පවත්වන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි ඩී. දිසානායක මහතා ‘දිවයින’ ට ඊයේ (08) පැවැසීය.
ස්ත්‍රී දූෂණ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ඇතුළු චෝදනා 32 කට පමණ අයත් සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස් නොකරන බවත්, එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් දැනුවත්ව සිටියදී අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා යම් අයකු වරදකරු වුවහොත් ඔහුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.
හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා
+++
බන්ධනාගාර ලොක්කාට වැඩ වරදියි | කැබිනට් මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර ගත්ත විශේෂ තීරණය මෙන්න (09.06.2025)
+++
අනිතිකව ජනාධිපති සමාව ලැබුණු අතුල හේමන්තගේ හෙළි නොවූ පැටිකිරිය මෙන්න (09.06.2025)
+++
අපරාධකරුට අනීතිකව සමාව දුන් කුමන්ත්‍රණයට, අධිකරණ ඇමතිත් හිර වෙයි (09.06.2025)
+
උදය ගම්මන්පිල ගෙන් CIDයට පැය තුනක (3) ප්‍රකාශයක්
(09.06.2025 – 14:48 +0530 – sinhala.adaderana.lk)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබේ.
ඒ පැය තුනක (3) ප්‍රකාශයක් ලබාදීමනේ අනතුරුවය.
ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම බහාලුම් 323 ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවය.
එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්’ ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.
තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ඒ මහතා මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.
+++
ID ආ ගම්මන්පිල බහාලුම් 323 ලැයිස්තුව එළියට දමයි | වැඩේ වැරදී රට පනින්න හදන නිලධාරීන් මෙන්න (09.06.2025)
+++
බහලුම් 323 ගැන විස්තර රේගුවෙන් අතුරුදහන් | බෙල්ජියමට පනින්න හදන අරුක්ගොඩ බෙල්ලටම හිර වෙයි (09.06.2025)
+++
+++
බිමල් ඉවරයි … සජිත් බෝම්බේ පත්තු කරයි (09.06.2025)
+++
නීති විරෝධීව කන්ටේනර් 323 නිදහස් කල අනුර දිසානායක, බිමල් රත්නායක සම්පුර්ණ වගකීම භාරගත යුතුයි (09.06.2025)
+
වැඩ තහනම් වුණු රවී කුමුදේශ් වෙනුවෙන් වෘත්තිකයන් පාරට බහී | හදිසියේම මාධ්‍යට ඇවිත් කරපු අනතුරු හැඟවීම මෙන්න (09.06.2025)
+
මෙයාගේ සල්ලි බැංකු මැනේජර්ගේ නෝනගේ ගිණුමට දාලා? ලැජ්ජයි හිරිකිතයි නේ… (09.06.2025)
+
ආණ්ඩුකාරයාට කටක් අරින්න හම්බුනේ නෑ | මිහින්තලේ හිමි පුරාවිද්‍යා නිලධාරීන්ටත් හොදම එකෙන් අමතයි (09.06.2025)
+
රාජ්‍ය සේවකයෝ ෆැසිස්ට් පාලනය ඉදිරියේ අසරණ වෙති! (10.06.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴