‘ගනේමුල්ල සංජීව’ ඝාතන සැකකරු රිමාන්ඩ්; හඳුනාගැනීමේ පෙරට්ටුව අසාර්ථකයි
‘ගනේමුල්ල සංජීව’ ඝාතන සැකකරු රිමාන්ඩ්; හඳුනාගැනීමේ පෙරට්ටුව අසාර්ථකයි
(04.06.2025 – hirunews.lk)
‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෙඩික්කරු යැයි කියන ‘සමිඳු දිල්ෂාන් පියුමංග’ නමැති සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළා.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අද (04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු (2) ඉදිරිපත් කළ අතර, ඔවුන් විසින් සැකකරු හඳුනා නොගත් බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලීගේ නිල මැදිරියට ඉදිරිපත් කෙරුණා.
එහිදී සැකකරු මේ මස 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නියම කළා.
එදින මෙම සැකකරු ස්කයිප් තාක්ෂණය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම වුණා ෴
‘මනාගේ’ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය වටලයි
(04.06.2025 – hirunews.lk)
නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ රජු ලෙස සැලකෙන ‘සමන් කුමාර’ හෙවත් ‘මනා’ විසින් ඡා-ඇල, ඔතේකැළේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලූ ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය’, ගෝඩා අඩංගු බැරල් 201 ක් සොයා ගෙන තිබෙනවා.
මෙය මෙරට සිදුකළ විශාලම නීති විරෝධී මත්පැන් වැටලීම බවයි පොලිසිය සදහන් කළේ.
එහිදී සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙහෙයුම සදහා පොලිස් නිලධාරීන් 30 කට වැඩි සංඛ්‍යාවක් එක්ව තිබෙනවා ෴
ධීවරයෙකුට වෙඩි තැබූ බව කියන සිද්ධියට පුළුල් පරීක්ෂණයක්
(04.06.2025 – hirunews.lk)
ත්‍රිකුණාමලයේ කුච්චවේලි මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ බව කියන ධීවරයෙකුට නාවික හමුදාව විසින් සිදු කළ බව කියන වෙඩි තැබීමකින් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා.
එම වාර්තාව මත පදනම්ව නිගමනයකට එළඹිය හැකි අතර, අනතුරුව ඊට අදාළ පියවර ගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
ඊයේ (03) සිදු වූ මෙම වෙඩි තැබීමෙන් එක් (1) ධීවරයෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කෙරුණු අතර, අද (04) උදෑසන ඔහු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබුණා.
නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරිත පිරිසක් වැටලීමට ගිය අවස්ථාවේ සිදු වූ පොරබැදීමකදී මෙම සිද්ධිය සිදු ව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවත් නාවික හමුදාව ද සඳහන් කළා ෴
‘පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්’ හෙට (05) සිට වර්ජනයේ
(04.06.2025 – hirunews.lk)
උසස්වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේ ගැටළු ඇතුලු ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් හෙට (05) උදෑසන 08:00 සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන බව ‘පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය’ පවසනවා.
එහි ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම කියා සිටියේ වර්ජනය අවසන් කරන දිනයක් පිළිබදව මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවයි ෴
+++
හෙට (05) රෝහල්වල ස්ට්‍රයික් කරන්න යන අයගෙන් බෙල්ලන අත් දෙක එකතු කරලා කරපු ඉල්ලීම (04.06.2025)
+
පස් මහල් (5) ගොඩනැගිල්ලකින් ඇද වැටී අයෙක් මරුට
(04.06.2025 – hirunews.lk)
වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පෙදෙසේ, පස් මහල් (5) ගොඩනැගිල්ලකින් පහළට ඇද වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා (59) නැමැති දෙදරු පියෙක් බවයි පොලිසිය පවසන්නේ.
මිය ගිය පුද්ගලයා ඊයේ (04) පෙරවරුවේ ඉහළ මහලේ කොරිඩෝව අසල ජනෙල පියන් සුද්ද පවිත්‍ර කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
එහිදී වැටුණු පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇතැයිද පොලිසිය පැවසුවා.
මෙම පුද්ගලයා මීට වසර 3 කට ඉහතදී මෙම ව්‍යාපාරික නිවසට මුරකරුවකු සහ නිවසේ වැඩපළ කිරීම සඳහා පැමිණ තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විමර්ශන සිදුකරනවා ෴
මඩකලපුවේ සිසුන් 78 දෙනෙකු රෝහල් ගත කෙරේ
(04.06.2025 – hirunews.lk)
ප්‍රාථමික පාසල් සදහා ලබා දෙන ආහාර ගැනීමෙන් පසු ඇති වූ විවිධ අසාත්මිකතාවයක් හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ පාසල් දෙකක (2) සිසුන් 78 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ, ඉන් සිසුන් පිරිසක් මේ වන විටත් ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බවයි ෴
නවකවධ සිද්ධියට අත්අඩංගුවට ගත් සිව් (4) දෙනා 16 දක්වා රිමාන්ඩ්
(04.06.2025 – 17:34 +0530 – sinhala.adaderana.lk)
‘කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක්’ නවකවධය හේතුවෙන් සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා (3) සහ සිසුවිය (1) ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඔවුන් අද (4) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
‘කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ කෘෂි නිෂ්පාදනය සහ තාක්ෂණ ඩිප්ලෝමාව හදාරන පළමු ශ්‍රේණියේ සිසුවියක්’ පසුගියදා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණි.
එහිදී ඒ අසල සිටි පිරිසක් විසින් අදාළ සිසුවිය බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කළේය.
පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීමේ සිද්ධියක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි ෴
ව්‍යාජ හිසකෙස් වර්ණක බෙදාහළ ව්‍යාපාරිකයෙකුට අත්හිට වූ සිරදඬුවම්
(04.06.2025 – 14:23 +0530 – sinhala.adaderana.lk)
‘පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය’ විසින් ඉකුත් අප්‍රේල් මාසයේ සිදුකළ විමර්ශනයකදී නීතියේ රැහැනට හසුකරගත් ව්‍යාජ ලෙස නිෂ්පාදිත හිසකෙස් වර්ණක ග්‍රෑම් 10 බැගින් වන ඇසුරුම් ගබඩාකිරීම හා බෙදාහැරීම සිදුකළ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට (2) එරෙහිව ඊයේ (03) මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා තිබේ.
මෙහිදී එම භාණ්ඩ අලෙවිය සඳහා ගබඩා කරන ලද පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලකට ද නඩු පවරා ඇත.
මේ අතර එම ව්‍යාජ නිෂ්පාදන අලෙවිය සඳහා ගබඩාකිරීම සිදුකරන ලද වැල්ලම්පිටිය පදිංචි පුද්ගලයා සහ බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි පුද්ගලයා සිය වරද පිළිගැනීමෙන් පසුව චෝදනා 4 ක් සඳහා රුපියල් 7,500 බැගින් රුපියල් 30,000 ක දඩ මුදලක් අධිකරණය මගින් නියම කරන ලදී.
තවද අදාළ නිෂ්පාදන විකිණීම සඳහා බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි පුද්ගලයාට ඉහත දඩ මුදලට අමතරව බරපතළ වැඩසහිතව මාස 6 ක සිර දඬුවම් නියමකළ අධිකරණය, එම සිරදඬුවම වසර 5 කට අත්හිටුවා තිබේ.
එමෙන්ම අදාළ භාණ්ඩ අලෙවිය සදහා ගබඩාකරන ලද කොළඹ 12 පිහිටි අදාළ ආයතනයද එම වරද පිළිගැනීමෙන් පසු රුපියල් 7,500 ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර ඇත.
මෙම හිසකෙස් වර්ණක වෙළෙඳනාමය සඳහා නීතිමය අයිතිය ඇති ආයතනය විසින් ග්‍රෑම් 21 බැගින් වන ඇසුරුම් ලෙස තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.
එහෙයින් තරගවිරෝධී ලෙස සහ පාරිභෝගිකයා නොමග යවමින් සත්‍ය නිෂ්පාදකයාගේ තොරතුරුද සහිතව ව්‍යාජ නිෂ්පාදකයා විසින් වෙළදපොලට නිකුත්කර තිබෙන ග්‍රෑම් 10 බැගින් වන ඇසුරුම් වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබේ නම්, ඒවා ඉවත්කරගන්නා ලෙස ව්‍යාපාරිකයන් දැනුම්වත් කර ඇත.
එමෙන්ම එවැනි ව්‍යාජ නිෂ්පාදන මිලදීගැනීමෙන් වළකින ලෙසද පාරිභෝගිකයන් දැනුම්වත් කරයි.
තවදුරටත් එවැනි ව්‍යාජ නිෂ්පාදන අලෙවිකරණ වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත ෴
පෑනක් විදියට හදපු ගිනිඅවියක්
(04.06.2025 – 10:18 +0530 – sinhala.adaderana.lk)
පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනිඅවියක් සමග පුද්ගලයකු කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (03) සවස පානදුර හොරේතුඩුව පාලම අසල සැකකටයුතු ලෙස සිටි පුද්ගලයකු පරීක්ෂා කර ඇත.
එහිදී අදාළ පුද්ගලයාගේ සාක්කුවේ දමා සිටි මෙම විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනිඅවිය සහ එම අවියට යොදන ජීව උණ්ඩ තුනක් (3) එම අවිය බහාලන බහලුමක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලීසිය ප්‍රකාශ කරන්නේ, මෙය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස භාවිත කළ හැකි ගිනිඅවියක් බවය.
දිගින් අඟල් හතරහමාරක් (4½) පමණ මෙම ගිනිඅවිය කුමන හේතුවක් මත මෙම පුද්ගලයා සන්තකයේ තබාගෙන සිටියේ දැයි කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.
ගිනිඅවිය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ, 43 හැවිරිදි මොරටුව, මෝල්පේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
ඔහුව අද (04) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴
ආරක්ෂක විශ්ලේෂකගේ ආන්දොලනාත්මක හෙළිදරව්ව | ගෝඨාභය ගෙදර යවපු ඩීල් කාරයෝ අනුර ගාවට රිංගලා (04.06.2025)
+++
මාතෘ භුමියේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය කිසිවකුට කිසිම හේතුවකට පාවා නොදෙව් ! (04.06.2025)
+
උදය ගමන්පිලට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට
(05.06.2025 – hirunews.lk)
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20 ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා නිදොස් කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය ගමන්පිලට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (05) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා.
උදය ගම්මන්පිල සිය නීතිඥවරිය මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ඉකුත් මාර්තු මස 24 වනද කොළඹ මහාධිකරණය විසින් තමන්ව නිදොස් කොට නිදහස් කර තිබුණද ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවයි.
ඒ අනුව තම සේවා දායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න උදය ගම්මන්පිලට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට නියෝග කළා ෴
රසායනාගාර, ඖෂධවේදී ඇතුළු සේවා 05 ක වෘත්තිකයන් අද (05) වර්ජනයක
(05.06.2025 – hirunews.lk)
උසස් වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය උපාධිධාරීන් බදවාගැනීමේ ගැටලු ඇතුළු කරුණු 05 ක් මුල්කරගනිමින් අද (05) උදෑසන 08 සිට දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක නිරත වන බව ‘පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය’ පවසනවා.
එහි ප්‍රධාන ලේකම් චානක ධර්ම වික්‍රම කියා සිටියේ මේ හේතුවෙන් රසායානාගාර, ඖෂධවේදී ඇතුලු සේවා 05 ක කටයුතුවලට බාධා එල්ල වන බවයි.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි සිදු කරන බව ද ඔහු සඳහන් කළා ෴
බුලත්සිංහලදී අයෙකු ඝාතනය කර ටයර් දමා පිළිස්සූ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි
(04.06.2025 – hirunews.lk)
බුලත්සිංහල, නාගහදොල ප්‍රදේශයේ පාළු මාර්ගයක ඝාතනය කර ටයර් දමා පුළුස්සා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
පසුගිය 28 වෙනිදා බුලත්සිංහල නාගහදොල, මාහින්ගල, පාදුක්ක ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබූ බවයි පොලිසිය පැවසුවේ.
මරණකරු 47 හැවිරිදි බෙර වාදනය කරන පුද්ගලයෙකු බවද පොලිසිය පවසනවා. ඝාතන සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු සහ ‘යාපනයේ මෑණියෝ’ නමින් හදුන්වන සැකකාරියක් ද ‘බුලත්සිංහල පොලිසිය’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනයට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
මියගිය බෙරවාදන ශිල්පියා නිධන් ලබාගැනීමට ඇලුම් කළ පුද්ගලයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට (2) නිධන් ලබාගැනීමට සිදුකරන විවිධ පූජාවන් වෙනුවෙන් යැයි පවසා වරින් වර රු. ලක්ෂ 25 කට ආසන්න මුදලක් බෙරකරු ලබාගෙන තිබෙනවා.
එසේ මුදල් ලබාදුන්න ද කිසිදු නිධානයක් නොලැබීම හේතුවෙන්, සැකකරුවන් දෙදෙනා (2) බෙරකරු ගෙන් දුන් මුදල් ආපසු ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
අදාළ සැකරුවන්ට එම මුදල ලබාදීමට අපහසු වීම හේතුවෙන් ඔවුන් මෙම බෙර වාදන ශිල්පියාව ඝාතනය කර ඇති බවයි වාර්තාවන්නේ.
බෙරවාදන ශිල්පියාට පමණක් ගත හැකි නිධානයක් ඇති බව පවසා ඔහුව අදාල ස්ථානයට ගෙන්වා පහර දී ඝාතනය කර පුළුස්සා ඇති බවයි සැකකරුවන් පාපොච්ඡාරණය කර ඇත්තේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴