මුලතිව් ළිඳකට වැටී පාසල් සිසුවියන් දෙදෙනෙක් මරුට

මුලතිව් ළිඳකට වැටී පාසල් සිසුවියන් දෙදෙනෙක් මරුට


මුලතිව් ළිඳකට වැටී පාසල් සිසුවියන් දෙදෙනෙක් මරුට

(01.06.2025 – hirunews.lk)

මුලතිව් – කුමුලමුනෙයි ප්‍රදේශයේ කෝවිලක පිහිටා තිබු ළිඳකට වැටීමෙන් පාසල් සිසුවියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තීබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා (2) කෝවිලේ පූජාවකට සහභාගි වී ළිඳ අසළට පැමිණි අවස්ථාවේදී පය ලිස්සා ගොස් ළිඳට ඇද වැටී ඇති බවයි.

පසුව ඔවුන් මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මියගිය සිසුවියන් දෙදෙනා (15) හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය පවසන්නේ ෴

+++

+++

+


අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000 ක් පීඩාවට

(01.06.2025 – hirunews.lk)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වූ පුද්ගලයින් ගණන 10,000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අද (01) සිට ක්‍රමයෙන් වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බවයි.

ගෙවුණු දින කිහිපයේ මෙරටට බලපා තිබූ අධික වැසි සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකම ගස් කඩා වැටීම් සහ දේපළ හානි වාර්තා වුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අද (01) සිට ක්‍රමයෙන් වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බවයි.

මේ, දිවුලපිටිය ශ්‍රී ඥානාවාස මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලකට තද සුළඟින් හානි සිදුව ඇති අයුරුයි. හැටන් ආගිල් වතුයාය හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වයත් සමග එම වතු යායේ පිහිටි නිවාසවලට හානි සිදුව තිබුණා.

පැවැති දැඩි සුළං සමග වැලිමඩ සහ ඌව පරණගම ප්‍රදේශවල උඩරට එළවළු වගා බිම් අක්කර සිය ගණනක් පමණ විනාශ වී තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් ඉදිරියේදී එළවළු මිල ද ඉහළ යා හැකි බවයි. පසුගිය 28 වැනිදා ත්‍රිකුණාමලයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනෙක් බහුදින යාත්‍රාවක් මගින් මුදාගෙන ගොඩබිමට ගෙන ආවා සක්‍රිය නිරිතදිග මෝසඅයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වූ පුද්ගලයින් ගණන 10,000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා ෴


මහින්දානන්දට සල්ලි හොරා කන්න දුන්නේ නැති හින්දා මාව එළවලා දැම්මා – තව නඩු මුන්ට එන්න තියෙනවා. (01.06.2025)

+


සිහින ගෙනෙන කුමරියේ අන්තිම දවස / Hiru tv (20.05.2025)

+


ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර බෑ කිව්වා .. – කොළඹ රුසියා තානාපති (01.06.2025)

+


රු. 70,000 ට ගන්න තිබුණ රබර් බුෂ් රු. කෝටි එකහමාරකට (1½) ගත්ත පොස්පේට් සමාගම

(01.06.2025 – hirunews.lk)

‘ලංකා පොස්පේට් සමාගමේ’ සවිකර තිබෙන ඇඹරුම් යන්ත්‍ර සඳහා අවශ්‍ය ‘රබර් බුෂ්’ මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 150 කට අධික මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

රුපියල් 350 කට දේශීය මිලදී ගැනීමට හැකිව තිබූ ‘රබර් බුෂ්’ ඒකකයක් රුපියල් 79,082 කට මිලදී ගැනීම තුළින් මෙම පාඩුව සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන්.

එප්පාවල පිහිටි ‘ලංකා පොස්පේට් සමාගම’ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සමාජයේ වැඩි අවධානයක් යොමු වුණේ එම සමාගමේ සිදුවූ බව කියන විවිධ අක්‍රමිකතා හේතුවෙන්.

2023 වර්ෂයේදී එවකට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ‘චාමර සම්පත් දසනායක’ එම සමාගමට ගිය අවස්ථාවේ උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

ඒ රුපියල් ලක්ෂ 50 ක පමණ වියදමින් ගෙන්වන ලද සමාගමට අවශ්‍ය නොවන ඇඹරුම් යන්ත්‍රයක කොටසක් පිළිබඳව සේවකයින් පිරිසක් අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එම ඇඹරුම් යන්ත්‍ර කොටස් ගෙන්වීම හේතුවෙන් වූ සිදු වූ මූල්‍යමය පාඩුව පිළිබඳව මේ වනවිට විගණන වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ‘ලංකා පොස්පේට් සමාගම’ විසින් 2022 වසරේදී ඛනිජ ඇඹරුම් යන්ත්‍ර සඳහා යොදනු ලබන ‘රබර් බුෂ්’ ඒකකයක් රුපියල් 350 කට දේශීයව මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කර තිබුණා.

එම ‘රබර් බුෂ්’ ඒකක 81 ක් ගබඩා කර පවතින අවස්ථාවකදී එම තොගය ශුන්‍ය බව පවසමින් තවත් ‘රබර් බුෂ්’ ඒකක 200 ක තොගයක් ආනයනය කිරීමට සමාගම පියවර ගෙන ඇති බව විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

එහිදී දේශීයව රුපියල් 350 කට මිලට ගැනීමට හැකිව තිබූ ‘රබර් බුෂ්’ ඒකකයක් මෙම ආනයන ක්‍රියාවලියේදී රුපියල් 79,082 ක් වැනි අධික මුදලකට මිලදී ගෙන ඇති බව විගණන වාර්තාවේ සඳහන්.

පෙර පැවති මිලට මෙම ‘රබර් බුෂ්’ ඒකක 200 ක්ම රුපියල් 70,000 කට මිලට ගත හැකිව තිබූ නමුත් නව ක්‍රමවේදය යටතේ ලබාගත් රබර් බුෂ් ඒකක 200 සඳහා රුපියල් 15,816,482 ක් වැනි අධික මුදලක් වැය වී ඇති බව විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම ආනයන ක්‍රියාවලිය තුළින් අදාළ සමාගමට රුපියල් 15,746,482 ක අලාභයක් සිදුව තිබෙන බව විගණන වාර්තාවේ සඳහන්.

එලෙස සමාගමට පාඩු ගෙන දෙමින් මිලදී ගත් ‘රබර් බුෂ්’ තොගය 2024 අපේල් මස 01 වනදා වන විටත් භාවිතයට ගෙන නොතිබූ බව ද විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා ෴


ඥාති හිතවතුන්ගේ සෝ සුසුම් මැද අත්තනායක එම්. හේරත් සූරීන් අවසන් ගමන් යයි (02.06.2025)

+++

නමගිය අපරාධකාරයින්ගෙ ලයිස්තුවෙ හතරවෙනියට ඉන්නෙ මම | කලු පාලමෙන් පැනලා මැරෙන්න යද්දි මාව බේරගත්තෙ සේකර (04-02-2022)

+


එන්න එන්නම බිමල්ට පීඩනය වැඩි වෙයි | පිවිතුරු හෙළ උරුමයත් බිමල්ට එරෙහිව අල්ලස් කොමිසමට ගිහිල්ලා… (02.06.2025)

+


පාසල් සිසුවෙක් විදුලිසැරට බිලි

(02.06.2025 – hirunews.lk)

විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මදුරන්කුලිය පොලිස් වසමේ පදිංචි අවුරුදු 16ක සිසුවෙක්.

මෙම සිසුවා නිවසේ තිබූ විදුලි උපකරණයක් විදුලි පේණුවට සම්බන්ධ කිරීමට යෑමේදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

සිදුවීම පිළිබඳව මදුරන්කුලිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴


ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානා ඇණියට එක්වන අලුත්ම සාමාජිකයා

(02.06.2025 – hirunews.lk)

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය ලබන 04 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරනු ලබනවා.

උදෑසන 08:00 සිට 09:00 දක්වා, අඩි 1,000 ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කිරීමට නියමිතයි.

ඉන්පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැසීමට පෙර කටුනායක ගුවන්තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කිරීමටත් නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධකරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතුවන මෙම ගුවන් යානය පළමු වරට පැමිණීම දැකගැනීමට ලැබීම ගුවන් යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයින්ට ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇති ෴


තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට තවත් සැක දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(02.06.2025 – hirunews.lk)

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ‘කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය’ විසින්.

ඔවුන් කඩවත සහ ගණේමුල්ල ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී T56 පතොරම් 13 ක් සහ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සොයා ගෙන තිබෙන අතර ඔවුන් වයස අවුරුදු 27 සහ 37 අතර් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් හෙට (03) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අඩ්කරනයට ඉදිරිපත් කිරිමට නියමිතයි ෴


ගම්පොළ මහේස්ත්‍රාත්වරියකට ලැබුණු තර්ජනාත්මක ලිපි ගැන විමර්ශනයක්

(02.06.2025 – hirunews.lk)

අපහාසාත්මක හා තර්ජනාත්මක නිර්නාමික ලිපි ලැබෙන බවට ගම්පොල මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු කරන ලද පැමිණිල්ලකට අනුව ‘ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය’ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නඩු සම්බන්ධයෙන් ලබාදෙන නිර්භය හා නිර්පාක්ෂික තීන්දු සමග මෙලෙස තර්ජනාත්මක ලිපි ලැබීම ඉහළයාමත් සමගයි මහේස්ත්‍රාත්වරිය විසින් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

පසුගිය කාලසීමාවේ අධිකරණයේ පැවැති නඩුවලදී සිදු වූ ඇතැම් සිද්ධීන් සහ මෙලෙස ලැබුණු තර්ජනාත්මක ලිපි අතර සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව සැක පවතින බැවින් ඒ පිළිබඳව ද මහේස්ත්‍රාත්වරිය පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනූව එම සිද්ධීන් හා මෙලෙස ලැබී ඇති ලිපි අතර සම්බන්ධයක් පවතීද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි ‘ගම්පොල පොලිසියේ’ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ‘හිරු ප්‍රවෘත්ති’ වෙත සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *