පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර
(07.06.2025 – hirunews.lk)
පොසොන් උත්සවය වෙනුවෙන් අනිද්දා (09) සිට ලබන 12 වැනිදා දක්වා කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන් වාර 20 ක් සහ අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36 ක් ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ.
අදින් ආරම්භ වූ පොසොන් සතිය ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.
අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන ජාතික පොසොන් උත්සවය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බව පොසොන් කමිටුව සඳහන් කළා.
මේ අතර පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් කිහිපයක් ලබන 12 වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළා ෴
පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (07) සිට 12 වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනු ඇති.
පොසොන් සතිය අදින් (07) ඇරඹුණු අතර එය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි ෴
පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා දන්සැල් හත්දහසකට (7000) අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ, ලේකම් එච්.සී. මුතුකුඩ ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට සඳහන් කළේ, හෙට (09) පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සිදු කරන බවයි ෴
පශූ වෛද්‍යවරුත් අනිද්දා (09) වර්ජනයේ
(07.06.2025 – hirunews.lk)
පරිපූරක වෛද්‍ය සේවා 05 ක් එක්ව ආරම්භ කළ වර්ජනයෙන් සේවා 04 ක සේවකයින් අද (07) පෙරවරු 08 වර්ජනය අවසන් කළ ද සායන කටයුතු ඇතුලු රෝහල් පරීක්‍ෂණ කටයුතුවලට බාධා එල්ලවී ඇති බව ප්‍රතිකාර ලබා ගැනිම සදහා පැමිණි රෝගීන් පවසනවා.
ඔවුන් කියා සිටියේ වර්ජනයට එක්ව සිටි කාර්යමණ්ඩල නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.
වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පෙරේදා (05) උදෑසන 08 ට පරිපූරක වෛද්‍ය වෘත්තීන් 05 ක් එක්ව වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කළ අතර මේ හේතුවෙන් රෝගීන් පත්වුණේ දැඩි අපහසුතාවයකටයි.
කෙසේ වෙතත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ නියෝජිතයින් ඊයේ (06) පස්වරුවේ රැස්වී මෙම වර්ජනය අත්හිටුවීමට තීරණය කළත් ඔවුන් සමග වර්ජනයට එක්වූ ‘වෛද්‍ය රසායනාගාර වෘත්තීකයින්’ පමණක් තවදුරටත් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතවීමට තීරණය කරනු ලැබුවා.
මේ අතර සේවා ව්‍යස්ථාවේ පවතින ගැටලු වලට විසදුම් ඉල්ලා ‘රජයේ පශූ වෛද්‍ය නිලධාරි සංගමය’ අනිද්දා (09) සංකේත වර්ජනයක නිරත වන බව කොළඔ ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති උපුල් රංජිත් කුමාර කියා සිටියා ෴
පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි
(07.06.2025 – hirunews.lk)
පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද වෑන් රථයක් ඊයේ (06) මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් වීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක්, රියදුරා සහ කාන්තාවක් තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය රාගල ප්‍රධාන මාර්ගයේ රාගල බෘක්සයිඩ් වත්ත ප්‍රදේශයේදීයි.
වෑන් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් මිදීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කළේ වෑන් රථය අනතුරට පත් වන අවස්ථාවේ පාසල් ළමුන් 06 දෙනෙකු සහ පාසල් සිසුවෙකුගේ මවක් ද සිට ඇති බවයි.
අනතුරට පත් වෑන් රථයේ සිටි තුවාලකරුවන් සහ සෙසු පාසල් සිසුන් ප්‍රදේශවාසීන් එක්ව ඉවතට ගෙන තිබෙනවා.
අනතුරින් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන රාගල පොලිසිය කියා සිටියේ ෴
සබරගමුව සරසවියේ දූෂණ ගැන සොයන්න පරීක්ෂණ කමිටුවක්
(07.06.2025 – hirunews.lk)
‘සබරගමුව විශ්වවිද්‍යාලයේ’ මතුව ඇති සියලු දූෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීක පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට, ‘කෝප් කමිටුව’ නිර්දේශ කර තිබෙනවා.
එහිදී වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙකු අදාළ කමිටුවට සම්බන්ධ කර ගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙස එම කමිටුව ‘අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ’ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබුණා.
විශ්වවිද්‍යාලයේ දෙවන (2) වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් ‘චරිත් දිල්ශාන්’ සිසුවාගේ සිදුවීම පිළිබඳ දීර්ඝ ලෙස ‘පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ’ දී සාකච්ඡා වී තිබෙනවා.
එහිදී පාලනාධිකාරිය අතින් යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ සොයාබැලීම මගහැරී ඇති බව නිරීක්ෂණය වන බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර කියා සිටියේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කාර්යක්ෂම, ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට මෙහිදී කාරක සභාව උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාර තුළ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම්දී තිබූ බව ශිෂ්‍ය විනය පාලකවරයා, මෙම කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබුණා.
මේ අතර 2022 වසරේදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට කොන්ත්‍රාත්කරුවෙකු සඳහා විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500 ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවසර ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා ෴
මොකක්ද මේ විහිළුව? ස්ටාර්ලින් ආණ්ඩුවට සතියක් කල් දෙයි | වැඩේ එන්න එන්නම ආණ්ඩුවට අමාරු වෙන්නයි යන්නේ (07.06.2025)
+
ආන්දෝලනාත්මක කන්ටේනර් 323 වරායෙන් මුදා හැරපු සිද්ධියේ අලගිය මුලගිය හැමදේම දයාසිරි හෙළිකරයි (07.06.2025)
+++
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුව (08.06.2025)
+++
‘අම්මපල්ලා කංෆර්මේෂන් සිස්ටම්’ එක නිසා ආයුධ එන්න බැහැ (08.06.2025)
+
පොසොන් උදාවට හෝරා ගානක් තියෙද්දී | කොළඹ ගිණි නිවන භටයෝ ජිවිතයක් බේරා ගන්න ත්‍රාසජනක මෙහෙයුමක (07.06.2025)
+
ටී 56 ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
(08.06.2025 – hirunews.lk)
මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (07) පස්වරුවේ ටී56 වර්ගයේ අවියක් හා එම පතරොම් 29 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා පොලිසිය විසින් වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා සිදුකරනු ලැබූ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලවයි.
මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවත් පොලිසිය සඳහන් කළා ෴
‘රටටම පිළිලයක් වෙච්චි අල්ලස් ගැනිල්ල’ | අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් රටම උඩුයටිකුරු වෙන අනාවරණයක් (07.06.2025)
+
සිමෙන්ති මිල ඉහළට
(08.06.2025 – hirunews.lk)
සිමෙන්ති මිල අද (08) සිට ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇති බවයි සිමෙන්ති සමාගම් ආරංචිමාර්ග සඳහන් කළේ ෴
සමිඳු ඒක කියලා ඉකි ගගහා ඇඬුවා | පෙරට්ටුවේ දී සමිඳුව නොදැක්කා වගේ සාක්ෂිකරුවන් රඟපෑවද ? (06.06.2025)
+
ජගත් සාගර දිනය උඩුයටිකුරු වෙයි.. මහාචාර්යවරයා සම්මානෙන් දමලා ගහයි (08.06.2025)
+
ඊ-තක්සලාවට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව විෂය මාලාවක්
(07.06.2025 – hirunews.lk)
අදට (07) යෙදී ඇති ‘ලෝක ආහාර සුරක්ෂිතතා දිනය’ට සමගාමීව ඊ-තක්සලාවට ‘ආහාර සුරක්ෂිතතාවය’ පිළිබඳව විෂය මාලාවක් එක්කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
විද්‍යූත් ඉගෙනුම් විෂය මාලාවක් හරහා මෙරට සිසුන් ආහාර සුරක්ෂිතතාව විෂය ඉගෙනුම අරඹන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
මෙම විෂය මාලාව වයස අවුරුදු අටේ (08) සිට 12 දක්වා ළමයින් සඳහා නිර්මාණය කර ඇති අතර ඒ තුළ අන්තර් ක්‍රියාකාරී මොඩියුල 27 ක් මෙන්ම ආහාර සුරක්ෂිතතා සංකල්ප ඇතුළත් දෘෂ්‍ය නිරූපණ වීඩියෝ පාදක පාඩම් 14 ක් ඇතුළත්.
මෙම ව්‍යාපෘති සඳහා ‘එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ’ සහය සහ යුරෝපා සංගමයේ මුල්‍ය දායකත්වය හිමිවනවා ෴
විදුලිය විසන්ධි කරන්න නිවසට ආ මණ්ඩලේ නිලධාරීන්ට සිදු වූ අකරතැබ්බ
(07.06.2025 – hirunews.lk)
‘වැල්ලවාය විදුලි බල මණ්ඩල කාර්යාලයේ’ නිලධාරීන් පිරිසක් වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ එම නිවසේ පුද්ගලයා විදුලි බිල නොගෙවීම හේතුවෙන්.
විදුලි සේවකයින් එම නිවසේ විදුලිය විසන්ධි කිරීමත් සමග උරණ වූ නිවෙස් හිමි පුද්ගලයා කැත්තක් රැගෙන විත් විදුලි සේවකයින්ට පහර දීමට උත්සාහ කරමින් ඔහුගේ කලිසම ගලවා පෙන්වමින් කලහකාරි ලෙස හැසිරී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල නිලධාරීන් ‘වැල්ලවාය පොලිසිය’ට කල පැමිණිල්ලක් අනුව සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴