හිටපු ලොක්කන් 50 ක අවසන් විමර්ශන ගොනු නීතිපතිට .. ලයිස්තුව මෙන්න ..
හිටපු ලොක්කන් 50 ක අවසන් විමර්ශන ගොනු නීතිපතිට .. ලයිස්තුව මෙන්න ..
(31.05.2025 – 22:22 +0530 – lankacnews.com)
මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට (50) ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය’ විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.
එම විමර්ශනවලට අදාළ විත්තිකරුවන් සියයකට (100) ආසන්න පිරිසක් සිටින බවත් ඒ අතර හිටපු කැබිනට් ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දේශපාලකයන්ගේ ඥාතීන් සහ ටෙන්ඩර් ඇතුළු විවිධ ගනුදෙනුවලට සම්බන්ධ වූ තවත් පිරිස් සිටින බව ‘මූල්‍ය විමර්ශන ඒකකයේ’ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘සතිඅග අරුණ’ට පැවැසීය. හිටපු ඇමැතිවරුන් වන ‘බැසිල් රාජපක්ෂ’, ‘ජොන්ස්ටන් ප්‍රනාන්දු’ යන අය ද ඇතුළුව ඇතැම් දේශපාලකයන් සමග ව්‍යාපාර කටයුතුවල නිරත වූ පිරිසක් සම්බන්ධයෙන් ද විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් පතා විමර්ශන ගොනු භාර දී ඇතැයි එම නිලධාරියා පැවැසීය.
‘අල්ලස් කොමිසම’ විසින් පවරනු ලැබූ නඩුවකට අදාළව ඉකුත් දා බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම වූ ‘මහින්දානන්ද අලුත්ගමගේ’ සහ හිටපු වෙළෙඳ ඇමැති ‘නලින් ප්‍රනාන්දු’ යන දෙදෙනාට (2) තවත් නඩුවක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබෙන බවත් ‘ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි’ ද එම නඩුවේ විත්තිකරුවෙක් බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ඇමැතිවරුන් වන ‘ඩිලාන් පෙරේරා’, ‘විමල් වීරවංශ’ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ‘මොහොමඩ් මුසම්මිල්’ විසින් කර ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවන්ට අදාළ විමර්ශන අවසන් කර මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.
මෙලෙස නීතිපතිවරයා වෙත යොමු කරන ලද ඇතැම් ගොනුවලට අදාළ විමර්ශන අවසන් කර තිබුණ ද ඊට අදාළ ඉදිරි නීතිමය පියවරයන් ගෙන නොතිබූ බවත් වසර හයක (6) පමණ කාලයක් තිස්සේ අතරමග නැවතී තිබූ විමර්ශනවලට අදාළ ගොනු නඩු පැවරීම ඇතුළු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ‘නීතිපති දෙපාර්තමේන්තුව’ට යොමුකර තිබෙන බවත් ඉහත කරුණු දැක් වූ නිලධාරියා කීවේය.
ඉෂාර රත්නකාර
Aruna
රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමියෙකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක (13½) මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළ කාන්තාව රිමාන්ඩ්
(31.05.2025 – aruna.lk)
රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමියෙකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක (13½) මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ අද (31) දින නියෝග කළේය.
සැකකාරිය අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට (50) ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී ‘කඩුවෙල පොලිසියේ’ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.
ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය.
අදාල සිද්ධියට සම්බන්ධ රාජ්‍ය බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (30) දින නියෝග කළේය ෴
පිරමීඩ ජාවාරමකට පෞද්ගලික සමාගමක කළමණාකාරුවෙකු රිමාන්ඩ්
(31.05.2025 – hirunews.lk)
පිරමීඩ ආයෝජන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 220 කට අධික මුදලක් නීති විරෝධීව හුවමාරු කිරීමේ සිද්ධියකට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය’ විසින් අත්අඩංගුවට ගනුලැබූ පෞද්ගලික සමාගමක කළමණාකාරුවෙකු ජුනි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
‘ෆූගෝ ඔලින්’ නමැති පෞද්ගලික සමාගමක් හරහා පිරමිඩ ආයෝජන සිදු කරන බවට ලද පැමිණිල්ලකට අනුව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
එහිදී අනාවරණය වී ඇත්තේ 2023 වසරේ මාස 05 ක කාලයක් තුළ අදාළ සමාගමේ බැංකු ගිණුම් 56 ක් හරහා රුපියල් කෝටි 220 කට අධික මුදලක් හුවමාරු වී ඇති බවයි.
එම මුදල් කවර පාර්ශවයක් වෙත ලැබී ඇත්දැයි විමර්ශනය කිරීමේදී අදාළ සමාගමේ කළමණාකරුවෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ අතර ඒ අනුව අදාළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
මේ අතර ‘ශේඩ් ඔෆ් ප්‍රෝකෙයා’ නම් පිරමිඩ ආයෝජන ක්‍රමයේ ලේකම්වරියක් ද ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය’ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇය ද ජුනි දෙවැනිදා (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මේ අතර, ව්‍යාජ ලේඛන සකසා රුපියල් කෝටි 16 ක් පමණ වටිනා ‘රේන්ජ් රෝවර්’ වර්ගයේ ජීප් රථයක් හා ‘බෙන්ස්’ වර්ගයේ මෝටර් රථයක් භාවිත කළ බ්‍රිතාන්‍යයේ හා මෙරට ද්විත්ව පුරවැසියෙකු වන වැල්ලවත්තේ පදිංචිකරු එම රථ දෙක (2) සමග ‘බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය’ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
මවට පහරදීමට ගිය පුත්‍රයෙකු මස්සිනාගේ පහරදීමකින් ජීවිතක්ෂයට
(31.05.2025 – hirunews.lk)
වැල්ලවාය – ඌව කුඩාඔය ප්‍රදේශයේදී සිය මවට තියුණු ආයුධයකින් පහරදීමට තැත් කළ පුද්ගලයෙකු ඔහුගේ සොහොයුරියගේ සැමියා පොල්ලකින් කළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය සදහන් කළේ, මියගිය 45 හැවිරිදි එම මවගේ පුතු නිවස තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
සැකකාර පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴
ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්
(31.05.2025 – 18:20 +0530 – sinhala.adaderana.lk)
ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින ‘කොවිඩ් ප්‍රභේදය’ මෙරටින් ද හඳුනාගෙන ඇති බව ‘වෛද්‍ය පර්යේෂණ ආයතනය’ පවසයි.
‘වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා’ සදහන් කළේ ‘ඔමික්‍රෝන් වෛරසය’ට අදාල අනු ප්‍රභේදයන් වන ‘එල් එෆ් පොයින්ට් සෙවන්’ සහ ‘එක්ස් එෆ් ජී’ යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.
දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම ‘කොවිඩ් අනු ප්‍රභේද’ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.
අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
‘කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද’ විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.
මේ අතර ‘ගාල්ල ජාතික රෝහලේ’ දී පසුගියදා මියගිය මාස එකහමාරක් (1½) වයසැති බිලිඳෙකුටද ‘කොවිඩි’ ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.
‘අද දෙරණ’ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට ‘කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය’ට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.
කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය ෴
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
(01.06.2025 – hirunews.lk)
‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්’ සකස් කිරීම සම්බන්ධයෙන් ‘ජනමාධ්‍ය අමාත්‍යාංශය’ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බවයි.
ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඊට අදාළ කෙටුම්පතක්ද මේ වන විට සකස් කර ඇති අතර ඒ පිළිබඳව ජනමාධ්‍ය සංවිධාන කිහිපයක් සමග විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා සාකච්ඡාවකද නිරත වුණා.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසකට ආරාධනා කර තිබුණේ නැහැ.
මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් ඊයේ (31) නිවේදනයක් නිකුත් කළා.
එහි දැක්වුණේ, පසුගිය මස 28 වැනිදා පදනම් ආයතනයේ දී පැවැති සාකච්ඡාව සඳහා රජය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පහසුකම් සැපයීම පමණක් සිදු කළ බවයි.
අදාළ මාධ්‍ය ප්‍රතිපත්තිය සැකසීමේ වගකීම ජනමාධ්‍ය කෙෂත්‍රෙය් ප්‍රවීනයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පවරා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා.
+
බහාලුම් 323 ක් මුදා හැරීම ගැන පරස්පර කතා .. ආනයනකරුවන් ප‍්‍රසිද්ද කරන්න බෑලු ..
(01.06.2025 – 10:40 +0530 – lankacnews.com)
කොළඹ වරායෙන් රතු කොඩි සහිත බහාලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුව පත් කර මාස හතරකට (4) ආසන්න කාලයක් ගතවී ඇතත්, තවමත් එහි විමර්ශනය අවසන් කර නොමැත.
නියෝජ්‍ය වරාය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පැවසුවේ විමර්ශනය තවමත් සිදුවෙමින් පවතින නමුත් කමිටුව සිය වාර්තාව අවසන් කර ඉක්මනින් ඉදිරිපත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.
මේ අතර, රේගු මූලාශ්‍රයක් පැවසුවේ කමිටුව සාක්ෂි විභාග කිරීම අවසන් කර එහි වාර්තාව අවසන් කරමින් සිටින බවයි. විමර්ශනය අවසන් කර වාර්තාවක් ඉදිරිපත් කරන්නේ කවදාද යන්න තවමත් පැහැදිලි නැත.
මුදල් අමාත්‍යාංශයේ කමිටුවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊ.එම්.එස්.බී. ජයසුන්දර, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ.පී. කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. කුරුම්බලපිටිය සහ රේගු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළත් වේ.
මේ සතියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සරත් නෝනිස් මහතාගෙන් බහාලුම් සම්බන්ධ මතභේදය පිළිබඳව විමසන ලදී. කමිටුවේ විමර්ශනය තවමත් සිදුවෙමින් පවතින බැවින් ඔහු මේ පිළිබඳව විස්තරාත්මකව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ නමුත් රේගුව මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කර ඇති බව අවධාරණය කළේය. “කමිටු වාර්තාව ඉක්මනින් නිකුත් වනු ඇතැයි මම විශ්වාස කරමි, වාර්තාවේ මේ පිළිබඳව සියලු තොරතුරු අඩංගු වනු ඇත.”
පසුගිය දිනවල විපක්ෂයේ කොටස් මෙම බහාලුම් මුදා හැරීම පිටුපස වරාය අමාත්‍ය බිමල් රත්නායක සිටින බවට චෝදනා කළහ. “විපක්ෂය එවැනි චෝදනා එල්ල කරන්නේ ඔවුන්ට කතා කිරීමට වෙනත් දෙයක් නොමැති නිසා”, නියෝජ්‍ය අමාත්‍ය කොඩිතුවක්කු එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පැවසීය.
විපක්ෂයේ සමහරුන් චෝදනා කරන්නේ රේගුව බහාලුම් 323 හි අන්තර්ගතය සහ ඒවා ආනයනය කළේ කවුරුන්ද යන්න පිළිබඳ තොරතුරු රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් බවයි. “අපට එවැනි භාණ්ඩ සහ ආනයනකරුවන්ගේ නම් පිළිබඳ විස්තර ප්‍රසිද්ධියේ හෙළි කළ නොහැක. අපරාධයක් සිදු වී ඇති බවට සැක කෙරේ නම්, ආනයනකරුවන්ගේ විස්තර සහ බහාලුම්වල අන්තර්ගතය අපි CID වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සපයන්නෙමු”, ජ්‍යෙෂ්ඨ රේගු මූලාශ්‍රය පැහැදිලි කළේය.
හරිත නාලිකාව හරහා බහාලුම් 323 මුදා හැරීමට අමතරව, ජනවාරි මාසයේදී බහාලුම් දහස් ගණනක් නිදහස් නොකර වරායේ සිරවී අර්බුදයකට තුඩු දුන් කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව ද කමිටුව විමර්ශනය කරමින් සිටී. ප්‍රමාදයන් හිතාමතා කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක කොටසක් දැයි සොයා බලයි.
මේ අතර, කොළඹ වරායේ බහාලුම් අංගනවලින් භාණ්ඩ ඉවත් කිරීමේ ප්‍රමාදය දිගටම පවතින බව රේගු වාප්පු නිලධාරීන් සංගමයේ සභාපති චන්න රණතුංග පුවත්පතට පැවසීය.
රේගුව ඩිජිටල්කරණ පියවර නිසි ලෙස ක්‍රියාත්මක කරන බවට රජය සහතික වී තවත් එවැනි පියවර හඳුන්වා දෙන්නේ නම් බොහෝ කාලයක් සහ මුදල් ඉතිරි කර ගත හැකි බව ඔහු පැවසීය.
වරායේ පවතින බහාලුම් අංගන, දිනපතා වරායට ගොඩබස්වන විශාල බහාලුම් ප්‍රමාණය හැසිරවීමට ප්‍රමාණවත් නොවන බව රණතුංග මහතා පැවසීය.
සන්ඩේ ටයිම්ස්
හැමදාම සපත්තුවට පාගන් ඉන්න බෑ – රබර් කර්මාන්තශාලාවේ ලොක්කෝ දණගැස්වූ සේවකයින්ගේ හයිය (01.06.2025)
+
අනතුරකට අතවනන මරදාන ගුවන් පාලම
(01.06.2025 – 12:50 +0530 – sinhala.adaderana.lk)
මරදාන ගුවන් පාලම, දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිතව ප්‍රධාන මාර්ගය හරහා මාරුවීම සඳහා යොදා ගන්නා ගුවන් පාලමකි.
නමුත් එය සැබවින්ම ආරක්ෂිතද යන්න මේවන විට ගැටලුවක් වී තිබේ.

අගනුවර පවතින ගුවන් පාලම් අතර පැරණිතම පාලමක් ලෙස සැලකෙන මරදාන ගුවන් පාලම ඉදිකර ඇත්තේ 1978 වසරේදී පමණය.
එතැන් පටන් දීර්ඝ කාලයක් තිස්සේ පාලම නිසි ලෙස නඩත්තුකර නොමැති බව එය දකින ඕනෑම අයෙකුට හැගී යයි.
නමුත් ගැටලුව වී ඇත්තේ වගකිය යුතු කිසිවෙකුගේ ඇස එහි නොගැටීමය.
ඊයේ (31) දින ඇද හැලුනු අධික වැසි සහ සුළං හේතුවෙන් ගුවන් පාලමේ වහල ගැලවී ගොස් ඇති අයුරු දැක ගන්නට හැකි විය.
පාලම මතින් ගමන්කරන පදිකයින් මෙන්ම ඒ අවට වෙළෙඳාම් කරන පිරිසද මේ හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය.
මෙම පාලම ජනතාවගේ හිස මතට කඩාවැටෙනතෙක් නොසිට කඩිනමින් පිළිසකරකරදීම බලධාරීන් සතු වගකීමකි ෴
කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ
(දිබ්බැද්ද හන්දිය, පානදුර : කාර් එක දැම්මා බලන්නෙ නැතුව)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴