මිනිස් අස්ථි යොදා සෑදු ‘කුෂ් මත්ද්‍රව්‍ය වර්ගය’ ලංකාවට ගෙන ආ හැටි
මිනිස් අස්ථි යොදා සෑදු ‘කුෂ් මත්ද්‍රව්‍ය වර්ගය’ ලංකාවට ගෙන ආ හැටි
(28.05.2025 – 21:37 +0530 – sinhala.adaderana.lk)
බැංකොක් සිට මෙරටට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියකගේ ගමන් මල්ලක තිබි පසුගිය මැයි 12 වනදා සොයාගත් ‘කුෂ් මත්ද්‍රව්‍ය වර්ගය’, බටහිර අප්‍රිකානු කලාපයේ ව්‍යාප්ත වෙමින් පවතින අතිශය මාරාන්තික මත්ද්‍රව්‍ය වර්ගයක් බවට ඉන්දීය NDTV මාධ්‍ය අනාවරණ කර තිබේ.
‘චාලට් මේ ලී’ නමැති 21 හැවිරිදි තරුණිය කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට පත්වුණේ රුපියල් මිලියන 460 කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ ග්‍රෑම් 46 ක් සමගිනි.
මෙරට ‘මත්ද්‍රව්‍ය නාශක ඒකකය’ට අනුව, කටුනායක ගුවන්තොටුපොළෙන් එක්වර අත්අඩංගුවට ගත් විශාලතම ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගය ද මෙය වේ.
NDTV අනාවරණ කර ඇත්තේ තරුණිය සන්තකයේ තිබී හසුවූ මත්ද්‍රව්‍ය වර්ගය නිෂ්පාදනයට ‘මිනිස් අස්ථි කොටස්’ යොදාගන්නා බවත්, ඒවා බටහිර අප්‍රිකාවේ වඩාත් ව්‍යාප්තවී ඇති උඝ්‍ර ප්‍රතිඵල ගෙනදෙන මත්ද්‍රව්‍යයක් බවය.
‘සියරා ලියෝන්’ රාජ්‍ය යේ දහස් සංඛ්‍යාත පිරිසකගේ මරණවලට මෙම ‘කුෂ් මත්ද්‍රව්‍ය’ හේතුවූ බැවින් රට තළ හදිසි තත්ත්වයක් නම්කිරීමටත් පසුගිය වසරේදී එරට රජයට සිදුව තිබූ බවද NDTV සඳහන් කර තිබේ.
මේ වනවිට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින අදාළ තරුණිය සම්බන්ධව මෑතකදී වැඩි අවධානයක් යොමුවූයේ ඇය ඉතාමත් අඩු පහසුකම් සහිතව මීගමුව බන්ධනාගාරයේ රඳවා තබාගෙන සිටින බවට ‘බ්‍රිතාන්‍ය ඩේලි මේල් වෙබ් අඩවිය’ කළ අනාවරණය හේතුවෙනි.
+
ලංකාවේ ලොකුම ගංජා ජාවාරම්කරුගේ රු. කෝටි 10 ක දේපොළ තහනම් කෙරේ
(28.05.2025 – 19:13 +0530 – sinhala.adaderana.lk)
දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ‘ජේ.ඒ. ජයසිංහ’ හෙවත් ‘බතල හීන්මහත්තයා’ නමැත්තාට අයත් රුපියල් කෝටි 10 ක පමණ වටිනා දේපොළ අද (28) ‘නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය’ විසින් තහනම් කරනු ලැබීය.
ඊට ඇඹිළිපිටිය මහ රෝහල ඉදිරිපිට පිහිටි ෆාමසියක් සහිත තෙමල් ගොඩනැගිල්ලක්, චන්ද්‍රිකා වැව ඉදිරිපිට පිහිටි හෝටලයක් ඇතුළත්ය.
මෙම දේපළ අදාළ පුද්ගලයාගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති අතර ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ.
ඒ අනුව අදාළ දේපළ දින 7 ක කාලයකට තහනම් කෙරුණි.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (29) වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න, එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සුජීව විජේසේන හා ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
පොලිස් සැරයන් 1679 විඡේසිංහ සහ 38201 සංජීව කොස්තාපල් 104576 විදානපතිරන අය ද මෙම මෙහෙයුමට දායක වී ඇත.
+
තුසිත හල්ලොලුව අත්අඩංගුවට? ඩෑන් ප්‍රියසාද් කල්ලියේ වැඩක්. වෙඩි තැබීමත් බොරුවක්. (2025.05.29)
+
‘හිතාගන්නවත් බැරි කතාව’ හේලීස් ලොක්කෙක් කියයි – EV ඉලෙක්ට්‍රික් වාහනවල ගොඩයන මාර වැඩේ මෙන්න (29.05.2025)
+
කහවත්තේ ත්‍රී රෝද රථයක පිළිස්සූ මළ සිරුරක්
(29.05.2025 – hirunews.lk)
කහවත්ත පොලිස් වසමේ හොරමුල්ල සුසානභූමියක අභිරහස් ලෙස පුද්ගලයෙකු (1) සමඟ දැවෙමින් තිබූ ත්‍රිරෝද රථයක් පොලිසිය අද (29) සොයාගත්තා.
ඒ අදාළ සුසානභූමිය ඇති ප්‍රදේශයෙන් විශාල දුමාරයක් පැතිරයාමත් සමඟ ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කිරීමත් සමඟයි.
මියගිය පුද්ගලයාගේ සිරුර ත්‍රිරෝද රථය තුළම සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති අතර අදාළ පුද්ගලයා හඳුනාගත නොහැකි ලෙසම සිරුර පිළිස්සී තිබූ බවයි පොලිසිය සදහන් කළේ.
ඔහුගේ ගෙල පෙදෙස කිසියම් දෙයකින් බැඳ ඇති බවටද නිරීක්ෂණය වන බව අප වාර්තාකරු කියා සිටියා.
+
මේ අතර, පානදුර දකුණ – වෑකඩ ප්‍රදේශයේදි අද සිදු වූ වෙඩි තැබීම පාතාල කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට අනාවරණය වී තිබෙනවා.
අද (29) පෙරවරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ අමතර කොටස් විකිණීම සහ අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර වෙඩිතැබීමෙන් ඔහුගේ පසුපස ප්‍රදේශයට තුවාල සිදුවුණා.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) ටී-56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබෙනවා. වෙඩික්කරු වෙඩිවැදුනු පුද්ගලයා පසු පස හඹාගොස් වෙඩිතැබීම සිදුකර තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නිලංග’ නමැත්තාගේ සමීපතමයෙක් බවටයි හෙළි වී ඇත්තේ.
පසුගියදා පානදුර, පිංවත්ත ප්‍රදේශයේ දී සිදුවූ වෙඩිතැබීමට අදාළව පලිගැනීමක් ලෙස ‘කුඩු සලිදු’ගේ පාර්ශවය විසින් මෙය සිදු කර ඇති බවට පොලිසිය සැක කරනවා.
අද (29) සිදු වූ මෙම වෙඩි තැබීමත් සමග 2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 50 ක් වාර්තා වී ඇති අතර ඉන් මිය ගිය සංඛ්‍යාව 30 ක් ෴
කෙහෙළියගේ දුවගෙන් පැය දෙකහාමාරක (2½) ප්‍රකාශයක්
(29.05.2025 – hirunews.lk)
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියක් වන ‘අමාලි නයනිකා රඹුක්වැල්ල’ අද (29) ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම’ හමුවේ පැමිණ පැය දෙකහාමාරකට (2½) ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා. ඒ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සිදු කරන විමර්ශනයට අදාළවයි.
2021 – 2023 අතර කාලසීමාවේ ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් සිටියදී පෞද්ගලික කාර්ය මණ්ඩලයට පස් දෙනෙකු (5) නාමිකව ඇතුළත් කර වැටුප් සහ දීමනා ලබාගෙන එම මුදල් පෞද්ගලික ගිණුමකට බැරකොට ඒවා දේශපාලන ආධාරකරුවන් හා හිතවතුන්ට බෙදා දුන් බවටයි හිටපු අමාත්‍ය හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ‘නිශාන්ත බණ්ඩාර බස්නායක’ ද පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුනු අතර, එහිදී ‘අල්ලස් කොමිසම’ දැනුම් දුන්නේ මෙම සැකකරුට අයත්, මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුව තිබෙන ගිණුම ‘කෙහෙළිය රඹුක්වැල්ල’ගේ දියණිය වන ‘අමාලි රඹුක්වැල්ල’ විසින් භාවිතා කර ඇති බවයි.
මෙම ගිණුමට අමාත්‍යාංශ අරමුදල් බැරවී ඇති අතර ඒවා සැකකරුගේ අනුදැනුම මත අමාත්‍යවරයාගේ දියණිය විසින් භාවිතා කොට ඇති බවට හෙළිවී ඇති බවද අල්ලස් කොමිසම සදහන් කළා.
+
මේ අතර, නාරාහේන්පිට ප්‍රදේශයේදී ‘ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු’ වන ‘තුසිත හල්ලොලුව’ ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා (6) ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළා.
‘කොළඹ අපරාධ කොට්ඨාශය’ සදහන් කළේ, මෙම සැකකරුවන් පස්දෙනා (5) සහ සැකකාරිය (1) මෙම අපරාධයට සෘජුවම දායක වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.
එමෙන්ම, ‘වෙඩිතැබීමේ සිද්ධියට පෙර තුසිත හල්ලොලුව භාවිතා කළ ජංගම දුරකථනය’ ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් එය මෙතෙක් භාරදී නොමැති බවයි පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කළේ. ‘තුසිත හල්ලොලුව’ විසින් දුරකථනයක් භාර දුන්නද එය ‘සිද්ධියෙන් පසුව භාවිතා කළ දුරකථනය’ බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
මේ අතර, ‘හිටපු අමාත්‍ය විමල් වීරවංශ’ට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන මස 15 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (29) නියෝග කළා.
2010 – 2014 දක්වා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී සිය වැටුපෙන් සහ ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර, අද (29) පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු විවෘත අධිකරණයේදී සාක්ෂි දී තිබෙනවා ෴
2024 වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත්වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීමේ වටයේ ප්‍රතිඵල නිකුත්වෙයි
(29.05.2025 – hirunews.lk)
2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීමේ වටයේ ප්‍රතිඵල මේවන විට නිකුත් කර තිබෙනවා.
එම ප්‍රතිඵල මාර්ගගතව (online)
https://g6application.moe.gov.lk/ දිගුව ඔස්සේ පරීක්ෂා කරගත හැක.
අභියාචනා මඟින් පාසල් සඳහා තෝරාගෙන ඇති සිසුන්ගේ ඇතුළත් කිරීම්, අදාල පාසලේ විදුහල්පති විසින් සිදු කෙරෙනු ඇති බවයි ‘අධ්‍යාපන අමාත්‍යාංශය’ සඳහන් කළේ ෴
‘කෙහෙල්බද්දර පද්මේ’ට හොරට පාස්පෝට් හදන්න ගිය තිදෙනා (3) රිමාන්ඩ්
(00.05.2025 – hirunews.lk)
විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු බව කියන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාට විදේශ ගමන් බලපත්‍ර සෑදීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා’ ඇතුළු සැකකරුවන් තිදෙනා (3) ජුනි මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුකරය අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකථන හා පරිගණක රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළා.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන් හත් දෙනෙකු (7) හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් සඳහන් කළා.
‘මෙම නඩුකරයට පාදක වන විදේශ ගමන් බලපත්‍ර’ මෙන්ම තවත් විශාල විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් මෙම ජාලය හරහා නීති විරෝධී ලෙස සකස් කරන්නට ඇතැයි සැක කෙරෙන බව පෙන්වා දුන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් ඊට අදාළව වැඩිදුර විමර්ශන සිදු කරන බවත් කියා සිටියා.
මෙම සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතිඥවරු ඉල්ලා සිටියද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ පුද්ගල නිදහස මෙන්ම විමර්ශන සිදුකිරීම සඳහා විමර්ශකයින්ට සාධාරණ කාලයක් ලබාදීම යන කරුණු තුලනාත්මකව සලකා බලා මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.
මෙය ඉතා සංවේදී විමර්ශනයක් යැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා විමර්ශකයින්ට සාධාරණ කාලයක් ලබාදිය යුතු බව සඳහන් කළා.
ඒ අනුව විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා ෴
සුසානභූමිය කොල්ලකාලා; දේහයත් අරන් පාරට ආ ජනතාව
(29.05.2025 – hirunews.lk)
හැටන් වැවිලි සමාගම යටතේ පාලනයවන වටවල කැරොලිනා වතු යායට අයත් බිංඔය වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දේහයක් සහිතව (29) දින උද්ගෝෂණයක නිරත වී තිබෙනවා.
තම වතුයායේ පවුල් 800 ක් පමණ ජීවත් වන බවත්, තම වතුයායේ මියයන අය භූමදානය කිරිමට සුසානභූමියක් නොමැති බවත්, තම වතුයායට වෙන් කර තිබූ හැටන්ඔය ආසන්නයේ තිබූ සුසානභූමිය පුද්ගලයෙකු විසින් අත්පත් කරගෙන ඇති බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටින්නේ.
වතුයාය මගින් වත්තේ මියයන අය භූමදානය කිරිම සදහා වෙන්කර තිබූ සුසානභූමියේ දේහයන් හතරක් (4) භූමදානය කල බවත්, එම ඉඩම පුද්ගලයෙකු විසින් ඔහුට නීත්‍යානුකූලව අයිති වී ඇති බව පවසමින් එම ඉඩමේ භූමදාන කටයුතු සිදු කිරිමට ඉඩ ලබා නොදීම හමුවේ බිංඔය වතු යායේ වතු කම්කරුවන් දැඩි ලෙස පීඩාවට පති වී ඇති බවයි පවසන්නේ.
පවත්නා තත්වය මත තම වතුයායේ මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරිම සදහා තම වතු යායේ පිහිටි පෞද්ගලික ඉඩමක හිමිකරුවෙකු විසින් භූමදාන කටයුතු සිදු කිරිමට තාවකාලිකව ඉඩම් කැබැල්ලක් ලබා දී ඇති බවත්, එම ඉඩමේ භූමදාන කටයුතු දිගටම සිදු කිරිමට නොහැකි නිසා තම වතුයායේ මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදාන කටයුතු සිදු කිරීමට ඉඩමක් ලබා දෙන ලෙස ඉල්ලන බවයි මෙම උද්ගෝෂණයේ නිරත උද්ඝෝෂකයින් කියා සිටියේ ෴
දැරියක් දූෂණය කළ අඹු සැමි යුවලකට සිර දඬුවම්
(00.05.2025 – hirunews.lk)
දාහත් (17) හැවිරිදි දැරියක් රැගෙන විත් ‘රංචු ගැසී දූෂණය කිරීම සහ ඊට ආධාර අනුබලදීමේ’ චෝදනාවට වරදකරු කෙරුණු ගුරුවරියකට සහ ඇයගේ සැමියාට බරපතල වැඩ සහිත වසර 45 ක් බැගින් සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය, එය වසර 15 කින් ගෙවී යා යුතු බවට නියෝග කළා.
ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට (2) රුපියල් ලක්ෂ පහ (5) බැගින් දඩ නියම කිරීමටයි විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ.
විත්තිකාරිනිය දුරබැහැර ප්‍රදේශයක සිට දැරිය කොළඹට රැගෙන විත් ඇයගේ සැමියා ලවා දූෂණයට ලක් කර ඇති බවට එල්ලකර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කිරීමට පැමිණිල්ල සමත් වී ඇති බව ද තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා සදහන් කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴