‘වේරන්ස් ගඟ ව්‍යාපෘතිය’ට ගෝඨාභය රාජපක්ෂ හා ‘භාතිය – සන්තුෂ්’ දෙදෙනාත් සම්බන්ධයි – අත් අඩංගුවට ගත් ඉඩම් සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරිය
(05.06.2025 – sinhala.ceylonnewsfactory.lk)
කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද ‘වේරන්ස් ගඟ ව්‍යාපෘතිය’ සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එම ව්‍යාපෘතියේ මූලික අදියරේ උත්සව කටයුතුවලට වියදම් කර රජයට රුපියල් ලක්ෂ 276 ක පාඩුවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ‘හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු’ වන ගෝඨාභය රාජපක්ෂ හා භාතිය – සන්තුෂ් යන දෙදෙනා (2) ද සැකකරුවන් කළ යුතු බව එම සිද්ධියේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නුවන් ජයවර්ධන අද (ජූනි 05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත දන්වා ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් දෙවන (2) සැකකාරිය ලෙස ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම’ මගින් අත්අඩංගුවට ගත් ‘ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ’ හිටපු සාමාන්‍යාධිකාරිවරියක් වන ‘එම්.ඒ. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධිර’ නමැති සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඒ බව දැන්වීය.
එම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වන තම සේවාදායිකාව නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව එම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 276 ක් මුදා හැරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම’ මගින් ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.
ඉහළ බලධාරීන්ගෙන් ඇතිවන පීඩා නිසා එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිවරියන් දෙදෙනෙකු (2) එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව තම සේවාදායිකාව ඒ සඳහා පත්කර ඇති බව ද නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
එම ව්‍යාපෘතිය 2014 සැප්තැම්බර් 09 වන දා විවෘත කිරීමට නියමිතව තිබී ඇති බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකයන්ට දැනුම් දී ඇත්තේ සැප්තැම්බර් 05 වන බව ද ඔහු පැවසීය.
දින හතරක් (4) වන කෙටි කාලයක් තුළ එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමට සිදුව ඇති බවත් එම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ එම සංස්ථාවේ සභාපතිවරයා බවත් ඔහු සඳහන් කර ඇත.
එවකට ‘ආරක්ෂක ලේකම්වරයා’ වශයෙන් හිටපු ‘ගෝඨාභය රාජපක්ෂ’ එම ව්‍යාපෘතිය නැරඹීම සඳහා පෙරහුරු පවා පවත්වා ඇති බවත් එවන් තත්ත්වයක් තුළ තම සේවාදායිකාව කටයුතු කර ඇත්තේ දැඩි පීඩනයෙන් බවත් ඔහු සඳහන් කළේය.
එම විවෘත කිරීමේ උත්සවයේ සියලු ම කළමනාකරණය කිරීමේ කටයුතු ‘භාතිය ජයකොඩි’ නමැති අයෙකුට අයත් ‘ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට්’ නමැති ආයතනයකට භාර දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ‘හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය’ට හා ‘භාතිය – සන්තුෂ්’ යන දෙපළ මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කළ යුතුව ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
තම සේවාදායිකාව අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කර ඇති නමුත් ඇය ක්‍රියාකර ඇත්තේ ඇයට ඇතිවූ පීඩනය හා ඇයට හැකි පමණින් බවද ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම’ අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ’ හිටපු සභාපති ‘හර්ෂාන් ද සිල්වා’ මෙම සිද්ධියේ පළමු (1) සැකකරු වන බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ වන විට ඇප මත මුදාහරණ හැර සිටින බවද ‘අල්ලස් සෝ දූෂණ විමර්ශන කොමිසමේ’ සහකාර අධ්‍යක්ෂ (නීති) සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ පැවසුවාය.
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සිටින දෙවන (2) සැකකාරිය එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයක් වශයෙන් කටයුතු කර ඇති බවත් ඇය එම ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කරමින් නිසි ක්‍රමවේදයන්වලින් බැහැරව මුදල් වෙන්කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.
අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ඇය සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසට ද අධ්‍යක්ෂකවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
දෙපාර්ශවයේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හරින ලෙසට නියෝග කළා ය.
ඒ අනුව සිද්ධියට අදාළ නඩුව ජූනි 24 වන දා නැවත කැඳවීමට නියමිතව ඇත ෴
රටේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවය මෝදිට නොමිලේම විකිණීම – නීතිපති ජුලි 05 පසු දිනයක් ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
(05.06.2025 – FB : Nagananda Kodituwakku)
පසුගිය අප්‍රේල් මස 05 වන දින රටේ නිදහස් ස්වෛරී ස්වාධීනත්වය අනුර දිසානායක රටේ ජනතාව අඳුරේ තබා ඉන්දියාවට නොමිලේ විකුනන ලද්දේ රනිල් වික්‍රමසිංහගේ පුර්ණ අනුදැනුම හා මග පෙන්වීම යටතේය. නීතිපතිගේ පුර්ණ අනුදැනුම හා එකඟත්වය මත අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ ආරක්ෂාව වෙනුවෙන් ලංකාව අතරමං කරන ගිවිසුමකි. එම ගිවිසුම ඇතුළු ඉන්දියාව සමග අත්සන් කරන ලද තවත් ගිවිසුම් 6 කි. නමුත් තමන් කෙරෙහි විශ්වාසය තබා මාලිමවට චන්දය ප්‍රකාශ කරන ලද ජනතාවට එම ගිවිසුම් එකක්වත් ඉන්දියාවේ බපපෑම මත අනවරණය කිරීම අනුර දිසානායක සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලදී. ඉන්දියාව සමග අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම ප්‍රකාර ලංකාව ඉන්දියාවට යටත් රාජ්‍යයක් වන අතර ඉන්දියාවේ අවසරයකින් තොරව චීනය, රුසියාව, පකිස්ථානය හෝ වෙනත් කිසිදු රටක් සමග ජාතික ආරක්ෂාව සම්බන්ධ ගිවිසුම් කිසිවක් අත්සන් කල නොහැක. එම ආරක්ෂක ගිවිසුම ප්‍රකාර මාස 3 ක් ඇතුලත ලංකාව එම ගිවිසුමෙන් ඉවත් නොවුවහොත් එය වසර 5 කට ක්‍රියාත්මක වෙයි. මේ සම්බන්ධව නව දිල්ලියේ පිහිටි Indian Council for World Affairs මෙසේ සඳහන් කළේය.
the bilateral level, the MoU on defence cooperation, signed after nearly four decades of the Indo-Sri Lanka Agreement of 1987, signals a renewed trust and convergence in dealing with security matters and recognition that each other’s security interests are interlinked[8]. The MoU according to India will provide further impetus to the existing defence partnership[9]. The MoU will remain in force for five years and can be terminated by either party, by providing a three months advance notice. Enhancing defence cooperation had figured in talks during the first official visit of President of Sri Lanka, Anura Kumara Dissanayake to India in December 2024.
මෙම ගිවිසුම් අත්සන් කරන ලද අවස්ථාවේ, ඇමරිකානු ඝෝඨාභය රාජපක්ෂ හමුවේදී දනින් වැටුණු සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගයේ හැසිරීම පිලිබඳ විමතිය පලකරන එම සංවිධානය ‘සජබේ’ ගැන මෙසේ සඳහන් කළේය.
The defence MoU, received mixed reactions at the domestic level in Sri Lanka. The opposition Samagi Jana Balawegaya (SJB) urged the government to reveal the contents of the defence agreement, to allow a domestic discourse on the benefits and dangers of the agreement’[23]. The party demanded that since the agreement was signed between two countries, the Cabinet of Ministers and the Parliament must be apprised of the contents of the agreement.
මහජන අයිතිය බලගන්වමින් විනිවිද පදනම ඉන්දීය ආරක්ෂක ගිවිසුම ජනතාවගේ අධිකරණ බලය බලගන්වන ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝග කරන ලද අතර (SCFR /104/2025) අද දින (2025 ජුනි 05 වන දින) එම නඩුව කැඳවන ලදී. එම අවස්ථාවේ නීතිපති එම නඩු විභාගය සඳහා අඩුම තරමින් සති 4 ක කාලයක් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. එනම් ජුලි මස 5 වන දිනෙන් පසුව එම නඩුව විභාගයට ගැනීමට දින නියම කරන ලෙසය. නමුත් ඊට එරෙහිව විරෝධය පළකිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි සහ මේනකා විජේසුන්දර යන විනිසුරන්දෙපළ මහජන අයිතිය බලගැන්වීම සඳහා පවරන ලද නඩුවේ වැදගත් කම සලකා නීතිපතිගේ ඉල්ලීම මත එසේ එම නඩුව මාස ගණන් කල් දැමීමෙන් රටට වන බලවත් හානිය හා අගතිය සැලකිල්ලට ගෙන ඊළඟ නඩු දිනයට සුදුසු රජයේ නීතිඥයකු ඉදිරිපත් කිරීමට නීතිපතිට නියෝග කරමින් සතියකින් එනම් ලබන සතියේ එනම් 2025 ජුනි මස 12 වන දින නැවත නඩුව කැඳවීමට නියෝග කරන ලදී.
රටේ පුරවැසියෝ මිලියන 22 කි. ගෑස් ගින්න රට පුරා ඇවිලී 7 දෙනෙක් මිය යනවිට නිවාස 850 ගින්නෙන් දැවී යනවිට අනුර දිසානායක හා සජිත් ප්‍රේමදාස එවකට ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂයේ ඇඳ යට වකුටු වී සැඟවී බලා සිටිය හැටි ඔබට අමතක විය නොහැක. එම අවස්ථාවේද එම ව්‍යසනය සමථයකට පත්කිරීමේ වගකීම නොබියව භාරගනු ලැබුවේ විනිවිද පදනම පමණයි. අද ජනරජයේ ජනාධිපති වරයා ඉන්දීය මෝඩි හමුවේ දනින් වැටී රටම පාවාදුන් අනුර දිනානයකය. තඹේක තරම පෞරුෂයක් නැති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාය.
පුරවැසියනි ! දේශපාලන පක්ෂ වලට පෙර රට හා දැය පෙරට තබව් !
පක්ෂ පාට පැත්තකට දමා රට පෙරට තැබීමට ඉගෙන ගනිව් ! බොරුව, වංචාව ජීවිතය කරගත් 1+225 අතර මාතෘ භුමිය ආරක්ෂා කිරීමට, රටේ ප්‍රගමණය සහතික කිරීමට කැපවන එකෙක්වත් නැති බව දැන්වත් ප්‍රඥාවෙන් තේරුම් ගනිව් !
මුළු රටම එකා මෙන් එක හඬින් රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය ඉන්දියාව පාවා දෙමින් අනුර දිසානායක දිසානායකගේ නියමයෙන් ඔහු සහ ඉන්දීය අගමැති මෝදී හමුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා පසුගිය අප්‍රේල් මස 05 වන දින අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම (Agreement on Defence Coorporation) රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය ආරක්ෂා කරමින් 2025 ජුලි 05 වන දිනට පෙර අවලංගු කිරීමට අනුර දිසානායකට බලකිරීමට පෙරමුණ ගනිව් ! රටේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවය මෝදිට නොමිලේම විකිණීම. නීතිපති ජුලි 05 පසු දිනයක් ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
+++
අනුර දිසානායක දේශද්‍රෝහියකු ලෙස ඉතිහාස ගතවනු ඇත (05.06.2025)
+
කන්ටේනර් 300 තිබුණේ ප්‍රභාකරන්ගේ ගිනි අවි – යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන්
(06.06.2025 – lankadeepa.lk)
වරායෙන් පිට කරපු කන්ටේනර් තුන්සිය ගානේ තිබුණේ තායිලන්තයේ තිබුණු ප්‍රභාකරන්ගේ ගිනි අවි ඇතුළු ආයුධ බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.
මම මේක කිව්වා කියල වෙඩි වදින්න පුළුවන් යයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ගමනාගමන කොමිසන් සභා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
අර්චුනා රාමනාදන් :
මම කන්ටේනර් ගැන කතා කරනවා. මේක කතා කරනකොට මට වෙඩි වදින්න පුළුවන් මොකද මට ආරක්ෂාව දීලා නෑ. ජනාධිපති චන්දෙට කලින් ජර්මනි ගිහිල්ලා ඩයස්පෝරාව හම්බුනා. තායිලන්තයේ තිබුණු ප්‍රභාකරන්ගේ බඩු ටික ‘කුමාරන් පද්මනාදන්’ (KP) හරහා ඒ බඩු ටික මෙහෙට ගෙනල්ලා තියෙනවා. මිනිස්සු කතාවෙනවා. අන්තිමට ඉතිරි වෙච්ච ආයුධ ටික – ගිනි අවි ටික ඒ කන්ටේනර් වල දාලා ගෙනල්ලා තියෙනවා කියලා කියනවා. මට මේක ඔප්පු කරන්න බැහැ. වගකීමෙන් කියන්නේ. කන්ටේනර් 300 තිබුනේ ප්‍රභාකරන්ගේ ගිනි අවි. තැන් තැන්වල ගිහිල්ලා තිබිච්ච ඒවා ගෙනල්ලා තියෙනවා.
මුලසුන :
ඔබතුමා වගකීම භාරගන්නවද ?
අර්චුනා රාමනාදන් :
වගකීමෙන් කියනවා කියලා මම සිංහලෙන් කිව්වනේ.
මන්ත්‍රී දේවානන්ද සුරවීර :
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යට වෙලා පිස්සු කෙලින්න එපා. අපේ රටේ ජනතාව ඒ පිස්සු වලට අහුවෙන්නෙ නෑ. මේගොල්ලන් යවන්න ඕන අංගොඩ රෝහලට. උතුරු නැගෙනහිර ජනතාවට වැරදීමක් වෙලා.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන :
බොරු කියන්න එපා. පුළුවන් නම් ඕක සභාවෙන් එළියට ගිහිල්ලා කියන්න.
සබරගමු සරසවියෙන් පස් කියුබ් පන්සියයක් (500) නොමිලේ කපාගෙන
(05.06.2025 – lankadeepa.lk)
ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ගොවිපල ඉඩමෙන් කොන්ත්‍රාත්කරුවකුට නොමිලේ පස් කියුබ් පන්සියයක් (500) කපා ගැනීමට විශ්ව විද්‍යාල පාලක සභාව අවසර ලබා දී ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය විය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සබරගමු විශ්වවිද්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී මේ කරුණු අනාවරණය විය.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා කීවේ.
2022 වසරේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික ඉල්ලීමකට අනුව කොන්ත්‍රාත්කරුවකුට විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් පන්සියයක් (500) නොමිලේ කපා ගැනීමට පාලක සභා අනුමැතිය ලබා දී තිබෙන බවයි.
මෙලෙස පස් කපා ගැනීමට අවසර දුන්නේ කවුදැයි කෝප් කමිටුව විශ්ව විද්‍යාල පාලක සභාවෙන් විමසූ අවස්ථාවේ සබරගමු විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී සමන් උයන්ගොඩ මහතා පැවසූයේ කවුරුත් අවසර නොදුන් අතර නොදැනුවත්වම පස් කපාගෙන ගොස් ඇති බවයි ෴
රතු පාට නොවුණු සංඥාව ගැන දුම්රිය සාමාන්‍යාධිකාරී වාර්තාවක් කැඳවයි
(06.06.2025 – hirunews.lk)
බෙලිඅත්තේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ‘සාගරිකා දුම්රිය’ මොරටුව මෝදර ප්‍රදේශයේදී පීල්ලක් කැඩී නවතා තිබෙන අතරතුර තවත් දුම්රියක් එම රේල් පීල්ලේම ධාවනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැදවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.
දුම්රිය සංඥා නඩත්තුව භාරව කටයුතු කරන උප දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන් ලබන සතිය තුළ අදාළ වාර්තාව කැදවූ බවයි ඔහු කියා සිටියේ.
පානදුර සහ මොරටුව දුම්රිය ස්ථාන අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් (2) ගැටී ඊයේ (05) සිදුවීමට ගිය මෙම අනතුර දුම්රිය රියදුරෙකු සහ අවධානයෙන් පසුවු ප්‍රදේශවාසියෙකු හේතුවෙන් වළක්වා ගැනීමට හැකි වුණා.
බෙලිඅත්ත සිට කොළඹ කොටුව බලා ධාවනය වන ‘සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය’ සුපුරුදු පරිදි ඊයේ (05) බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අලුයම 04:15 ට පිටත්ව තිබුණා.
එම දුම්රිය මොරටුව මෝදර ප්‍රදේශයෙන් ධාවනය වන විට රේල් පීල්ලක් කැඩී ඇති ආකාරය එම මාර්ගය ආසන්නයේ ප්‍රදේශවාසියෙකු නිරීක්ෂණය කර තිබෙනවා.
ඒ වන විට ‘සාගරිකා දුම්රිය’ එම ස්ථානයට ආසන්නවයි ධාවනය වෙමින් තිබී ඇත්තේ.
වහාම ක්‍රියාත්මක වූ අදාළ පුද්ගලයා අසළ රෙදි වැලක තිබූ රෙදි කැබැල්ලක් ගෙන දුම්රිය මාර්ගය ඉදිරියට දිව ගොස් කොළඹට පැමිණෙමින් තිබූ ‘සාගරිකා දුම්රිය’ නතර කරගෙන තිබුණේ සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වමින්.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබූ අතර රේල් පීල්ල නැවත සකස් කරන තුරු ‘සාගරිකා දුම්රිය’ පැය කිහිපයක් එම ස්ථානයේ නතර කර තිබුණා.
ඒ අතරතුර තවත් විශාල අනතුරක් සිදුවීමට ගියේ දුම්රිය සංඥා පද්ධතියේ ඇති ව තිබූ දෝෂයක් හේතුවෙන්.
කෙසේ වෙතත් සාගරිකා දුම්රිය, සංඥා කුළුණ පසුකර කෙටි දුරකින් නතර කර තිබියදී එම කලාපයට අදාළ කොළ සංඥාව දැල් වී තිබෙනවා.
එම අවස්ථාවේ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා පැමිණෙමින් තිබූ ‘අංක 328 මන්දගාමී දුම්රිය’ එම රේල් පීල්ලේම ‘සාගරිකා දුම්රිය’ට පිටුපසින් ධාවනය වෙමින් තිබුණා.
සංඥාව කොළ පැහැයෙන් දැල්වීමෙන් ඉදිරියෙන් දුම්රියක් නොමැති බව පෙන්වා දෙන බැවින් පැමිණෙන දුම්රිය වේගයෙන් ධාවනය වීම සාමාන්‍යයෙන් සිදු වන්නක්.
එලෙස එම අවස්ථාවේ සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී මගී ජීවිත සිය ගණනක් බේරුණේ එම දුම්රිය රියදුරුගේ අවධානය හේතුවෙන්.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා තවදුරටත් කියා සිටියේ, සිදු වීමට ගිය අනතුරු දෙකෙන් (2) එක් අනතුරක් වළක්වාගත් ප්‍රදේශවාසියාට ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය මත යම් මූල්‍යමය ත්‍යාගයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ෴
+++
අද (06) පස්වරුවේ මුහුදුබඩ දුම්රිය ධාවනය නතර වෙයිද ?
(06.06.2025 – 08:45 +0530 – sinhala.adaderana.lk)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලා ‘ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය’ අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සූදානම් වෙන බව වාර්තා වෙයි.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද (06) උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් නොලැබුණහොත් ඉහත තීරණය ක්‍රියාක්මක කිරීමට සූදානමින් පසුවෙන බව සඳහන් ය.
මුහුදුබඩ මාර්ගයේ පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී ඊයේ (05) පෙරවරුවේ දුම්රිය පීල්ලක් කැඩීගොස් තිබෙන දුටු ප්‍රදේශවාසියෙකු ඒ අවස්ථාවේදී කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය නැවැත්වීමට කටයුතු කර සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගත්තේය.
කෙසේ නමුත් සාගරිකා දුම්රිය නවත්වා තිබෙන අතරවාරයේ, තිබූ දෝෂයක් හේතුවෙන් තවත් දුම්රියක් එම මාර්ගයේම මරදානට දෙසට ඉදිරියට පැමිණ තිබුණි.
ඒ සම්බන්ධයෙන් ඊයේ (05) කළ විමසීමකදී ‘ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය’ පැවසුවේ, මුහුදුබඩ මාර්ගයේ වර්ණාලෝක සංඥා පද්ධතියේ බරපතළ දෝෂයක් හේතුවෙන් මෙවැති තත්ත්වයක් මතුව ඇති බවයි.
ඊට කඩිනමින් අදාළ සංඥා දෝෂයට විසඳුම් ලබාදිය යුතු බව එම සංගමය දුම්රිය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබුණි.
ඒ අනුව ගැටලුවට ක්ෂණිකව විසඳුම් නොලැබුණහොත් මගීන්ගේ ආරක්ෂාව තකා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවයෙන් ඉවත් වීමට සිදුවන බව එම සංගමය ඊයේ (05) වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴