බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වේ : මහින්දානන්ද අලුත්ගමගේට වසර 20 යි, නලින් රුවන්ජීව ප්‍රනාන්දුට වසර 25 යි

බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වේ : මහින්දානන්ද අලුත්ගමගේට වසර 20 යි, නලින් රුවන්ජීව ප්‍රනාන්දුට වසර 25 යි


බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වේ : මහින්දානන්ද අලුත්ගමගේට වසර 20 යි, නලින් රුවන්ජීව ප්‍රනාන්දුට වසර 25 යි

(29.05.2025 – hirunews.lk)

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය ‘මහින්දානන්ද අලුත්ගමගේ’ සහ ස.තො.ස. ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති ‘නලින් රුවන්ජීව ප්‍රනාන්දු’ යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල (3) මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළා.

ඒ අනුව හිටපු වෙළඳාමැති ‘නලින් ප්‍රනාන්දු’ට බරපතල වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් නියම කළ අතර හිටපු ඇමති ‘මහින්දානන්ද අලුත්ගමගේ’ට බරපතල වැඩ සහිත වසර 20 සිර දඬුවම් නියම කළා.

තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ ‘අල්ලස් කොමිසම’ වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය, ‘මෙම විත්තිකරුවන් තම දුරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් බව දනිමින් මෙම වරද සිදුකර ඇති බව’ සඳහන් කළා.

මෙම වරද හේතුවෙන් මහජන බදු මුදලින් අයකරගෙන තිබූ රුපියල් මිලියන 53 කට අධික මුදලක් රජයට අහිමි වී ඉන් මහජනතාවට විශාල පාඩුවක් සිදුවූ බවත් ඇය පෙන්වා දුන්නා.

එම නිසා මෙවැනි වැරදි සිදු සිදු කිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියාදෙන ආකාරයේ සහ දූෂණ විරෝධී පුද්ගලයින් අභිප්‍රේරණය වන ආකාරයයේ තීන්දුවක් ලබාදෙන ලෙසත් ‘අල්ලස් කොමිසමේ’ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේන් වීරමන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

+++

+++

+++

මහින්දානන්දගේ නඩු තීන්දුව රීවස් වෙයිද ?අද (29) ලැබුණු නඩු තීන්දුව ගැන ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක කතාවක් (29.05.2025)

+


Baby AI video 1 / අපහාසයට නොව (25.05.2025)

+

Baby AI video 2 / අපහාසයට නොව (29.05.2025)

+

කතා කරන AI බබාලගේ වීඩියෝ හදන්නේ මෙහෙමයි | How to Create a VIRAL Talking Baby Podcast with AI 2025 (24.05.2025)

+


ආණ්ඩුවේ ලොක්කන්ගේ පරණ විඩියෝ දාන අයට වාරණයක්..

(29.05.2025 – 22:22 +0530 – lankacnews.com)

ආණ්ඩුවට විරුද්ධව පළවන මාධ්‍ය වාර්තාවන් සම්බන්ධවත් ආණ්ඩුවේ නායකයන් බලයට ඒමට පෙර සිදුකරන ලද විවිධ ප්‍රකාශ යලි පළ කරන මාධ්‍ය සම්බන්ධයෙනුත් ඒවා යළි පල කරන අයට විරුද්ධව වාරණය කිරීමට ‘මාධ්‍ය කොමිෂන් සභාවක්’ ගෙන ඒමට ආණ්ඩු උත්සහ දරමින් සිටින බව පාර්ලිමේන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.

ඒ හරහා මාධ්‍ය නිදහසට බාධා කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

රජය විසින් ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්’ සකස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡාවන් පිළිබඳව අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ රජය හා ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයට මාධ්‍ය වාර්තා කරන පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් විමර්ශනයට කොමිෂන් සභාවක් පත් කිරීමටත් ආණ්ඩුවේ සූදානමක් ඇති බවය.

+


දකුණෙන් අල්ලපු මත්කුඩු තොගයේ ඇත්ත අයිතිකරු (29.05.2025)

+


ලංකා බැංකු සේවකයෝ අවසන් තීරණය ගනී – බැංකුවැඩ පැය කිහිපයකට සීමාවෙයි – ආණ්ඩුවට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් (29.05.2025)

+


රු. කෝටි 10 ක සැප වාහනේක ගිහින් හමුවුණු සොඳුරු මිනිසා – මෙච්චර වාහන විකුණලත් මම ජීවිතේට ගණුදෙනු කරුවන්ගෙන් බැණුමක් අහලා නෑ (27.05.2025)

+++

https://sewanaholdings.com/


ප්‍රසිද්ධ දේශක ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වෙයි

(30.05.2025 – dasathalankanews.com)

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සේවය කර 2018 අග භාගයේ දී අත්තනායක එම්. හේරත් මහතා විශ්‍රාම දිවියට එළැඹුණා.

ශාස්ත්‍ර පීඨයේ – සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයෙකු වශයෙන් ද කලක් කටයුතු කළ අත්තනායක එම්. හේරත් ඇදුරුතුමා විශිෂ්ට දේශකයෙකු ලෙසයි විශ්වවිද්‍යාලයේ හා සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තේ.

දිගු කලෙක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා ෴


‘කෙහෙල්බද්දර පද්මෙ’ට පාස්පෝට් හදන්න අනුබල දුන්නැයි කියන නිලධාරියාට මරණ තර්ජන – ඔහුගේ නීතිඥවරයා අධිකරණයට කියයි

(30.05.2025 – hirunews.lk)

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාට ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කරදීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක අරුණ සම්පත් රූපසිංහ’ නමැත්තාගේ බෙල්ල තියුණු ආයුධයකින් කපා දැමීමට බන්ධනාගාර ගතව සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ට විරුද්ධ පිරිසක් උත්සාහ කර ඇතැයි ඔහුගේ නීතිඥවරයා ඊයේ (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම නඩුකරය ඊයේ (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාල සැකකරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මෙම දැනුම් දීම සිදු කළා.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පවසා ඇත්තේ, සිය සේවාදායකයා ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාට ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කරදීමට ආධාර අනුබල දී ඇති බවට මාධ්‍ය මගින් වාර්තා කිරීමෙන් පසුව ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාට විරුද්ධ පිරිසක් බන්ධනාගාර සිර මැදිරිය තුළදී සිය සේවා දායකයාගේ බෙල්ල තියුණු ආයුධයකින් කැපීමට උත්සාහ කර ඇති බවයි.

පසුව එම ස්ථානයේ සිටි ජේලර්වරයෙකු තම සේවාදායකයාව සිර මැදිරියෙන් පිටතට ගෙන ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.

ඒ අනුව මෙම සැකකරුගේ ජීවිතයට බන්ධනාගාරය තුළ බරපතල තර්ජනයක් පවතින බැවින් ඔහු ඇපමත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් මෙම සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් පිරිස ජූනි මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *