තමා සේවයකරන බැංකුවට අයත් රුපියල් කෝටි 13½ ක් පොලියට දුන් රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමියෙකු අද (30) අත්අඩංගුවට
(30.05.2025 – hirunews.lk)
තමා සේවයකරන බැංකුවට අයත් රුපියල් කෝටි දහතුනහමාරක (13½) පමණ මුදලක් දෛනික පොලී ලබා ගැනීමේ අරමුණින් විවිධ ගිණුම් සදහා බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමියෙකු අද (30) අත්අඩංගුවට ගැණුනා.
ඔහුට වට්ස්ඇප් හරහා තරුණියක් ඇමතුමක් ලබාදී දැනුම් දී ඇත්තේ තැන්පත් කරන මුදලට ‘දෛනිකව සියයට දහයක (10%) පොලී මුදලක්’ ලබා ගත හැකි බවටයි.
ඒ අනුව සැකකරු විසින් එදින රුපියල් තිස්දහසකක (30,000) මුදලක් එම තරුණිය ලබාදුන් ගිණුමකට බැර කර ඇති අතර එලෙස ගිණුම් ගතකර පැය කිහිපයක් ඇතුළත රුපියල් තිස්තුන් දහසක (33,000) මුදලක් සැකකරුට ලැබී තිබෙනවා.
ඒ අනුව ඊයේ (29) දින රාජකාරී සඳහා කඩුවෙල පිහිටි අදාළ බැංකු ශාඛාවට පැමිණි සැකකරු, එහි තිබූ රුපියල් දහතුන් කෝටි පනස් එක් ලක්ෂයකට (13,51,00,000) වැඩි මුදලක් දුරකථන ඇමතුම් ලබා දුන් තරුණිය විසින් ලබාදෙන විවිධ ගිණුම් සඳහා එක් (1) දිනක් තුළදී බැර කර ඇති බවයි හෙළි වී ඇත්තේ.
ඔහු අදාළ බැංකු ශාඛාවේ ප්‍රධාන අයකැමියා නිසා එම බලය උපයෝගී කරගෙන බැංකුව සතු ගිණුම්වලින් මෙලෙස මුදල් ගිණුම් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
එලෙස දුරකථන ඇමතුම ලබා දුන් තරුණිය ලබා දෙන ගිණුම් සඳහා මුදල් බැර කරන අතර බැංකුවේ මුදලින් රුපියල් කෝටි අටකට (8) වැඩි මුදලක් සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුමටද බැර කරගෙන ජංගම දුරකථන මෘදුකාංගය ඔස්සේ එම මුදලද නොයෙක් ගිණුම්වලට බැර කර ඇතැයිද අනාවරණය වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘අතුරුගිරිය, ඔරුවල, සඳසිරිපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්’. ඔහු අදාළ බැංකුවේ වසර දහයකට (10) වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, ඔහුගේ බිරිඳ ද එම රාජ්‍ය බැංකුවේම වෙනත් ශාඛාවක රාජකාරී කරන බව අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය වාර්තා වූ දිනය අවසානයේදී බැංකුවේ මුදල් තුලනය කිරීමට යාමේදී විශාල හිඟයක් පවතින බවට සැලවීම මත එම බැංකු ශාඛාවේ කළමනාකරු විසින් කඩුවෙල පොලිසියට සිදු කළ පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔහු මුදල් බැර කරන ලද ලදුපත් පහළොවකට (15) ආසන්න ප්‍රමාණයක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
+
දියේ ගිලී 10 හැවිරිදි දරුවෙකු මියයයි
(31.05.2025 – 06:36 +0530 – sinhala.adaderana.lk)
මොරගොඩ පොලිස් වසමේ මුරියාකඩවල ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ සිටි දරුවෙකු මෙලෙස ඊයේ (30) සවස් කාලයේදී වැවක දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත.
මොරගොඩ පොලීසිය සඳහන් කළේ මරදන්කඩවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බවය.
මියගිය දරුවා 10 හැවිරිදි මොරොන්තුඩුව, කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴
ත්‍රිරෝද රථයෙන් එළියට විසි වූ තුන් (3) හැවිරිදි දරුවා බසයට යට වී මරුට
(30.05.2025 – 20:37 +0530 – sinhala.adaderana.lk)
පානදුර, රුක්ගහ දෙස සිට ගමන් කළ ත්‍රිරෝද රථයකින් එළියට වීසි වී පානදුර කුරුස හන්දියේ සිට පානදුර රුක්ගහ දෙසට ගමන් කළ බස් රථයකට යට වී අවුරුදු තුනක (3) පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (30) දහවල් 01:30 ට පමණ මියගිය දරුවාගේ පුංචි අම්මාගේ දියණියගේ කණට කරාබු දැමීම සඳහා මාලමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට ගමන් කර ඇත.
ත්‍රිරෝද රථයේ මියගිය පිරිමි දරුවා, ගැහැණු දරුවෙකු සහ වයස අවුරුදු 10 දරුවෙකු ගමන් කර තිබේ.
පානදුර – රුක්ගහ ප්‍රදේශයේ දී බස්රථය මගීන්ට බැස යෑමට නවත්වා ඇති අතර, එහිදී බසයට පිටුපසින් පැමිණි ලොරි රථයක් බස්රථයට ඉස්සර කිරීමට උත්සාහ දරා ඇත.
එම අවස්ථාවේ දී බස්රථයට ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය තිරිංග තද කර ඇති අතර, එම අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ සිටි දරුවා ඉන් විසි වී බස් රථයට යට වී තිබේ.
මෙම අනතුර බස් රථයේ රියදුරු දැක නොමැති අතර, ඔහු බසට ඉදිරියට ධාවනය කර ඇත.
අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු තුනක් (3) වන පානදුර අරුක්ගොඩ, ෆොන්සේකා මාවත ප්‍රදේශයේ පදිංචි නෙතූස තත්සර ප්‍රනාන්දු යන දරුවාය ෴
අධික වැස්සත් එක්ක හිටපු ජනපති මහින්දගේ නිවස ඉදිරිපිට වෙච්චි දේ… (30.05.2025)
+++
+
හිටපු ලොක්කියකටත් වැඩ වරදී .. ප‍්‍රශ්ණ කරන්න CID කැඳවයි .. ඇය රටින් ගිහින් ..
(31.05.2025 – 10:00 +0530 – lankacnews.com)
පැවති අමාත්‍යාංශයක හා පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.
පැවති රජයක් යටතේ ‘කිරි හරකුන් මෙරටට ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 11 ක් අවභාවිතා කළේ යැයි’ කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
මෙම කාන්තාව ‘පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක’ මෙන්ම රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකුගේ බිරිඳ ද වෙයි.
ඇය මේ වන විට විදේශගතව සිටින අතර ඉදිරි දින කිහිපය තුළ මෙරටට පැමිණීමෙන් පසු ප‍්‍රකාශයක් ලබා දීමට නියමිතව ඇති බවද සඳහන්ය.
2016-17 අතර කාලයේදී ‘ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියක’ ලෙස කටයුතු කරමින් සිටි කාලය තුළ මෙරටට කිරි හරකුන් ආනයනය කිරීමට ඩොලර් මිලියන 11 ක් වෙන් කිරීම පිළිබඳව සිදු කරන පරීක්ෂණයට අදාළව මෙම ප්‍රකාශය සටහන් කර ගනී.
එවැනි කිරිහරකුන් ගෙන්වීමක් හෝ එම මුදලට සිදුවූ දෙයක් හෝ නොමැති බවද පැමිණිල්ලෙන් චෝදනා කර ඇත ෴
මෙරට තහනම් සංවිධාන 15 ක සහ තැනැත්තන් 217 ක නම් යළි ගැසට් කරයි
(31.05.2025 – hirunews.lk)
මෙරට තහනම් සංවිධාන සහ පුද්ගලයින්ගේ ලයිස්තුව රජය විසින් සංශෝධනය කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ (30) නිකුත් කළ නවතම ගැසට්ටුවේ මෙරට තහනම් සංවිධාන 15 ක් සහ තැනැත්තන් 217 ක් ලෙස සංශෝධනය කර තිබුණා.
අවසන් වරට මෙම ගැසට් නිවේදනය පසුගිය පෙබරවාරි 20 වනදා සංශෝධනය කර තිබූ අතර ඊට සංවිධාන 15 ක් සහ පුද්ගලයින් 222 ක් ඇතුළත් කර තිබුණා. නව ගැසට් නිවේදනයට අනුව ‘එල් ටී ටී ඊ සංවිධානය’, ‘දෙමළ පුනරුත්ථාපන සංවිධානය’ ඇතුලු සංවිධාන මෙලෙස තවදුරටත් තහනම් සංවිධාන වනු ඇති.
එම ගැසට් නිවේදනය : (pdf files)
[සිංහල] – [දෙමල] – [ඉංග්‍රීසි]
මහින්දානන්ද හිරේ ගියාට මේ ආණ්ඩුව ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගන්නේ නෑ – ඔයා එහෙමද ආස (31.05.2025)
+
අගමැති බිමල් ද ? හරිනි ද ? මාලිමා – ජවිපේ ගැටුමේ අනුර දුන් තීන්දුව මෙන්න (31.05.2025)
+
සහල් මාෆියාව නැගිටී.. කීරි සම්බා තොග මිල 300 පනී.. පාලන මිල 260යි..
(31.05.2025 – 17:30 +0530 – lankacnews.com)
දේශීය කීරි සම්බා හා සම්බා සහල් මිලට ගැනීමේදී වැඩි මිලට අලෙවි කිරීමට අමතරව සහල් මෝල් හිමියන් කොන්දේසි පනවමින් ඇති බව තොග වෙළඳුන් කියා සිටිති.
සහල් මෝල් හිමියන් විසින් කීරී සම්බා හා සම්බා සහල් ලබා දෙන්නේ සිල්ලරට අලෙවි කළ යුතු පාලන මිලටද වඩා වැඩි මිල ගණන් යටතේ බවටද තොග වෙලදුන් පෙන්වා දෙති.
මේ වන විට වෙළඳපොලේ කී සම්බා හා සම්බා සහල් හිඟයක්ද ඇති වී තිබෙන බවත් ඔවුන් පවසති.
මෝල් හිමියන්ගෙන් කීරි සම්බා හා සම්බා සහල් මිලට ගැනීමේදී කැකුළු සහල් හා නාඩු සහල් තොග මිලදී ගැනීමද අනිවාර්ය කර ඇත.
කිලෝ වශයෙන් මිලට ගැනීමේදී කිරි සම්භා කිලෝවක් රුපියල් 320-340 මිල ගණන් යටතේ මිලට ගැනීමට සිදුව තිබේ.
සම්බා සහල් කිලෝවක් 270-290 මිලකට මිලට ගැනීමට සිදුවී ඇති බවද වෙළදුන් කියා සිටිති.
රජය විසින් සම්බා සහල් කිලෝවක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 240 ක් වන අතර කිරි සම්බා කිලෝක උපරිම සිල්ලර මිල රුපියල් 260 කි ෴
එපා කියූ ‘ඉමියුනොග්ලොබියුලින් එන්නත’ නැවත භාවිතයට ගන්න උපදෙස් දීලා – වෛද්‍ය චමල් සංජීව
(31.05.2025 – hirunews.lk)
ප්‍රමිතියෙන් තොර බව පවසමින් භාවිතයෙන් ඉවත් කළ ‘ඉමියුනොග්ලොබියුලින්’ ඖෂධවලින් කොටසක් යළි භාවිතයට ගන්නා ලෙස ‘වෛද්‍ය සැපයුම් ඒකකය’ රෝහල්වලට දැනුම් දී ඇති බව ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ’ සභාපති වෛද්‍ය චමල් සංජීව චෝදනා කරනවා.
ඔහු මෙම චෝදනාව එල්ල කළේ අඩු මිලට ඖෂධ ගෙන්විය හැකි සැපයුම්කරුවන් ‘ඖෂධ නියාමන අධිකාරිය’ තුළ ලියාපදිංචි කිරීම ප්‍රමාද කරමින් මිල වැඩි ලංසු තබන සමාගම්වලින් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ හමුවේ පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේදීයි.
එහෙත් ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත්, එම ඖෂධය නැවත භාවිත කළ හැකි බවට නිර්දේශ කර ඇති බවත් ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ නිවේදනයක් නිකුත් කරමින් අද (31) සඳහන් කළා.
ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද ‘ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත’ මෙරට භාවිතයේදී ඇති වූ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් එම ඖෂධය සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් හටගත්තා.
ඒ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලටද චෝදනා එල්ල වූ අතර ඔහුට රක්ෂිත බන්ධනාගාරගතවීමටද සිදුවුණා.
එවන් පසුබිමකයි ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ’ සභාපති වෛද්‍ය චමල් සංජීව මෙම චෝදනාව සිදු කරන්නේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ පැවසුවේ, ‘ඉමියුනොග්ලොබීන්’ නමැති මෙම ඖෂධයට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචිය ලබාදී ඇත්තේ 2023 වසරේදි බවයි.
භාවිතයේදි ඇති වු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුව කරන ලද පර්යේෂණයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් හටගත් බැවින්, ආරක්ෂාව හා අවධානම් ඇගයීම් උපකමිටුව මගින් ඖෂධය භාවිතයෙන් ඉවත්කරන ලෙස ‘වෛද්‍ය සැපයුම් අංශය’ වෙත දැනුම් දුන් බවද එහි සදහන්.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරන ලද පර්යේෂණවලින් එම ඖෂධය නිසි ප්‍රමිතියෙන් යුතු බවට පෙනී ගිය අතර, ‘ඉන්දියාවේ මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන ආයතනය’ මගින් කරන ලද පර්යේෂණවලින් ද ඒ බව තහවුරු වු බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.
එම වාර්තා සැලකිල්ලට ගනිමින් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ‘ආරක්ෂාව සහ අවධානම් ඇගයීම් උපකමිටුව’ මගින් එම ඖෂධය තවදුරටත් භාවිත කළ හැකි බවට තීරණය කර තිබෙනවා.
ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත්, එම ඖෂධය නැවත භාවිත කළ හැකි බවට නිර්දේශ කර ඇති බවත් ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴