තලවකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල රිමාන්ඩ්

තලවකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල රිමාන්ඩ්


තලවකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල රිමාන්ඩ්

(02.06.2025 – hirunews.lk)

තලවකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල, ජුනි 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගක් මතයි. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද (02) අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා වශයෙන් සැකකරු කටයුතු කරමින් සිටියදී එම නගර සභාවට අයත් අංක 12 දරණ මස්කඩ කාමරය බදු දීමේදී වැඩිම ලංසුව ඉදිරිපත් කළ තැනැත්තාට එය ලබා නොදී අඩුම ලංසුව ඉදිරිපත් කළ තැනැත්තාට එය ලබාදී තිබෙනවා.

එමගින් රජයට රුපියල් 2,380,000/- ක් පාඩු සිදු කළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴

+++

+


වෙඩික්කරුවෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

(02.06.2025 – 16:45 +0530 – sinhala.adaderana.lk)

පසුගිය වසරේ ජනවාරි 10 වන දින ගලබොඩවත්ත, කොරොතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඩුබායි සිට අද (02) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථවේදී ‘බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය’ විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙයියන්තොඩුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

2024.01.10 වන දින ගලබඩවත්ත, කොරතොට ප්‍රදේශයේ වයස අවුරුදු 34 ක පුද්ගලයෙකුව ‘පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්’ ලෙස පෙනී සිටිමින් රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර තිබුණි.

අදාළ අපරාධයක් සම්බන්ධයෙන් ‘බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය’ මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව අපරාධය සිදු කිරීමට පැමිණි යතුරු පැදිකරු හා රිවෝල්වරයක් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම අපරාධයේ වෙඩික්කරු ඩුබායි රටට පලා ගොස් ඇති බවට වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වන ලදී.

එම සැකකරු මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට ‘ආගමන විගමන පාලකවරයා’ට ලබා දී තිබූ අධිකරණ නියෝගයක් අනුව අද (02) අලුයම් කාලයේදී කටුනායක ගුවන්තොටුපොල පැමිණිමේ පර්යන්තයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ‘කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය’ වෙත ඉදිරිපත් කර ඇති අතර ‘බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය’ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


අංගොඩ සබන් නිෂ්පාදනාගාරයක ගින්නක්

(03.06.2025 – hirunews.lk)

අංගොඩ – ගල්වාන මංසන්ධියේ පිහිටි සබන් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (03) අලුයම මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න නිවා දැමීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවිමේ රථ 2 ක් යොදවා තිබුණා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගින්න පාලනය කර ඇති බවයි ගිනි නිවිමේ ඒකකය සදහන් කළේ ෴


රුධිර පරීක්ෂණයකට වැඩිපුර මුදල් අය කළ වෛද්‍ය රසායනාගාරයකට රුපියල් ලක්ෂ 5 ක දඩයක්

(03.06.2025 – hirunews.lk)

‘පුර්ණ රුධිර ගණන පරීක්ෂණ වාර්තාවක’ට වැඩිපුර මුදල් අය කළ ‘මල්වාන ප්‍රදේශයේ වෛද්‍ය රසායනාගාරයක’ට රුපියල් ලක්ෂ 5 ක දඩයක් නියම කිරීමට ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය’ විසින් පියවර ගෙන තිබෙනවා.

‘පූර්ණ රුධිර ගණන පරීක්ෂණ වාර්තාවක්’ සඳහා ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය’ මගින් පනවා ඇති උපරිම ගාස්තුව රුපියල් 400 ක්.

කෙසේ වෙතත් අදාළ වෛද්‍ය රසායනාගාරය විසින් වරද පිළිගැනීමෙන් පසුව මහර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙම දඩ මුදල් නියම කර තිබෙනවා ෴


කෙහෙළියට සහ පුතාට ඇප

(03.06.2025 – hirunews.lk)

රක්ෂිත ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මෙම නියෝගය නිකුත් කළා

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80 කට වැඩි පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව චෝදනා ගොනුකරනු ලැබුවා ෴

+++

+


හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ප්‍රදේශයේ ගමනාගමනය මන්තීරුවකට සීමා කෙරේ

(03.06.2025 – hirunews.lk)

නායයෑමේ අවධානමක් හේතුවෙන් හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ප්‍රදේශයේ මීටර් 300 ක් පමණ කොටසක් ගමනා ගමනය සඳහා එක් මන්තීරුවකට සීමා කර තිබෙනවා.

ප්‍රධාන මාර්ගයට ඉහළින් ඇති පැති බැම්මක් කඩා වැටීමත් සමගයි මෙලෙස ගමනාගමනය සීමා කර ඇත්තේ.

පසුගිය දින කිහිපය තුල නුවරඑලිය ප්‍රදේශයට ඇද හැලු‍ණු අධික වර්ෂාවත් සමග මෙම පැති බැම්ම කඩා වැටී තිබෙනවා ෴

+++

+


‘සයිබර් ප්‍රහාරයක්’ එල්ල වූ ‘ජලසම්පාදන මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාව’ යථාතත්වයට

(03.06.2025 – hirunews.lk)

‘සයිබර් ප්‍රහාරයක්’ එල්ල වූ ‘ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාව’ මේවන විට යථාතත්වයට පත් කර ඇති බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ පවසනවා.

අදාළ කෙටි පණිවිඩ සේවාවට ‘සයිබර් ප්‍රහාරයක්’ එල්ල වූ අතර ඉන් එහි දත්තවලට කිසිදු හානියක් සිදුව නොමැති බවද එම සංසදය ප්‍රකාශ කළා.

පසුගිය ඉරිදා (01) ‘ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාව’ මෙලෙස ‘සයිබර් ප්‍රහාරයක්’ එල්ල වී තිබුණා ෴


‘මෙට්‍රෝ බස්’ 100 ක් ළඟදීම

(03.06.2025 – hirunews.lk)

පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම සඳහා ‘ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය’ යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස සුව පහසු, දියුණු තාක්ෂණයක් සහිත බස් රථ ඇණියක් හඳුන්වා දීමට 2025 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කර තිබෙනවා.

ඒ යටතේ, බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර (කොට්ටාව), කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා සුවපහසු, ‘පහත් පිවිසුම් සහිත බස් රථ’ 100 ක් සේවයේ යෙදවීමට සැලසුම් කර තිබුණා.

ඒ අනුව, ‘ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා’ ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ‘ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය’ට අයත් ‘පරිපාලිත සමාගමක්’ ස්ථාපිතකර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා ෴

+++

+


බණ්ඩාරවෙල අනතුරකින් උඩරට දුම්රිය ප්‍රමාද වෙයි

(03.06.2025 – hirunews.lk)

උඩරට මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී ලොරි රථයක් දුම්රිය මාර්ගයට පෙරළීම හේතුවෙන් ෴

+++

+


බහලුම් නිදහස් කිරීම ගැන දයාසිරි සහ ගම්මන්පිළගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ

(03.06.2025 – hirunews.lk)

රේගුවේ රඳවා තිබූ බහලු‍ම් කොටසක් නිදහස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ‘දයාසිරි ජයසේකර’ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක ‘උදය ගම්මන්පිල’ සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ අද (03) කොටුව මහේස්ත්‍රාත් නිලු‍පුලී ලංකාපුර හමුවේ දැනුම් දුන්නා.

පසුගිය මැයි මස 29 වනදා නීතිඥ වයි. ජී. නලින් සම්පත් කුමාර ‘අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව’ට සිදු කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන සිදු කරන බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ අධිකරණයට පවසා සිටියා.

ඔවුන් සිදු කළ ප්‍රකාශය විකාශය වූ නාලිකාවල සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් ‘සීඩී තැටි’ ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමට ද අවසර හිමි වුණා ෴


මැතිවරණ සමයේ මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ සිදුවීමට අදාලව හිටපු ජනපති රනිල්ට එරෙහි පෙත්සම් විභාගයට අවසර

(03.06.2025 – hirunews.lk)

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ‘සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම’ තුළින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති ‘රනිල් වික්‍රමසිංහ’ ‘මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට’ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් දෙකක් (2) විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) අවසර ලබා දුන්නා.

ඉකුත් (2024) වසරේ ජනාධිපතිවරණය කැඳවූ දා සිට ජනාධිපතිවරණය පැවති දින දක්වා කාලසීමාව තුළ මෙන්ම ඉකුත් (2024) වසර තුළ නිකුත්කළ මත්පැන් බලපත්‍ර පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළා.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

මාතලේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන තංගවේලු ධනේන්ද්‍ර රාජා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එම අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, හිටපු සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි ඇතුළු පිරිසක් මෙහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටිනවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සංජීව ජයවර්ධන සහ සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ ජුලි මස 26 වන සහ ජනාධිපතිවරණය පැවැති සැප්තැම්බර් මස 21 වන දා අතර කාලසීමාව තුළ වග උත්තරකරුවන් විසින් නීතියට පටහැනි ආකාරයට අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කර තිබෙන බව චෝදනා කළා.

හිටපු අමාත්‍යවරයෙකු වන ශාන්ත බණ්ඩාරගේ දහනව (19) හැවිරිදි පුත්‍රයාට ද මේ යටතේ මත්පැන්හල් බලපත්‍රයක් නිකුත් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරු දේශපාලකයින්ගේ හිතවතුන්ට හා ආධාරකරුවන්ට මෙසේ මත්පැන්හල් බලපත් නිකුත් කර තිබෙන බවත් සඳහන් කළා.

ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ යටි අරමුණින් මෙම මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සිදුකර ඇති බවත්, මේ පිළිබඳව බලපත්‍රලාභී මත්පැන් හල් හිමියන්ගේ සංගමය විසින් මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරු පෙන්වා දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් කාලාවරෝධී වීමෙන් පසුව ඉදිරිපත් කර තිබෙන බවත් මේ තුළින් පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කර තිබෙන බවත් චෝදනා කළා.

එසේම මෙම නඩුකරයට පාදක වන සුරාබදු රෙගුලාසි අහෝසි වී දැන් අලුත් රෙගුලාසි නිකුත් කර තිබෙන බවත් ඇය වැඩිදුරත් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව අදාල පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය නොවැම්බර් මස 19 වන දා සිදුකිරීමටද දින නියම කළා ෴


‘ඇල්ටෝ ධර්මෙ’ගේ දකුණු අත ‘බම්බා’ කළුතරදී පොලිසියට කොටු | බොරු අංක තහඩු කාර් එකකින් යද්දී මාට්ටු වෙලා (03.06.2025)

+++

‘ඇල්ටෝ ධර්මෙ’ගේ හෙන්චයියෙක් කොටුවෙයි – පාතාලේ රහස් රැසක් එළියට (03.06.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *