අනුරාධපුර බන්ධනාගාර අධිකාරි CID අත්අඩංගුවට
(08.06.2025 – 22:39 +0530 – sinhala.adaderana.lk)
‘අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා’ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ (CID) විසින් අද (8) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
‘ජනාධිපති පොදු සමාව’ අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
රුපියල් ලක්ෂ 40 ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අදාළ අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා තිබේ.
ඒ අනුව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි ‘ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න’ නමැති විත්තිකරුවෙකු ඉකුත් මැයි 12 වනදාට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදාහැර ඇති බව සඳහන්.
බන්ධනාගාර අධිකාරිවරයාගේ එම කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය අදාළ විත්තිකරුව නිදහස් කර මුදා හරින ලෙස නියෝගකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර ‘අනුරාධපුර බන්ධනගාර අධිකාරිවරයා’ හෙට (09) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය ෴
+++
රු. ලක්ෂ 40 ක් වංචා කළ විත්තිකරුට ජනාධිපති සමාව දුන් බව බන්ධනාගාර කොමසාරිස් කියයි (08.06.2025)
+++
+
ගුරුවරුත් දැවැන්ත වර්ජන සූදානමක (08.06.2025)
+
දෙවැනි (2) වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් ‘නිල් කහ මැකෝ ගිරවෙකු’ සොරාගනී
(08.06.2025 – 11:56 +0530 – sinhala.adaderana.lk)
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5 කට අධික වටිනාකමකින් යුත් ‘නිල් කහ මැකෝ ගිරවෙකු’ සොරාගෙන ගොස් තිබේ.
පසුගිය 04 වැනි දින රාත්‍රියේ අදාළ සොරකම සිදුව ඇති අතර එය සත්ත්වෝද්‍යානය අසල වෙළෙඳසැලක සවිකර ඇති ආරක්ෂිත කැමරාවකද සටහන් වී ඇත.
කූඩුව තුළ නිල් කහ මැකෝ ගිරවුන් 30 ක් රඳවා සිට ඇති අතර ඉන් එක් (1) ගිරවෙකු මෙලෙස සොරගෙන ගොස් තිබේ.
කූඩුව භාරකරු පසුදා උදෑසන රාජකාරි සඳහා යතුරු රැගෙන කූඩුව විවෘත කිරීමට යාමේදී එහි ආරක්ෂාවට දමා ඇති ආරක්ෂිත අඟුල කඩා ඇති බව දැක පසුව සත්ත්වෝද්‍යානයේ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබේ.
පසුව සිදුකළ පරීක්ෂාවේදී එම කූඩුව තුළ සිටි එක් (1) ‘නිල් කහ මැකෝ ගිරවෙකු’ අස්ථානගතවී ඇති බව නිලධාරීන් දැක ඇත.
පසුව මේ සම්බන්ධව එහි පාලනාධිකාරිය ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් දෙහිවල පොලීසියේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
පසුගිය 2021 වසරේ අගෝස්තු මස 08 වැනි දිනද මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගත වූ අතර පසුව එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගෙන තිබුණි.
+
ත්‍රිරෝද රථයක් කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
(09.06.2025 – hirunews.lk)
රාගම ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවෙකු ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග ඊයේ (08) දහවල් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරු සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 09 මිලිග්‍රෑම් 480 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය සඳහන් කළේ සැකකරු ජූනි 04 වන දින රාගම පොලිස් ස්ථානයට වාර්ථා වූ රුපියල් 1,800,000/= ක් වටිනා ත්‍රීරෝද රථයක් කොල්ලකෑමේ අපරාධයේ සැකකරු බවට අනාවරණය වී ඇති බවයි.
එමෙන්ම, කොල්ලකන ලද ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
උදැල්ලකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ
(09.06.2025 – hirunews.lk)
කුලියාපිටිය වල්පිටගම ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 43 ක් වූ කාන්තාවක්.
ඇගේ ස්වාමියා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති අතර සිදුවීම පිළිබඳ කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴
+++
+
පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ ‘බාලඇල්ල වැවේ’ දියනෑමට ගිය සිව්දෙනෙකු (4) මරුට
(08.06.2025 – 11:42 +0530 – sinhala.adaderana.lk)
පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ වැවක ගිලී පුද්ගලයින් සිව්දෙනෙකු (4) මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ බාලඇල්ල වැවේ දියනෑමට ගිය පුද්ගලයින් සිව් දෙනෙකු (4) මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවය.
ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ ෴
+++
+
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200 ක්
(08.06.2025 – 08:18 +0530 – sinhala.adaderana.lk)
දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ ආරක්ෂිත ක්‍රමවේද සහිත දුම්රිය හරස් මාර්ගවල බවට කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා කැඳවූ අවස්ථාවේ දී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය.
එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන්ගෙන් විමසීමක් කළේය.
ඊට ප්‍රතිචාර දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200 ක් පමණ මෙරට පවතින බවය.
මේ අතර මෙහිදී අදහස් දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී කේ.කේ. හේවාවිතාරණ මහතා ප්‍රකාශ කළේ නව දුම්රිය මැදිරි කට්ටල 5 ක් මිලදී ගැනීම සඳහා අනුමැතිය හිමිව ඇති බවය.
එම දුම්රිය මැදිරි සියල්ල තුන්වන (3) පන්තියේ වායු සමීකරණය කරන ලද මැදිරිවලින් යුක්ත බව කේ.කේ. හේවාවිතාරණ මහතා පවසයි ෴
පොසොන් උත්සවය වෙනුවෙන් නොමිලයේ දුම්රිය ගමන්වාර රැසක්
(08.06.2025 – 06:45 +0530 – sinhala.adaderana.lk)
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20 ක් සහ අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36 ක් ක්‍රියාත්මක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවය.
එමෙන්ම මෙම දුම්රිය ගමන්වාර සඳහා පෞද්ගලික ආයතනයක් සම්පූර්ණ වියදම් දරා ඇති බැවින් මෙම සියලු දුම්රිය ගමන්වාර මගීන් සඳහා නොමිලයේ ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
මෙම විශේෂ දුම්රිය ගමන්වාර හෙට (09) වන දින සිට එළැඹෙන 12 දින දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මීට සමගාමීව නවාතැන් පහසුකම් සහ අනෙකුත් පහසුකම් වැඩි දියුණු කිරීමද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකර තිබේ.
ඒ අනුව අනුරාධපුරය දක්වා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ස්ථාන කිහිපයක නවාතැන් පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයිද එම පහසුකම් දුම්රිය ස්ථානය මගින් ලබා ගැනීමේ හැකියාව ඇතැයිද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය ෴
පශු වෛද්‍ය වර්ජනය අරඹයි
(09.06.2025 – 07:25 +0530 – sinhala.adaderana.lk)
‘රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
‘රජයේ පශු වෛද්‍යවරුන්’ සඳහාම වෙන් වු සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය අද (09) පෙරවරු 6 ට ආරම්භ කර ඇත.
එහි සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ‘රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාල’වල කටයුතු අඩපණ වනු ඇති බවය ෴
නීතිවිරෝධී දුම්වැටි සමඟ අයෙකු කටුනායකදී අල්ලයි
(09.06.2025 – 07:37 +0530 – sinhala.adaderana.lk)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි 7600 ක් (කාටූන් 28) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකරු වයස අවුරුදු 20 ක් වන ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴
ආණ්ඩුවට ජම්පර් අඳින්න තව වැඩි කල් නෑ…! | දිලිත් ආණ්ඩුව කුඩු පට්ටම් කරයි | දෙන එක දෙනවා රිදෙන්නම (08.06.2025)
+
රටම කතා කරපු ලුණු ප්‍රශ්නෙට අන්තිමට කවුරුත් නොසිතූ දෙයක් සිද්ධ වෙලා | පාරිභෝගිකයින් කබලෙන් ලිපට (08.06.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴