පළිඟු ජාවාරම ගැන ‘හිරු CIA’ කළ අනාවරණයෙන් පසු මහ රෑ කොටුවුණු චීන්නු
පළිඟු ජාවාරම ගැන ‘හිරු CIA’ කළ අනාවරණයෙන් පසු මහ රෑ කොටුවුණු චීන්නු
(08.06.2025 – hirunews.lk)
‘හිරු CIA’ හෙළිකළ ‘පළිඟු පාෂාණ’ මෙරටින් පිටකිරීමේ ජාවාරමට සම්බන්ධ චීන ජාතිකයින් සොයා ‘ආගමන විගමන දෙපාර්තමේන්තුව’ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, මාතලේ පලාපත්වල ප්‍රදේශයේ සංචාරක වීසා මත රැඳී සිටි චීන ජාතිකයින් 9 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර එම දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයට ගැනුණේ ඊයේ (07) කළ හදිසි වැටලීමකදීයි.
‘තිරුවානා පාෂාණ’ ලෙස හුවා දක්වමින් කලක පටන් මෙටර ‘පළිඟු පාෂාණ’ චීනයට පැටවීමේ ජාවාරම හරහා මෙරටට ලැබිය යුතු අති විශාල විදේශ විනිමයක් මෙරටට අහිමි කර තිබෙනවා.
මෙම ජාවාරම ‘හිරු CIA’ කණ්ඩායම ‘භූ විද්‍යා නිලධාරීන්’ගේ අතටම අල්ලා දීමෙන් පසු මීට සම්බන්ධ චීන ජාතිකයින් සොයා ‘ආගමන විගමන පාලක’ විරාජ් පෙරේරා මහතාගේ උපදෙස් මත ඊයේ (07) විශේෂ වැටලීමක් කළා.
චීන ජාතිකයින් රැඳී සිටි නිවාස 10 ක් පිළිබඳ මේ වනවිට තොරතුරු අනාවරණය කරගැනීමට සමත්ව තිබෙනවා.
ආගමන විගමන නිලධාරීන් වැටලීම කරන අවස්ථාවේ ඇතැම් නිවාස වසා දමා එම ස්ථානයෙන් චීන ජාතිකයින් පලා යන අයුරු ද දැක ගන්නට ලැබුණා.
මෙම වැටලීමෙන් අනතුරුව චීන ජාතික කාන්තාවක් ඇතුළු 09 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර සිය භාරයට ගෙන හෙට (09) දිනයේ ‘ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය’ වෙත පැමිණෙන ලෙසට ඔවුන්ට දැනුම් දී ඇති බව, ‘ආගමන විගමන දෙපාර්තමේන්තුව’ දැනුම් දී ඇති බවද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
+
පොසොන් සමයේ අනුරාධපුරයට සහ මිහින්තලයට විශේෂ රථවාහන සැලැස්මක්
(08.06.2025 – 16:46 +0530 – sinhala.adaderana.lk)
පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ හෙට (08) දින සිට මෙම විශේෂ රථවාහන සැලස්ම ක්‍රියාත්මක වන බවය.
ඒ අනුව අනුරාධපුර පූජා භූමිය සහ මිහින්තලය පූජා භූමිය තුල පහත සඳහන් ස්ථානවල රථගාල් ස්ථාපිත කර ඇති අතර ඒවායෙහි සිය රථවාහන නවතා තැබීම් සිදුකරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.
අනුරාධපුරය පූජා භූමිය තුල රථ ගාල් 21 ක් :
- රුවන්වැලි සෑය රථ ගාල
- රුවන්වැලි සෑය ප්‍රභූ රථ ගාල
- මිරිසවැටිය රථ ගාල
- වට වන්දනා රථ ගාල
- ඉසුරුමුණිය පාසල් රථ ගාල
- ථූපාරාම සුසාන භූමිය රථ ගාල
- සඳහිරු සෑය රථ ගාල
- පැරණි භික්ෂු විද්‍යාල රථ ගාල
- අභයගිරි රථ ගාල
- ලංකාරාම රථ ගාල
- සමාධි පිළිම රථ ගාල
- ජේථවනාරාම රථ ගාල
- නෙල්ලිකුලම පාසල් රථ ගාල
- පුරවිද්‍යා හන්දිය රථ ගාල
- පැරණි බන්ධනාගාර රථ ගාල
- කුරුණැගල හන්දිය රථ ගාල
- අක්කර 08 රථ ගාල
- පැරණි පොලිස් භූමි රථ ගාල
- පැරණි පොලිස් භූමි ප්‍රභූ රථ ගාල
- සඳකඩ පහණ රථ ගාල
- කුට්ටම් පොකුණ රථ ගාල

මිහින්තලය පූජා භූමිය තුල රථ ගාල් 07 ක් :
- ඉසුරු උයන රථ ගාල
- තිස්ස ක්‍රිඩාංගන රථ ගාල
- නව රථ ගාල
- අඹකොටුව රථ ගාල
- කඳු පාමුල රථ ගාල
- කළුදිය පොකුණ රථ ගාල
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිල නිවාස රථ ගාල

කන්ටේනර් 323 තිබුණේ ප්‍රභාගේ බඩුද ? (06.06.2025)
+
08.06.2025
+
පරාටේ නීතිය ගැන යළි සලකා බලන්නැයි ඉල්ලිමක්
(08.06.2025 – hirunews.lk)
‘පරාටේ නීතිය’ මේ මස 31 වැනිදා සිට යළි ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඒ තුළින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර තවත් විශාල කඩා වැටීමකට ලක්වන බව ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංසදය’ පවසනවා.
කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් දැක් වු එහි මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මේ බව කියා සිටියා ෴
වෙසක් දිනයේ ජනපති සමාවෙන් සිරකරුවන් නිදහස් කිරීම ගැන බන්ධනාගාර කොමසාරිස් ගෙන් CIDය ප්‍රශ්න කරයි
(08.06.2025 – hirunews.lk)
වෙසක් උත්සවය වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව ‘බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා’ ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙම සිරකරුවන් නිදහස් කිරීම අතරතුර නීති විරෝධී ලෙස සිරකරුවන් පිරිසක් නිදහස් කර ඇති බව අනාවරණය වෙමින් පවතින බවයි ‘පොලිස් මාධ්‍ය කොට්ඨාසය’ පවසන්නේ.
ගිය වෙසක් පෝය දිනයේ පොදු සමාව ලබා දීමේ වැඩසටහන අනුව නිදහස ලබා දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිප දෙනෙකු වෙත අනීතික ලෙස සමාව ලබා දී තිබෙන බව පැවසෙනවා.
ඒ බවට වූ පැමිණිල්ලක් ඊයේ (06) ‘ජනාධිපති කාර්යාලය’ මගින් ‘අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව’ට යොමු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙනුයි පොලිසිය මෙම නිවේදනය මගින් කරුණු දක්වා ඇත්තේ.

‘රජය ගැන විස්වාසය බිඳ වැටෙනවා.. කන්ටේනර් තුන්සීය කෝ.. ඉන්දියා ගිවිසුම් කෝ..’ කොටපිටියේ හිමි අගමැතිනිගේ මුහුණුටම දෙසති..
(08.06.2025 – 22:02 +0530 – lankacnews.com)
‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.
උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමියන් පිළිගැනීමේ මහෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති අවස්ථාවේදීය.
උන් වහන්සේ එහිදී මෙසේද පැවසූහ :
“දේශපාලන පක්ෂවල ඇතැම් ක්‍රියාකාරකම් නිසා කලකිරීම් ඒ කලකිරීම කොච්චරද කියනවා නම් ඔබතුමියලට විශාල බලයකින් බලයට පත්වෙන්න අවස්ථාව ලැබුණේ.
විශ්වාසයක් ඇතිව තමයි අපි ඔබතුමියලව මේ රටේ ජනතාව බලයට පත් කරගත්තෙ. බලයට පත් කරගෙන දැන් යම් කාලයක් ගත වෙනවා ජනතාව විශ්වාසය පළුදු වෙමින් පවතිනවා මේ රජය ගැන.
ජනතාවට දීපු පොරොන්දු ජනතාවගේ බලාපොරොත්තු ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න ඕන. හැබැයි මේ විදිහට පහළට යන්න බෑ. ඔවුනොවුන් අතර විශ්වාසය තහවුරු වෙන විදිහට මේ රජයේ ඉදිරියට යන්න ඕන කියන එක අපි කතා කරන්න කැමතියි.
‘මේක හරියන්නේ නෑ’ කියන වචනය එළියට නොයන විදිහට රජයේ පවත්වා ගැනීම වගකිවයුත්තන්ගේ ලක්ෂණයක්.
දෙවෙනි කාරණය රජයක් වුනහම නීති ගරුක වෙන්න ඕනේ. නීතියෙන් පිට පැනලා කරන ක්‍රියාදාමයන් පිළිබඳව අපිට අහන්න ලැබෙනවා.
ඒ නිසා මම කියන්න කැමතියි කන්ටේනර තුන්සිය ගානක් නීති විරෝධීව එළියට ආවා කියලා කතා කරනවා. ඒක නීත්‍යනුකූලයි කියන එක පැහැදිලි කරන්න ඕන.
රටේ ගිවිසුම් ඇති කරලා තියෙනවා. පහුගිය කාලේ ඒ ගිවිසුම් නීත්‍යානුකූලයි; මෙන්න මේවා තමයි ගිවිසුම් කියලා රටට එළි කරන්නට ඕනේ.
ඒ වගේම රජයේ කරන පත්වීම් තුළ දේශපාලනය තියෙන්නට හොඳ නෑ.
තුන්වෙනි කාරණය තමයි තමන්ගේ අදහසින්ම පාලනය කරන්න යන්න එපා. අනිත් අය කියන හොඳ නරක විවේචනය, අනිත් අයගේ අදහස් අහලා ඒවටත් කන්දෙන්න ඕන. ‘අපිම හරි’ කියන තීරණයට ගියොත් වැඩිකල් යන්න බෑ; හුඟක් ඉක්මනින්ම වැටෙනවා.
තව අවුරුදු හතරකට (4) වැඩි කාලයක් අපි බලන් ඉන්නවා. ඒ වැඩේ හරියටම කරන්නට කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා” ෴
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴