බලපිටියට ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ ඩිංගි බෝට්ටුවේ සිටි තිදෙනෙකු (3) ගුවන් හමුදාව විසින් මුදාගැනේ

බලපිටියට ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ ඩිංගි බෝට්ටුවේ සිටි තිදෙනෙකු (3) ගුවන් හමුදාව විසින් මුදාගැනේ


බලපිටියට ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ ඩිංගි බෝට්ටුවේ සිටි තිදෙනෙකු (3) ගුවන් හමුදාව විසින් මුදාගැනේ

(30.05.2025 – hirunews.lk)

බලපිටියේ සිට කිලෝමීටර 02 ක් පමණ ඈත මුහුදේදී තුන්දෙනෙකු (3) රැගත් ඩිංගි බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා.

ගුවන් හමුදාව සඳහන් කළේ බෙල් 412 වර්ගයේ ගුවන් යානයක් මගින් තිදෙනාවම (3) බේරාගෙන ඇති බවයි.

මේ අතර දිවයිනට බලපෑ අධික වර්ෂාව සමග ඇති වූ තද සුළං සහ අකුණු සැර හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 245 කට අයත් පුද්ගලයින් 1,321 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

ඉන් වැඩිම බලපෑමක් කොළඹ සහ හෝමාගම ප්‍රදේශවලින් වාර්තා වන බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ.

එසේම, එම දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 03 ක් වාර්තා වන අතර, අර්ධ නිවාස හානි 239 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, නුවරඑළිය – සමර්සෙට් – ලෑන්ඩෙල් වත්ත ප්‍රදේශයේ නායයෑම් අවදානමක් හේතුවෙන් පවුල් 28 ක පුද්ගලයින් 120 දෙනෙකු ඉවත් කර තිබෙනවා.

ඒ අනුව, ඔවුන් අදාළ ප්‍රදේශයේ පිහිටි පාසලක රඳවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


තවත් හිටපු ප්‍රබලයෝ සෙට් එකකටම බඩු පත්තු වෙයි (30.05.2025)

+


වැස්සෙන් සහ සුළඟින් පවුල් 485 කට පීඩා

(30.05.2025 – 11:40 +0530 – sinhala.adaderana.lk)

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 485 කට අයත් පුද්ගලයින් 1757 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියවීමත් සමග ඊයේ (29) සවස් කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් වාර්තා විය.

ඒ අනුව දිස්ත්‍රික්ක 9 කට වර්ෂාවෙන් සහ සුළං තත්ත්වයෙන් හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙහිදී නිවාස 3 ක් පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර තවත් නිවාස 365 කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇත.

කෙසේවෙතත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට සුළඟින් දැඩි බලපෑම් එල්ලවී තිබූ අතර මාර්ග කිහිපයක වාහන ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවිය.

+++

+


ජන ජීවිත තුට්ටුවකට මායිම් නොකරන ‘කුරුණෑගල නගර සභාව’

(30.05.2025 – hirunews.lk)

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ‘කොස්කැලේ’ ප්‍රදේශයේ ගසක අත්තක් කඩා වැටීමට ආසන්නව ඇති බව පුද්ගලයෙකු ‘කුරුණෑගල නගර සභාව’ දැනුවත් කළ අවස්ථාවේ ඔහුට අපූරු ප්‍රතිචාරයක් ලැබී තිබුණා.

කුරුණෑගල නගර සභා ඇමතුමෙන් සම්බන්ධ වූ නිලධාරිණිය සිද්ධිය පිළිබඳව දැනුම් දුන් පුද්ගලයට සඳහන් කරන්නේ එම තොරතුර පොලිසියට දන්වන ලෙසත් නගර සභාවට මේ මොහොතේ කිසිවක් කළ නොහැකි බවයි.

එහිදී සිද්ධිය දැනුම්දුන් පුද්ගලයා විමසා සිටින්නේ “මිනිස්සු මෙතන මැරුණත් කමක් නැද්ද?” කියායි. “ඔව්.. ප්‍රශ්නයක් නෑ” ඊට පිළිතුරු දෙමින් කුරුණෑගල නගර සභාවේ නිලධාරිණිය එහිදී පවසා සිටිනවා.

+


රටපුරා විඳුලිය බිඳවැටීම් 50,000 ක්

(30.05.2025 – hirunews.lk)

අද (30) රාත්‍රී 8 න් අවසන් වූ පැය 24 තුළ බිඳවැටීම් පැමිණිලි 50,000 ක් පමණ ලැබී ඇති බව ‘ලංකා විදුලිබල මණ්ඩලය’ සඳහන් කරනවා.

එමෙන්ම, ඉන් 29% ක් විසඳා ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම විදුලිය බිඳවැටීම් තුලින් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ මධ්‍යම සහ බස්නාහිර පළාත් බවත් එම මණ්ඩලය සඳහන් කළා ෴


මතුගම ස්වාධින කණ්ඩායම් නායකයාගෙන් හෙළිදරව්වක්

(00.05.2025 – hirunews.lk)

‘ජාතික ජන බලවේගය’ට බහුතර බලය හිමි නොවූ ‘මතුගම ප්‍රාදේශීය සභාවේ’ බලය පිහිටුවීම සඳහා රජයේ අමාත්‍යවරයෙකු පැමිණ මුදල් හා තනතුරු ලබාදී සහය ඉල්ලා සිටි බව එම ප්‍රාදේශීය සභාවේ සභික ධුර 04 ක් දිනා ගත් ස්වාධීන කණ්ඩායම් නායක කසුන් මුණසිංහ පවසනවා.

අද (30) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන ද එහිදී අදහස් දැක්වුවා.

මෙවර පළාත් පාළන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව ‘මතුගම ප්‍රාදේශීය සභාව’ට ‘ජාතික ජන බලවේගය’ සභික ධුර 13 ක් දිනා ගත්තද බහුතර බලය විපක්ෂයේ පක්ෂ අතර බෙදී ගොස් තිබුණා.

ඒ අනුව සභික ධුර 10 ක් දිනාගත් ‘සමගි ජන බලවේගය’, ස්වාධීන කණ්ඩායම් වලින් තේරීපත්වූ සභිකයින් 04 දෙනා සමග එක්ව එහි බලය පිහිටුවීමට සූදානම් බවයි වාර්තා වුණේ.

+


‘මහවෙලමුල්ලේ සාන් සුද්දා’ට පොලිසියෙන් වෙඩි

(30.05.2025 – hirunews.lk)

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් අනුව වැල්ලවාය නගරයට ආසන්න ප්‍රදේශයේ දී වැලීමක් සිදු කර තිබෙනවා.

මෙම වැටලීමේ දී පොලිසියට අවශ්‍යව සිටි වැල්ලවාය ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මහවෙලමුල්ලේ සාන් සුද්දා’ නොහොත් ‘සම්පත් කුමාර’ නැමති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව තිබෙනවා.

එහිදී සැකකරු විසින් පොලිසියට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර පසුව පොලිස් නිලධාරියෙකු විසින් සැකකරුගේ දණහිසෙන් පහළට වෙඩිතබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් සැකකරු තුවාල ලබා වැල්ලවාය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බවද සඳහන්.

මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලිසිය පවසන්නේ.

සැකකරු සන්තකයේ තිබූ පාර්සලයක තිබී මත්ද්‍රව්‍යද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මේවන විට විමර්ශන සිදු කරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ ෴


ආනයනික පළමු පොල් කිරි තොගය රසායනාගාර පරික්ෂාවට

(30.05.2025 – hirunews.lk)

කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ආනයනය කරන ලද පළමු ‘පොල් කිරි’ තොගය මේ වනවිට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂාව සදහා යොමුකර තිබෙනවා.

මෙම තොගය, පසුගිය මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200 කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ගෙන්වන ලද පළමු තොගය බවයි ‘වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය’ නිවේදනය කළේ.

මෙම තොගය, පිටි කළ පොල් කිරි කර්මාන්තය සඳහා යොදාගැනිමට නියමිත අතර, ඒ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගෙන දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවට අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.

එසේම, මෙම තොඟය අදාළ ආයතන වලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතයි ෴


තුසිත හල්ලොලුව ජුනි 02 වන දින දක්වා රිමාන්ඩ්

(30.05.2025 – hirunews.lk)

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ‘තුසිත හල්ලොලුව’ ජුනි 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා ෴

+++

හල්ලොලුව වෙඩි තියාගනිපු නාට්‍යයේ ප්ලෑන ගැහුව සෙට් එක මෙන්න – මුන් මහින්දානන්ද වගේම ඇතුලට යන්න ඉන්නේ (30.05.2025)

+


අල්ලස් ලෙස 128GB පෙන් ඩ්‍රයිව් එකක් ඉල්ලූ ග්‍රාම සේවක අත්අඩංගුවට

(30.05.2025 – hirunews.lk)

අල්ලස් ඉල්ලීමේ චෝදනාව මත යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරී නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම’ පවසන්නේ, පදිංචිකරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පතකට අත්සන් කිරීම සඳහා එම නිලධාරියා රුපියල් 4,000 ක් වටිනා 128GB ‘පෙන් ඩ්‍රයිව්’ එකක් අල්ලසක් ලෙස ඉල්ලා සිටි බවට මෙම ග්‍රාම නිලධාරියාට චෝදනා එල්ල වී ඇති බවයි.

පෞද්ගලික ඉඩමකින් පොල් ගස් තුනක් කපා ඉවත් කිරීමට අවසර ඉල්ලා අයදුම්පත ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වෙන්නේ.

අද (30) පෙ.ව. 11:27 ට පමණ ග්‍රාම නිලධාරී කාර්යාලයේදී ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට ගත් අතර සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

Pen Drive (A File Photo)

රු. කෝටි 225 ක පිරමීඩ ජාවාරමේ අධ්‍යක්ෂ රිමාන්ඩ්

(30.05.2025 – hirunews.lk)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබෙන නීති විරෝධී පිරමිඩ ආයෝජන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 225 කට අධික මුදලක් නීති විරෝධී ලෙස හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, මෙම සැකකරු ‘ෆූගෝ ඔලින් privat limited’ නමැති සමාගමක් පවත්වාගෙන ගොස් පිරමීඩ ආයෝජන ව්‍යාපෘතියක් මෙහෙයවා ඇති බවයි.

ඒ අනුව 2023 වසරේ මාස පහක කාලයක් තුළ එම සමාගමේ ගිණුම් 56 ක් හරහා රුපියල් කෝටි 220 කට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවත්, මෙම මුදල් කවර පාර්ශශ්වයක් වෙත ගමන් කර තිබේද යන කාරණය පිළිබඳ විමර්ශන සිදුකරන බවත් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයා වන ‘එරංග දිල්ශාන්’ නමැත්තා සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *