සුමාත්‍රා දූපතට ගොඩබැස්වූ යානයේ සිටි මගීන් ගමනාන්තයට යොමු කිරීමට තවත් ගුවන් යානයක්
සුමාත්‍රා දූපතට ගොඩබැස්වූ යානයේ සිටි මගීන් ගමනාන්තයට යොමු කිරීමට තවත් ගුවන් යානයක්
(06.06.2025 – 15:04 +0530 – sinhala.adaderana.lk)
කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබැස්වූ යානයේ සිටි මගීන් නැවත ගමනාන්ත සඳහා යොමුකිරීමට තවත් ගුවන් යානයක් කටුනායකින් පිටත්කර යවා තිබේ.
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ හි ආයතනිත සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසුවේ, UL 302 ගුවන් යානය අද (06) පස්වරු 01:45 ට කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගිය බවය.
මෙම යානය සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබස්වා එහි සිටින මගීන් සහ කාර්යමණ්ඩලය රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
කටුනායක සිට සිංගප්පූරුව දක්වා මගීන් 93 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් ගුවන් යානයක් හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ (05) අලුයම සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබුණි.
+++
+++
+
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
(00.06.2025 – hirunews.lk)
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තවත් සැකකරුවෙකු අද (06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ‘මොහොමඩ් පාරිස්’ නැමැති සැකකරු විසින් මෙම ප්‍රකාශය ලබාද තිබෙන බව වාර්තාවේ.
‘කොළඹ අපරාධ කොට්ඨාසය’ විසින් විමර්ශන සිදු කරන අතර සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර වාර්තා හා දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සඳහා අධිකරණය වෙතින් නියෝග ලබාගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් ඉකුත්දා නියෝග කළ අතර ඔවුන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
සොරකම් කළ යතුරු පැදියක් පැය කිහිපයක මෙහෙයුමකින් සොයාගනී
(06.06.2025 – hirunews.lk)
හැටන් නගරයේ ගාල් කර තිබූ රු. ලක්ෂ 5 ක් වටිනා යතුරු පැදියක් පැය කිහිපයක් ඇතුළත සොයා ගැනීමට හැකි වූ බව හැටන් පොලිසිය පවසනවා.
පසුගිය 05 වනදා රාත්‍රි 07:30 ට පමණ හැටන් නගරයේ ඔසු සැලක් අසළ ගාල් කර තිබූ අදාල යතුරු පැදිය එම ස්ථානයේ නොතිබුණ නිසා යතුරුපැදිකරු ඒ පිළිබදව හැටන් පොලිසිටය පැමිණිල්ලක් කිරීමත් සමග වහා ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ නිළධාරීන් ඒ පිලිබදව අවට පොලිස් ස්ථානවෙත දැනුම් දී මාර්ග බාධක යොදා සොරා ගන්නා ලද යතුරු පැදිය සොයා මෙහෙයුමක්ද දියත් කර තිබුණා.
යතුරපැදිකරු කියා සිටින්නේ ඖෂධ කිහිපයක් මිළදී ගැනිමට හැටන් නගරයේ පැති වීදියෙ ඖෂධ වෙළදසැල අසල යතුරුපැදිය ගාල්කර අමතක වීමකින් යතුර, යතුරුපැදීයේම තබා ගිය බවයි.
ඖෂධ ලබා ගෙන යතුරුපැදිය ගාල් කර තිබූ ස්ථානයට පැමිණ පරික්ෂා කිරිමේදි යතුරුපැදිය නොතිබුණ නිසා තමන් ඒ පිලිබදව හැටන් පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවද ඔහු සඳහන්කර තිබෙනවා.
මේ අතර, නෝර්වුඩ් වෙන්චර් වතුයායේ වතු නිවාස පෙළක් අසළ යතුරුපැදියක් ඇති බවට එම වතුයායේ පදිංචිකරුවන් විසින් නෝර්වුඩ් පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මහ නෝර්වුඩ් පොලිසිය විසින් යතුරුපැදිය සහ යතුරුපැදිය සොරකම්කරන ලද සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු නෝර්වුඩ් ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙතු බවත්, එම සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, පොලිස් භාරයට ගැණුනු සොරකම්කරන ලද යතුරුපැදිය හැටන් පොලිසිය වෙත භාර දුන්බව නෝර්වුඩ් පොලිසිය පවසා සිටියා.
යතුරුපැදි සොරකම සම්බන්ධයෙන් හැටන් පොලිසිය සහ නෝර්වුඩ් පොලිසිය වෙන් වෙන් වශයෙන් විමර්ෂණ පවත්වන බවයි අප වාර්තාකරු සදහන් කළේ ෴
පොසොන් පොහොයට මේ වනවිට දන්සැල් 4622 ක් ලියාපදිංචි වෙලා
(06.06.2025 – hirunews.lk)
පොසොන් පොහොයට සමගාමීව මේ වනවිට දන්සැල් 4622 ක් ලියපදිංචි වී ඇති බව ‘මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ’ ලේකම් චමිල් මුතුකුඩ පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදීයි.
ලබන සඳුදා (09) දිනයෙන් පොසොන් පොහොයට සමගාමීව පවත්වන දන්සල් ලියාපදිංචිය අවසන්වෙන බවයි ලේකම්වරයා පවසා සිටියේ.
මහජන පරීක්ෂකවරු දිවයින පුරා 2000 කට අධික සංඛ්‍යාවක් දන්සල් පරීක්ෂාව සඳහා සේවයේ යොදවන බවයි ලේකම්වරයා පැවසුවේ.
එමෙන්ම දන්සැල් වැඩිම ප්‍රදේශ ලෙස අනුරාධපුර, පොළොන්නරුව , කුරුණෑගල සහ නුවර යන ප්‍රදේශවලින් බලාපොරොත්තුවෙන බවයි ඔහු පවසා සිටියේ.
මේ වෙන විට බෝවන රෝග ව්‍යාප්තිය වර්ධනය වී ඇති බැවින්, ආහාර සහ ජලය මගින් බෝවන රෝග මෙන්න ජනතාව වැඩි වශයෙන් එක් රැස්වීම නිසා හටගන්නා බෝවන රෝග වර්ධනය වී ඇති නිසා පුද්ගලික ශ්වස්ථතාවය රැකගෙන දන්සැල් පවත්වන ලෙසත්, මුඛ ආවරණ සහ මුහුනු ආවරණ පළදින ලෙසයි ලේකම්වරයා සියලු දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴
+++
‘ජාතික පොසොන් උත්සවය’ නිමිත්තෙන් විශේෂ ‘ඇප්’ එකක්
(06.06.2025 – hirunews.lk)
‘ජාතික පොසොන් උත්සවය’ නිමිත්තෙන් ‘විශේෂ ඇප් එකක්’ හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානධිපතිවරයා පවසනවා.
රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමදාර මධස්ථාන ස්ථාපනය කර ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම ‘ඇප් එක’ හදුන්වා දීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3500 ක් යොදවා ඇති බවයි ස්ථානධිපතිවරයා අප කළ විමසීමකදී සඳහන් කර සිටියේ.
යුධ හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන්ද මෙන්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ද ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
එමෙන්ම සියලුම වැව් සහ ජලාශ ආවරණය වන පරිදි ජීවිතාරක්ෂක නිලධාරීන්ද යොදවා ඇති බවද සඳහන්. මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලා රජමහ විහාරයේදී පැවැත්වෙනවා.
පොසොන් සතිය ජූනි 07 වැනිදා සිට ජූනි 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි ෴
‘ඩෙංගු සහ චිකුන්ගුන්යා’ රෝගයන්ගෙන් දරුවන්ව ආරක්ෂා කරගැනීමට සෞඛ්‍ය අංශයන්ගෙන් උපදෙස්
(06.06.2025 – hirunews.lk)
මේ දිනවල දරුවන් අතර ‘ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගුන්යා සහ ඩෙංගු’ යන රෝගවල වැඩිවීමක් දක්නට ලැබෙන බව ‘රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා’ පවසනවා.
එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය නිසා ‘ඩෙංගු සහ චිකුන්ගුන්යා’ රෝගය මෙලෙස වැඩි වීමක් දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට පැවසුවේ.
රතුපාට බිබිලි ඇතිවීම, නාසය උඩ කළු වීම, උණ සහ හන්දි කැක්කුම මෙම රෝගවල රෝග ලක්ෂණ බවයි ඔහු සඳහන් කරන්නේ.
එවැනි රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් දරුවාව ප්‍රතිකාර සඳහා යොමු කරවන ලෙස ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.
දිනපතා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළුවන රෝගී දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව මව්පියන් සැලකිලිමත් විය යුතු බවයි ඔහු පැවසුවේ.
තවද, ‘ඩෙංගු රෝගය’ මාරාන්තික බවත් ‘චිකුන්ගන්යා රෝගයෙන්’ පසු මාස ගණනාවක් පුරාවට හන්දි කැක්කුම් ආදියෙන් පීඩා විඳීමට සිදුවන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා.
එම නිසා මෙවැනි රෝගයන්ගෙන් වැලකී සිටීමට නම් දිනපතා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීමට අවධානය යොමුකළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා ෴
පරිපූරක වර්ජනයෙන් අදත් (06) රෝහල් කටයුතුවලට බාධා
(06.06.2025 – hirunews.lk)
විසදුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද (06) දිනයේ වර්ජනයේ නිරත වන බව ‘පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්’ පවසනවා.
මේ හේතුවෙන් අදත් (06) ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල් වෙත පැමිණි රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි.
උසස්වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය උපාධිධාරීන් සේවයට බදවාගැනීමේ ගැටලු ඇතුළු කරුණු 05 කට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදුන් බව පවසමින් ‘පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්’ මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ආරම්භ කළේ ඊයේ (05) දිනයේදීයි.
මෙම වැඩවර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5 ක් එක්ව සිටින අතර අනෙකුත් සේවාවන් සාමාන්‍ය පරිදී ක්‍රියාත්මකයි.
වර්ජනය පිළිකා රෝහල්, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු සුවිශේෂ ආයතනවල සිදුවන්නේ නැහැ.
කෙසේ වෙතත් ‘ජාතික අක්ෂි රෝහලේ’ අද (06) සාමාන්‍ය පරිදී කටයුතු සිදු කෙරුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
රෝහල්වල ඖෂධ කවුළු අද (06) දිනයේත් වසා දමා තිබීම හේතුවෙන් ඖෂධ ලබා ගැනීමට පැමිණි රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවකටයි.
රාජ්‍ය ඔසු සල හරහා මුදලට ඖෂධ ලබා ගැනීමටද රෝගීන්ට සිදුවුණා ෴
දුම්රිය අනතුරක් වළකා සිදුවන්න ගිය මහා විනාශය වැළකූ ‘සමන්ත’ට ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතාගෙන් සුවිශේෂී ඇගයීමක්
(06.06.2025 – hirunews.lk)
මගී ජිවිත දහසකගේ ජිවිත බේරා ගැනිමට කටයුතු කළ මොරටුව, මෝදර ප්‍රදේශයේ පදිංචි ‘සමන්ත ප්‍රනාන්දු’ සිදුකළ ඒ සුවිශේෂී ක්‍රියාව ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතා අතින් විශේෂ ඇගයිමකට ලක්වුණා.
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ මොරටුව මෝදර ප්‍රදේශයේදී මගී ජිවිත දහස් ගණනකට සිදුවිමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට හැකිවුණේ ඔහු තුළ තිබු සුවිශේෂි අවධානය නිසයි.
සීග්‍රගාමී දුම්රියක් වූ ‘සාගරිකා දුම්රිය’ බෙලිඅත්ත සිට කොළඹ කොටුව බලා බෙලිඅත්ත දුම්රියපොලේ සිට ඊයේ (05) අලුයම 04:15 ට පමණ ගමන් ආරම්භ කර තිබුණා.
සාමාන්‍යයෙන් දෛනිකව ‘සාගරිකා දුම්රියෙහි’ ගමන් කරන මගින් සංඛ්‍යාව 2000 ක් පමණ වනවා.
එලෙස බෙලිඅත්තේ සිට කොළඹ බලා ‘සාගරිකා දුම්රිය’ ධාවනය වෙමින් තිබෙන අතරතුර මුහුදුබඩ මාර්ගයේ මොරටුව මෝදර ප්‍රදේශයේදී රේල් පීල්ලක් කැඩී ඇති ආකාරය එම දුම්රිය මාර්ගය ආසන්නයේම ජීවත් වූ ‘සමන්ත ප්‍රනාන්දු’ දැක තිබුණේ උදෑසන 08:00 ට පමණයි.
වහාම ක්‍රියාත්මක වූ මෙම පුද්ගලයා අසළ රෙදි වැලක තිබූ රෙදි කැබැල්ලක් ගෙන දුම්රිය මාර්ගය ඉදිරියට දිව ගොස් පානදුර දෙස සිට පැමිණෙමින් තිබූ සාගරිකා දුම්රිය නතර කරගෙන තිබුණේ සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වමින්.
කළක් මාළු වෙළඳාම සිය රැකියාව ලෙස සිදුකළ සමන්ත මේ වනවිට සිය දරුවන් රැකබලා ගනිමින් ජිවත්වනවා.
සිය සුවිශේෂි අවධානය නිසා සිදුවිමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනිමට කටයුතු කළ ‘සමන්ත’ අද (06) ‘ලෝක වෙළද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ’ පිහිටි ‘හිරු මාධ්‍ය ජාලයේ’ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියා.
ඒ ‘හිරු මාධ්‍ය ජාලය’ ඔහුගේ සුවිශේෂි ක්‍රියාව ඇගයිම සදහා කර තිබූ ඇරයුමකට අනුවයි.
මගී ජිවිත දහස් ගණනකගේ ජිවිත බේරා ගැනිමට කටයුතු කළ ‘සමන්ත ප්‍රනාන්දු’ සිදුකළ ඒ සුවිශේෂි ක්‍රියාව ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතා විසින් සුවිශේෂ ඇගයිමකට ලක්කළ අතර ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපතිතුමන් විසින් ‘සමන්ත ප්‍රනාන්දු’ වෙත රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ද ප්‍රදානය කළා.
+++
රේල්ලුව හෑල්ලු කළ පැලැස්තර – මුහුදුබඩ මාර්ගයේ තවත් මාරකයකට බලධාරීන්ගෙන් ලී මුක්කුවක්? (06.06.2025)
+
මර්වින් සිල්වාට අධි චෝදනා
(06.06.2025 – hirunews.lk)
සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් ‘අල්ලස් කොමිසම’ විසින් ‘හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා’ට අද (06) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ ‘අල්ලස් කොමිසම’ විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දීම සිදු කෙරුණා.
ඉන් අනතුරුව විත්තිකරු ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කළා ෴
අල්ලස් ලොක්කාටත් ගැනගන්න බැරි ලංකාවේ අල්ලසේ තරම
(06.06.2025 – hirunews.lk)
සුදු කරපටි අපරාධකරුවන්ට ලබාදෙන දඬුවම සාමාන්‍ය පුද්ගලයින්ට දෙන දඬුවමෙන් වෙනස් විය යුතු බව ‘අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්’ රංග දිසානායක පවසනවා.
කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් අල්ලස් නඩුවල සඳහන් මූල්‍ය සංඛ්‍යා සම්මත ක්‍රමයට පවා ගණනය කිරීම තමන්ට අසීරු බවයි.
‘දූෂණයෙන් තොරවීමේ ක්‍රියාකාරී සැලැස්ම’ මැයෙන් ‘ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය’ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණේ ‘අල්ලස් කොමිසමේ’ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකගේ ද සහභාගිත්වයෙන්.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴