පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය හෙට (07) උදෑසන 08න් අවසන්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය හෙට (07) උදෑසන 08න් අවසන්


පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය හෙට (07) උදෑසන 08න් අවසන්

(06.06.2025 – 22:34 +0530 – sinhala.adaderana.lk)

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය හෙට (07) උදෑසන 08:00ට අවසන් කිරීමට ‘පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය’ තීරණය කර තිබේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් (5) සංගම් 4 ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළද ‘වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්’ තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය ෴


නිදහස් කළ සිරකරුවෙකු ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

(06.06.2025 – 22:12 +0530 – sinhala.adaderana.lk)

වෙසක් සමාව යටතේ රැඳවියෙකු නිදහස් කිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් සම්බන්ධව ‘බන්ධනාගාර දෙපාර්තමේන්තුව’ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අතුල තිලකරත්න යන මෙම සිරකරු බන්ධනාගාර ගත කර ඇත්තේ ‘ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය’ උල්ලංඝනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට ඇති මුදල වන රුපියල් ලක්ෂ 20 ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියම කර ඇති බවත්ය.

එමෙන්ම එම දඩය නොගෙවන්නේ නම් මාසය 06 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගත් බවත්ය.

පසුගිය මැයි මස 12 වැනි දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 05 වැනි දින වන විට බන්ධනාගාරතව සිටින රැඳවියන් සඳහා ‘වෙසක් පොදු සමාව’ පිරිනැමීම කොන්දේසිවලට යටත් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ ෴

+++

රු. ලක්ෂ 40 ක් වංචා කළැයි දඩුවම් සහ වන්දි නියමව සිටි විත්තිකරු ‘ජනපති සමාවෙන්’ නිදහස්

(06.06.2025 – ada.lk)

රුපියල් ලක්ෂ 40 ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන ‘සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරු’ට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.

මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච්සී/69/2018 අංක දරන නඩුව නඩුව පෙරේදා (04) යළි කැඳවූ අවස්ථාවේ අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි. අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටින ‘ඩබ්. එම්. අතුල තිලකරත්න’ නමැති විත්තිකරු ඉකුත් මැයි මස 12 දිනට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බවය.

බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළේ විත්තිකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙසය.

මෙම නඩුව මීට පෙර ඉකුත් මැයි මස 02 වන දින අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විත්තිකරු ඔහුට එරෙහිව තිබූ මූල්‍ය වංචා චෝදනාවට වරදකරු බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය තීන්දු කළාය.

ඒ අනුව මුදලින් රු.20,000ක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක (6) බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළාය. ඊට අමතරව විත්තිකරුට වසර දෙකක (2) බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම වසර පහකට (5) අත් හිටුවීමට නියෝග කළාය.

තවද විත්තිකරු විසින් වින්දිත පාර්ශ්වය හෙවත් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට මුදලින් රුපියල් ලක්ෂ 20 ක වන්දි මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එකී දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක (6) බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණ. නියම කළ දඩ සහ වන්දි මුදල් ගෙවීමට මෙම නඩුව 2025/06/04 දින යළි කැඳවීමටද එදින නියෝග කළාය.

ඒ අනුව පෙරේදා (04) මෙම නඩුව අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ විත්තිකාර ‘ඩබ්. එම්. අතුල තිලකරත්න’ යන අය නීතිඥ සුරංග මොහොට්ටි මහතා මගින් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2014 වසරේ පෙබරවාරි මස 17 දින සිට 2014 වසරේ ජුනි මස 09 වැනි දින අතර කාලයෙහි අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයෙහි පිහිටි අනුරාධපුරයේදී විත්තිකරු කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ලාභ ලබා ගැනීම සඳහා ‘අරුණ ඉන්දික සෝමරත්න’ යන අය විසින් විත්තිකරු වෙත භාර දෙනු ලැබූ හෝ ආධිපත්‍යයක් පවරනු ලැබූ රුපියල් ලක්ෂ 40 ක් සාපරාධ විශ්වාසය කඩ කරමින් වංචා කර සාවද්‍ය පරිහරණය සිදු කරන ලැදයි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ විත්තිකාර හිටපු මූල්‍ය ආයතන කළමනාකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

එකී අධිචෝදනාවට විත්තිකරු වරදකරු කෙරිණ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මූල්‍ය වංචාව සම්බධන්යෙන් විමර්ශන මෙහෙයවා තිබේ. විත්තිකාර ‘ඩබ්. එම්. අතුල තිලතරත්න’ යන අය ‘සීඩීබී බැංකුවේ අනුරාධපුර ශාඛාවේ කළමනාකාරවරයා’ව සිටිමින් මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී කියැවිණ. වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති විත්තිකාර ‘ඩබ්. එම්. අතුල තිලකරත්න’ යන අයට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු විස්සකට (20) අධික සංඛ්‍යාවක් පවතින අතර අනුරාධපුර මහාධිකරණයේද තවත් නඩු කිහිපයක් පවතී. ඒ සියලු නඩු මූල්‍ය වංචා සිද්ධීන්වලට අදාළ ඒවා වීම විශේෂත්වයකි.

අනුරාධපුර උපාලි ආනන්ද


ඔන්ලයින් හරහා ‘කල්ඉකුත් වූ රූපලාවන්‍ය ක්‍රීම්’ විකුණන තිප්පොලක්

(06.06.2025 – 22:07 +0530 – sinhala.adaderana.lk)

ප්‍රසිද්ධ විදේශීය රූපලාවන්‍ය ක්‍රීම් වර්ගවල නිෂ්පාදිත දිනයන් වෙනස්කර ඔන්ලයින් හරහා අලෙවි කරන ස්ථාන දෙකක් (2) වටලා තිබේ.

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී සහ අඹගහ හන්දිය ප්‍රදේශයෙන් එකම පුද්ගලයෙකුට අයත් ස්ථාන දෙකක් (2) මෙලෙස වටලා ඇත.

එම රූවපලාවන්වල UK යනුවෙන් ලේබල මුද්‍රණය කර අලෙවි කිරීමේ කටයුතු සිදුකර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ ස්ථානයේ තිබූ සියලු භාණ්ඩ මුද්‍රා තබා ඇත ෴


කන්ටේනර් 323 නිදහස් කලේ අනුර සහ බිමල් රත්නායක (06.06.2025)

+


රු. කෝටි 10 ක රන් වංචාවට බැංකු කළමනාකරුවෙක් හා කළමනාකාරියන් 4 ක් අත් අඩංගුවට

(05.06.2025 – ada.lk)

පානදුර කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ එම බැංකුවේ කළමනාකරුවෙක් සහ කළමනාකාරිනියක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට එම වංචාව සම්බන්ධයෙන් එම බැංකුවේ සේවය කළ නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු (5) අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු සහ සැකකාරිනියන් උකස් පත්‍රිකාවල ව්‍යාජ අත්සන් යොදා රුපියල් 99,370,100/= ක මුදලක් වංචා කර ඇති බවට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය’ වෙත ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන තිබිණි.

2020/2023 වසර තුන (3) තුළදී එම වංචාව සිදුකර ඇත. ඒ අනුව සැකකාර වයස 36 හැවිරිදි සහකාර නිලධාරීනිය බෙක්කේගම පුන්සරාවත්ත පාර නිවසේදීත්, වයස 37/39 හැවිරිදි කනිෂ්ඨ විධායක නිලධාරිනියන් දෙදෙනා (2) වාද්දූව දළදා වත්ත පාර හා පානදුර ශ්‍රී මහා විහාර පාර නිවාසවල දීත් , බණ්ඩාරගම කොළ මැදිරියේ පදිංචි 36 හැවිරිදි සැකකාර කළමනාකරු සහ පානදුර ගොරකපොල පදිංචි 40 හැවිරිදි සැකකාර කළමනාකාරිනිය කොටුව පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුවන් සහ සැකකාරියන් ‘පොදු දේපළ පනත’ යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ (1)’ පරීක්ෂණ පවත්වයි ෴


‘කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය’ ගැන චෝදනා සහ උත්තර

(06.06.2025 – hirunews.lk)

‘කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය’ මෙම මාසය අවසන් වීමට පෙර විවෘත කළ හැකි බව පවසමින් වරායේ ඉහළ කළමනාකාරීත්වය රජය නොමග යවා ඇති බවට ‘වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය’ චෝදනා කරනවා.

අද (06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමල් සුමනරත්න සඳහන් කළේ තවත් වසර එකහමාරක් (1½) යන තෙක් නැගෙනහිර පර්යන්තයේ වැඩ අවසන් කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍රගෙන් කළ විමසිමකදී ඔහු සඳහන් කළේ මෙම චෝදනා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

වර්තමාන පාලක මණ්ඩලය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මෙම 2025 වසර තුළ අවසන් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, මෙය 2026 වසරේ අවසන් කිරීමට සැලසුම් කර තිබු ඉදිකිරීමක් බවත් ඔහු පැවසුවා.

මේ අතර, කොළඹ වරාය සංවර්ධනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේදී ද සංවාදයට බදුන් වුණා.

+


සී.අයි.ඩීයෙන් එළියට ආ දයාසිරි … (06.06.2025)

+


පාස්ටර් ජෙරමාගේ පල්ලියක් නිසා නාවලපිටිය ගමක් උණුසුම් වෙයි | පුද්ගලික කතා නැහැ … මෙහෙ මේවා බැහැ (06.06.2025)

+


ගහෙන් වැටුන අනුරට ටිරාන් ඇනලා (07.06.2025)

+


ජාතික සම්පතක් වන ‘කළම්බු ඩොක්යාඩ් සමාගම’ ඉන්දියාවට නොදී බේරා ගන්න එක් වන්න! සම්පූර්ණ විස්තරය මෙන්න ! (05.06.2025)

+


අර්චුනා කියන කන්ටේනරය ඇත්තටම තායිලන්තයෙන් ලංකාවට ඇවිත් | අංකත් එක්ක වාර්තාව ගම්මන්පිලට තැපෑලෙන් එයි (07.06.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *